ලමයො...ඔතන හිටන් ඔන්නෙ කකුල් වල මුල් අදින්ඩද...අප්පුච්චෙ මේ කලුවගෙ අන්ඩ දැන් පට්ටටෙම සනීප වෙලානෙ ...මූව උන්නට වඩා කැහැට්ට ගැහිලාද මන්දා.....මූයි අපෙ පියුමගෙ කෑල්ලයි දෙකම එකයි..... කැහැටු ටයිප්....මුගෙ අක්කද කොහෙද අරකි....
.....මේකා කන ඒවා ඇගට අල්ලන්ඩ කලියෙන් නහින්ඩ හදනවා මහත්තයා...ඒකයි ඔය...බත් ඇටයක් වැටුනම බලන්ඩ ඕනා මේකගෙ කටෙ හයිරම....අනෙ මයෙ කොල්ලා ඕකා...පව් පඩි නැතුව වැඩ කරන එකම එකා ...
අර අතන ඉන්න එකත් පඩි නැතුවනෙ අප්පුච්චෙ වැඩ කරන්නෙ ....ඔක්කොටම හීහී ගගා කර බබා ඉන්නවා..... මොකෙක් හරි මොකක් වත් කිව්වොත් විරිත්තන් ඉන්නවා.....දීලා අතෑරුකො නේ මං අහන්නෙ....අප්පුච්චෙ මං කියන්ඩමයි උන්නෙ අර කඩේ ඉන්න එකී ....ඒකි මොකීද.....අර අතන කඩෙ ඉන්නෙ....ශිහ් මට පරට්ට්ගෙ නම මතක නැතුව ගියානෙ...
කඩෙ...එකි...කව්දැයි අපෙ මහත්තයො...
අර අක්කර පහ දෙකෙන් වැඩි කරලා වගේ ඉන්නෙ...ඇයි අම්මෙ ඔයාවත් දන්නෙ නැද්ද....කාබයිට් කෙලපු කෙහෙකන් වගයක් එල්ලන් ඉන්නෙ....මට ඒකිගෙ නම අමතකයිනෙ ....ඕහ් ගෝඩ්....
ආකාස...…!
වැටකඩුල්ල ගාව උන්න මං මැටි ගෙදර පිල්කඩට ඇහෙනකම්ම බෙරිහන් දුන්නා...
මලකදෙ විත්තිය ගැන කියලා ගියපු මනෝරත්න මුදලාලියගෙ නයින්ටිය පාරෙ කෙරවලටම ගිහින් පුංචිම තිතක් වෙලා අතුරුදහන් වෙනහැටි බලාගන උන්නත් මයෙ හිත මේ වෙලාව වෙනකොටත් තිවුනෙ ආන්ඩුවෙ මහ ඉස්පිරිතාලෙ මෝචරියෙ අස්සෙ යකඩ ඇදක් උඩ බාවලා සුදු රෙද්දකින් වහලා දාලා තියන තරුන කෙල්ල ගාව වෙනකොට මගෙ කල්පනාව මැදම මට යන්තමට යන්තමට අර කට්ටඩියා මතුරන හැටි ඇහුනා වගේම මං කෙල්ල ගැන හිතිල්ල නවත්තලා එහෙම්ම ගෙයි දිහාව බැලුවා ...
ඒකා නම් කට්ටඩියෙක්මයි.....මයෙ සුදු මහත්තයා ප්‍රේමනීයම සියපත ගෑවට මක්කද මේකගෙ වැඩේම හතර විලක්කු අවුලාපු ගොටුවක් ගාව ඉදන් දුම්මල වරම අතට ගත්ත එකාට හපන් වෙනකොට ගෙට ඇවිදින් හුස්මක් කටක් ගන්ඩ කලියෙන් ඒකා අර කඩේ අම්මන්ඩි ගැන කේලම ඒකව වටකරන් ඉහෙ ඉදන් පාදාන්තෙ වෙනකම්ම බල බල අනෙ හිතෙ කිලිට්ටක් නැතුවම කට පුරාවටම අපෙ මහත්තයා ගගා හිම දෙයින් ආගන්තුක සත්කාරෙට සැරසෙන මයෙ දුප්පත් අප්පුච්චගෙයි අම්මගෙයි කනට කේලම කනෙ තියන්ඩ යනවත් එක්කම ඇදන් උන්න සරමත් කැහැපට කවාගත්ත මං ඇදන් උන්න කමිසෙ ඉතිරි බොත්තම් දෙක තුනත් ගලව ගලවම මැටි පැල දිහාවට එනවත් එක්කම හාමුවා අනිත් පාර මයෙ අම්මගෙ පිටිපස්සට දූවල ගිහින් ඩින්ගක් විතර දනහිස් වලින් නැවීගන මුවා වෙලා උන්දැගෙ උරහිස් ගැට්ටට උඩහින් ඇස් දදා මයෙ දිහා බැලුවා...
පේනවද...මේකා තනිකරම හේනට පනින ඒකදන්තයා වගේ....ඒකත් මෙහෙම්මයි....අතටම අහුවෙන හැම වෙලාවකම ඒකත් කරන්නෙ හයිරන් කම පාන ගමන් තුත්තිරි ගහකට හරි මුවා වෙලා අර සද්දන්ත ඇගපත හන්ගන්ඩ හදන එක...
මේකත් ඒකගෙම සෑම්පලෙ.....!!
පේනවද අම්මෙ....මේ මන්දාරමාගෙ වැඩේම මට උරුම්පූට්ටු වෙන එක...මගින් මගට එනකනුත් මට බැන්න එකමයි කෙරුවෙ.....
මයෙ.....අම්...මේ...ම කෙබ්බයක්.....ඇයි හාමු උඹලා ඔයාකාර කෙබ්බ තලන්නෙ....
තවම හරියට තලාගන්ඩ දෙයක් නැති හන්දා....තලන්ඩ දෙයක් අහු උන දාට මං කෙබ්බ තැලිල්ල අතෑරලා ඒක තලනවා....අර කිතුල තලන්න වගෙ...
ඔ..ඕන් කිව්වා...ශිහ් ..ඔය මොනවදැයි හාමු උඹලා කියන්නෙ...ලැජ්ජහෙ බෑ.....(කට ඇරියොත් දසවලත්ත වනචර කතාවක්...අනෙ හාන්දුරුවනෙ මං කිව්වනෙ...මාව අහු උනේම කිල්ලකටයි කියලා...මේක් නම් ඔප්පු කරන්ඩ බැරිව ගියපු බාරයක්මයි.....)
මාව රතු උනා...කොටින්ම මාව ඇබිල්ල ගෙඩියක් තරමට මාව රතෙ රත ගැහුවා.....අරකා මයෙ අම්මට මුවා වෙලා හද්ද කුනුහබ්බ කතා තලනකොට ලැජ්ජාවටම මයෙ පන කකුල් දෙකෙන් යන්න ආවා.....
ආන් රතු උනා...ආන් රතු උනා...අම්මෙ ආන් මන්දාරමාගෙ කන රතු උනා.....ඔහොම වෙන්නෙ මූට ලැජ්ජ හිතුනම.....මේක හෙන කෙලියනේ අම්මෙ....රතු වෙවි හිටපන් ..උඹ රතු වෙවී හිටපන් අර අම්මන්ඩි ඔළුවට නැගලා අත හෝදනකම්ම රතුවෙ.....එ...ඒ...අම්මෙ පොඩි බෙනාට අලියා වැහුනා....රවනවා....රවනවා.....who cares ...හූ කෙයාස්ස්ස්........නේ අප්පච්චි....හූ කෙයාර්ස්...උඹ රවපන් පොඩි ඇටයා....
ආකාස ඇති ඔය නැටිල්ල!!!
මං ගිගිරුවා.....අම්මට මුවාවෙලා ඉදන් කියන්ඩ ඕන කතා කනෙ තියන්ඩ ඕන කේලම් ඔක්ලොම කනෙ තියලා අනිත් පාර මගෙ මූනෙ වෙනස් වෙන ඉරියව් එක්ක ගස් මාරු කොට්‍ටෝරු කරනවා වගෙ මයෙ අම්මගෙන් අප්පුච්චා දිහාවටත් ආයම අප්පුච්චගෙන් අම්ම දිහාවටත් පැනපු හාමු තැනට මං ගිගිරුවා විතරයි දළකාර හස්තිරාජයන්ට මතුරලා වැලි අහුරක් ගැහුවම මෙල්ල වෙනවා වගේ මගෙ හාමුවත් අම්මා අප්පච්චි දෙගොල්ලන්ට මැදිවෙලා හිටගත්තා....
හිටගත්තට මොකො මේකා මං බලාගන මයෙ අම්මගෙ ඇදිවතෙන් අදිනවා...කොටින්ම ඒකා රැල්ල හිටින්ඩ තියාපු ඇදිකඩ නෙරිය කූරු ගානවා....
මේකා මේ ගෑනිගෙ රෙද්දත් කඩන්ඩ හදනව!!
මක්කදයි මයෙ පුතා මේ හාමු මහත්තයා කියන්නෙ.....කඩෙ එකීලා මක්කවත් කිව්වදයි යසෝද?ඒකි ආයම අන්කරේට ආවද??
මේ....හාමු මහත්තයගෙ හිතලු කතා මයෙ අප්පුච්චා....ඒකි මොනා කියන්ඩද...අපරාදෙ පාන්දර නැගිටන් ඔය තමබන එව්වා තැම්බුවෙ...ඒකිට කඹුරන්ඩ කියලා ඕන් අලියා බීම ගිලලා ඉන්නෙ...
ම්....මෝ අනෙ....කේලමා...කේලන් කියන තරම්....තිබහවක් ආව හන්දනෙ මං ගිහින් ඒකිගෙන් ඔරේන්ජ් ක්‍රශ් එකක් ඉල්ලුවෙ....ඒකි ඒ වෙනුවට මට බාර්ලි ගිල්ලන්ඩ හැදුවා....ක්‍රීම් සෝඩා ඉල්ලුවම ඊජීබි පොවන්ඩ හැදුවා.....ඒකෙන් වැඩක්නෑ...අප්පුච්චෙ ඔයා මොකක්ද අර කිව්වෙ ඒකි ආයම අන්කරේට ආව කතාව....ඒක ඉල්ලීගල් කොටසක්ද.....නැත්තන් ඔයාගෙ කටින් ඒ හරිය පැන්නද ...ඔතනදි ඔයා කිව්ව ආයම කියන වචනෙ ලා කොල පාටින් හයිලයිට් කරල ගත්තම මට පේන්නෙ ඒකි මේ මන්දාරම්ට හැමදාම බනිනවා වගෙ නේ.....????නේ අප්පුච්චෙ...ඕකි මෙයාට හැමදාම ගේම කෝල් කරනවද.....???එහෙම කේස් එකක් තියනවා නම් කියන්ඩ හරිද....මට ඕන තරම් කන්ටෑක්ස් තියනවා වටෙම්ම ගෙන්නලා ගේම දෙන්න පුලුවන්....මෙයාගෙ කටනෑනෙ....කටෙ පිට්‍ටු....
ඒකිව්වෙ අපෙ මහත්තයා....වටෙම්ම ගෙන්නල කිව්වෙ....මට ඔව්වයි තේරුමක් නෑ...
ඒ කියන්නෙ මේකයි බෙනේ මහත්තයා....වටෙම්ම ගෙන්නනවා කියන්නෙ....
මට දැන් ඔක්කොටම වඩා අප්පුච්චත් එක්කත් කේන්තියි....අරකා මයෙ අප්පුච්චගෙ කරට අතත් දාගන දාමරික කතා කියනවා....අනෙ මයෙ අප්පුච්චා අර නොදන්න ඉන්ගිරීසී කෑලි අහන් ඇසුත් ලොකු කරන් නොදන්න කතාව අහන්ඩ හදනකොට මට මයෙ අප්පුච්චා එක්කත් තරහා ගියා.....
ඒත් අනෙ මන් කොහොමයි ඒ උත්තමයා එක්ක තරහා ගන්නෙ.....මයෙ අප්පුච්චා දන්නවද මේකා ගෙ මේ මලක් වගේ සිරියාවන්තව හිනා උනාට මේකා ඔක්කොටම වඩා අන්ඩයෙක් කියලා.....මොන නැතත් ගැලපෙන රස්සාව...ඒකත් එකටම මේකට රේඩියො එකක් වැහෙනවා...නිකන් නෙවෙ දෙයි හාන්දුරුවනෙ කැඩිච්ච එකක්...ඊටත් වලව් හාමුදුරුවෙක් මේ ආකාර නැහැදුන කතා කියනවද...කට ඇරියොත් නැහැදුන කතාවක්මනෙ ...
ඒත් කියලා මං කොහොමදැයි මයෙ පන ඩින්ගට ආදරෙ නොකර ඉන්නෙ....උනහපුලු අම්මටත් ඒකගෙ පැංචා මැකක්‍ය කියනවනෙ...ආන් ඒ වගේමයි මේකා කන්කරච්චලෙ උනත් මට මැනිකක්නෙ.....
මයෙ අම්මා.....ඔය මඩක්කුවට ඉදි ආප්පයක් බෙදා දියන්කො.....ඔය කන ඈයො කන එකයි මට රන්ඩු සරුවල් අගිස්ස අගිස්ස ඉන්ඩ වෙලා නෑ.....අප්පුච්චා...ආන් දෙනියෙ කෙල්ලෙක් මැරිලයිලු.....මට යන්ඩ වෙනවා කෙල්ල ගන්ඩ...උඹලා එනවද නැත්තන් වෙන රාජකාරියක් තියනවද?උඹලා පෙට්ටි මදින්ඩ යන කතවක් කිව්වා..මේකට මං අත ගහන්ඩද....නැත්තන් උඹලා එනවද....?
බලපල්ලකො ගැස්සිල්ල....ඇටෙන් පොත්තෙන් ගිහින් නෑ....නේ අප්පුච්චෙ....කන ඈයො කන එකයි කියන්නෙ ඔතන ඔය ඈයා කියලා කිව්වෙ මට .....මට ඈයලු...එහෙන් අපෙ පියුමට අරකි කවුඩු පනික්කියා කියලා.....කැහැට්ටිත් එකයි...මේ කැහැට්ටත් එකයි...මටත් මඩක්කුවකට ඉදි ආප්පයක් දෙන්ඩකො.....රොටිත් තියනවා කිව්වනෙ...ඇයි ඔයා රොටිය මෙන්ශන් නොකෙරුවෙ?මන්දාරමාගෙ අම්මෙ...මට හීනි රොටියකුත් දෙන්ඩකො....ගහලා මරන්ඩ පුලුවන් මහත ඒව එපා....
අපෙ ඇනෙක්ස් එක ගාව රොටි කඩයක් තියනවා....මරු ඒවා...ඉගුරු දාපු ප්ලේන්ටියක් එක්ක අර පොඩි රොටි දහයක් විතර ඇදලා අරින්ඩ පුලුවන් ..පට්ට ටේස්ට් ලුනුමිරිස....උන් නන් ඒකට අජිනමොටො හලනවද කොහෙද....මොන මොටෝ එක හලලා හරි රහට හදනවනෙ.....
මට නිකන් ඉහෙ ඇම්ම වගේ....එනකන් ඇගිලි ගැන්නට මොකද හාමුවගෙ නියම ස්වරූපෙ එලියට එන්නෙ දැන්ද කොහෙද....කෙටියෙන් කියලා අහවර කරන්ඩ පුලුවන් වචන දෙක තුන හාමුවා මාගලක් වගෙ ඇදගන යනවා මදිවට ඒ ඉන්න ගමන් ළඟ තියන ගලකට හරි පයින් අනිනවා....
තවත් මෙආකාර නාඩගම් බලන්ඩ බැරිව මං එන්ඩ ආවා...මගෙ වක්කඩ හාමුවා එහෙන් මට නැති පදත් හදනවා....මං ගස්සන් යනවලු...කොහෙද දෙයියො මං ගස්සන් ගියෙ.....ඇරත් මට ගස්සන්ඩ මක්ක තියනවා කියලද.....
අනුන්ගෙ තට්ටම් වලට අක්කර හිලව් කෙරුවට මේකටත් අක්කරයක් තරම් එකක් නැතුවද මං අහන්නෙ....මොකො මයෙ ඇස් කනවෙලාද...?
මයෙ පුතා අතපය හෝදගන ආවා නම්.......
ම්ම්ම්ම්ම්ම්ම්....ම්ම්ම්
මක්කද උඹලා....බඩගිනීද...ආන් ඉදිආප්ප තියනවා...අලකොලත් එක්ක රොටිත් තියනවා...මනාප මක්කටද මයෙ කෙලී....ම්ම්...
මයෙ අම්මා මට අතපය හෝදාන එන්ඩ කියනවා....මැටිපිල්කඩින් වැටිලා ඉදගත්ත පමාවයි හිත ඇතුලෙ දාහක් වචන ඉපදුනත් මොක්ද කටින් එලිදාගන්ඩ පින් මද එකීලා මයෙ අත් ගොබේ ඇතිල්ලී ඇතිල්ලි ඒකිලාට දන්න එකම වචනෙ උන ම්ම්ම්ම්ම්ම් ම්ම්ම් ගෑවිල්ලත් එක්ක හුරුතල් වෙන්ඩ ගද්දි මං ඒකිලාගෙ මූනූපොඩිය මයෙ පිටාල්ලෙන් හීන් සීරුවෙ අතගෑවා...
මේකිලා මට මයෙ දරුවා වගේ....
ඒකිලාගෙ වැඩේම ම්ම්ම්...ගාන එක...අනෙ හාන්දුරුවනෙ මයෙ කන් වලට ඇහෙන්නෙ ම්ම්ම් ගාන අකුරු අහුර උනාට ඔය තනි අකුරු අහුර අස්සෙ ඒකිට වචන කරගන්ඩ බැරි හැගීම් නම් කී කප්පරක් නම් ඇතුවද.....
ඒකිලාගෙ තුන් හිතම වචනවලින් ගැබ්බර වෙලා..නවමහක් පැන්නත් අද වෙනකන් ඒකිලාට බැරි උනා ඔය වචන කටින් එලි දාගන්ඩ....මයෙ අම්මා වින්නඹු අම්මෙක් උනාට ඒකිලාට බැරි උනා අද වෙනකන් ඔය වචන වලට වින්නඹුකම් කරන්ඩ....මයෙ හිතෙ ඒකිලාගෙ අත්වලට වැදුම් කතුර අල්ලගන මේ වචන වලට ඉපදෙන්ඩ වරම් දෙන්ඩ හයිය නැතුව ඇති...
මං ඒකිලාගෙ මූන දිහාව බලාන උන්නා...ඒකිලා නම් තනිකරම නිකිනි හදක් මයි...ලමිස්සි උන හන්දදො මන්දා අර ලපටි මූනෙ කුරුලෑවක් පූදින්ඩ අර අදින ලකුනු එලිදානකොට කළුම කලු ගැහුන ඝන ඇහිබැම උඩ මං මයෙ ඇගිලි තුඩු ගෙනිච්චා.....මෙකිලාගෙ සන්දියෙ එවුන් මේවට විච්චූරන කරනවලු...මං අහල තියනවා.....ගම්තුලානෙ ඇහිබැම උගුල්ලපු උන් නැති උනත් ටවුමට යනකොට ගෑනුන්ව ලස්සන කරන කඩකාමර අස්සෙන් එලිබහින එවුන්ගෙ ඇහිබැම් වැටි තනිකරම දෑකැති කරලා එවුන්ව ලස්සන කරලා එලිබස්සන හැටි මං දෑහෙන්ම දැකලා තියනවා.....
අනෙ මටත් උඹලව ලස්සනට අන්දවලා හැඩ බලන්ඩ තිවුන නම් රත්තරනෙ...අක්බඹරු ගැහුන දිග කොන්ඩෙ කරල් දෙකට ගොතලා නලල් තලාව දෙපැත්තෙන් කියඹුලතාවක් දාලා උඹලගෙ හැඩ බලන්ඩ ඇත්නම්.....
මගෙන් හුස්මක් පිට උනා.....
ඒකිලා ගැන දාහක් ජාති හීන තිවුන මට ඒකිලාගෙ තට්ටම් වලින්ම මැට්ට පිරියම් කරාපු මැටි පිලෙ වල ගැහුන තැන්....මට්ටන් උන තැන් වගේම බඩගාලම හීන් උන පන කියන නාමයක් නැති කකුල් දෙකත් මැදිලා මැදිලම ගඩු ගැහිලා තිවුන අත් වල වැලමිටත් දැක්ක මට පුදුමාකාර බර හුස්මක් පිට උනා.....මං එහෙම්ම ද්‍රෝණයක් ධාතූන් උහුලන රත්නමාලි ඉසව්වත් නොබලම ගව් ගනන් දුර සමන්දෙයි අඩවිය දිහා බැලුවා....
අනේ සමන්දෙයි හාන්දුරුවනෙ.......ඒකිලාව අබ්බගාත කෙරුවා මදිවට මක්කටදැයි මවාපු එකා කකුල් කෙටි මැදට ගැනු ඇගක්ම මැව්වෙ කියාපල්ල.....උපන්ගෙයි රෝසමලක් පෙන්නලා ඇස්පනපිට පරකරාපුවාම මේ පපු කැහුතු කොහොම දරාගන්ඩ ද කියාපල්ල...
මං ඒකිලාගෙ අයියා උනාට....වෙලාවකට මං ඒකිලාගෙ අප්පුච්චා....හදක් වගෙ මූනක් දීලා හදේ ආවාට මැව්වෙ මොන අසාදාරනේටද අහලා දැනගන්ඩ එකෙක් මේ තුන් ලෝකෙවත් උන්නා නම් මට මේකිලාගෙ කාරනාවටත් උත්තර අහගන්ඩ තිවුනා හාන්දුරුවනෙ...
කුලගෙට යන දාකට මේකිලාව ලස්සනට පිටමන් කරන්ඩ වදාපු එවුන්ටත් උපන්ගෙයිම හීන තිවුනට දැන් උන්ගෙ තුන් හිත ඇතුලෙ හැමදාම මලගෙවල් හාන්දුරුවනෙ...උනුත් මාත් මහපොලවට පස් උන දාකට මෙකිට මක්කද වෙන කාරනා නොදැන හූල්ලන එවුන්ගෙ පපු කැහුතු ඇතුලෙ හැමදාම මලගෙවල්.....අනිච්චාවත සංඛාරාව ලියඋන බැනර් එල්ලපු නැති මලගෙවල්.....
මන්දාරම්......,මගෙ ළමයා හූල්ලගන....ඇයි මේ.....
මගෙ වම් උරහෙම පෙති කුරිඥ්ඥන් උන කැලෑමලකින් බරවෙලා තියනකොට පාළුවට ගිහින් තිවුන උරහෙට ආකාසෙක බරදරන්න සිද්ධ උනා....ආකාසෙකුත් කැලෑමලකත් බර දරාන උන්න මං ඇස් මානෙවත් නැති සමනොල ඉසව්ව බලාන හූල්ලලා හූල්ලා අවසානෙදි එහෙම්ම මං නිකිනිගෙ ඉහ අතගාලා එහෙම්ම මගෙ ආත්මෙම සින්නකරගත්ත දේහධාරි පිරිමියා දිහාව බැලුවා....
උපන්ගෙයි දන්න දා ඉදන් මං කවමදාවත් රම්‍ය සුරම්‍ය මාලිගා මක්කවත් හිතකින් වත් ප්‍රාර්තනා කරල නෑ මයෙ ආකාස,මල් මර මරා වඩමට අමුනන හන්දම පහු පහු වෙනකොට ගහෙ තියෙද්දිම බුදුන්ට මල පූජා කරන මම ඉල්ලුවෙම මහපරිමානික සැපක් නැති උනාට කාරි නෑ හාන්දුරුවනෙ...විදින දුකෙන් අල්පමාත්‍රයක් අඩු කරලා විදින්ඩ පින් දෙන්ඩ කියලා.....
..............මගෙ මන්දාරම් දුකෙන්...,
ම්න්.....මටත් දුක දැනෙන තැන් තියනවා හාමු...ජීවිත ගනුදෙනුව තියෙන්නෙම ෆෝමලින් සැර එක්ක උනාට මයෙ පපුව තවම ලබ් ඩබ් ගානවා.....
මන්දාරම්...,
තවත් තත්පර දෙකතුනක් ඒ ඇස් දිහාව බලාන උන්න මන් අනිත්පාර යන්තමට වගෙ හිනා උනා... යන්තමට වගේ හිනා උන මං නිකිනිවත් එයාවත් ඒ පිල්කඩ උඩ ඉන්නැද්දිම නැගිට්ටා...
නාහම ඉල්ලන දුක් වේදනා දන්සැල් දාලා වගෙ ඉරනම් කතාව ලියාපු එකත් දෙනව මදිවටද ආකාස හාමු තව බඩ ගින්දරත් උහුලන්නෙ...?යමු කාලාහිටිමු.....
අච්චර දුරක ඉදන් ඇවිදින් සීනි එක්ක වතුර කලවම් කරලා දෙන දහජරාවට සල්ලි යට කරලා උගුර තෙමා ගන්ඩ එපා ආකාස....ගමෙ ගොඩෙ අකුරක් නොදන්න එකා උනත්.....මයෙ ඇස් අමු අමුවට සර්වාංගෙක අනියතෙ දකිනවා.....මන් උඹට ආදරෙයි,පුදුම විදිහට ආදරෙයි....ඒ කියලා මගෙ හිත රහත් වෙලා නෑ උඹට ලෙඩක් දුකක් හැදුනම අර දකින අනියතෙ ඉහමුදුනින් පිලිගන්ඩ...
මයෙ හිත ඔය තරම්ම ආසාවන් දමනෙ කරලා නන් මං අර කිරි සප්පයව උස්සන් මහ රෑ පයින්ම ඉස්පිරිතාලෙට දුවන්නෙ නෑ මගෙ හාමු.....පුලුවන් නම් විහින් ලෙඩ දුක් හදාගන්නෙ නැතුව ඉන්ඩ හාමු....මං මේක කියන්නෙ හාමු මගෙ හින්දා...හාමු මගෙ පන හන්දා...හිත හයියයි කියල පලි ගගහා කිව්වත් මන් ආදරෙ කරන එවුන්ට කැහි හෙම්බිරිස්සාවක් ආවත් මං බයයි හාමු,යමු....ගිහින් කමු...හාමුටත් බඩගිනි....
මෙච්චර දේවල් කියපු මං මට උරුම අර අහිංසක හිනාවෙම්ම අතපය හෝදගන්න කියලා හැරෙනවා එක්කම එයා මගෙ අත අල්ලගත්තා....හරියටම වැලමිට හරියෙම්ම....වැලමිට හරියෙන් අල්ලගත්තා විතරක් නම් කමක් නෑ...නිකිනි බලාගන ඉන්නකොටම මයෙ අප්පුච්චා කලුවව හුරතල් කරනවා දැක දැකම...කුසියට ගියපු අම්මා ආපිට එලියට මතුවෙයිද කියලා නොහිතම එයා මගෙ අතේ එල්ලීගන මා එක්කම කුසියෙන් පිළිකන්න දිහාට ආව....
පිළිකන්න දිහාටම දැන් එයයිමායි විතරයි.....කලගෙඩි පොලෙ වහපු මැටි කලගෙඩි එක පෙලට තියනකොට මීට ටික දොහකට කලියෙන් පැල්මක් ගිහින් සිදුරක් හැදුන කලගෙඩියෙ සිදුර වහන්ඩ
ඔබාපු සිමෙන්ති ගුලිය දැන් කලෙටම බදලා තිබුනා.....
වතුර මොන තරම් කිවුල උනත් මක්කද රැයක් පුරාවට හද එලිය යට සිහිල් වෙන වතුර උගුරු අස්සෙ මම නොදන්න මහ අමුතු රහක් හැන්ගිලා තිවුනා...
මන්දාරම්....,
........
මං නවත්තන්නම්.....,තිබහවට කටේ හලාගන්නවා ඇරුනම මං මෙච්චරකල් ආනිසංස ගැන හිතුවෙ නෑ.....සමාවෙන්න....මට ඕන උඹත් එක්ක සදාකාලික ප්‍රේම පරිච්චේදයක් ලියන්න...උඹ මට ආදරෙයි කියනවා....උඹ මට පුදුම තරම් ආදරෙයි කියනවා....නිකන් එක පාරක් වත් ඇහුවද හාමු උඹ මට මොන තරම් ආදරේද කියලා...ඇයි මගෙන් නාහන්නෙ....එකපාරක් අහනවද....??
මන් එයා දිහා බැලුවා.....අනෙ දෙයි හාන්දුරුවනෙ ඒ ඇස් අස්සෙ ආදරෙ උතුරනවා...ආකාසයක් තරම් නිල්පාට ගත්ත ඒ ඇස් අස්සෙ ආදර්‍ර් උතුරනවා දැක දැක මං කොහොමද අහන්නෙ උඹ මට මොන තරම් ආදරේද අහන්නෙ....
අහපන් මන්දාරම්.....මගෙ දිහා ඔය විදිහට බලන් නොයිද අහපන්.....උඹට විතරද ආදරෙ මිනුම් කියන්න පුලුවන්.....මට බැරිද .....මට කියන්න බැරිද....මගෙන් අහපන් මන්දාරම්....මගෙ පපුව කකියනවා ..පුපුරන්ඩ එනවා...රත්තරන් උඹ දන්නෙ නෑ මේ වලව් හාමු උඹ වෙනුවෙන් වහවැටිලා තියන තරම ....රෑ නින්ද කැපකරන් මං උඹ ගැන හීන දකිනවා මන්දාරම්.....කොටින්ම මට ඇහැපියවෙන එකතත්පරේටත් ඒ ඇතුලෙ උඹ මගෙ ඇස් අස්සෙ ඉන්නව...හිස් කොලයක් අතට අහුවෙන්න බෑ මටත් නොදැනිම මං මන්දාරම් ආකාස කියල ඒ හිස් කොලෙ හිස් තැන් වැහෙන්නම උඹගෙ මගෙ නම ලියනවා.....
මගෙන් අහපන් මන්දාරම්.....මගෙන් අහපන්....මං මේ වචන හිරකරගන මං පුදුම වෙදනාවක් විදින්නෙ....මට උඹගෙ ඇස් දිහාව බලන් ආදරේ තරම මෙච්චරයි කියන්න ඕන මන්දාරම්.....
මට කොයිතරම් ආදරෙයිද මයෙ අම්මෙ....?
මෙච්චර වෙලාම ඒ ඇස් දිහාව බලාගන උන්න මං එයාගෙ තරු ඇසුත් ගස්සගන ඒ අත උදුරගන මං මයෙ ගැහෙන පපුවෙන් තියාගත්තා....මයෙ පපුව ගැහෙන ගැහිල්ලට ඒ ඇස් තවත් ගැස්සුනා...ඒ සිනිදු අත පුරවලම මගෙ පිරිමි පපුවෙ වම්තන උඩින් නවතිනකොට මං එයාගෙන් මට කොයි තරම් ආදරෙයිද කියන එක මං ඇහුවෙම ඒ පපුවටත් දරාගන්න බැරි තරම් ආදරේකින් වෙනකොට මං බලාගන ඒ ඇස්වලට කදුලු පටලක් බැදෙනවා මදිවට එයාටත් නොදැනිම මගෙ පපුව යන්තමට මිරිකුනා...
මන් උඹට ආදරේ කරන තරම මොන තරම්ද කියලා ලියන්න ගියෝතින් මට මේ විශ්වභාශාවත් මදි වෙනවා මගෙ මන්දාරම්....උඹගෙ හුස්ම සුවද පවා මන් මතක තියන් ඉන්නවා....කොටින්ම මට උඹගෙ පපුව ගැහෙන සද්දෙ පවා ඇහෙනවා...මන්දරම්....උඹ දන්නෙ නැ රත්තරන් උඹ වෙනුවෙන් මේ අත් වලින් කවිලියලා තරම්....මං උඹ හින්දා කවියෙක් වෙලා මන්දාරම්.....කොලොම්තොටට පායන හද දිහාව බලාගන මං උමතුවෙන් වගේ කැලෑ පුරහදක් ගැන කවි ලියනවා.....,
මන්දාරම්...මගෙ වස්තුව...උඹ දන්නවද මට ඕන උඹ වෙනුවෙන් විතරක් කවි ලියන්න....උඹ වෙනුවෙන් විතරක් කවියෙක් වෙන්න...අවසානෙදි කවි ලියලා ලියලා උඹ මත්තෙම නැහිලා යන්න....කවියා මැරුනට කාරි නෑ මයෙ අම්මෙ...කවිය මැරුන් නෑනෙ කියලා අවසානම කවියත් උඹ නමටම ගොතලා මහපොලවට පස් වෙන්න...
මට කියපන්....මං උඹගැන උමතුවෙන් වගේ හීන දකින එකට කල්පනින දවසක් තියනවද ....නෑ මන්දාරම් නෑ....මගෙ කිසිම හීනෙක ඉකුත් වීම් දිනයක් නෑ.....
බෙනරගම,
මගෙ පපුව ගැහෙනවා.....ආකාස හාමු වැහි වස්සන්නා හා සමානව ආදර වචන වැහි වස්සනකොට මං ඒ ඇස් දිහාව බලාන උන්නෙම ඇහිපිල්ලමක් වත් නොගහම වෙනකොට මගෙ පපුව පුපුරන්න එන තරමට මගෙ පපු කද ගැහෙන්න ගත්තා ....
බෙනරගම.....
මෙච්චර වෙලාම එක අතකින් මයෙ පපුව අල්ලන් උන්නඅගෙ හාමු තැන ඊලග තත්පරේදි ඒ සිනිදු අත් දෙකෙම්ම මයෙ මුන අල්ලගත්තා ...අල්ලගත්තා මදිවට මයෙ ඇස්වලට එබුනා....එකම හුස්මක් වත් නොගෙනම කියවන් කියවන් ගිහින් අවසානෙදි පුදුමාකාර නිවුන කටහඩකින් බෙනරගම කියනවත් එක්කම මාව ඉබේටම වගේ මැට්ට වරිච්චි කරාපු බිත්තියට හේත්තු වෙලා ගියා...
ඒ තරමට ඒ වචන වල බරගතියට මයෙ කබල් ගැහුන සර්වාංගෙට උහුලගන්න බැරි බරක් දැනුනා.....
බෙනරගම...පතොක් මල් පූදිනවා බලන්ඩ මනාප මං ඉඩෝරටෙ බයක් නෑ මගෙ බෙනරගම...ආදරෙයි....මං උඹලට පනට වඩා ආදරෙයි....අවසර දියන් රත්තරන් කලාත්ම සියපත් ආකාස බ්‍රහ්මනගේ වෙනුවට බෙනරගම කියන්න!
ආකස බෙනරගම......ඔයාකාරෙටම මේ දුප්පතාගෙ නමට මනාපද හාමු තැන....
ආදරෙයි....මනාපෙට වඩා මං ආදරෙයි ...."මන්දාරම් ආකාස බෙනරගම"
ම්න් ..උඹලා මයෙ අකාස වස්තුව!
*
*
*
අපෙ හාමු මහත්තයා අනෙ මක්කටද අප්පා මේ තරමට තෑගි බෝග උස්සන් ඇවිදින් තියෙන්නෙ....හපොච්චියෙ ..අනේ කාසි කීයක් නම් යටකරලද......අනෙ.....රත්තරන්තරෙ පිහිටයි ...හදාවඩාපු දෙමව්පියන්ටත් ජාති ජාතිත් පින්සිද්ද වෙනවා අපෙ හාමු.....
කට දනවා මන්දාරම්.....එක්කො මට රොටි කෑල්ලට සීනි ටිකක් දාලා දෙන්ඩකො...හොටුත් එනවා...මේ
මැටිපිලකඩෙන් එකයි තෑගි බෝග.....එන මග මයෙන් කන් ගොඩ වෙන්ඩ බැනුම් ඇහුව හාමු තැන තනිකරම වෙස්සන්තර වගෙ .....
බරට බරේ උස්සාන ආව බෑග් දෙක පුරවලා බාගෙට බාගයක් තිවුනමෙ බෙනරගම ගෙදරට තෑගි බෝග වෙනකොය අනෙ මං බලාන මයෙ අම්මගෙ අප්පුච්චගෙ ඇස් වල පාට වැටෙනවා.....දහ වන්ගියකට වඩා අලුත් පුසුඹ ගහන ඇදුම් කැඩුම් අත ගගා ඉඹින මයෙ අම්මා කෝටි වාරෙකට වඩා මගෙ ආකාස වස්තුවට පින් දෙනකොට මැටි බිත්තියට වාරු උන නිකිනි ඒකිලාට අරන් ඇවිදින් තිවුන මල් වැටුන ගවුම මිරිකාන මගෙ ලගට වේගන මැටි මඩක්කුව දෑතින් බදාන හොටු පෙර පෙර සීනි ඉල්ලන හාමු තැන දිහාව ඇස් පිල්ලන් නොගහාම බලාගන ඉදලා ගෙට බඩගෑවා.....
මට කියන්න වචන නෑ ..පින් දෙන්න දන්න කියන හැම වචනෙම එකතු කෙරුවත් මයෙ හිතට පිරුමකුත් නෑ...නෑයෙක් වත් හරියට නෑකම් නොකියන අපිවගේ එවුන්ගෙ පැල්කොටේට ආව ආකාස හාමු තනිකරම තුසිතයෙන් වැටුන දෙයියෙක් හා සමාන වෙනකොට මං මගෙ අතින් ඇනුන අන්තීම ඉදි ආප්පෙ කටට ඔබාගන්නෙ නැතුව වරූවක් විතර ලත උනා...
මයෙ හිත බරයි ..පුදුමාකාරෙට බරයි ...අන්තව සතුටු වෙන්න තිබුනත් මයෙ හිතට සතුටක් වෙනුවට දැනුනෙම බරක් වෙනකොට තෑගි බෝග දිහා බලාන ඒවයි වරුන කියන අම්මා අප්පච්චි දිහා බලාගන නාහෙන් පාතට වැක්කෙරුන හොටු දියරෙ පිට අල්ලෙන් පිහන්න හදන හාමු දිහා බලාගන උන්න මං වචනයක් නොකියම එයා දිහා බලන් ඉදලා මයෙ පැත්තට හරවගන මයෙ සරම් කොනින් නහය පිහදැම්මා.....
ඇයි ඔයා මං ගෙනාව ඒවා බලන් නැත්තෙ....අර අතන තියන ඒවා ඔක්කොම ඔයාටනෙ ලමයො...
.......
අනෙ එපා කියන්ඩ එපා මන්දාරම්....
මන් දන්නවා දැන් ඔය සයිලන්ට් මෝඩ් එකෙ ඉන්නෙ මට බනින්න කියල...එහෙම එපා...මං මේවා පුදුම ආසාවකින් තෝරපුවා...මන් උඹට නොදී කාට දෙන්නද කියපන්කො මන්දාරම්.....
.......ආ ගාන්න....
මං නෙවෙ එයාට සැර උනේ...අඩුම ගානෙ එයා කිව්ව වගේ සැර උනෙ....කරපු එකම දේ නම් අලකොල මාලුවත් ගලෙ අඹරාපු පොල් සම්බෝලෙත් එක්ක පදමට ඇනුන අර ඉදි ආප්පෙ එයාගෙ දිහාවට දික් කරලා ආ ගාන්න කියපු එක වෙනකොට මං බලාගන ඒ ඇස් වලට දුකක් මෝදු වෙනවා...
ඔයාට සතුටක් කියන නාමයක් වත් නැද්ද මන්දාරම්.....?
සතුටද ලොකු සැනසීමද ලොකු ආකාස හාමු.....?
........සැනසීම...
ම්න්....මට උඹ මයෙ ළඟ ඉන්න එකත් අනන්ත සැනසීමක් වෙනකොට මයෙ මූනට ඔය කියන සතුට එලි දාන්න අමතක වෙනවා සුදු මහත්තයා.....උඹලට ජාති ජාතිත් පින්...උපනුපන් ආත්ම හතකටත් පින්.....උඩ ඉන්න කෝටි තිස්තුනේම බැල්ම මයෙ අම්මට වැටෙන්ඩ ඕන...යන එන මග රැකෙන්ඩ ඕන....සංසාරෙ කොයිම සන්දියකදිවත් බඩගින්නක් නොදැනෙන්න සීවලි හාමුදුරුවන්ගෙ පිහිට උතුරන්ඩ ලැබෙන්ඩ ඕන....උඹලට ජාති ජාතිත් පින් මයෙ ආකාස හාමු.....දවසක මේ අමාවකටත් හදපායාපු දවසට පුරපසළොස්වකේට වඩා අමාවකේට පායන හදෙ වරුනෙ මං උඹලට මදී නොකියන්ඩ විදින්ඩ දෙන්නම් රත්තරන්...
උඹ පින් දෙනවා බොහොම වැඩී මන්දාරම්...අඩන්න ඕනා නම් අඩපන්කො....ඇයි ඔය හැටි ගල් වෙන්නෙ....?පිරිමියෙක් උනාය කියලා අඩන්න අකැප නෑ මගෙ ලමයො...ඕනාවට වඩා දෘඩ වෙන්න ගිහින් උඹ පැලිලා මැරෙයි.....විසි වයසට, වයසට වඩා කරන්ගැට්ටි උනාට උඹත් තවම නාඹරයෙක් මගෙ මන්දාරම්....
මං යන්තමට හිනා උනා...තවත් වතාවක් අර පිල්කඩ උඩ තිබුන සාගරයක් තරම් තෑගි කන්දරාව දිහාව බලපු මං පුසුඹ ගහන සාප්පු රෙදි කාන්දරාවට යටවෙලා තිවුන "කැලනි වතුර" කියලා ලේබලයක් අලවපු බෝතල් කරපු හිස් වතුර බෝතලෙ අරගන අඩියටම ශේශ උන වතුර උගුරටත් අඩු බින්දු දෙකතුන දිහාව බලාගන ඉදලා මූඩිය ඇරලා අර වතුර බින්දු දෙක තුනම මයෙ උගුරට හලාගත්තා...මං අහගන ආකාසෙකට හීල්ලෙනවා....
අමුර්තය කියන්නෙ මෙව්වටත් වෙන්ඩ පුලුවන් සුදු මහත්තයා.....!
*
*
*
මයෙ පුතා.....ඔය කිව්වට මිනිය තව හෝරාවකට වත් නිදහස් කරන් නෑ...උඹලා ඔය කාපුවා දිරවන්ඩත් කලියෙන් ඉස්පිරිතාලෙ දුවන්ඩද...?
අරකා නහින්ඩ හදයි අප්පුච්චෙ...අපිට කලියෙන් රත්න සිරිපුරෙන් ඇවිදින් හොට දායි කියලා.....
මඩේ පිපුනට මොකද දසන්තෙම සුවද දෙන්ඩත් බුදුන් පාමුල මල් ආසනේක අරක් ගන්ඩත් සියපතකට ජාති ජාතිත් පින් තිවුනා..බුදුන්ට කැපවුන සියපත් විල්තලාව වහන් ආකාසයක් දිහාව බලා ඉන්න යාමෙක මන්දාරමකට කැප උන සියපත මයෙ මැටි පැලෙ පිල්කඩට වෙලා කලුවව හුරතල් කරන ගමන් උන්නා...
මං හිතන්නෙ මයෙ අම්මට අද නිකමට වත් යන්ඩ හිතක් නැතුවද කොහෙද...කාරි නෑ....උඹලා එක්ක ගෙවෙන හැම තත්පරේම මයෙ මතකපොතෙ අමරනීයව ලියවෙන එකම මට උඹලා නැති දාට හුස්ම අල්ලගන ආයමත් වන්ගියක් ඔය මුන බලන්ඩ ඇගිලි ගයින දවස්වලට වාරු වෙන්න හයිය දෙනවා මයෙ ආකාස....
මුලු ගෙදරම කොලම්පුරෙ සුවදයි.....ඔයාකාරෙන් මොනාට කාසි වියදම් කෙරුවද අහන්ඩ කට කොකියෑවත් අනෙ අච්චර අරහෙ ඉදන් උස්සාන ආව කද දෙක....මොන හිතකින් කියලා මං දෙස් තියන්ඩද ....
නාඹර ඉරෙ රැස් වලල්ල එන්ඩ එන්ඩම කාටක පොලව ගිනියම් කරන්ඩ මුල් ගල් අල්ලනකොට වෙනදා වගේම ගුරුපාර දෙතුන් වන්ගියක්ම උතුරුකරේට යන හමුදා ලොරිවලින් තැලිලා ගුරුපාට දූවිලි වලාවන් උඩ ගැහුවා .....
ආර්මි ට්‍රක් එකක් උතුරුකරේට යන වාරයක් පාසාම පස්සෙන් ඉන්දන් යන කොල්ලො අර බයිනෙත්තුව පපුවට තුරුලු කරගන වචනත් නැතුව හැගීමුත් නැතුව මරනෙ දොරකොඩට යන විලාසෙ මයෙ බොර ගැහුන ඇස් පන්න පන්න බලාන උන්නට හාමු තැනගෙ ඇස් මයෙ පස්සෙ පැන්නුවා...
ඇදන් උන්න සරමෙන් ආයම පරන සරමකට මාරු උන මම ඉස්පිරිතාලෙට යන්ඩ ලකලැහැස්ති වෙනවත් එක්කම යන්ඩ හදන මා දිහාව බලලා තව හෝරාවකට වත් මිනිය නිදහස් කරන්නෙ නෑය කිව්ව.....ඒක හැබෑව.....උනුහුම යන්ඩ කලියෙන් කොහෙ නිදහස් කරනවද...
ඒත් රත්න සිරිපුරෙ එවුනුත් රෑ දවල් නැතුව මෝචරි දොරකොඩ ගාව කරක් ගහනවා...මිනියක් මගෑරුනොතින් මනෝරතනයා මාව එම්බාම් කරන්ඩ හදනවා....
බඩපත රකින රස්සාව තමයි .....ඒත් හාන්දුරුවනෙ මලකදකට කාකොටාගන්ඩ තරම්.....???
ම්ම්ම්ම්ම්ම්ම්
මේ මොනවද මේ...මන්දාරම් මේ.....
අකාස හාමු තවම පිල්කඩ උඩ....යන්ඩ ලකලැහැත්ති උනත් මොකද අප්පුච්චගෙ වචන එක්ක යන ගමන ඩින්ගිත්තක් සුනන්ගු කරාපු මම උන්නෙ දොරකොඩ හිටගන උලුවස්සට හේත්තුවේගනවෙනකොට ගෙයි වැදුන එකීලා ආයම බඩගාගන ගිහින් මයෙ ආකාස ගාව නැවතුනා....නැවතුනා මදිවට ඒකි මයෙ හාමුගෙ අත කූරුගලා මක්කද දික් කෙරුවා....
අනෙ හුලන් විස්තෝකු අඩලයක්...ඒකත් එකටම ඕකො අර නිදන් වදුලෙන් වෙන්ඩෑ ඕක ගන්ඩ ඇත්තෙ....ඒකිගෙ හැම නිදානෙම තියෙන්නෙ ඔය මැටි බිත්ති කුහරෙ ඇතුලෙ....
ආකාස හාමු මයෙ දිහා බලනවා....අරකිලා එකම දිගට ම්ම්ම් ම්ම්ම්...ගානවා.....ඇගිලි අස්සට හිර උන හුලන් විස්කෝතු අඩලෙට ඉවකරන කලුවා පුලුවාන් තරම් වල්ග කොටෙ වනනකොට මං එහෙම්ම නිකිනි ගාවට කිට්ටු උනා
..ම්ම්ම්ම්ම්
ගන්ඩ හාමු....ඕකිලා ඔය හන්ගපුවා ගෙනත් දුන්නා කියන්නෙ ඒකිලා දැන් හාමුවයි මාවයි එකම තැන තියන්නෙ ඒකයි ...
කෝ දෙන්න ..ඔයා මේක මට දෙන්නමද තියාගත්තෙ.....?
ම්ම්ම්ම්ම්ම්
.......(කරස්.....)ම්ම්..රසයිනෙ මේක.....කොහෙන්ද අයියද අම්මද අප්පුච්චද නිකිනිට ගෙනත් දුන්නෙ....අයියද...
.....ම්ම්ම්ම්
ඒකනෙ...නිකිනිට අයියා ආදරෙයි ඒකනෙ ගෙනත් දෙන්නෙ...මං එහෙනම් ඉතුරු ටිකත් මෙහෙම්ම කන්නම් හොදද...
....ම්ම්ම්
ඒකිලා හිනා වෙනවා.....විඩෙ විඩේම මයෙ දිහා බල බල යන්තමින් වත් හිරිකිතයක් නැතුව හුලන් විස්කෝතු අඩලෙ ලරස් කුරුස් ගගා හපන ආකාස හාමුවත් පෙන්න පෙන්න ඒකිලා හිනා වෙනවා...මං එහෙම්ම ඒකිලාගෙ ඔලුව අතගෑවා...
සුදුමහත්තයා....මං උඹලව ගෙදට්ට ගිහින් ඇරලවන්ඩද....ම්ම්
කාටත් නෑහෙන්ඩ සුදුමහත්තයා කියලා මුමුනපු මම එයාගෙන් ගිහින් ඇරලවන්නද අහනකොට විස්කෝතුවෙන් යන්තමක් කොනිති ගහලා වගේ කලුවගෙ බලු කටට තියාපු එයා මයෙ දිහාව බැලුවා...
කොහෙ.....අර උලුහාල් ගෙදරට...මට බෑ....මං අද මෙහෙ ඉන්නෙ...අනික අපෙ එකා තාම ඇවිල්ලත් නෑ...අරකිලා කවුරුත් ගෙදර ඇත්තෙත් නෑ...අනෙ අම්මෙ...ඕකිලා නැති වෙලෙ ඕකට රින්ගලා නැති බිබික්කමුත් මන් හොරකන් කරා කියයි....මට බෑ....
එතකොට.....?
එතකොට කියන්නෙ...මං ඔයා එක්ක ඉන්නවා...අනික අප්පච්චි කිව්වනෙ තව පැයකට වත් බොඩි එක දෙන්නෙ නෑය කියලා.....මට පැටියා බලන්ඩ යන්ඩ ඕන...අනික අපේ බූරුවා කිව්වා කැහැට්ටිට ශැම්පු ගේන්ඩ කියලා...ඒවත් දීලා....අරූවත් බලාගන වටයක් දාලා එමු...ඊට පස්සෙ මාත් ඔයා එක්ක ඉස්පිරිතාලෙ යන්ඩ එන්නම්.....අපි දෙන්නටම පුලුවන් ඒක අරන් එන්ඩ.....
නෑ....නෑ...එව්වට හාමු නාවට කාරි නෑ...නිස්කාරනෙ හිත් ගස්සගන්ඩ.....
ආ.....ඒක පුදුම කෙලියක්නෙ...මගෙ මොකට හිත ගැස්සෙන්ඩද...මේ ආකස බල්ලෙක්ට වත් බය එකෙක් නෙවෙ ....
මාව එක්ක යන්න....මාව එක්ක යමා.....න්....එක්ක පලයා...න්න්....අනෙ එක්ක පලකො අඩෙ.....අනෙ....අනෙ..මං බය නෑ ඔයා මගෙ ළඟ ඉන්නවනෙ...අමතක කරන්න එපා මල්ලි මං ඔයාට වඩා අවුරුදු දහයක් වැඩිමල්....එතකොට හිත ගැස්සෙනවා කියන එක බොරු කතාවක්...
උඹලා හදන්නෙ මිනිකාර් වල ලැගලා යන්ඩද....මේක සවාරියක් යන ගමනක් නෙවෙ හාමු....මලකදක් ගේන්ඩ යන්නෙ.....
ආ....ඒ උනාට ඔයා අහලා නැද්ද ඔත්තෙ ඉලක්කමක් එක්ක මලකදක් ගේන්නෙ නෑ කියලා.....දෙන්නෙක් යන්ඩ ඕනලු.....දන්න ඉටිගෙඩියක් නෑනෙ බලන් යනකොට....මාත් එන්නම්...ඔයයි මායි එකයි දෙකයි.....මාත් එනවා...මාත් එනවා...එන එක එනවා....එක්ක නොගියොත් දන්නවනෙ වෙන දේ.....අරක තියනවා හරිද.....අරගන ඔක්කොටම තියල දානවා..එක්කයමන්...
මං යන්තමට ඔලුව දෙපැත්තට වැනුවා.....
ආකාස හාමු කියන්නෙ මට කතා කරලා කටින් දිනන්න පුලුවන් මනුස්ස පරානයක් නොවෙනකොට මුනිවතෙම්ම උත්තර බැදපු මං බයිසිකලෙ ආපිට හරවගන එයා දිහාව බැලුවා විතරයි ඒකා නටාගන වගේ අර බෑග් එකත් උස්සන් බයිසිකල් පොල්ල උඩට උඩපැනලා වගෙ නැගලා ඉදගද්දි මිදුලෙම්ම බයිසිකලේට ගොඩ නොවුන මං වැටකඩුල්ල ගාවට වෙනකන් ඒකවත් බයිසිකලෙ උඩ ඉන්දවන් තල්ලු කරන් ගිහින් අන්තිමෙදි බයිසිකලේට නැග්ගා....
අරකා මගෙ බයිසිකල් බෙල් එක කඩන්ඩ හදනවා මදිවට අනෙ දෙයියනෙ ආයම අර රේඩියෝව පටන් ගත්තා...
(ටිලින්...ටිලින්...ටිලින්....ටිලින්.....)
හායි....හූයි ..බබි ..ආච්චිගෙ බයිසිකලෙ...
කලෙ...කලෙ...
කෙල්ලො කොල්ලො වටකරගන ගැහුවා
බෙලෙ...බෙලෙ...
හායි හූයි .....බෙනෙ අප්පුගෙ බයිසිකලෙ
කලෙ....කලෙ.....
ආකාසයා මේකෙ නැගන් ගැහුවා බෙලෙ..බෙලෙ...බෙලෙ.....
කොහොමද මගෙ පබැදුම....මං කිව්වනෙ බබා...මං කවියෙක් කියලා...හොදයි නේ.....රීමේක් එක...
ම්න්...(ඉහ ඇම්මයි දෙයියනෙ.....)
මගෙ ලමයො....මේ අනෙ.....දැන් එයාට අපි මොකක්ද අන්දන්නෙ...?
අපෙ එහෙ පැත්තෙන් නම් සමහරක් පෙට්ටියට ලයිට් වැලුත් දානවා.....හැබැයි මේක මාර එක්ස්පීරියන්ස් එක නේද....හිතන්නකො බබා...මං ඔයා එක්ක මිනියක් එම්බාම් කරනවා කියන්නෙ....ඔයාට බය වෙන්න දෙයක් නෑ...මං ඉන්නවනෙ....
........ම්න්. ම්න්....( අනෙ හාමු උඹ හින්දා තමයි මට දැන් තියන ලොකුම බය....)
සයිකල් පොල්ලෙ නැගන් හැඩල් එක උඩ කලුපාට බෑග් එක තියාගන උන්න හාමුගෙ වැඩේම චර බර ගගා කියවන එක...කකුල් වන වන බකපන්ඩිත කම් කියව කියව සැරින් සැරේම මයෙ මූන දිහාවට හැරිලා බලන එක...අනෙ මන්දා.....හිටපු ගමන් තලතුනාකම මෝරපු ගතිය ඉහවහ යන.....නිවීම ඉහවහ යන ආකාස හාමු කොහොම කියලා නම් මෙහෙම ලද බොලද වෙනවද කියන එක....
කොහොම කියලා නම් මං තේරුම් ගන්ඩද.....අර කතාවක් තියනවනෙ ශිවටත් බැරිව ගියාය කියල පාර්වතියව කාලිගෙ වෙසට හැරෙන විදිහ....
දගලන්ඩ එපා සුදු මහත්තයා...උඹලා හදන්නෙ උඹලයි මායි දෙන්නම වට්ටන්ඩ...
මෝ....අනෙ.....ඔයා ගාව නැතුව මං වෙන කා ගාව දගලන්නද...
.......ම්න්...
මන්දාරම්...මගෙ ලමයො....
සුදු මහත්තයා....
මෙච්චර වෙලාම වැහපු අනෝරා වැහි තුරල් වෙලා ගියා...වක්කඩක් කැඩුවට අන්තව කියවන් කියවන් ගියපු මලකදක් එම්බාන් කරන එක කජු කනවට වඩා ලේසි වැඩක් කියලා හිතාන කියවපු මගෙ ආකාස වස්තුව ආයම අර තලතුනා පිරිමි පරානෙ වෙසට හැරිලා මට මගෙ ලමයො කියනකොට කියන දේ මක්කද අහගන්න මං තව ඩින්ගිත්තක් බෙල්ල පහලට කෙරුවා....
දැන් හරියටම මයෙ මූනම තියෙන්නෙ එයාගෙ උරිස්සෙත් බෙල්ලෙත් ගානට වෙනකොට එයා එකපාරම හැරිලා බලනවත් එක්කම් මගෙ මූන සම්පූරනම ඒ මුනට හාදු තිබ්බා...යන්තමින් වත් ඉදුල් නොවුන මයෙ උඩුතොලට හාමුගෙ උඩු රැවුල ලෝබකමක් නැතුවම චුම්බන දුන්නා.....නොහිතපු වෙලාවක.....නොහොතපු දෙයක් සිද්ද උන හන්දමද කොහෙද ආකාස හාමුත් වෙඩිල්ල වගේ අහක බලාගන්නකොට මාත් ඉක්මනට කෙලින් උනා...ඒ උනත් මයෙ කටකොනකින් යන්තමට හිනා මලක් පීදුනා....."හාමුගෙ දෙතොල් මල්පෙත්තෙන් සිනිදුබව හොරාගන"
.........
...
නැතිවෙලා තියන ගෑනුලමයා මොනාවෙලාද මන්දාරම්.....
.......මුදලාලි මට වැඩි විස්තරයක් කිව්වෙ නෑ හාමු...යමින් ගමන් ආරංචි කරන් යන්ඩ වෙන්නෙ...
කෙල්ලක්ලුද ලමයො....
මන්.....කෙල්ලක්ලු....
පව් ....ලෙඩක් දුකක් නම් පව් මන්දාරම්...සුයිසයිඩ් කේස එකක් නම්.....ඒත් පව්..ආන් ගදපාන මල්.....අර කලු ගැහුන ගෙඩි....එනකොට එකක් දෙකක් කඩා දෙන්න හාද....?
තමන්ව මරාගන්න එක වීරකමක් නෙවෙ සුදු මහත්තයා.....මොන දේ උනත් තමුන්ව මරාගන්න එක වීරකමක් නෙවෙ....ඉපදුනොත් මැරෙනවා....ඇති උනොත් නැති වෙනවා....පටන් ගත්තොත් අහවර වෙනවා..ලෝක සම්මතේ ඕක...මලක් උනත් පරවෙනවා....ඒත්...මනුස්ස ආත්මයක් ලබන්ඩ මොන තරම් පිකරන්ඩ ඕනද....එහෙව් එකෙ ඇයි පන නහගන්නෙ...?
මන් ආයම එයාගෙ උරහෙට බර නොවී බර උනා...සමනගෙ පැල පේනතෙක් මානෙ වෙනකොට ඒකගෙ මලගමට ඇදපු කොඩිවැලුත් අවසානෙදි පාන්සුකුල නැතුවම මලගම් ගිහින් තවුනා.....
.......මන්දාරම්ගෙ කතාව හරි....ඒත් මගෙ දරුවො...ඕනම කාසියක දෙපැත්තක් තියනවා...මං මේ සුයිසයිඩ් කරගන්න එක සාදාරනී කරනය කරන්න යනවා නෙවෙ මගෙ මන්දාරම්...අපි මේ ගම ඇතෑරලා නගරෙට ගියොත් මේ ගමට ඒ නගරෙ පුදුමාකාර ඈතයි මන්දාරම්....හරියටම මෙක නිකන් ලෝක දෙකක් වගෙ...මන්දාරම් දන්නෙ නෑ කොලඹ වෙන දේවල්....නගර්‍ර් වෙන දේවල්...ගෙන්දගම් පොලව කියන්නෙ මහ අමුතු වගේම පුදුම තැනක් මන්දාරම්.....
නනාප්‍රකාර මිනිස්සු.....ලෝකෙ ඉස්සරහට යනකොට මිනිස්සු ඉස්සරහට යනවා....හොදයි නරකයි දෙකම එකට එනවා....කොල්ලො කියන කොට්ටාසෙ පැත්තක තියල කෙල්ලන්ව අරන් කතා කෙරුවොත්...මන්දාරම් කොළඹට සුයිසයිඩ් කරගන්න එක අලුත් දෙයක් නෙවෙ මන්දාරම්...උන් ජීවිතේ වරද්දගන්නවා...ඇහිපිල්ලම ගහන පමාවට උන් ජීවිතෙ වරද්දගන්නවා.....
නයිට් ලයිෆ් කියකිය උන් නියෝන් එලි අස්සෙ ජීවිතේට අලුත් රහවල් මුහු කරන්ඩ හදනවා.....මල්පෙති වගේ කෙල්ලො පහු කාලෙක යකඩ ගෑනු වෙන එක නෙවෙ...සමහර අත්වැරදීම් වලට මූන දීගන්ඩ බැරිඋන් යකඩ ගෑනු මොක්කුද කියන්න නොදැන උන්වම මරාගන්නවා.....
ඔතන තව කාරනාවක් තියනවා...මේක පුදුම දිග මාතෘකාවක්...ඒත් මට ඔයා එක්ක ඉන්න වෙලාවෙ අනුන්ගෙ ජීව්ත ගැන කියන්න ඕනකමක් නෑ...ඒත් මං කෙටියෙන් කියන්නම්...සුයිසයිඩ් කරගත්තට පස්සෙ මලකද වෙනුවෙන් විතරක් හූල්ලලා වැඩක් නෑ මන්දාරම්.....ඒකිට හරි ඌට හරි.....ඒ තීරනෙ ගන්ඩ ඔලුව කාපු උන් වෙනුවෙනුත් අපි හූල්ලන්න ඕන...
නිකන් හිතමු...කෙල්ලෙක්ට කොතනම හරි ජීවිතෙ වරදිනවා...ආදරේ කියන විශය කාරනාව සමහරක් රාගය කියන මාතෘකාවෙ අනු මාතෘකාවක් කරගන තියන හැම තැනකම ජීවිතෙ වරදිනවා මන්දාරම්.....උන් ආදරෙ වෙනුවෙන් නිරුවත් වෙනවා...නිරුවත පෙන්නනවා...අවසානෙදි කරුමෙට වත් ඒකිගෙ හෙලුව අතින් අතට ගියෝතින් එතනින් එහා ජීවිතයක් තියනවද මන්දාරම්.....??
හරි....ඒකි කට්‍ට කාගන ආදරෙ වංචාවත් උහුලගන ජීවත් වෙන්න හිත හයිය කරගත්තා කියමුකො...ඒත් වටේ එවුන්.....
උන් ආයම ඒකිට නිදහසේ ජීවත් වෙන්න දෙයිද .....කරපු මෝඩකම උඩට ඇද ඇද ඒකිගෙ ඔලුව සම්පූරනම කාලා දානවා.....වෙසගනක් කියලා හන්වඩු ගහනවා....
මිනිස්සු තනිකරම බැලුම් වගේ මගෙ ලමයො.....පිම්බිලා පිම්බිලා අවසානෙදි පිපිරිලා යනවා වගේමයි.....අවසානෙදි මිනිස්සුත් පුපුරලා යනවා....
ජීවත් වෙන්න අවස්තාවක් කොච්චර හෙව්වත්.....සමාජෙම්ම එ අවස්තාව තිරිසන් විදිහට උදුරගන්නකොට සුයිසයිඩ් කරගන්න එකයි උන් දන්න ලොකුම වීරකම මන්දාරම්....
මිනිස්සු පුදුමාකාර විසයි මන්දාරම්....ඒකයි මං කිව්වෙ.....ඒක සුයිසයිඩ් එකක් නම්...අපි සමාජෙ දිහාවත් බලලා අනෙ අපොයි කියලා හූල්ලන්න ඕන....මොකද උනුත් නිලනොලත් අලුගෝසුවො මගෙ මන්දාරම්...
හැබැයි.....වචන දහක් කිව්වත් මන්දන්නවා උඹ යකඩ පිරිමියෙක් කියල...දාහක් අලුගෝසුවො ආවත් උඹව නම් එල්ලන්න බෑනේද මගෙමන්දාරම්.....?
........එහෙම උනා නම්...බෙනරගම පවුලම අද කැරකොප්පුවෙ සුදු මහත්තයා....මට ඒක වීරකමක් නෙවෙ....අන්තිම මොහොතෙ හරි මන් ජීවත් වෙන්න හේතුවක් හොයාගන්නවා.....
........උඹ මහ පුදුම දරුවෙක් මන්දාරම්...මන් උඹට පුදුම විදිහට ආදරෙ මේ හින්දමයි.....
.........නියගෙට ඔරොත්තු දෙන්ඩ මයෙ අම්මා ඉස් ඉස්සරෝම වවාගන තියෙන්නෙ පතොකක් හාමු මහත්තයා....ඒකයි මේ.....
*
*.
*.
ආන් සමන්ගෙ තාත්තා ඉන්නවා....පැටියා අඩනවත් ඇහෙනවා....කැහැට්ටි නැද්ද මන්දා ගෙදර නේ ලමයො...
වැටකඩුල්ල ගාවින් බහින්ඩ හම්බුන් නෑ....ආයම අරකට රේඩියෝව වැහුනා මදිවට පියුමගෙ පවුලට කැහැට්‍ටි නම රෙජිස්ටර්ම කරලා තිබුනා....
ප්‍රේමා........නංගී...ප්‍රේමා.......ආ...ආ...ඔය කොහෙද යන්නෙ....යන්ඩ කලින් කතා කරලා ඉමු.....මේ සීයත් බලන් ඉන්නවා...ආ....ආ...ඒ බෙනයා....උඹ පුරුදු කාරයා වගේ ගෙට රින්ගනවනෙ....හිටපන් මන් අරූට කියන්නම්....
කොල්ලා තනියෙන් හාමු....අරකිලා හේනට දුවලා තියෙන්නෙ නොදරුවා තනියෙන් බුදිකරෝලා.....කෝ බලන්ඩ....
සමනගෙ මහ එකා තනිකම නාඩි වැටෙන ලීරිසියා ඉපලක්.....වෙන්නෙ මොනාද....වගේ වගක් නැති උන්දෑ කරන්නෙ හපෙ නැතුව කට පාලුවට ගියත් හක්ක හොලව හොලව ඔහේ පාරදිහාව බලාන ඉන්න එක වෙනකොට අඩන කොලුවව පරක් කරන්ඩවත් එකෙක් නැතුවට මන් අඩියට දෙකට මැටි පැලට රින්ගනවත් එක්කම මිදුලෙ උන්න මගෙ හාමු තැන මට බෙරිහන් දුන්නා.....
අනෙ මයෙ කොල්ලා තනියෙන් .....මං හිතුවත් වගේ මයෙ කොල්ලා තනියෙන්....හොරාවකට දෙකකට කොලුවව තනි පන්ගලමෙ බුදි කරවලා උන් හේනට ගිහින් තියනකොට මක්කට හරි නින්දෙන් ගැස්සුන මයෙ කොල්ලා අඩන්න අරන් තිබුනා වගේම තොටිල්ලෙ උන්න කොල්ලව වඩාගනම මං,මිදුලෙ ඉදන් මට දෙහි කපන හාමුටත් කොලුව තනියෙන් කිව්වා විතරයි අර චන්ඩි ශාමා මට දෙහි කපන එක නවත්තලා අරකිට බන්නින්ඩ ගත්තා...
කවුරු.....කැහැට්ටි????අපෙ ළමයා තනියෙන්ද නිදි.....???මේකි උල තියන්ඩ එපැයිනෙ...
හා...හා...මයෙ පුතා...මයෙ...පුතානෙ.....හා...රි...හරි.....
අප්පුච්චා ආවනෙ...මයෙ අම්මව බලන්ඩ අප්පුච්චා ආවනෙ....
හරි....හරි....මගෙ...පැටියා.....අප්ප
කෝ මන්දාරම් ළමයා...බබෝ....හරි..හරි....අඩන්න එපා...ආ...මෙ ඉන්නෙ.......කෝ බලන්න.....අනෙ.....
සන්ගුලුබන්කට්ටරයා...අඩනව නේද....
මං මගෙ ඇහිබැම අකුලගත්තා....හාමුවෙක් උන චන්ඩි ශාමගෙ වැඩේම නම් දාන එක...අනෙ හාන්දුරුවනෙ මේකා කිරිසප්පයටත් මක්කද මන්දා පොල්කට්ටෙක් කිව්වා...
මට දෙන්නකො.....මට දෙන්නකො.....මොකො මන් මේ නලවපු නැති ලමයෙක්ද.....නෑනෙ.....නේ පුතෙ....මං නේනම් මේකලව ඉස්පිරිතාලෙදි බයිය කෙරුවෙ ..නේ......අනෙ මන්දාරම් පැටියා ලොකු වෙලාන්.....අප්පෙ..ම්....ඇගිලි උරනවා....අපරාදෙ ...අර බූරුවා ශැම්පු ලබ්බවල් ගේන්න කිව්ව ලමයට සූප්පුවක් ගෙන්න කිව්වෙ නෑනෙ...
මං යන්තමට හිනා උනා...මෙච්චර වෙලාම ඔහෑ ඔහෑ ගෑවට මොකද මගෙ පුසුඹ හුස්ම වග් අදුනන කොලු පැංචා ඊලග තත්පරේම ඈඩියාවට තිත තියලා මයෙ මුන දිහා බලාන ඉදලා ඉදල ඒකගෙම හිතු මනාපෙට මයෙ බෙල්ල ගාවට ඉහ ගහගන අවසානෙදි ඇබිති ඇගිල්ලක් ඒකම කටේ ඔබාන උරන්ඩ ගන්නවා එක්කම මයෙ ගාව උන්න හාමු තැන ළමයව අරන් වඩාගත්තා...
රවුම් ඇස් දෙකක්.....පොකුට්ට ගැහුන කොන්ඩයක්...චූට්ටන් මූනක්...මෙයා සමන් වගේද මන්දාරම්....
හ්ම්...සමනගෙම අච්චුවක් සුදුමහත්තයා...ඔන් කට දිහාව බලාන ඉන්නවා.....ඔය කට උල් කරන්නෙ මක්කවත් කියන්ඩ....මේකාලාට හරි කතා ගොඩක්නෙ තියෙන්නෙ කියන්ඩ.....
ඇත්තද....ආ පැටියො.....ඇත්තද මේ අප්පුච්චා කියන්නෙ...නිවන් පැටියට දැන් කතා තියනවද කියන්ඩ...අපෙ...අම්මො...බේබි සබන් සූ....ද.....අපෙ පැටියගෙ ගාව බේබි සබන් සූද......
ඌ.....ඌ.....ඕ...ඕ.....ඕ.....
මං කිව්ව හරි...හාමු අතට මාරු උනත් මීක් නොගා ඒ පපුවටත් තුරුල් වේගනම ඇගිල්ල උරාපු පැටියා මා එක්ක කියවන හාමු මහත්තයගෙ කට දිහාව බලාන ඉදලා ඉදලා හයි හයියෙන් හුස්ම කටවල් දෙකක් තුනක් අරගන කටත් උල් කරන් බලාන ඉදල්ල මක්කද මක්කද කිව්වා විතරයි ආකාස හාමුගෙ ඇස් පවා හිනා උනා...දෑතින්ම බදාගන පැටියගෙ ඉහම ඉඹගත්තා
.........සමන් නැති උනාට...අප්පච්චිලා කියක් නම් ඉන්නවද.....දැන් ඉතින් මේ පැටියට මාත් අප්පච්චි කෙනෙක් මන්දාරම්.....
සුදු මහත්තයා....
උඹ විතරද අප්පච්චි...එතකොට මම.....
ඕ...ඕ.....ඕ....
ඒකනෙ...පැටියත් කියනවා....තව චුට්ට කාලෙකින් කතා කරයි ...තනියෙන් ඉදගනී....බිම පෙරලෙයි...බඩගායි...දනගායි...දවසක උඹ්ගෙත් මගෙත් ඇගිල්ලෙ එල්ලිලා මෙ ගම වටම ඇවිදින්න යනකන් උඹ වගේම මාත් දැන් දැන් හීන දකිනවා මන්දාරම්...
මගෙ ඇස් යන්තමට තෙත් වේගන ආවා...අකුරු ඇහිදින පැටියා වඩාගන උන්න ආකාස හාමුගෙ වචන මානම ඇල්ලුවෙම හදවත වෙනකොට කොලුවව කර උඩ ඉන්දන් ගම වට කරක් ගහන්න හීන දකින මම වගේම එයත් අතින් අල්ලන් ඇවිදින්න හීන දකිනවා කියනකොට මං පෙර දැනුම් දිමක් නැතුවම කොලුවවත් එයාවත්.මගෙ දෑතින්ම බදාගත්තා.......
මේ පැටියා අපි හැමෝගම මන්දාරම්....අප්පා කම් කරන්නත් මතු බුදුවෙන්නත් ජාතක වෙන්න ලේම දෙන්න ඕන නෑ...හැදුව පිනත් ඇති.....නිවන් බෝපත්....උඹ මේ අප්පච්චිලාට නිවනක්ම වෙයන් රත්තරන් පුතේ.....බෝපතක් වගෙම සැනසීමක්ම වෙයන්...කාටකෙ පිපුනය කියලා...කැලෑමල් කැලෑවටම සින්න වෙන්න නියම නෑ.....මේ බර තනියෙන් දරන්න ඕන නෑ මගෙ මන්දාරම්....උඹ වගේම මාත් පැටියට අප්පෙක් වෙන්නම්...උඹ වගේම රත්තරන් හදවතක් තියන මනුස්සයෙක් වෙන්න ඕන....
ඇහුනද මයෙ පුතාට ...ආකාස අප්පුච්චා රත්තරන්ට හොද මහත්තයෙක් වෙන්ඩයි කියනවා...ඕ...මයෙ අම්මා උඹ හැමෝටම එන්න එකම කොල්ලා...හොදින් ලොකුවෙයන් නිවන්....
එයාගෙගෙත් මගෙත් පපු මැද තෙරපීගන උන්න නොදරුවා අර බෝල ඇස් වලින් එයා දිහාවත් මා දිහාවත් බලාගන සෙවල බිදක් දෙකක් කාන්දු උන ළපටි තොල් උල් කර කර හිටි හැටියෙ හිනා උනා...අනෙ ඒකා හිනා වෙනගමන් මෙච්චරවෙලාම උරාපු කෙල තෙත ගත්ත ඇබිත්තන් ඇගිලි වලින් මගෙ ආකාස වස්තුවගෙ කමිසෙන් අහුරකුයි....ඒකව අනිත් පැත්තෙන් තුරුල් කරන් උන්න මාව අනිත් අතෙන් අහුරකුයි අල්ලාගන උන්නා...මයෙ ආකාස වස්තුවගෙ ඇස් අප්පුච්චෙක් උන සතුටටදො තවත් දිලිහනකොට මං බලාගන මැටි බිත්තියෙ එල්ලා තිබුන සමනගෙ පින්තූරෙ ඇස් පුංචි පවුලක් උන අපි දිහාවම බලාගන ඉන්නවා...
පැටියට අප්පලම තුනයි සමනා....!!
🌸🌸🥺🥺.....
BYE