චටස් ....
අකමැත්තෙන් උනත් ඉවසගන ඉදලා ඉදලා බැරිම තැන සියපතක සුගන්ධයෙන් සමවැදිලා උන්න මගෙ අතින් ප්‍රානගාතයක් සිද්ද උනා...
මන් හිතන්නෙ ලියතඹරාව ඉස්සරහ වත් දැහැන බිදුන තවුසන්ට මේ තරම් හිත් වේදනාවක් එන්න නැතිව ඇති...
බඩගින්දරත් කැපකරගන එයාගෙ කටහඩ අහගන උන්න මං මගෙ සර්වාංගෙම කැලෑ පදුරු අස්සෙන් එන මදුරුවන්ට දන් දීලා තිවුනට කිසිම තැනකදි මං උන්ට මගෙ ආත්මෙ දන් දීලා නොතිබුන කොට රීරි මාංසෙ උරාබොනවා මදිවට දැහැන් ගත වෙලා උන්න මගෙ ආත්මෙ ඇහැරෙව්ව වරදට මං මගෙ කලවෙට වහපු මදුරුවට ගහපු ගැහිල්ල එක්ක උගෙ ඇබිති සර්වාංගෙ පත්තරපිටුවක් වෙලා ගියා....
වෙලාව මතක් කරන්නම්...දැන් වෙලාව හරියටම එකොලහ පහුවෙලා විනාඩි තිහයි.....අනූ අටයි දශම අටෙන් දහයෙ කනිසම ගේන මම කලාත්ම ....
ඉතින් ප්‍රේම සුවද විදගන්න තවත් අඩහෝරාක්වම තියනවා.....මට කියන්න හද එලියට යටින් එහා මෙහා යන හුලන් රැල්ල සීතලද...
කාටවත්ම නොපෙනන යාමෙක කඩුපුලක් මෙ චන්ද්‍ර රේඛා යට පෙති දිගාරිනවා ඔයා දැක්කද .....?හීන් හුලන් රැල්ලත් එක්ක පිපුන සේපාලිකාවක සුවද මේ දැන් උඩුගම් බලා පීනන් ගියා ඔයාට දැනුනද...??
හැල්මෙ දුවන කලබල ලෝකයක් ඇතුඑ හිරවේගන ඉන්න ඔයාට මට තුසිතයෙන් විලවුන් බිදක් හෙලුවත් තියනවද ඉඩක් එක හුස්මක් ඉහලට ඇදලා වත් ඒ සුවද මොකක්ද බලන්නවත්...
හ්ම්ම්ම්ම්...ජීවිතෙ එහෙමයි...හරි විඩාවයි...බරයි.....ඔය විඩාබර ජීවිතේට ආදරෙ එකතු උනහම රහයි...ඔන්න ඔතනින් පස්සෙ තමයි වෙන්න පුලුවන් හැම විපර්යාසයක්ම පටන් ගන්නෙ ...දෑහැට නොදැක පෙති දිගෑරෙන කඩුපුල් නොදැක්කට මොකද ප්‍රේම පරානෙ හැමහීනෙකම කඩපුලක් පරදවායන කඩුපුලක් වෙනවා...
හීන් හුලන් රැල්ලෙ එතීගන යන සේපාලිකාවක සුවද අත ළඟ තියාන නොදැදුනනත් ගව් හතක් දුරින් ඉන්න ප්‍රේම පරානෙ සුවද නාහෙට දැනෙනවා...
විඩාබර ජීවිතේට අමිලතම ආදරයක් ලැබුනම දරන්න බැරි බර හෑල්ලු වෙනවා..හරියටම විලිරුදා විදලා අවසානෙදි බඩම හෑල්ලු කරන් එලි බහින බිලින්දෙක්ගෙ කිරි සුවද නාහෙට දැනුන අම්මෙක්ට දැනෙන්නා වගේ අර වේදනාත්මක ජීවිතෙ බර ආදරේ නම් බිලින්දා හෑල්ලු කරලා දානවා...!!
ඉතින් මේ තියෙන්නෙත් එහෙව් ආදරයක්....ඉතින් මේ තියෙන්නෙත් ඒහෙව් සැනහීමක්.....ඒත්...දවසක ඒ සැනසීමම ඇස් පනාපිට මලගම් ගියෝතින්.....වැදුම් ගෙයිම අර බිලින්දා මලගම් ගියෝතින්????අම්මෙක්ට පුලුවන්ද මලගම් ගියත් වදාපු නොදරුවට කවදාවත්ම දෙස් තියන්න...විදින්න බැරි වේදනා මැදින් දුන්න සතුට ආපිට උදුරගත්තයි කියලා හෙන යදින්න....
දුන්න ආදරෙ වැදුම් ගෙයිම මලගම් ගියද....
මැනික උඹට මං කොහොම කියලා නම්
හෙන තියන්නද....?
හ්ම්....ජීවිතේ කියන්නෙම මං ඉහිලුව විලිරුදාවක් නම්..
උඹ ඇවිදින් මං වදාපු බිලින්දෙක්...
හැබෑ කරගන්න දැකපු හීන හැබෑවෙන දාට මං වෙනුවට ඉන්නෙ තව කෙනෙක් උනත් දරාගන්නම්....උඹට දුකක් වෙනුවට සැපක් ළැබෙනවා නම් කදුල සුසුම වෙනුවට මං හිනා වෙන්නම්...
මේ තාක් කාලෙකට නොදැකපු කඩුපුල් උඹ හින්දා මං පිපෙනවා දැක්කා.....
මෙ තාක් කාලෙකට නොදැනුන සේපාලිකා පුසුඹෙ මිහිර හත්ගව්වක් දුරින් උන්න උඹ හන්දා මං ඇතිපදමට විදගත්තා.....
ඉතින් විඩාවෙම්ම හැඩි උන මගෙ ජීවිතෙ උයනක් කරපු " සුදු මැනිකෙ" හෙට උඹ කුලගෙට යනවා.....නලලට මතු උන දා බිදුවට පවා ආදරෙ දුන්න සුදු මැනිකෙ හෙට ඉදන් උඹගෙ ආදරෙ ලබන්න තවකෙක් එනවා....පරිස්සමින්...හදිසියේදිවත් රෑ තුන් යාමෙදි ප්‍රේම නටඹුන් හීනෙකෙදි වත් හදි ගැහුනොතින් හිතේ කොනකවත් නොතියා වලදාපන්...විරහ ගින්න උඹව නොරිදවපන්...මං ගව් හතක් දුර ඉදන් උඹ වෙනුවෙන් ඉල්ලනවා.....සමහර හිඩැස් කාලෙත් එක්ක වැහිලා ගියාට....සමහර හිඩැස් කල්පකාලාන්තරේකට කවුරු ආවත් වැහෙන්නෙ නැති වෙන එක මගෙ කරුමෙද කොහෙද මැනික.....!
පරිස්සමින්,තුරුනුවන්ගෙ සරන උඹගෙ කැදැල්ලට
පැල් කොටේ ඉදගන කකුල් දෙකත් එල්ලගන උන්න මං කනුවට පිට දීගන එයා කියන වචනෙන් වචනෙ අහන් උන්නා...වෙලාව හරියටම එකොලහයි තිහයි කිව්ව මදිවට තව අඩ හෝරාවක්ම තියනවා කියනවා එක්කම මට මතක් උනේම තව අඩ හෝරාවකින් මං ආයම තනිවෙන කාරනාවත් මේ අස්සෙම හංගලා තියනවා නේද කියන එක වෙනකොට අනෙ එයාගෙනුත් ගව් හතක් දුරින් උන්න මගෙ පපුවෙ බරම පැත්තෙන් හිරියක් යනවා එක්කම මං අහගන එයා මෙච්චර වෙලාම එයාගෙ හැගීම් පවා දියකරවන් කියවපු අර ප්‍රේමයත් විරහවත් මුහු උන කඩදහියෙ අයිතිකාරයගෙ නම හරි බරට වගේ කියලා තත්පර ගානක් නිහඩ වෙලා උන්නා....
තත්පර ගානක නිහඩතාවෙ ගිලගත්තෙ සියපතක් පිබිදුන මැදිරිය උනත් ඒ නිහඩතාවෙත් ඒ වේදනාවත් පැල්කොටෙත් වහගත්තා....
"මං හිරන්ත හංසක පතිරගෙ
නායකකන්දෙන්..."
දයාබර හිරන්ත....නුඹටත් විරහා ගිනි නොදැනේවා.....මේ සින්දුව ඔයා වෙනුවෙන්..."

ආයමත් සින්දුවක් පටන් ගත්තා...
මේ දෛවය....මන්දා.....ආදරෙ නම් පුදුමාකාරයි කිව්වට...දෛවය කියන්නෙම සමහර වෙලාවට රිදවන්න බලාගනම ඉන්න එකෙක්ද කොහෙද.....
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගෙ සොඳුරු ළදුනෙ....
මගෙ සොඳුරු ළඳුනෙ....
මං ඔහේ අහගන උන්නා...සැරින් සැරේම ඈත පැලකින් ඇහෙන පැල් කවියක් රෑ යාමෙ පාලු බිදිනකොට මං මටම සින්න උන ප්‍රේම ලෝකෙක සිපතක පුසුඹෙ තුරුල් වෙලා උන්නා.....භාවයන් අධිමාත්රීක වෙනවා මදිවට අවෛරීක ප්‍රාර්තනාවක් වෙනුවෙන් ස්වරත් කතා කරන්න ගද්දි මන් බලාගන අරුන්දතියන් අහුරක් මැද දිලිහෙන වටකුරු හද සේද වලාවක් එක්ක රහස් මුමුනනවා...
දවසක උඹත් එක්ක මේ පැල් කොටෙ ඉදන් වටකුරු හද දිහා බලාගන ඉන්න ඇතිනම්...මට උඹ වෙනුවෙන් මේ හද එලිය යට මගෙ කුලුදුල්ම හාදුව වියදම් කරන්න ඇති නම් ....සුදු මහත්තයා උඹ තනිකරම නිවීමක් මගෙ කලාත්ම ....
හෙයි හෙයි... අහ්.....ආ..ආ .හෙ ..හේයි...හේ....යි....
කුලගෙදරකට යන පෙම්වතිය වෙනුවෙන් තවමත් කේමදාසයන්ගෙ අකුරු අමරදේවයන්ගෙ හඩින් ලයාන්විත වෙනවා.....තුන් හිතම පැලපදියම් කරගන උන්න සියපතක් හන්දම මං උන්නෙම නිවීගන වෙනකොට සැරින් සැරේම දැහැන බින්ද මදුරුවො මදිවට දිරාපු කෝටු බෝටු පොඩි කරගන හේනට පැනපු වල් ඌරු හිටු කියාගන ළපටි කැකිරි තලු ගහනකොට මං පැල උඩ ඉදම්ම බෙරියන් දුන්නා.....
කොහෙ ...ඒකාලගෙ දැන් බය කියන එක ගිහිල්ලා...
මගෙ හිත කම්පා වෙනවා.... ජීවිතේ කියන තාවකාලික නවාතැනෙන් අබමල් රේනුවක තරම් සතුටක් විදින්න වරම් නැති මට,හිත එකලාසයක් තියාගන මේ දෙපැය ඇතුලෙ හුස්ම ගන්න එක තරම් වෙන කිසිම දෙයක් නැති කොට ළපටි කැකිරි තලු මරන්න ආව වල් ඌරු රැල හන්දා මගෙ හිතම කම්පා වෙන්න ගත්තා...පහලට බහින ඩින්ගට එයාගෙ කටහඩ මගෙන් එක තත්පරේකට හරි ඈතට යන එකට මගෙ පපුවම ඇදුම් කන්න ගත්තා.....
පැලේ ඉදම්ම හේහ්...හේහ් ගගා කෑ ගැහුවත් මොකද උනුත් දැන් ඕනම දේකට ඔට්ටු වෙච්ච එවුන් වෙනකොට තව දුරටත් බලාන ඉන්න බැරි මං හීන් සීරුවට ඉනිමග බහින්න ගත්තා....
ඒබහින ගමනුත් කෑ ගහන්න ගත්තා.....
හේ.....හේ....උඹලා නැති එකාටමනෙ දුක දෙන්නෙ හේ ..හේ ...ඒඑ...හොයි....හොයි...
මං පුලුවන් තරන් කෑ ගැහුවා.....අතට අහුවෙච්ච වැටමාර පොල්ලත් අතට මිටමොලවන් දල මතුවේගන එන ඌරු හොම්බෙන් වැල්වල මුල් උඩට අදින ඌරන්ට අතට අහුවෙන ගල් මුල් වලින් ගගහා හේන පුරාවටම දුවන මට පැල අටවපු ගහ ගාවින් එහා මෙහා යනකොට අනෙ සුදුමහත්තයගෙ අර නිවුන කටහඩ ඇහෙනවත් එක්කම පපුවම දාලා යන්න ආවා...
මට උඹව සැනසීමෙන් අහගන ඉන්නවත් පිනක් නෑ කලාත්ම හාමු.....මොනවා කරන්නද් ජීවිතේ කියන්නෙම මේකටනෙ සුදු මහත්තයා....බැහැයි කියල අතෑරලා කොහොම කියලා නම් ඉන්නද...
"ඇත්ත.....අතකින් අල්ලන්න පුලුවන් තරන් උඹ මගෙ ළඟින් ඉද්දි දැනුන උනුහුමට වඩා බඹ ගානක් මගෙන් ඈතින් ඉන්න උඹගෙන් මගෙ හිතට දැනෙන උනුහුම පමනටත් වඩා හරි තියුනුයි..."
.....උඹලා ඔයාකාර කැකිරි තලුමරන්නෙ මක්කටද කියාපල්ලකො.....ආන් අර අරහෙ ඕනාවට එපාවට ඉන්දවපු බතල වැල හාරපල්ලකො.....
ඒහෙ....ඒ.....හ්
හේන පනින ඌරන්ගෙන් හේන රකින්නම ඉන්දවපු බතල වැල් දිහාව බල බල මං ඌරන්ට පුලුවන් තරන් කෑගහලා කෑගහලා ඒකලා එක්ක ඔට්ටු වෙලා වෙලා අවසානෙදි ආපිට ගහ ගාවට ආව මං මගෙ ගැනවත් නොහිත දුවලා ගල් ඇනුන කකුලෙ යටිපතුල ගොරෝසු ඇගිලි තුඩින් අතගෑවා...
ඌව්හ්....ගල් තැලුමක් ද මන්දා...
තට්ට තනියෙන්ම කෙදිරි ගෑවුන මම අවසානෙදි තවත් පාරක් තවත් කොහෙ හරි මුල්ලක ඌරෙක් වත් ඉන්නද කියලා හෝදිසි කරලම ඉනිමග නගිනකොට අනෙ මං අහගන මගෙ සුදුමහත්තයා වෙලාව මතක් කරනවා...
තව පැයකාලයි....හෙට වෙනකන් මං තනිවෙනවා....සියපත් උඹ ආයමත් පිපෙනකන් අතෙ ඇගිලිගානටත් වඩා අඩුවෙන් මන්දාරම දකින මන්දාරමක් උන මං බලාගන ඉන්නවා....
ඉතින් මං හැමදාමත් කියනවා.....ප්‍රේමයට වඩා විරහව ප්‍රේමනීයයි ලයාදරය!
නිසංසල අත්තනායක
පොලොන්නරුවෙන්.....
"ඔබ උන්නු තැන හදේ තාමත් හරි උනුහුමයි...නිසංසල....ප්‍රේමයටත් වඩා ප්‍රේමනීය විරහව වෙනුවෙන් මේ සින්දුව දහයෙ කනිසමෙන් ඔයාට...සින්දුව අහන්න කලින් මං ආයම පාරක් වෙලාව මතක් කරන්නම්....දැන් වෙලාව රෑ එකොලහ පහුවෙලා විනාඩි හතලිස් පහයි...

ආපිට උඩට ආව මං පුරුදු විදිහටම මගෙ පුංචි රේඩියෝව ලගට අරන් මගෙ ඉහ කනුවකට හේත්තු කරගන මූනිස්සම් පතුරු පියාඹන ලේ කුයිලෙන් නෑවෙන ඉසව්ව දිහා බලාගන උන්නා...
කොලොම්තොට දිහාවට ඉහ හැරෙව්වත් ආදරනීයයි සැනසීමයි කියලා පපුවට දැනුනත් මොන හේතුවටද මන්දා මං යුධ ගිනි ඇවිලෙන ඉසව්ව දිහා බලාගන රේඩියො එකෙන් යන සින්දුව අහගන උන්නා.....
දිවුල්ගනෙ මහත්තයා විරහවත් රහ කරලා කියනවා....සැරින් සැරේම පායපු අරවින්ද අහුරුවල එලිය අඩු වැඩි වෙවි ඇවිලෙනකොට මගෙ ඇස් පනාපිටම අහස් ගර්භෙට අතෑරුන තාරකාවියක් මහපොලවට කඩා වැටෙනවා දැක්කා....ඒ එක්කම දිවුල්ගනෙ මහත්තයා එක්ක යුගගීයකට මගෙ කලාත්මත් එකතු උනා....
"මේ රැයයි සඳයි හරියට ඔබයි මමයි....
හීනයක් වගෙයි මගේ හිත පාවරයි දවයි"
කඩාවැටෙන අරුන්දතියකගෙන් මං මහාපරිමානෙන් මොනවා කියලා නම් ඉල්ලන්ද ??
අරුන්දතියෙ පුලුවන් නම්....මට විතරක් නෙවෙ...සතුට උරුම කාටත් සතුටම දීපන් .....මං විතරක් සතුට ඉල්ලල මොකටද....තවත් උන් සතුට විදින්න ඇගිලි ගනිනකොට!!
උඹ වෙනුවෙන් අහස ඇඩුවට වගේ වගක් නැතුව අනුන්ගෙ ප්‍රාර්තනාත් අහගන මහපොලවට කඩා වැටෙන උඹට රිදුමක් නම් දැනෙන්න එපා...මට උඹ වෙනුවෙනුත් ඉල්ලන්න පුලුවන් ඔච්චරයි...
සුදු මහත්තයා.....ආකාස තලයක් උන උඹ මාව තරු කැටේකට සමාන කෙරුවට කාරි නෑ.....අනෙ කවදාවත් මට කඩා වැටෙන්න නම් ඉඩක් තියන්න එපා....මං පුදුමාකාර විදිහට උඹට ඇබ්බැහි වෙලා මගෙ හාමු තැන....
වෙලාව හරියටම මධ්‍යම රාත්‍රී දොලහයි....ඉතින් අවසරයි...පායපු හද අහසටම කැපවෙන යාමෙක ආදරයත් විරහවත් සමසිතින් දරාගන සියපතක මිමිනුම් ආදරෙන් අහන් උන්න ඔයාට සැනසීම පිරුන සුව නින්නදක් ප්‍රාර්තනා කරන ගමන් හෝරා ගානට සමුගන්න...
මගෙ පපුව ගැහෙනවා...මෙච්චර වෙලාම දුව දුවා හරි එයාගෙ කටහඩ අහන් උන්න මට මට සන්තක රේඩියොව මිරිකිලා ගියා....එයා යන්න හදන්නෙ...හෝරාගානකට ඈත් වෙන්න අවසර ඉල්ලුවට අනෙ මං එහෙමවත් උඹට අවසර දෙන්නෙ කොහොමද හාමු තැන...
..සුදු මහත්තයා...මම ඇවිදින්,උඹ කව්ද කින්ද මන්ද නොදැන උඹගෙ කටහඩට මේ තරම් පැලීගන ආදරෙ කෙරුව නම්...උඹ මට සින්න උනාට පස්සෙ කොහොම ආදරෙ කරයිද කියන්න උඹ නිකමටවත් හිතුවද???
ඉතින් හෝරා දෙකක් මාත් එක්කම පැල් රැකපු මගෙ සුදු මහත්තයා යන්න යන්නෙ....
මං අර පුංචි රේඩියෝ එක උකුල උඩට ගත්තා....
යන්නට කලියෙන්...ආදරනියම වචන අහුර තවත් ප්රේමාන්විතයෙක් වෙනුවෙන් සින්නකරගනම යන්න අවසර.....
ඉතින්.....උඹව දකින එකට වඩා උඹව මතකෙට එන එකමත් මට දිව්‍යමය තුසිතයක්...
පැල් රකින මගෙ රන්කද,
කියන්නද මං උඹට ආදරනියම රහසක්.....සර්වාංගෙ පේනතෙක් මානෙක නැති උනාට මොකද....රත්තරනෙ උඹට හොරාව මං මගෙ තනියට ආත්මෙත් එක්කගන ආව.....
ඉතින් අහගන ඉදින්....මේ වචන ඉපදෙන්නම හෘද වස්තුවත් රිදවගනමයි....
හුගකාලෙකට කලියෙන් මං මගෙ හදවත අබෑර්තු දැම්මෙ,
කරන්න කියලා මහ දේවල් තිබුනෙත් නෑ..පුලුවන් නම් රිදෙන්නෙ නැතිවෙන්න මහන්න....අයදුම්පත් කරුවන්ට මං පටන් ගන්නකොටම කියපු වචන අහුර ඔය...මොකද බිදුන හදවතක් තිබුන මම හෙව්වෙම නොරිද්දවන සන්නාලියෙක්ව....
රත්තරන් පුදුමයි ෆෝමලින් සැර එක්ක මට හම්බුනා දෙව්ලොවින් වැඩි දෙයියෙක්ව....ඉතින් අහවරයි මේ ඇබෑර්තු දැන්වීම....මන්දාරම් නම් සන්නාලියා හදවත් පුරප්පාඩු පුරවා ඇත!!!
කටු ගැහුන මගෙ කම්මුල් වල මස් පිඩු දගලනවා...මගෙ සියපත...මගෙ ප්රේමාකාසය....මගෙ කලාත්ම...ඔය ඔක්කොටම වඩා මගෙ සුදුමහත්තයා කියන මේ මිහිබට වැඩි දේව පරානෙ අර කිව්වත් වගේ වචන වලින් ඔත්පල උන මගෙ පපුවට සෙත් පැන් ඉහන ඉහිල්ල එක්ක වචන කරගන්න බැරි හැගීම් කදුලු විදිහට මගෙ බොරපාට ඇස් වලින් උනු උනුවට පිටදානකොට එයා අවසානෙදි බර හුස්මකට පස්සෙ එයා ආයම කතා කරන්න ගත්තා....
තෙහෙට්ටු හිතකට සැනසෙන්න වටකුරු
මටසිළුටු රන හංස පයෝධරම ඕන නෑ රන්කද....සැනහෙන්න ඕනා නම් පිරිමිහිතකටත් ,අයෝමය පිරිමි පපුවක් හොදටම ඇති.....!!ආදරෙයි....කවිසීපද ඇහෙන රෑට කුරහන් මල් පිපෙන රෑක තට්ට තනි පැල්කොටේක ඉන්න උඹ වෙනුවෙන් දුන වචනත් එක්ක දහයෙ කනිසම අහවර කරන්න අවසර....
සුභ රාත්‍රියක්.....
ස්තූතියි මාව අහන් උන්නට වගේම ප්‍රේම කතා විරහා කතා දරාගන උන්නට ....
ආදරෙයි!
මම කලාත්ම සියපත් ආකාස භ්රහ්මනගේ....!!!

*
*
හතර දිග්බාගෙම පාලුවට ගියා...මෙච්චර වෙලාම මගෙ හදවතම අරක් ගත්ත සියපතක හිතම නිවන කටහඩ නෑහීයනවත් එක්කම මගෙ තුන්හිතම පාලුවට ගියා.....
පැත්තකට කරපු පුංචි රේඩියෝවත් නිදිකිරා වැටෙන යාමෙක මෙච්චර වෙලාම අහකට කරලා තිබුන බත්පත අතට ගත්ත මං වතුර ඇබිත්තකින් අත හෝදගන බත් කටක රහ බලන්ඩත් කලියෙන් වතුර උගුරු පහ හයකින් මගෙ පැතලි බඩේ පාලු මකවාගන බත් පත දිගාරින ගමන් පැලට උඩින් කෑගහන් ගියපු කැරලාගෙ ඈඩියාවත් එක්ක මං ආකාස තලෙ දිහා බැලුවා...හුලන් රැල්ලත් එක්කම ඈතකින් ඒකදන්තයගෙ කෑ ගැහිල්ලත් එක්කම මට සුද්දියගෙ අප්පගෙ මලකද මතක් උනා.....

ඒ මලගම කියන්ඩද උඹ ඔය හැටි බෑගිරි තියන්නෙ....??
අනාපු බත් කට කටෙ ඔබාගත්තට මොකද සැරින් සැරේම මට ඒකලාගෙ මූන මතක් වෙනවා...පොලු පාරකින් මැරිලා තියෙන්නෙ කියන එක යට ගැහෙන්න මං ඒකගෙ මලකදත් දෙතුන් පාරක් තලලා දැම්මා...අරකා මේකව පොලවෙ ගහලා මදිවට ඔලුවෙනුත් තලලා කියලා හිතන්ඩත් එක්ක මන් ඒකගෙ මලකද තලලා දැම්මා...
හ්ම්ම්ම්....උඹට අප්පෙක් කියන්ඩවත් කටට පිරියක් එනවද බන් .....
ඇගිලි තුඩුවලින් බත් කට ඇනෙනවා විතරයි....ඉහෙ කෙස් ගානට මලකදන් එක්ක තට්ට තනි රෑක පවා ගනු දෙනු කරපු මට අද දිගින් දිගටම සුද්දියගෙ අප්පගෙ මූන මතක් වෙවී වද දෙන්න ගත්තා....හේන් කට්ටියට ඉහලින් පියාඹනගන යන කෑරලා දෙතුන් වන්ගියක්ම එහාට මෙහාට පියාඹලා පියාඹලා අවසානෙදි අතුරුදන් වෙලා ගියා විතරයි ඒ එක්කම මෙච්චර වෙලාම කලඑලි බැහැන් උන්න හද අකාසෙනුත් පදාසයක් විතර වැහිලා යන වලාකැටියකින් වැහිලා යනවත් එක්කම මට ඉනිමග හෙලවෙනවා දැනුනා....
මෙච්චර වෙලාම අනලා අනලා කටට ලන් කරාපු බත් කට කටට නොයා ආපිට බත්පතටම වැටුනෙම මගෙ උගුර කට පවා ඇහිපිල්ලමක් ගහන පමාවට වෙනකොට යකාගෙ හෝරාවෙ පටන් ගැම්ම එක්කම මගෙ ඉස්සරහින් මතු උන හයයි හතරෙ කරදඩු උස් වෙච්ච පිරිමි පරානෙ දැකපු මගෙ තුන් හිතම ගැස්සිලා ගියා...කොටින්ම මට කතා කරගන්නවත් වචන නැතුව ගොලුවෙලා ගියා....
.බ්.....බෙනේ....මේ මන් බන්.....රූපෙ...උඹ බය උනාද.....
ර්...රූපෙ....රූපෙ අයියෙ උඹද....
ගොත ගගහා අකුරක් දෙකක් අමුනගත්ත මගෙන් බරම බර හුස්මක් පිට උනා.....
රූපෙ අයියා....වෙනකවුරුත් නෙවෙ...යකාගෙ හෝරාව පටන් ගත්ත යාමෙ එහා මෙහා සක්මන් කර කර මගෙ පැලට වැදිලා තියෙන්නෙ රූපෙ අයියා වෙනකොට එක තත්පරේකට ගල් ගැහුන මගෙ පපුවෙ නාඩි ආයම හෙමි හෙමිට වැටෙන්න ගත්තා...
මන් හිතන්නෙ මල ඉර බහින ගොම්මනෙ මලකදක් එක්ක තනිඋන හන්දදො මන්දා යන්තමට වගේ මගෙ පපුව ගැස්සිලා ගිහින්...වෙනදට කොයි වෙලෙත් ඉතිපිසෝව මිමිනෙන මට අද ඉතිපිසෝව මුමුනගන්නවත් ඉඩක් නැතිව බයවෙලා ගල් ගැහිලා ගිහින්.....
ඒකගෙ ආත්මෙ මේ හතර වට කැරකෙනවා වත් දෝ???
උඹලා බීලා....උඹ බීගන මේ ජාමෙ කොහෙ සක්මන් කරනවයි රූපෙ අයියෙ...??
රූපෙ හිනා දෙනවා.....ඉනිමග නැගන් ආව රූපෙ අයියා මගෙ හිත ගැස්සෙයි කියලම කතා කරගනම ගොඩ වෙනකොට මට ඒකලා ගාවින් කාන්දු වෙන රා කුයිලෙ තදටම දැනුනා.....
මං රූපෙ අයියා දිහාව බලාගන උන්නා.....අත්කොට මේස් යටබැනියම දාගන කොටු වැටුන සරමක් ඇදන් උන්න රූපෙ අයියගෙ සර්වාංගෙ දිහාව මං ඇහිපිල්ලමක් වත් නොගහම බලාගන උන්නා.....ඒ ඇස් යට ගිහිල්ලා.....රූපෙ අයියට තිබුනෙත් ලා පාට මූනක් ....ඒත් ඒ ලාපාට දැන් දැන් අගුරුපාටට හැරිලා....කොටවෙන්නම කපාපු කොන්ඩෙත් නහර වැල් පෑදුන අතුත් දිහා මං ඇහිපිල්ලමක් වත් නොගහම බලාගම ඉදලා එහෙම්ම බෙල්ල චුට්ටක් දික් කරලා ඒකගෙ කකුල් දිහාව බැලුවා...
දෙයියො.....නියපොතු බාගෙට බාගයක් කුරිඥ්ඥන් වෙලා ගිහිල්ලා...මහපට ඇගිල්ලෙ නියපොතු මසම කාගන ඇතුලට බැහැලා...ඒ කකුල් දිහාව දැකපු මට එකපාරම සමනගෙ ලියුන් කඩදහියෙ අකුරු මතක් උනා ..
" බෙනා දවස් දාහතරකට පස්සෙ අදයි සපත්තු දෙක ගැලෙව්වෙ බන්...උඹට මේ ලියමන ලියන්නෙත් ගන්දස්සාර ගහන කකුල් දෙක සබන් බේසමක ඔබාගන...මේස් දෙක ගලවනවට වඩා හොදයි බන් කපලා දාන එක.....මට ඉහල උන් මේස් ගලවන්ඩ ඔට්ටු වෙනවා දැකලයි ඔය කතාව කිව්වෙ.....දවස් ගානක් එක දිගට ඇලක බැහැලා උන්නා...එකම යටකලිසම පිටින්...එකම ඇදුම පිටින්...මේ ගල් තොප්පියෙ බරට ඉහම පුපුරන්ඩ එනවා.....පේනවනෙ මං උඹට එන්ඩ එපා කියන හේතුව"
මං හිතන්නෙ පියාඹන මූනිස්සමකටත් වඩා ගිනියමට මගෙන් හුස්මක් පිට වෙනකොට කටක් දෙකක් අනාපු බත් එක මං එහෙන් පිටින්ම රූපෙ අයියා දිහාවට තල්ලු කෙරුවා....
කොහොමයි මං තනියෙන් කන්නෙ??
රූපෙ අයියේ...ඉදා....කාපන්
උඹ දැන්ද කන්නෙ.....බිව්වද කියලද උඹ ඇහුවෙ.....හ්ම්ම්...බිව්ව බන්....නින්ද කියන දේ අහලකවත් නෑ බෙනා...නින්ද යාගන එනකොටම ගැස්සෙනවා.....ඉන්නෙ ගෙදර කියලා දැනෙන්නෙත් නෑ....පැදුරු කඩමාල්ලෙ හිතෙ හැටියට ඇලවෙන්න විදිහක් නෑ...නින්ද යාගන එනකොටම පේන හීන අස්සෙනුත් ලේ කුයිලෙ එනවා....
නින්ද යාගන එනකොට පුපුරන සද්ද එනවා....නින්ද ගියෝතින් හිත බය වෙනවා...හිත බය උනෝතින්....පපුව හාරවන් පිටෙන් එලි බහින්න ඕන මූනිස්සම පිටෙන් ගිහින් පපුවෙන් එලියට එයි...ඒක නෙවෙ බන් වෙන්න ඕන...
මං මගෙ ඉදුල් අත පැත්තකට කෙරුවා....තවත් බත් කටක් කන්න හිත දුන්නත් මං සම්පූර්නම බත් එක රූපෙ අයියට දන් දීලා කෙරවලක් නොපෙනන කොහෙද මන්දා අනන්තයක් දිහාව බලාගන කියවන රූපෙ අයියා දිහා බලාගන දහ වතාවකටත් වඩා රත් කෙරුවත් කිවුල යවාගන්න බැරි උන මඩවතුර උගුරක් කටට හලාගත්තා....
උඹ දන්නවද....ඒකි ගෙ කතාව හරි බන්....ඒකි මට ආදරෙ දෙන්න බෑමයි කිය කිය අඩ අඩ මාව එපා කියන ඒකි සාධාරනයි බෙනා...නිවාඩු එන දවසක් දන්නෙ නෑ....නිවාඩු ආවත් මොකද බන් කොයි වෙලේ පෝන් කට්ටට මැසේජ් එකක් වදීද දන්නෙ නෑ....ආපිට එන්නම් කියලා ගියාට එන්න වෙයිද දන්නෙ නෑ....
බෙනේ....සේකර කියලා කොල්ලෙක් උන්නා....බැදලා මාස දෙකහමාරයි.....හනිමුන් එකේදිම මූ වැඩත් පෙන්නලා හොදටම...පැටියා බඩේ...ගෑනිගෙ ලියුන් කඩදහිය ගෙනාව හෙලිකොප්ටර් එකේම ඒකගෙ මලකද අරන් ගියා....ටැක්ටර් එකට මලකදන් පැටෙව්වෙත් මේ අත් දෙකෙන් බන්...
මගෙ පපුව ඉරෙන්න එනවා....කතා කරන වචනයක් වචනයක් පාසාවටම රා සැර දැනුනත් පහු පහු වෙනකොට රා සැරත් මරාගන උතුරු කදුලුවල ලුනු රහත් ලේ කුයිලෙත් ඒ වචන අස්සෙන් දැනෙනකොට රුපෙ අයියා අත් දෙක දිහා බලාගන ටැක්ටරේට මලකදන් පැටෙව්වෙ මේ අතින් කියනගමං ඒ අත් දිහාව බලාගන ඉදලා ඉදලා අවසානෙදි පායපු හද දිහාව බලාගන හූල්ලගන වගේ උන්නා...
ඒත් ඒකිගෙ දුක වේදනාව සාධාරනයි....ආදරෙ වගේද බන් කනවැන්දුම....බඩෙ බත් ඇටේ නැති උනත් මේ ගම්වල උන් වදපීදුන ගස් පවා මුලින් උගුලලල වීසි කරනවා.....එහෙව් එකේ ඒකිට බය ඇති...ගැරන්ටියක් නැති ජීවිතයක් තියන මං වගේ එකෙක් එක්ක ඇවිත් කනවැන්දුන් වෙන්ඩ....
ගෙයි අගුවෙ තියන බයිසිකල් කට්ටට පවා ගැරන්ටියක් තියනවා...ඒත් බන්..රටවෙනුවෙන් අත්සන ගහපු මට...??බලපන් මේ ගමෙන් බාගෙකම කොල්ලො කුරුට්ටො ඉන්නෙම ඔය උතුරෙ...උඹ හිතනවද මැරෙන බව දැන දැනත් උන් නොයා ඉදී කියලා...තව ඉස්සරහට ඔක්කොම ගෑනු කනවැන්දුම් වෙයි බෙනේ....
මං හිතන්නෙ මේ තත්පරේ වෙනකොට මට මගෙ ඇහිපිල්ලම ගහන්න පවා අමතක වෙලා ගිහින් තිබුනා.....යන්තමට ඉහල පහල වැටෙන හුස්මත් වැටෙන්නම් වාලෙ වැටෙනවා මිසක ඒකත් හිතල ගන්න තිබුනා නම්...මෙලහකට මන් වලදාපු තැන්වල රූස්ස ගසුත් පැලපදියම් වෙලා.....
ඇත්ත.....රූපෙ අයියගෙ කටින් පිටවෙන හැම වචනයක්ම ඇත්ත...මොන ගෑනිද ස්වකැමැත්තෙම්ම කනවැන්දුන් වෙන්න කැමති.....
ඒත් ඔය මොකටත් වඩා ආදරේ ඇතුලෙම දිවිනහගත්ත සමනගෙ ගෑනි වගේ උන් තව කීයක් නම් හූල්ලගන අර පස් කදු බදාගන තවම අඩනවා ඇතිද...
ඔය කදුලුවලට පුලුවන් නම් මලකදකට හරි පනගස්සන්න සත්තයි පස් කදුවල පවා නාඩි වැටෙන්න ගියා.....
ඒත් මේ ජීවිතේ පුදුමාකාර බරයි ....හුස්ම ජීවත් කරවගන්න හුස්මම සින්න කරවන්න සිද්ද වෙන එක මොන අපරාදයක්ද.....???දරන්න බැරි බරක් එක්ක ගුලට ඇදෙන කූඹි වගේ මේ ජීවිතෙත්...පන ගැටගහන්න දවසගානෙම අපි කරන්නෙත් දරන්න බැරි බර උරහිස් කටුවලට දෙන එක.....
මං මගෙ අත් දෙක ඩිහා බැලුවා....ඉරපායන් ඇවිදින් අලුත් දවසක් පටන් ගන්නව එක්කම ආයමත් මේ අත්වලට ෆෝමලින් කටුව හිර වෙයි...පපු කටු දෙකඩ කරවලා නැවතුන පපු කැහුතු එලි ඇදලා ලී කුඩු පුරවන්න වෙයි.....
ඔය මොන මගුල කියලා හිත හදාගත්තා උනත්.....මට ඔය තරම්ම පරාර්ත කාමි වෙන්න හයියක් නෑ බන් බෙනේ...පනකෙන්දත් යුද්දෙට ලියලා දුන්නා....ඒත් බන් ආදරෙ...උඹ කියන්නෙ ආදරෙත් අර පර කොටින්ට සින්නකරන්න කියලද...????
ඇස් වලට නින්ද නෑ....හරිහමන් විදිහට බඩ ගෝස්තරේ නෑ....කරෙ එල්ලන් යන මල්ල ඇතුලෙ තියන ටින් කෑම එකෙ රහක් නෑ.....ඒත් බන් කැලේට ගිහින් ඇතෑරියාම රහ ගුන දැනෙන්ඩ රහ අංකුරත් පන ගහන් නෑ...ඒත් එහෙම කියලා මේ හිත ආදරේ ඉල්ලන්නෙ නැතිව තියෙන් නෑ බන්....
මේ හිතත් ආදරෙ ඉල්ලනවා බන්....මං ගෑනියෙක්ගෙන් මහ දේවල් ඉල්ලන්නෙ නෑ.....මහ ලොකු රූපකායක් මං ඉල්ලන්නෙත් නෑ බන්....පුන්කලස් වගේ දෙතන් වත් ඔය කියන්නා වගෙ හීන් දෑරි ඉගක් වත් මට වැඩක් නෑ...මගෙ හිතට වැදුන ගෑනි වැට ඉන්නක් උනත් කමක් නෑ බන් මං වෙනුවෙන් නාඩි වැටෙනවා නම් එච්චරයි.....
මගෙ බඩ පපුව දනවා බන්....බඩට කෑම නැතුව නෙවෙ....පපුවට ආදරෙ නැතුව...
ආදරෙ කියන්නෙම දේව ගීතයක්.....!ඒත්.....මට ගයන්න අකැප බෙනේ!!
මං යන්ඩ කලින් උඹට ඇදුමක් දීලා යන්නම්.....මොකක් හරි උනොත් ඒක අන්දපන් බන්...මං යන්නම්.....මට එක තැනක ඉදගන ඉන්නවත් හිතක් නෑ....ඉබාගාතෙ ඇවිදලා ඇවිදලා අවසානෙදි හෙමබත් වෙන තැන මං නවතිනවා.....
උඹ දන්නවා මගෙ වචනවල තේරුම...
මට කරන්න තිබුනෙ අහන් ඉන්න එක විතරයි.....එපා බන් ඔහොම කතා කරන්න කියන්නවත් මට හිතක් නැති උනා.....රා සැර ආවට මොකද මඩේ හිටවන ඉන්න වගේ නැතිව රූපෙ අයියා හිටන් උන්නෙ තනි කෙලින් වෙනකොට හිත පෑරෙන හුගක් කතා කියලා අවසානෙදි ඒකා පැලෙන් බිමට බැහැලා ගහ මුල ඉදන් මගෙ දිහාව බලාගන හිනා උනා.....
මේවා අඩු වයසින් මහපොලවට දිරන්න උරුම ශරීර කදන් බන්.....දවසක අපි ආයම හම්බෙයි බෙනෙ....පුලුවන් නම් එක කොනකට කර තියාපන්....පිරිමි පරාන නෑ අපෙ ගෙදරට!
උඹලා ඔය කොහෙද යන්නෙ රූපෙ...?
එක වතාවක් ඒකිගෙ මුන බලාගන්ඩ....කඩයප්පන් තම්බන්ඩ මහපාන්දරම එකි නැගිටනවා .....හිමි කරගන්න වරම් නොදුන්නට කමක් නෑබන්.....තනි හිතට ආදරෙ අකැපයි කියලා මොකාවත් කියලා නෑ....
* * * * * * *
රෑ තුන්යම ගෙවෙනකම්ම බර සුසුම් විතරමයි....වෙනදට එක තත්පරයක් වත් ඇහැ පියවන මට රෑගෙවෙනකම්ම නින්ද නැති උනා....රූපෙ අයියගෙ මූනිස්සන් වගේ බරම බර වචන මගෙ පපුව පෙනේරෙකට අන්ත හිල් කරලා දානකොට කන්දකපාගන...කලුවර මකාගන ගුවන් ගැබට නැගපු පුර හදත් මේ වෙනකොට මගෙ දුක අහලම බීරි වෙලා ඇති...
හීන් සීරුවට රෑ පහන් වෙනවා.....ඈත ගව්වකින් ඉදහිට කුරුලු පැටියෙක් කිච් බිචි ගානකොට මගෙ ඇස් පනාපිට ලාපාට ඉර රැස් ළපටි කැකිරි දලු උඩ සද පිනි දිය උඩට වැටිලා තිබුනා....
හිස්බඩම බෝතලේටම සන්තක උන වතුර උගුරු දෙකතුනි ලෑලි ගැහුන බඩපත පුරවන් මහමෙර ඉහින් දරාගනම පැලෙන් බැස්ස මම රෑ එලිවෙනකනුත් වල් ඌරෝ ජල්ලි අල්ලපු හේන පුරා එහා මෙහා යන ගමන් පසෙන් උඩ මතු උන වැල් ආපිට යට කර කර පැහීගන එන කැකිරි ගෙඩි දෙක තුනක් කඩාගන පන් මල්ලට ඔබාගන එහෙම්ම හේනෙන් බොරලු පාරට ගොඩ උනා.....
තියන අඩියක් අඩියක් පාසාම මගෙ පපුව බර වෙනව...මහමෙරුවටත් වඩා බර කැක්කුම් ගන්නවා....කරබාගන ඉස්සරහට ගියත් මොකද මට හිතෙන්නම කවුරු හරිම මගෙ පස්සෙන් වගක් වෙනකොට එකපාරම පස්ස හැරිලා නොබලපු මං මගෙ අත උස්සලා කිහිල්ලට යටින් කවුරු හරි මගෙ පස්සෙන් එනවද බැලුවා....
කවුරුත් නෑ...මොන යකෙක් වත් නෑ...
ඒත් මට දැනෙනවා...මොකෙක්ම හරි මගෙ පස්සෙන් ගාටනවා.....
ඉබාගාතෙ යන මීහරක් රෑනක් කන්පට ගස ගස එහා මෙහා වෙනකොට මං බලාගන වෙලකටවත් නොබැහැපු කොක් හාමිලා රංචුවක් මීහරක්ගෙ පිටේ ලැගන් පිටම සින්න කරගන උන්න මැක්කො උදේ පාන්දරම මලගම් යනකොට මේ අත්වලට උන්ගෙ මලගම් බාර නැති උනාට මේ අත්වලට බාර වෙන්න තියන මලගම ආය ආයම මතක් වෙනවත් එක්කම මට අද දවස මතක් උනා...
බර දවසක්....කෙම්මුරක්.....බදාදාවක්...මං දෙවනිවතාවටත් කිහිල්ලට යටින් බලනවත් එක්කම යන්තමට වගේ ජායාවක් දැක්කා ...කවදාවත් නැතුව මට ඇදිවතේ සුලුදිය පහවෙන්ඩ ආවා උනත් අඩමානෙට බරකරන් උන්න ඉහ මන් තවත් පාත් කරගත්තට මොකද පාලුවට ගියපු බොරලු පාර මැද කටු අකුල පේන මානෙම මගෙ බෙල්ලෙන් පහලට සීතල වේගන ගියා...හරියටම සීතලම සීතල වතුර කලයක් මගෙ ඉහෙ ඉදන් වැක්කෙරුවා වගේ අර හීතල මගෙ බෙල්ලෙනුත් කොදු නාරටියත් පහු කරන් පහලට යනවත් එක්කම මට තේරුනා කවදාවත් නැතුව මගෙ ඇදිවත තෙත්වේගන යනවා.....පිහිටට ඉන්න බුදුබන හොද සිහියෙන්ම මුද්‍රා වෙලා ගියා....!!!
ආන් එනවා...ආන් එනවා...නවරත්න උන්නැහැ........පොඩි බෙනවා....
බෙනා.....කොල්ලා ඔහොම නැවතිය...
මගෙ පපුව ගැහෙනවා.....සරම්කඩත් තෙමාගන හුජ්ජ ගියපු පාරට බොරලුපාරම තෙත් උන මදිවට මේ වෙනකන් මෙතනට ආව විදිහවත් ඉන්නෙ කොයි හරියද කියන්නවත් නොදන්න නොදන්න මගෙ හිත තවත් පාරක් ගැස්සිලා ගියා.....
නවරත්න ගුරුගෙදර.....
අතෙ තිබුන මිරිකන් උන්න ඉදිල්ල කොයො තරම්ද කියනවා නම් මගෙ ඇගිලි පුරුක් රතුවෙලා තිබුනා...මෙච්චර වෙලාම අවසිහියෙන් ආව මට ආයම හරි සිහියක් ආවෙම ඇහුන බරකටහඩත් එක්ක වෙනකොට මං එහෙම්ම ඔලුව උස්සලා බැලුවා...
ගුරු ගෙදර කසකුසුව....ග්‍රාම සේවකට ඉන්නෙ පිටගම් කාරයෙක් වෙනකොට ඕනම මගුලක් ග්‍රාම සේවක කන්තෝරුවටත යන්ඩ කලියෙන් යන්නෙම නවරත්න ගුරාගෙ ගෙදට්ට වෙද්දි කවුරු හරි එකෙක් මගෙ නම කියනවා එක්කම මං මගෙ ඉහ ඉස්සුවා.....
අයියෝ...හ්....මං ඉදලා මොකටද....මට කියපියව්...මට කියපියව්....අන් ඉදලා මොකටද....මට කියපියව්....
සෙලෙස්තිනක්කෙ මේක බීලා හිටින්කො.....
මරනයක් වෙලා...
ඔහොම නැවතිය කියාපු නවරත්න ගුරා.....ඒකා මගෙ ලගට ඇවිදින් පුරුදු අහංකාර කමින්ම අත් දෙකත් පිටිපස්සෙ බැදගන මරනයක් වෙලා කියනකොට මං බලාගන සුද්දියගෙ අම්මා ගුරුගෙදර මිදුල මැද බිම වැටීගන විලාප තියනවා...එකිලාගෙ ඇදිවත ගිලිහිලා ගිහිල්ලා...පපුවට ගහගන්න ගහගැනිල්ලට මං බලාගන අර පපුව ගිඩි ගිඩි ගානවා.....ඉහම වන වන කෑ ගහන කෑගැහිල්ලට මං බලාගන අර මටුල්ලක් වගේ ගොරහැඩි වෙච්ච මුලු කොන්ඩෙම ඉහිරිලා ගිහිල්ලා....
ඒකි අඩනවා.....පපුවට ගහ ගහ ගහ වාහෙගෙ ගුන කිය කිය අඩනකොට සමහරක් ඒකදන්තයට සාප ඉල්ලුවා....සමහරක් මේකා වෙලාව නොදැනද මංකඩ ගාවින් ගියෙ අහනවා....
ඇදිවතේම රෙවිල කියනවා...බඩත් තලලා හුජ්ජ බොක්ක පැලිලද කොහෙද හුජ්ජ ගද එකා කාරෙට කියනවා...එවුන්ට නම් කතා ගොඩයි....මලකදන් එක්කම ගනුදෙනු කරන මට විතරක් ඔය අවසන් ගමන් ගිය උන්ගෙ ගූ ගදටත් හුජ්ජ ගදටත් හේතු කාරනා ඕන නැති උනා...මරන වේදනාවට අන්තිම හුස්ම පොද යනකොය සමහරක්ට ඇදිවතෙ සුලු දිය ගියාට මලකදක් ලිහිල් වෙන්ඩ ගන්නවත් එක්කමම මල මුත්‍රා ඉබේම පිටවෙන්ඩ ගන්නවා ...
උඹගෙ මහ එකා මුදලාලි එක්ක මලකද ගාවට ගියා....මං මේ උඹටත් පයින්ඩෙ කියන්නෙ ඒකලාට ආය උඹට බුලත් දිදි ඉන්ඩ වෙලා නැති හන්දා....
මගෙ ඇස් දෙක තවම සෙලෙස්තිනා ගාව....ඒකිව වත්තන් කරගත්ත තව එකියක් මහ ගුරී දුන්න වතුර කට්ට කටට ලන් කෙරුවා...මොන ඒකි මොන බොනවද.....ජාතක කරපු ලේ පවා කෙලසපු නරුමයට තව හුනු ගගා කදුලු හලනව මිසක.....
මං එන්න ආවා...වෙනදට මං එන පාරකවත් ඉන්නෙ නැති එවුන් මූනට දැක්කත් මූන හංගන එවුන් අද හිටු කියලා බෙනෙ බෙනෙ ගගා මගෙ නම මුමුන මුමුන කියවන කොට මන් තව එක විනාඩියක් නොයිද එන්න එනකොට මං අහගන කවුරුහරි එකෙක් මහ කඩප්පුලි කතාවක් කිව්වා....
සෙලෙස්තිනාගෙ මිනිහා හින්දා ඕකලා දෙතුන් දොහක් බඩ පිරෙන්ඩ බත්වත් කයි....
සෙලෙස්තිනාගෙ මරනෙන්ම නෙවෙ ඒකලාට දැන් සරුවේගන එන්නෙ...පේන්නෙ නැද්ද දැන් ඒ වැටකඩුල්ල පැනගත්ත ගමන්
මෙච්චර කල්ම කරබාගන උන්න මම අද නැවතුනා....මූනට කෙල ගැහුවත් සමන් දෙයි මායිම දිහා බලාගන මෙවුන්ට සමාව දෙන්ඩ මයෙ හිත හයිය කරන්ඩ හාන්දුරුවනෙ කියලා වදින මට යටි තොල හැපුනා....
පන් මල්ල මිරිකන් උන්න ඇගිලි තව තව කිටි කිටියට තද වෙනකොට මටත් නොදැනිම මගෙ දත්කූරු පවා එකට පූට්ටු උනා
යසෝද මලයා....යසෝද....මලයා.....
එන්න ආව ගමන නැවතුනා මිසක තවමත් ආපිට හැරිලා නොබලපු මම උන්නෙ බිම බලාගන වෙද්දි මං අහගන පියුම් හාමු අර විලාප මද මගෙ නම කිය කිය මගෙ පස්ස පාර පන්නනවා.....යසෝද මලයා යසෝද මලයා ගානවා...නවරත්න ගුරා වංගියක් මගෙ අම්මා අප්පා පවා තව පාරක් බඩ වෙන කුනුහර්ප අහුරක් වපුරලා ගියෙ ඔය නෑකම් කිවිල්ල හන්දා කියන්න ආයමත් වතාවක් මට මතක් උනත් මට පියුම් හාමුගෙ මේ නෑකම් කිවිල්ලට වත් අහන දේවල් වලට වත් උත්තර බදින්න තරම් සිහියක් නැති වෙන තරමට මං උන්නෙ කට කැඩුන කතා කියාපු එකීගෙ අවලංන් කතාවෙන් යකාරූඩ වෙලා වෙද්දි
මගෙ ඇස් පවා හීන් වෙලා ගියා.....
...යසෝද ....අනෙ අරකා මිනිහෙක් පොඩි කරලලු....
වයසක උන්දෙක්ලු යසෝද....මේකගෙ කඩප්පුලි කමට මූ රොඩු අත්තකින් මලකද වහලලු...අර ගෑනි අඩනවා....අනෙ ඒකගෙ පන චුට්ටක් වත් ගන්න බැරිවෙයිද මල්ලි...අර ගෑනි පව් දෙයියනෙ ....
ඒ යකා ඔය විදිහට මිනිස්සු මරනවා නම් ඇයි අලිවැටක් වත් ගහන්ඩ බැරි....ඉස්කෝලෙ යන පුංචි එකාලා පාරෙ එහා මෙහා යනවා...ඔය විදිහටම නොදරුවෙක්වත් පොලෙ ගහලා තිබුනොත් මොනවා කරන්නද මලයා???
යසෝද.....
ය්...යසෝද....මල්ලි....ඇයි....මේ?
පියුම් හාමු එකම දිගට කියවනවා....අහවරක් නැතුව ඒකදනතයගෙ අකටයුතු කම් කතා කර කර ඉදලා එකපාරම ගොත ගගහා වගේ යසෝද මල්ලි ඇයි මෙ කියනවත් එක්ක මෙච්චර වෙලාම ඉහබිමට ඔබාගන උන්න මං නුවර හාමු දිහාව බැලුවා....
එතකොටයි මං දැක්කෙ...පියුම් හාමුගෙ ඇස් දෙක තිබුනෙ මගෙ කකුල් දිහාවට....
මගෙ කකුල් පුරාවටම ගුරුපාට දූවිල්ල බැදිලා මදිවට කකුල් දිගෙ පෙරුන මුත්‍රා පාරවල් කැපිලා පෙනුනා....
ඔ..ඔයාට.....මොකද....
මොකුත් උන් නෑ හාමු තැන...
මං හිතන්නෙ ජීවිතෙ පලවෙනිම පාරට මන් මගෙ පෙනේ පිප්පුවද කොහෙද....කරුම් කියන්නෙ ඒකත් අහිංකයෙක් දිහාවට....ජාතියක් ජම්මයක් නොබලා මට හිත ඇතුලෙම්ම මලයා කියල කතා කරන රත්තරන් මනුස්ස පරානෙකට වෙනකොට මිනිකපන එකෙක් උන මගෙ බඩපත සරුකරන රස්සාව හන්දම නිකරුනෙ තව තවත් දාහක් කතා මේ මලගම් මැද්දෙම ඇහෙනකොට මට දැනුනා මගෙ ලේ ගොජ ගොජ ගානවා....
පව් ඉතින් අරකා...රට වෙනුවෙන් ගියෙ ඒකගෙ පඩිය මේ වගෙ එකෙක්ට රහකරන්ඩ දීලනෙ....
කොයි වෙලෙත් ඒ අස්සෙමයි....අප්පකම් කරන්ඩ පුරුදු වෙලා...මං බලාගන හැන්දෑ දොහෙ ගාටනවා....
ඕන් බලාපන් හේන් කෑල්ල මේකා ගන්නවා....දැන් ඉතින් ඒ හේන විතරක්ද බන්....ආන් ගෙයි ඇතුලෙ තව ළපටි හේනකුත් තියෙන්නෙ ඕනා නම් ඇති පදමට හාගන්ඩ...
මං ඒත් හිතුව මොකක්ම හරි උදේ වෙනකොට අහන්ඩ වෙයි කියලා.....කී වංගියක් නම් අරකා පැලට උඩින් කෑගහන් ගියාද ...ඒකත් එකටම මේකලාගෙ මුඩුමෙත් මේ ගමට වදිනවා ඇති....
පර වේස ගෑනු ....එකියෙක් මිනිහා ඉල්ල ඉල්ල පස් කනවා..මේ ගමෙ ගොඩෙ වේසියන්ට තැනක් නොතැනක් නෑනෙ.....ඉල්ලුවොත් බොක්ක උනත් දෙන කොල්ලටනෙ මේ ගෙරි හැත්ත කතා හදන්නෙ....ඔහොම ඉදින් යසෝද....කෙලින්ඩ එනවා....
පියුම් හාමු.....
මං පියුම් හාමුගෙ අත් ගොබෙන් මිරිකලම අල්ලගත්තා.....මලකදකින් බත්පත සරු කරගන්නවා කියලා පටන් ගත්ත නොහොබිනා කතාව දැන් දැන් හැරෙන්න සමනගෙ ගෑනිවත් මට පාව දීලා විතරක් නෙවෙ රට වෙනුවෙන් මැරුන එකට ඒකගෙ පොතට වැටෙන සොච්චමත් මං ගනි කියන කඩප්පුලි කතාවලට වෙනකොට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා උන්නත් ඇදන් ඉන්න අත්කොට කමිසෙට තවමත් රෑ ඇදපු සරම පිටින් උන්න පියුම් හාමුට ප්‍රේමගෙ නම ඇහුනා විතරයි ඒකදන්තයට හපන් කුලප්පුවක් ගැහුවා....
.අතෑරපන් යසෝද....
මං නෙවෙ ඇතෑරියෙ ...කියන එකීගෙ කසකුසුව එන්න එන්න වැඩිවෙනවා මිසක අඩුවක් නොවෙනකොට පියුම් හදන්නෙ නිස්කාරනෙ පද හදාගන්න වෙද්දි පියුම්ව තල්ලු කරපු මං පන් මල්ලට අත දාලා දැලිපිහිය අතට අරගන යන්න ගියපු ගමන නවත්තලා ගුරු ගෙදර මිදුලෙ ඉදන් පද හදන පත්තිනි අම්මලා දිහාවට හැරුනා...
මොකාද යකො ඒ අලුගුත්තේරු කතාව කියපු පර වේසි....?
මං දන්නෙ නෑ....මං දන්නෙ නැ බුදු හාමුදුරුවනෙ අනෙ මගෙ ආත්මෙත් එක්ක කිලිටිවෙනවා....
මෙච්චර කල් කෙලපිඩක් මූනට ගැහුවත් වචනයක් නොකියා පිහදගන්න තරම් යටහත් මට අද ඉවසගන්න බැරි උනා... කුරා කූඹියෙක්ට වරදක් නොකරපු මටත් මගෙ අම්ම අප්පටත් කටකැඩුන කතාවිතරක්ම කියනකොට මට ඉවසගන්නම බැරි උනා ජීවිතෙ පලවෙනි පාරට ගමම හොලවන් බෙනරගමගෙ ගොරනාඩුව ඇහුනා...
පරට්ටි...මේක දැනගන්...ඇස් වහන් බල නහරෙ අදින්ඩ පුලුවන් මට පන තිබුනත් එකයි ..නැතත් එකයි යකො....මිනියක් මැරුනම එම්බාම් නොකර තෝ කියන්නෙ ගෙදර තියාගන කන්ඩ කියලද බොල...
කාපියව්...තොපෙ ගෙදර එවුන් මැරුනම තොපි ඔක්කොම ගෙවල් වල තියන් ඒකලාගෙ මස උයාගන කාපියව්...
පරට්ටි තෝ...තෝ තොගෙ ඔය කක්කුස්සි කටෙන් ආයම අර අසරනීව මට පාවා දුන්නොත්...දැනගන්....මං අරකගෙ මලකද එක්ක තෝවත් එම්බාම් කරලා වලදානවා....!!!පර වේසියො.....වචනයක් දෙකක් කරබාන් අහන් ඉන්නකොට එනවා මගෙ ඉහට නගින්ඩ.....
මං හිතන්නෙ සෙලෙස්තිනාගෙත් කදුලු නැවතුනා...පද හදපු එකීගෙ සර්වාංගෙම ලේ හිදිගන හිදීගන ගිහින් ඒකිව මලකදක් ගානට සුදුමැලි වෙගන යන්කොට දැලි පිහිය උරුක් කරන් උන්න මගෙ දිහා බලන් උන්න එවුන්ට කට උත්තර නැවතුනා...කොටින්ම නවරත්න ගුරා පවා අඩියක් පස්සට අරන් තියනකොට කුලුදුලේම මාරාවේස වෙච්ච මම බිම උන්න සෙලෙස්තිනා දිහාවත් පදහදාපු පත්තිනි අම්මා දිහාව බලපු මං ආපිට එන්න හැරුනත් ඉවසගන්න බැරි තරහවකින් උන්න මං ආයම ඒකිලා දිහාවට ලන් උනා....
සම්පකාරෙ එකාට තෝ අකුල් ගානෙ රින්ගන් රෙද්ද උස්සනකොට හොදයි.....ඒකා කෙහෙල් දල්ල උඩ දාගන තොගෙ බඩ උඩ නගිනකොට හොදයි...ගල්ගහපිය ඉන්නෙ වීදුරු ගෙදරක නෙවේ නම් විතරක්...පොතට නැති උම්මලකඩත් තොගෙ මල්ලට වැටෙන්නෙ නාකියට පදමෙ රහ වැටිලා හන්දා වෙන්ඩ ඇති.... තොගෙ කෙරුවාව ආන් අර කටු අකුලුත් කියයි....
යකො ඒකි මගෙ නංගි වගෙ....මට ගෑනු ගන්ඩ ඕනා නම් මං ඒකිව අරන් බොල...
ප ර ට් ටි....
මං එන්ඩ ආවා.....පද හදාපු එකීගෙ රෙදි ගැලවිලා ගියපු වේගෙටද කොහෙද ඒකිට කට උත්තර නැතිවෙනකොට කෙරුවාව කටු අකුලත් කියයි කියනකොට මට අද වගෙ කටු අකුලෙ කෙදිරියත් පැටලිලා තිබුන ඒකිගෙ චීත්තපටත් මතක් වෙනකොට පස්සවත් නොබලපු මං කාරලා කෙලපාරක් ගහන් එනවා එක්ම සෙලෙස්තිනා ආයම බෙනෙ බෙනෙ කොල්ලො ගගා අඩන්න ගත්තා...
බෙනේ...අනේ...කොල්ලා.....බෙනේ.....
කාපියව්...වාහෙගෙ මලකද ගෙදර අරන් ගිහින් කාපිය.....තොපි හිතාන ඉන්න මායි මගෙ අප්පයි කරන්නෙ පාරෙ යන එවුන්වත් අල්ලන් එම්බාම් කරන එක කියලනෙ.....කාපියව් තොපේ මකකදන් උයාගන කාපියව් තොපිම.....!!!
*
*
*
*
උඹලා ජල්ලියක් ඇල්ලුවලු මයෙ පුතා...
උඹලට කවදාවත් තරහා යන්නෙ නෑනෙ යසෝද.......
ඒකිලා මට නගාව පාවා දුන්නා.....සහගහන කතා ඔව්වා...අරකගෙ ආත්මෙටවත් සැනසීමක් නැතිවෙයි....
හ්ම්ම්ම්...උඹ කෑගහපු කතාව මුදලාලිට ආරංචි වෙලා....ආය ඉතින් අමුතුවෙන් ආරංචි වෙන්ඩ දෙයක් නෑ...උක්කු බබා තකහනක් ඇවිත් ඒක මුදලාලියගෙ කනෙ තිබ්බා.....උඹ කිව්වලු අනිත් දවසෙ මලමිනි කාපියව් කියලා....
මුදලාලි බයවෙලා...උඹ මිනිකපන එක නවත්තයි කියලා....
මං උන්නෙ මනෝරත්න මුදලාලිගෙ එම්බාම් කාමරෙ පිල්කන්නෙ ඉදගන...
මුදුන් වෙලා තිබ්බ ඉර මද්දහනත් හමාර කරගන හැන්දෑ යාමෙට ලන් වෙලා තිබුනා.....
යකාවේසෙන් උන්න මන් ඇදිවතෙ හුජ්ජ ගදපිටින් ගෙදර යන්න බැරි කමට ඒ ආවේසෙම්ම වැවට ගිහින් මඩවතුර නාලා නාලා ගෙදර එනකොට ඉරමුදුන් වෙලා හෝරා දෙකතුනක් පහුවෙලා තිබුනා....ඒ වෙකම්ම මන් මඩ නාලා....
සබන් පුසුඹක් කියන නාමයක් නැතිව නාගන ආව මං කරපු එකම දේ නම් පිල්කන්න උඩ ඉදන් බලාගත්ත අත බලාගන උන්න එක වෙද්දි මලකදෙ ලියුම් කියුම් අහවර කරන් ආව මනොරත්න මුදලාලිගෙ තැපැල් නයින්ටියෙන්ම මිනිකපන කාමරේ ගාවට ආව මං ඒත් වචනයක් නොකියම බලාගත්ත අත බලාගන උන්නා...
ඉදා මේ කහට එක බිපන්...මේක රෑ ජාමෙ වෙන්ඩ කලින් දීලා දාන්ඩ ඕනා....හෙට හවහා ආදාහෙ ගන්නවා කියන්නෙ....
මිනිකාමරෙ දොර වැහිලා ගිහිල්ලා....දොරපලු වැහිලා ගියත් මොකද
මං දන්නවා ලෑල්ල උඩ ඒකගෙ මලකද තියනවා.....මෙ වෙනකොටත් මුදලාලි මායියා මේකට ගැලපෙන්ඩ ඇදුමක් තෝරලා මහනවා ඇති.....හෙට හවහා වෙනකොට ආදාහෙ ගන්නවා කියනවා...
අර කිව්වත් වගේ දවස් ගනන් තියාගන කන්ඩ ද...
කවදාවත් නැතුව පාපු හයිරන්කාරකම ගැන තවමත් කියවන අප්පච්චි මිනියට අත ගහන්ඩ කලින් මට කහට බෙලෙක්කෙ දික් කෙරුවත් මං නෙවෙ අද කහට එක අතට ගත්තෙ.....
යසෝද....
.උඹලා ගාව අරක්කු කාල තියෙනවද මයෙ අප්පුච්චා??
කොල්ලා....???
අප්පුච්චගෙ ඇස් ගැස්සිලා ගියා...මිනියක් කපන්ඩ ගන්නකොට ඔක්කාර ගතිය.....හිත ගැස්සෙන ගතිය නැති කරගන්න ඉදහිටක අඩියක් ගහන එක කපන එවුන්ගෙ පුරුද්දක් උනත් ඇබිත්තන් කාලෙ ඉදන් අප්පුච්චා එක්ක මේ මිනිකාමරෙට බඩගාපු මට කවදාවත් මලකදකට එම්බාම් එකක් ගහන්න අරක්කු උගුරක් ඕන නැති වෙද්දි මං අද අරක්කු උගුරක් ඉල්ලුවා.....
මගෙ දතෙ ඇම්මක් අප්පුච්චෙ....
පුලුන් කෑල්ලකට පොගවල තියාගන්ඩ තරම් නම් ඇති...මං හිතුවා උඹ මෙ කවදාවත් නැතුව බොන්ඩ අහනවා කියලා...දතෙ ඇම්ම නන් තේ කහට එක ඇල්වෙන්ඩ ඇරලා බීපල්ලා...ඕකට රස්නෙ වැදුනම තව කකියයි...
මං අප්පුච්චට බොරුවක් කිව්වා....අරක්කු ඉල්ලුවෙ වෙනකාරනාවකට උනත් මං ඒ කාරනාව වහලා දතේ ඇම්මක් ගැන කියන ගමන් අරක්කු ටිකක් බොන්නම බලනකොට
අඩමානෙට වහපු කාමරෙ දොරපියනක් හුලගටද මන්දා ක්‍රීස් ගාන සද්දෙන් ඇරීගන යනවත් එක්කම ඒ දිහාව බලපු මං ලෑල්ල උඩ තිවුන මලකද දැක්කා....ඇරල තිවුන ජනෙල් පියනෙන් ආව හුලන් පාර හන්දද නැත්තන් වෙන හේතුවක් හන්දද මලකද වහලා තිවුන රෙදි කඩ මලකදෙන් අහකට වැටුනා....
දෙයියනේ ඒ ඇස් දෙක හොදටම ඇරිලා!!¡
මා පුතා...ගනින් ඔය පිහිය....දැනටමත් සුනංගුයි කොල්ලා.....ගොම්මනත් උනා...කීයටද මේක නිදහස් කරන්නෙ.....අතපය දරදඩුවෙලා.....අත් දෙකම කඩන්ඩ වෙනවා....
මං නෙවෙ පැත්තක් බැලුවෙ.....වෙනදට අප්පුච්ච එක්ක් තරගෙට මිනිය කපන මට අද මිනිය නාවනකොට දහවතාවක් අතේ තිබුන කෝප්පෙ වැටුනා....ඉනට අදින ඉටිකොලේ ගැටේ ගහගන්න ගත්ත මට ගැටේ තදකරලා ගැටගහගන්න ඇගිලි පන නැති උනා....
අමු හෙලුවෙන් මෝචරි ලෑල්ල උඩ තිබුන මලකදෙ ඇස් කට මෝය කට වගෙ ඇරිලා තියනකොට කට වැහෙන්න නිකටට යටින් අරන් ගැටගහලා තිබුන රෙදි කඩට වත් ඒ කට වස්සන්න බැරි වෙනකොට මං බලාගන නිල මැස්සෙක් මලකද් කටට ඇතිතරම් අයිති වාසිකම් කියනවා....
ඒකා කට ඇතුලට යනවා..ආපිට එලියට එනවා....ඇස් වලට වහනවා...කන් ඇතුලට රිනගනවා....අමුම අමුහෙලුවෙන් උන්න මලකදෙ ඉහ කෙස් වලින් තවමත් වතුර බේරෙනකොට අඩියට දෙකට එහා මෙහා යනගමං අප්පුච්චා වෙනද වගෙම ෆෝමලීන් හාමු කරපු බෝතලේට කටුව අමුනපු බටෙ ගහලා බඩ බොකු දාන බාල්දිවලටත් ෆෝමලීන් වතුර හලලා මෝචරි ලෑල්ල උඩින් තියලා ආම්පන්න ඔක්කොම ලගට ගන්නකනුත් මං ගල් පිලිමෙ වගේ බලාගන උන්නා.....
මා පුතා රැවුල බානවද.....?පරිස්සමට කපහන්..හම කැපුනොත් ගහන ජාති කැපුම් වලින් එලි දානවා....
අප්පුච්චා මට සුද්දියගෙ මහ එකාගෙ රැවුල කපන්න කියන ගමන් සබන් පොතු ජාති දහයකින් විතර එකට ගුලි උන සබන් ගුලියක් එක්ක රේසරෙත් දැලි පිහියත් දික් කරද්දි ගල් ගැහිලා වගේ උන්න මං වෙව්ලන ඇගිලි වලින් රේසරෙ එක්ක දැලි පිහිය අතට ගත්තා.....
මගෙ අත් වෙව්ලනවා...කොච්චර වාත් පරිස්සමට හොරහැඩි රැවුල් ගස් බාන්න හැදුවත් මගෙ අත තද වෙවී තද වේගන එන මස කැපෙන්න බලනකොට බඩ බොකු ඇදලා දැම්මට පස්සෙ හිස්වෙන බඩපතට ඔබන්න ලීකුඩු ගෝනිය ගේන්න එලියට යන්න හදපු අප්පච්චි මගෙ දිහා බැලුවා...
යසෝද.....???
අ...අප්පුච්චෙ.....
මක්කද කොල්ලා උඹ ඔය අතාගාන්නෙ....ඕක කපල්ලා මා පුතා...
අප්පච්චි මට ආයම වංගියක් රැවුල කපන්නලු...උඩු අතට බාවලා තිබුන ඇස් කට ඇරුන මලකදෙ මූන තිබුනෙම මගෙ මුනට සමාන්තරව වෙනකොට
මූනපුරාවට සබන් ගුලිය අතුල්ලපු මං නාහෙට පාතින් උඩු තොලට උඩුන් තිබුන කොටහට සබන් ටිකක් අතුල්ලන්න ගියා විතරයි මලගෙයි විත්ති ආය ආයම කියාගන කෑගහන් ගියපු කෑරලාගෙ ඈඩියාව එක්කම මගෙ අතේ තිබුන සබන් ගුලිය අර ඇරුන කට අස්සට වැටුනා...කටට අතදාල සබන් ගුලිය ගන්නවත් එක්කම ඇරිලා තිබුන ඒකගෙ කට වැහුනා.....
යසෝද....මා පුතා....උඹ මේකගෙ මූන කපලනෙ බන් දෙතුන් පොලකින්ම....
මට දාඩිය දානව...ගොම්මන පහු කරන් රෑ බෝවෙනගන එනවා එක්කම මගෙ සිහිය දුවන්නෙම වෙනදට දහයෙ කනිසම දිහාවට උනත් අද මට දහයෙ කනිසම ගැන මතකයක් නැති උනා....හිතම වහගන්න අර සියපතෙ පුසුඹ අමතක උනා.....විනාඩියට දෙකට කපන්න පුලුවන් රැවුලක් උනත් මට අද රැවුල කපාගන්න බැරි උනා මදිවට මයෙ අප්පුච්චා කියන්න වගෙ මන් ඒකගෙ මුනත් දෙතුන් පලකින් කපලා තිබුනා.....
ෆෝමලින් විද්දට පස්සෙ ඔය තැන් වලින් පහුදාට ආපිට ෆෝමලින් එලියට එනවා
උරහිස් ඇට වලට පිටිපස්සෙන් තියාපු ලී කොටෙ හන්දා මලකදෙ පපුව හරිය චුට්ටක් ඉස්සිලා තියනකොට මං කකුලෙ බලනහරෙ වෙනුවට උගුරු ගැටේ ගාවනහරෙ දිහාව බලාගන උන්නා...පපුව පසාරු කරන් ගිලා බහින පිහිය හම මස ඉරාගන පිරිමි ඇග ගාවින් නවතිනකොට මේ තට්ටු දෙක දෙපැත්තට කට ඇරෙනවා...
ඒත් ඒ ඔක්කොම තියනකොට මගෙ ඇස් ගියේම ඒකගෙ දෙපරැන්ද මැද තියන පන ගියපු පිරිමි ඇග දිහාවට වෙනකොට ඇදන් උන්න අත්මේස් එකට උඩින් තව අත්මේස් එකක් දාගන්න මයෙ අප්පුච්චා මේසෙ දිහාවට හැරුනා විතරයි අඩියට දෙකට ඒකගෙ කලවා ගාවට ගියපු මං මුවහත් කරපු පිහියෙන් ඒකගෙ පිරි ඇග වෙන් කරලා දැම්මා...
මයෙ දෙයියා....යසෝද!!!උඹට මක්කද කොල්ලා වෙලා තියෙන්නෙ.....
යසෝද...
කොල්ලා....
කොල්ලා උත්තර දියන්.....
මා පුතා....යසෝද.....යසෝද කතා කරපන් යකො...
චටාස්!!
මගෙ කන රත් වෙලා ගියා....කටු ගැහුන කම්මුල හරහා වැදුන ගොරහැඩි කම්මුල් පාර එක්ක මගෙ මූනම රත්වෙලා යනවත් එක්කම් මගෙ අතෙ තිබුන පිහියත් ඒකගෙ අංගජාතකෙත් බිමවැටෙනවා එක්කම එකාගෙ කකුල් මැද දැකපු මාව අඩි දෙක තුනක් පස්සට වීසි වෙලා ගිහින් ලී කුඩු ගෝනිය උඩ ඉන්දවුනා...
යසෝද....මා පුතා...උඹට මක්කද කොලු වෙලා තියෙන්න කියපන්....උඹලා මක්කද මගෙන් හන්ගන්නෙ කියාපන්.....
මයෙ අම්මෙ...උඹලා මක්කද මේ වෙනස් කියපන්කො....
ඔයාකාර උඹ වරද්දන්නෙ ඇයි කියපන්කො.....උඹ තට්ට තනියෙනුත් මේවා එක්ක ඔට්ටු වෙන එකානෙ ....
මං උඹලගෙ අප්පුච්චා රත්තරනෙ කියාපන්කො.....??
මන් නෙවෙ කටක් ඇරියෙ...කන රත් වෙන්න ගැහුව අප්පුච්චයම මගෙ ගාව නැවීගන ගහපු කම්මුලම අතගගා හේතූ අහනකොට මන් මගෙ ඉහ දෑතින්ම බදාගන කොන්ඩෙ අහුරු පිටින් ඇදගන්න ගමන් අප්පුච්චා දිහාව බැලුව.....
උඹ නගා දිහාව කවදාවත් වැරදි විදිහට බලනවද අප්පුච්චා??????
යසෝද....දෙයි හාන්දූරුවනෙ.....
උත්තර දියන්....උඹ මගෙ නගාව නාවනව කරනවා...උඹ ඒකි දිහා නරකට බලනවද කියපන්...දෙයියො බුදුන් පල්ලයි....ජාතක ගුනේ වත් මන් තියන් නෑ....පනපිටින් මන් උඹ වලදානවා අප්පුච්චා...
ය්....යසෝද...!!හෙන වදී උඹට....මට මයෙ දරුවො මයෙ පනට වඩා වටිනකොට වදනකොට වැදෑමහ කපපු මටද ඔයාකාර කතා කියන්නෙ කොල්ලා?????
අප්....පුච්චෙ....අනෙ....අප්...පුච්චො....
මගෙ ඇස් වලින් වැටුන කදුලු නාස් පොල්ල දිගෙ රූටගන ඇවිත් බිම වැටුනා.....
ඒකා....කම්මුතු උනේ ඒකදන්තයා අතින් නෙවෙ මයෙ අප්පුච්චා....
එහෙනම්....????
යසෝද...කතා කරපිය .....මක්කද උඹ ඔය කියවන මරු?
මාව වෙල්ලනවා....මලකදෙන් වෙන් උන අංගජාතකෙ තවමත් බිම වෙනකොට අප්පුච්චා මාව මරන්න හැදුවා...ඒකව ඒකදන්තයා අතින් නෙවෙ කම්මුතු උනේ කියනවාත් එකම මාව පරඩැලක් වගේ ඇදලා ගත්ත අප්පුච්චා දමාගන මාව හොලවන්න ගත්තා.....
ඒකව....කම්මුතු උනේ...සුද්දියා අතින් අප්පුච්චෙ.....
සු...ද්...දියා අතින්...??
*
*
*
පරයා.....ජාතක කරපු ලේවලට විනකරන තිරිසනා.....
උඹලගෙ පන්ඩිතකම්...අල්ලපිය අත....ගොම්මනෙ මලකදන් උස්සන් යන්ඩ ගියෙ තොට පෛත්තියම ගහලද....???
හිත ගස්සගන.....බලන්ඩ පලකො ආය කකුල් කඩලා ගෙට දානව දැනගන්...තොට ඕන අර ගෑනිගෙ පපුව පලවන්ඩද.....පරයා....
මං නෙවෙකටක් හේලෙව්වෙ....අල්ලපිය අත කියවපු අප්පුච්චා මට දෙස් තියලා තියලා ඒ අතෙ තිබුන පිරිත් නූල බුදුගුන කියන ගමන් ගැටගහන්න ගත්තා....
ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නො සුගතෝ ලෝක විදුඅ අනුත්තරෝ පුරිසධම්ම සාරටි සත්ථා දේවමනුස්සානං
බුද්ධෝ භගවාතී....
මයෙ අම්මට රත්තන්තරෙ සරනයි.....ඕන්...දැන් හරි....ඔහෙන් ඉදගනිල්ලා...මං කරගන්නම්.....හිත බය කරගන්ඩ දෙයක් නෑ...අප්පුච්චා ළඟ....
මෙච්චර වෙලාම මට දෙස් තියාපු අප්පුච්චා අනිත් පාර ඒ අතේ තිබ්බ පිරිත් නූල මට ගැටගහලා බය වෙන්න කාරි නෑ අප්පුච්චා ළඟ ඉන්නවා කියන වචනෙත් ථි ඇති උනා නොදැකපු දෙවියන්ට කලින් ඇස් පනාපිට දකින දොරේ බුදුන්ගෙන් මේ පපුවෙ බරගතිය හෑල්ලු කරගන්න...
දියන් අප්පුච්චා කාරි නෑ....
ඉදගනින් කොල්ලා ...
කමක් නෑ...දියන්...උඹමනෙ කිව්වෙ...උඹ මගෙ ළඟ කියලා...මං ආය මොකාට බය වෙන්නද අප්පුච්චෙ....
බොරපාට ඇස් පවා යන්තමට හිනා වෙනකොට අප්පුච්චා අතේ තිබුන පිහිය ඉල්ලගත්ත මං මලකඩෙ පපු පටන් ගැම්මට තියලා පහලට ඇදගන ගියා...මෙච්චර වෙලාම බිම තිබුන ඒකගෙ අන්ගජාතකෙ සාප ගොඩක් මැද මෝචරි ලෑල්ල යට තිවුන බාල්දියට වැටුනා....!!!
* * * * *

මේ අහස යටම....කොතැනක හෝ.....ඔබ ඉන්නවා නම්....
මම ඉන්නම් ඒ සුවඳ තියන්.....යළි...ඔබ....එන....කන්....කලුවා....කෝ අහකට යමල්ලකො පුතා .....කෝ...අහකට යමල්ලා...යෝහ්...මෙන් මේකා කෝලම් පානවා.....යමල්ලකො....
මේන් වැඩක්....ලමයිගෙ අප්පුච්චා...මේ බලාපම්කො කලුවා කොල්ලගෙ කරේ.....මේකට හුරුතලෙ ඉහට ගහලා......
.ඒකගෙ වැඩි සෙනේ මේකටනෙ.....ආ යසෝද....දැන් කී දොහක්ද මුදලලි අහනවා උඹට අර කුඹරට එන්ඩ පුලුවන්ද කියලා....උත්තරයක් දියල්ලකො මා පුතා.....

ඇදන් උන්න සරමත් කැහැපට ගහන් උන්න මන් උන්නෙ වතුර බේසමක් ගාව ඇනතියාගන බයිසිකල් ටියුබ් එක බේසම අස්සට ඔබාගන...
කරුමෙටම කටුවක් ඇනිලා පැච් එකක් වැටිලා....පැච් එක වැටුන තැන හොයාගන්ඩ නම් ටියුබ් එකට හුලන් පුරවලා වතුර බේසමට ඔබාගත්තම හිල වැටුන තැනින් බුබුල් දාන කතාව මයෙ අප්පුච්චා මට ඉගැන්නුවෙ මං ඇබිත්තමා කාලෙ වෙනකොට ඒ උත්තමයගෙ අකුරු කෙරිල්ලට පින් අයිති වෙන්න දන්න දා ඉදන් වැටෙන හැම පැච් එකම වහගන්න මට පුලුවන් වෙනකොට මැටි පිල්කඩ උඩ තිබුන රේඩියෝවෙ යන සින්දුවත් මුමුන මුමුන උන්න මං පැච් එක වැටුන හොයාගන පරන ටියුබ් එකෙන් කෑල්ලක් කපාගන පෑස්සුමක් දාලා ආයමත් පැච් වැටුන තැනක් හොයනකොට කකුල සනීප කරගත්ත කලුවට ඇට පැලවේගන ආවා....
ඒකට කොච්චරවාත් සෙල්ලම වෙනකොට හැන්දෑ යාමෙ තේ කහට එක තොල ගගා උන්න අප්පුච්චා ළඟ උන්න නිකිනිගෙ ඔලුව අතගාන ගමන් මගෙන් කුඹුරට යන්ඩ පුලුවන්ද අහනකොට මං හුරුවමක් බාන ගමන් ඔලුවෙන්ම උත්තර බැන්දා....
දවස් ගෙවෙනවා..දවස් පටන් ගන්නවා.....කැලෑමල් පිපෙනවා ආපිට පරවෙනවා ...සමනා මලගම් ගිහින් මාසෙකුත් පහුවෙලා තිවුනා...රූපෙ අයියා ආදරෙ ඉල්ල ඉල්ලා පස්ස පාරෙ පන්නපු කෙල්ලව පිටගම් කාරයෙක් දීගෙට අරන් ගියා...
සතුට අල්පමාත්රීකව ලැබෙන මෙ ජීවිතෙ ගෙවෙන්නෙම කදුලු මැද වෙනකොට මට මගෙ අම්මා අප්පා නංගි ඇරුනම සැනසීමකට තිවුනෙම දහයෙන් කනිසමින් එන මයෙ සුදු මහත්තයත් දවසින් දවස ලොකු වෙන මයෙ රන් කැටියා නිවනුත් විතරක් වෙනකොට අනෙ දලදා හාමුදූරුවන්ගෙ පිහිටෙන් මං ඒකට සතෙන් සතේ එකතු කරලා අහන අහන තැන් වල හේන් කොටලා කොටලා පංචායුදයක් බෙල්ලට දාගත්තා.....
මයෙ අම්මගෙ කතාව සීයට දාහක් හරි ....ඒකගෙ බෙල්ල පොඩියට අර පංචයුදෙ දාන දා මගෙ අතෙ වෙනදට වඩා කරගැට තිබුන මදිවට මාව තවත් ටිකක් ඇදිලා ගිහින් තිබුනා.....
ඒත් ඒ ඔක්කොටම වඩා මං ඒකව වෙනදට වඩා පපුවට තුරුල් කරන් ඉදලා ඉඹගන්නකොට කිරුපඹලු වැලක් දාපු ඇබිත්තන් අතෙන් ඒකා මගෙ මූනට අත තිබ්බා....ඒ සතුට මගෙ ඇස් දිගේ හීන් සීරුවට පහලට වැක්කෙරුනා.....!
යසෝද...
ම්ම්ම්.....
අලකොල තියන එකෙ...හෙට උදේට ඉදිඅප්ප ටිකක් තම්බන්ඩද...නැත්තන් පොල් රොටි හදන්ඩද?මයෙ පුතා උඹලා මොනාටද මනාප කියාපන් බලන්ඩ.....
මෙච්චර වෙලාම බයිසිකලේ එක්ක ඔට්ටු උන මං අවසානෙදි මැටිපිල්කඩට ඇවිදින් අප්පච්චි ගාවන්ම ඉදගන්නකොට උකුල උඩ පන් වට්ටියක් තියාගන උන්න අම්මා තුන් දවසක් විතර අව්වෙ දාලා තවාගත්ත අලකොල අහුර එහා මෙහා කර කර අලකොල තියන එකේ හෙට උදේට ඉදිආප්ප තම්බන්නද අහනකොට මං එහෙම්ම අප්පච්චි දිහා බැලුවා....අප්පච්චි හිනා උනා...හරියටම මගෙ දිහා බලන්නෙ....උඹගෙ අම්මා උඹගෙන්නෙ අහන්නෙ කියන්න වගේ....
ඉදිඅප්ප කන්නත් හිතයි....රොටියක් කන්නත් හිතයි...
.මේන් බලාපල්ලකො.....මයෙ දූ....නිකිනි....මයෙ අම්මා මනාප මක්කටද.....
වචනයක් කතාකරගන්න බැරි උනත් මයෙ අම්මා අප්පච්චි ගෙ ඇගට හේත්තුවක් දාගන උන්න නිකිනි දිහාවත් බලලා මක්කද ඕන අහනකොට ඒකිත් කෙරුවෙ මං වගේම අප්පච්චි දිහාව බලපු එක වෙනකොට නිකමට වගෙ පාර දිහාව බලපු මං ඉනිවැට ගාව එහා මෙහා වෙන කාගෙ හරි හෙවනැල්ලක් දැක්කා...
මේ හැන්දෑ ජාමෙ කව්ද??
පියුම් හාමු....අර මොකද ඉනිවැට කන්ඩ හදන්නෙ...ඒකත් එකටම මෙකා අදත් සමනගෙ ගෑනිගෙ ලේ කෝපකරලද???කූඩ් වෙන්න කලින් මේකා ඒකිගෙන් පස්ස පාරෙ ගිහින් ගුටිකාලා මැරෙනවා ....මට නම් මෙ පනිවිඩි ඇදිල්ල තිත්ත වෙලා ...එක්කො ඒකි හාමුවට කැමති වෙන්න ඕන....
පියුම් හාමු.....මෙ හැන්දෑ ජාමෙ....
පියුම් හාමුගෙ හේයාව දැක්ක මං අඩියට දෙකට වැටකඩුල්ල ගාවට ආවා....
හාමු තැන ඉනිවැට පහුරු ගානවා....තනි අන්ඩෙන් හිටගන පාර පුරාවටම බලිකුරු අදිනවා.....
යසෝද මලයා....
අනෙ හාමු.....ආයමත් කා කොටා ගත්තද.....??
.
ඒකිනෙ රැස් විහිදන්නෙ....වචනයක් දුන්නා නම් ඉවරනෙ..... මගෙ වැඩේ ගේ ඉස්සරහින් එහා මෙහා යන එක....
අම්මා නම් කැමතියිද මන්දා ..මේකිනෙ ගස්සන්නෙ...නම ප්‍රේමා උනාට ප්‍රේමයක් නම් ඇත්තෙම නෑ යසෝද....නපුරි තේ එකක් දුන්නා...සීනි ඇටයක් දාලා නෑ.....
මං හිතුවා හරි....හාමුවා ආයම ප්‍රේමට ආඩපාලි කිය කිය මට දුක කියනකොට මට එක තත්පරේකට මාත් සුදු මහත්තයා මැදත් හිරවෙන පියුම් හාමුගෙ දුක තේරුනා....මේ ගෙවුන මාසෙට අර හාමුවත් මා එක්ක දෙවංගියකට තරහා වෙලා ගස්ස ගස් උන්නා.....
මං ඒකිට කියන්නම් පියුම් හාමු.....ඒකිගෙ අකමැත්තක් නෑ....ඒත්....හාමු අපි ගම්වල උන්.....ආදරෙයි කිව්ව පමාවට හිතේ ආදරයක් පැලපදියන් උනත් ආපිට ආදරෙයි කියලා කියන්න බැරි හේතු සාධාරන කාරනා තියනවා පියුම් හාමු....අනික පියුම් හාමුලා උඩරට වලව්කාරයො....
සො....??වලව්ව මගෙ ඉහ උඩද???ඔය කතා කියන්න ගිහින් නේද යසෝදත් අපේ අරකගෙන් කන් ගොඩ වෙන්න කුනුකතා අහගන තිබුනෙ??ඇයි වලව්කාරයන්ට ගමෙ මල් තහනම්ද.....
එහෙම නෙවෙ හාමු....හාමුට වගේ නෙවෙ...ඒකිට හිතන්න කාරනා තියනවා....නැතුව අකමැති කමක් නෙවෙ හාමු...
ඇගෙ සිනහව තහනම්.....ගෙදරින් මට තහනම්...සැලවෙයි ගෙදරට ඇය හමුවුන දින...ඔය වගෙ මගුලක් වෙයි කියලද දැන් එයා ඔය බය.....??ඇයි ඒ අම්මන්ඩි දන්නෙ නැද්ද සිංහල රජකාලෙ උන් පවා ආදරෙ නාමෙන් රජකම අතෑරියා කියලා....?සාලිය කුමාරයට පුලුවන් උනා නම් චන්ඩාල කුකෙ අසෝකමාලට වහ වැටෙන්න.....මට බැරි මොකද.....
මං බලාගන පියුම් හාමු වැටට ඉන්දලා තියන වැටමාර පොල්ල දමාගන හොලවනවා.....දාහක් ජාති කියනවා...
මං ආයම කියලා බලන්නම් හාමු.....
යසෝද ඔය නපුරු කෙල්ලට කියන්න මේපාර බෑ කිව්වොත් මං මාරුවක් හදාගන යනවා කියලා වෙන කොහාට හරි.....
පියුම් හාමු යනවද....??
පිස්සුද???මරු කෙලියනෙ...මං යන්නෙ නෑ....
එහෙනම් කිව්වෙ...
...................එතකොට වත් ඔය නපුරු අම්මන්ඩි මට හා කියයිනෙ ....මං යන්නෙ නෑ...හැබැයි ප්‍රේමා හා කිව්වොත් මං රෙදිටිකත් අරන් ගිහින් එහෙ බින්න බහිනවා...අරගෑනිගෙ උලුහාල් නාඩගම දවසින් දවස වැඩිවෙනවා...මට දැන් පිප්පෙට වගෙ යසෝද...
.මං හිනා උනා.....පියුම් හාමුගෙ බොරු මායම් දිහා බලාගන උන්න මට මටත් නොදැනිම ලාවට හිනාවක් යනකොට පියුම් හාමු මගෙ දිහාව බලාගන උන්නා...
.යසෝද හිනාවෙනකොට හරි ලස්සනයි....අහිංසක ඇස් වලිනුත් හිනාව උතුරනවා....අපෙ හාදයා බයිරවයා වගේ වහවැටීගන ඉන්නෙ ඔය හිනාවටමයි යසෝද.....
......
මං ආවෙ තව පනිවිඩයක් අරන් යසෝද...ඕන් කලාත්ම පාන්දර තියන බස් එකේ එනවා කිව්වා.....යසෝද්ට උදෙම්ම එක්ක යන්න එන්න වෙයි....!!!
*
*
*
*
*.
*

එහෙනම් තව බඩකට ඇති වෙන්න ඉදි ආප්ප තම්බන්න වෙයිනේහ්හ්හ්❤️👉👈🌸🌸🌸
අලකොල මාලුවයි ඉදිආප්පයි කාපම් හාමුවෝ!!
.
ආයම එනකන් පයිස්සමින් ඉන්ඩ ඕන හරිතේහ්හ්හ්....ආදරෙයි මයෙ රත්තරන්ලාට ❤️❤️❤️❤️
දීසක්කා!!!
THANK YOU