මම උන්නෙ බය වෙලා මට එහායින් උන්න " මම" ඇස් හීනි කරන් යන එන මිනිස්සු දිහා බලාගන ඉන්නකොට මමෞන්නෙ කර කියාගන්න දෙයක් නැතිව...වැඩට යන්න එන මිනිස්සු එන්නෙ ඇදිවත අතේ අරන් වගේ හදිස්සියකින් වෙනකොට එයාව හප්පන් ගියපු මිනිහා නිස්කාරනේ භෛරව්ටත් බැනන් යනකොට ඌට අඩි දෙකකට වඩා දුවා ගන්න බැරි උනා කකුල් පැටලිලා වැටුනා.....
අනේ භෛරව් .....
" මම මොනවත් කෙරුවද.....නෑනෙ....? මම උගෙ ඇගේ හැප්පුනාද නෑනෙ? මම ඌ එන මග හරස් කෙරුවද ඒත් නෑනෙ.....?එහෙනම් මොන මගුලද ඌ කියවන්නෙ?"
මට දෙන්න උත්තර නැති උනා....භෛරව්ගෙ කතාව සීයට දාහක් හරි වෙනකොට මට එයාට දෙන්න උත්තර නැති උනා....වැටුන එකා ආයම කොර ගගහා යන්න යනකොට මම බලාගන එයා එයාගෙ ඇදුමෙ තිබුන දූවිලි පාර ගසාගන ආයම ලයිට් කනුවක් වගේ හිට ගත්තා ...
" මේහ්....."
ම්ම්ම්ම්....ඇයි.....
" ලගට එන්න"
මම උන්නෙ යාරක් දුරින්....එකක් මට බයයි මේකා මගෙ බෙල්ල කඩයි කියලා ...දෙක මට බයයි මගෙ අග්නියට ඊරිසියා හිතෙයි කියලා ....තුන මට බයයි මේකා හින්දා මට ගුටි කන්න වෙයි කියලා ....ඒ උනත් මෙච්චර වෙලා ගල් පිලිමෙ වගෙ උන්න භෛරව් මට කතා කරනකොට නොගොහින් බැරි කමට මං එයා ගාවට ගියා ....
ඇයි....
"මෙන්න මේ මගුල ඔබන්නෙ කොහොමද.....ගල් බාගයක් වගෙ...ඒ අස්සෙන් ලයිටුත් පත්තු වෙනවා.... මේ මොන මගුලක්ද කියපන්...."
එයා බැන බැන මගෙ අතට ඵෝන් එකක් දුන්නා ...ඒක කොහෙන්ද එයාට???
මේ මේක කොහෙන්ද ඔයාට....
"ඇයි?".
ඇයි අහන්නෙ.....මේක කොහෙන්ද භෛරව් ....මේක ඵෝන් එකක්....අනික සැම්සුන් අලුත්ම එකක්...කෝ මෙකෙ පෙට්ටිය.....??? සිම් එකකුත් නෑ....කෝ දැන් මේවට සිම්.....
මම භෛරව් ගෙ අතේ තිබුන ඵෝන් එක අරන් එහා මෙහා හරව හරව බැලුවා ....ඒක කිරි ටොයියෙක්....ඵෝන් ගැන මෙලෝ දෙයක් නොදන්න මේකට කොහෙන්ද මේක....
නැති ප්රශ්න මදිවට තව ප්රශ්න එනකොට ඵෝන් එක දිහා ඇස් දෙක බෝල කරන් බලන් උන්න භෛරව් ඔලුවත් කැසුවා .....
අඩේ ආකේඩ් එක කඩලලුනෙ . .....
මොන...
ඩයලොග් එක .....
ඩයලොග් ආකෙඩ් එක?
ම්ම්ම්ම්ම්
මාව රත් උනා....මගෙ ගාව ඉදන් ඵෝන් එක දිහා බලන් ඉන්න මගෙ යකා මස්සිනාගෙ හපන් කම් ගැන අපිට එහායින් උන්න කොල්ලො දෙන්නා කියවනකොට දැනටමත් හොරබඩු අතෙ තියන් උන්න මාව රත් උනා .....
මේකට මොන මගුලටද ඵෝන්....මොකාට කතා කරන්නද?මං භෛරව් දිහා රවලා බලනකොට එයා මගෙ අතෙ තිබුන ඵෝන් එක උදුරගන ඒකට දබැරැගිල්ලෙන් අනින්න ගත්තා .....
"උඹ දන්න මගුලක් නෑ....අයියත් ගත්තෙ මේකමනෙ...මන් උගෙන් අහගන්නම්"
මො...මොකක්...අග්...අග්නි.....භෛරව් ....අග්නි...යෝහ්....භෛරව් ....මෙහෙ එනවා යන්ඩ ....
මගෙ අතෙ තිබ්බ ඵෝන් එක අරන් දබැරැගිල්ලෙන් පුලුවන් තරම් අනිනකොට මන් එයාව ඇදගන කවුරුත් නැති තැනකට ගියා .....
"උඹ හදන්නෙ මැරුම් කන්ඩ....".
කමක් නෑ...මරපන්....ඒ ඔක්කොටම කලින් මට කියපන් භෛරව් උඹයි අර මෝඩයයි මොන් මගුලටද මේවා හොරකන් කෙරුවෙ කියලා ....අනික මොකටද ....කැම් වලට අහු උනෝතින් දැන් මොන මගුලද කරන්නෙ කියපන් ....ආ භෛරව් .....???
"එහෙම වෙන්නෙ නෑ ....අග්නි අර බිත්ති මුලු මුලු වල තිබ්බ මුට්ටි වගයක් ඔක්කොම කුඩු කෙරුවා .....එහෙමලු උඹලගෙ මිනිස්සු හොර වැඩ කරන්නෙ...."
මො..මො...මොකක්....මුට්...මුට්ටි.....දෙවියනෙ...භෛරව් .....අනෙ මගුල මට කියන්ඩ එපැයි භෛරව් .....මට කියන්ඩ එපැයි .....
"ඇයි උඹටත් එකක් ඕනෙද ....අපි ගාව ගොඩක් තියනවා අග්නිට කියපන්....ගෙනත් දෙයි....රෝස පාට එව්වත් තිබ්බා...හැලෝ කිටිලු උගෙ නම....අග්නි තමා කියා දුන්නෙ..... "
මාව භ්රමණය වෙනවා යක්කුන්ටත් නමනින්දා කරපු අයියයි මල්ලියි කැමරා කුඩු කරලා හිතුමනාපෙට අනුන්ගෙ දේවල් උස්සන් ඇවිත් කියවනකොට මට අර තිබුන පිස්සු ආයම මතුවෙන්න ගත්තා....ඔක්කොම ජඩ වැඩ කරපු භෛරව් ඔක්කොම වල දිග පලල කියනකොට මට ඒකව රේල් පාරට විසිකරන්න හිතුනා...
දැන් මට කියනවා භෛරව් මොකාට කතා කරන්නද ඔය මගුල ගෙනාවෙ.....
" එතකොට උඹ ඕක තියන් ඉන්නෙ මොකාට කතා කරන්නද?? අන්න උන්ට කතා කරන්න තමා...ඇරත්.....මම දැන් ඉන්නෙත් උඹ වගේ...මේකට මොක්කු හරි ගනීනෙ..."
මම නලලට අත ගහගත්තා ...මට කියන්න ඕනා මොනවද කියලා හිතන්න බැරි උනා.....මගෙ ස්වරූපෙන් උන්න භෛරව් මගෙ වගේ බැදලා තිබුන කොන්ඩෙ අතගෑවා.....කරාබුව අත ගෑවා..ඒකගෙ ළඟින් යන ඔෆිස් යන සාරි කාරියන්ට හුරුවම් බෑවා....
දෙයියන්ගෙ නාමෙට පාඩුවෙ ඉන්නවා භෛරව් ....
" උඹගෙ කෙරුම් තමා මම මේ කරන්නෙ.....උඹ හිතන්නෙ උඹගැන අපි දන්නෙ නෑ කියලද අඹු සිගිත්ත...."
මම.....මම කවදද ඕයි ගෑනුන්ට හුරුවම් බෑවෙ මසක්කන්ද.....
" කෙරුවෙ නැත්තන් මොකටද නහින්නෙ.....කෙරුව හින්දනෙ උඹට රිදෙන්නෙ... උඹව අපි දන්නෙ කලිසමෙ හුජ්ජ කරන කාලෙ ඉදන්..."
උඹව මරන්ඩ ඇත්නම්....
මට තරහ ගියා...මගෙ මූන රතු උනා...අග්නිට හපන් කටක් තිබුන භෛරව් අනිත් පාර කියපු කතාව එක්ක මට අවංකවම එන කෝච්චියකට බෙල්ල තියන්න හිතෙනකොට එකා දෙන්න එකා දෙන්නා සෙනග පිරුන ෆ්ලැට් ෆෝන් එකේ සෙනග අස්සෙ මම හැංගුනා....මොකද මෙතන උන් හිතන්නෙ දැන් අපි දෙන්නා නිවුන්නු කියලා වෙනකොට වෙනදට අගර දගර පාන ලමිස්සියොත් අද මේක දිහා බැලුවා....මුන් දෙන්නම මහ වනචරයො...
" කොහෙද උඹ හැංගෙන්නෙ...මැරුම් කන්ඩ ආසද...මාව එව්වෙ උඹව බලන්ඩ කියලා මිසක් වැඩ කරන්ඩ නෙවෙ ලගට වෙලා ඉදපන්.."
මම ලගට වෙලා ඉන්නම් ඔය හැකර කට වහගනින් භෛරව් ....කාටහරි ඇහේවි ඔය කට....උඹ යකෙක් නේද .....අයියත් එකයි මල්ලිත් එකයි වෙලාවකට පිස්සු හුත්තලා දෙන්නෙක්.....
"ම්ම්ම්....විහිලු කරන වෙලේට විහිලුවක් කරන් ඉදින් අග්නිගෙ මැනොකෙ.....අපිට තරහා ගියහම උඹ කව්ද කින්ද මන්ද වැඩක් නෑ මරල දානවා"
......
ටකස් ටකස්.....ටකස්....ටකස්...
මම මීක් නොගා උන්නා...සෙනග ගොඩේ තෙරපි තෙරපි හිටන් ඉන්නකොට එයා මගෙ කනට කොදුරපු වචන මගෙ පිට කොන්ද හිරි වට්ටන් යනකොට මම මීක් නොගා උන්නා...වෙන.මොකටවත් නෙවෙ....මට භෛරව් ගෙ වචන එක්ක ඊයෙ රෑ අග්නි කියපු වචන මතක් වෙලා මගෙ පිට කොන්ද දිගේ හිරියක් ගියා.....
ටකස් ටකස් ..ටකස්....ටකස්....
කට මට්ටන් වෙලා උන්න පෙට්ටිය ටිකෙන් ටික හිස් වෙලා සාරි කාරියොයි මිනි ස්කර්ට් කාරියො වගේම කලිසන් ටයි පොලු බැදපු උන් ඉතිරි වෙනකොට භෛරව් ගාව වාඩිවෙලා ඉන්නකොට එයා අර සිම් එකක් නැති ඵෝන් එකට පුලුවන් තරම් ඇගිල්ලෙන් ඇන්නා.....පුලුවන් තරම් ඵෝන් එකට එන වෝල් පේපර්ස් බැලුවා...
..ඔච්චර හයියෙන් ඕකට අනින්න එපා භෛරව් ඕකෙ ඩිස්ප්ලේ යයි....
" කොහෙද ... "
මොනවද ....
" මොකක්ද මන්දා උඹ දැන් කිව්වෙ ..."
අනේ කටපියන් ඉදපන් භෛරව්.....
දෙයක් කියලා බේරෙන්න බැරි භෛරව් එක්ක මට තවත් එල්ලි එල්ලි යන්න බැරි හින්දා ඌට ඕන එකක් කරගනින් කියලා මං පාඩුවෙ පැත්තකට උනා...
මිනිස්සු මිනිස්සුන්ගෙ ලෝකවල ....භෛරව් ඵෝන් එකේ සිහියෙන් ...ඒත් මගෙ ඔලුව යකාගෙ කම්මලක් වගෙ වෙනකොට මං අග්නි කොහෙ ඉන්නවද කල්පනා කෙරුවා ....
භෛරව් ....
"ම්ම්ම්"
මගෙ අග්නි....
"ඌත් මේක කනවා ඇති...."
කොහෙ ඉදන්...අග්නිත් මේකමද..... ??ආ භෛරව් .....මගෙ අග්නිත් මේකෙමද....
එයාගෙ ගාවම ඉදන් උන්න මං කරන්ට් එක වැදුනා වගෙ ඈතට උනා.....එයත් මේක කනවා ඇති කියනකොට මට හිතුනෙම මගෙ අග්නි මේ කොහේ හරි ඇතිකියලා වෙද්දි මම මගෙ උකුලේ තිබුන බෑග් එකත් පැත්තක දාලා එයාව හොය හොය හතර වටේම කැරකෙන්න ගත්තා...
භෛරව් ...
ම්ම්ම්
කෝ අග්නි ....කොහෙද එයා....එයත් අපි එක්ක ඉන්නවනෙ.....
"මහ වදයක් උඹ මරන්ඩමයි හිතෙන්නෙ"
මරපන් එයාව හොයලා දීලා...
" ආස ඇති උඹව මරල මටත් මැරුම් කන්නද.....මෙච්චර කල් බලන් උන්නෙ උඹ වගේ කමකට නැති එකෙක් හින්දා මැරුම් කන්ඩද?"
මට එන තරහවටම මගෙ "නිවුන්නව" ජනේලෙන් එලියට තල්ලු කරන්න හිතුනා...ඒක නෙවෙ මගෙ දිහා බලන්නෙ උගෙ ඇස් දෙක තිබුනෙ අර මෙලෝ කමකට නැති වෝල් පේපර් එකක් උඩ වෙනකොට බැරිම තැන මම එයාව හොලවලා හොලවලා බැරිම තැන කාටත් හොරාවට මම එයාව හපන්න යනකොටම මම බලාගන සෙනග ගොඩේ මගෙ දිහා බලන් උන්න තවත් රතුපාට ඇස් දෙකක් මගෙ දිහාම බලන් ඉන්න හැටි මම අහම්බෙන් වගේ මම දැක්කා....
දෙ...විය...නේ.....අග්නී...
ඔව් මයි.....ඒ උන්නෙ අග්නි....වෙන කවුරුත් නෙවෙ අග්නි.....මූන දෙක කරන් රවාගන උන්න එයාගෙ මූන දැකපු මට හීන් දාඩිය දැම්මා උනත් මුන් දෙන්නගෙ ඵෝන් හොරකම මතක් උනා විතරයි මටත් "අග්නිව"වැහෙන්න ආවා....

කලු කුමාරයා වගේ කලුවට කලු ඇදුම් ඇදන් උන්න එයා එහෙන් රවනකොට මම ඇස් වලින් භෛර්ව්ගෙ අතේ තිබුන ඵෝන් එක පෙන්නලා " හිටපන් උඹට දෙන්නම්" කියලා කියන කොට එයත් පුලුවන් දෙයක් කරපන් කියලා අහක බැලුවා...
දැන් මා එක්ක එන්නෙ මොකටද?
"අර ඉන්නෙ වාහෙ....අහපන්"
මම කට පියා ගත්තා...උගෙන් වචනයක් ගන්නවට වඩා ලේසියි ඉබ්බෙක්ට පියාඹපන් කියන එක වෙනකොට මම අහක බලාගන ඉන්නකොට මගෙ එහාපැත්තෙන් කවුරු හරි ඉදගන්නවා දැනුනා...
ඒ සුවද....
මගෙ අග්නිගෙ සුවද.....
මට හැරිලා වත් බලන්න උවමනාවක් නොතිබුනත් හැරිලා වත් නොබලම මට එහා පැත්තෙන් ඉන්නෙ මගෙ අග්නි කියන එක මට දැනුන වගේම මගෙ බෑග් එකට යට වෙලා තිබුන අතට සීතලක් දැනුනා.....
අග්නී.....එයා මගෙ අත අල්ලගත්තා .....
" මැනිකෙ ...."
එයා කොදුරනවා.....අරකා පුලුවන් තරම් ඵෝන් එක කනවා...මේ යකාගෙ ඇස් දෙක පොට්ට වෙනවා දැන්....
ලැජ්ජ නැද්ද අග්නි හොරකමේ යන්නෙ...උඹට සාපද...මොලේ හොද නැද්ද....උඹ මටත් එක්ක ලැජ්ජා කරනවා...
මම බැන්නා.....මම තිබ්බ තරහවටම බැන්නා.....
හැබැයි කටින් නම් නෙවෙ මේ ඕක්කොම කියුම් ටික කිව්වෙ හිතින් වෙනකොට එයා තවමත් මගෙ අත අතගාන ගමන් උන්නා...
.අග්නී.....
"ම්න්.."
..ඇයි මේ ....මං අහන්නෙ ඇයි ඔය දෙන්නා මාත් එක්ක යන්නෙ.....
"ඇයි....උඹට බයද....උඹගෙ පැටිකිරිය අපි දකී කියලම්ම්...."
මගුලක් කතා කරන්න එපා අග්නි....මගෙ මොන පැටිකිරිය දකින්නද.....
" කව්ද දන්නෙ.....උඹලා ගෙයින් පිටට ගියහම තනිකඩයො වෙනවනෙ..."
එයා මගෙ අත කොනිත්තනවා....ආයම අතගානවා....ඒ කොහොම මොනවා කිව්වට් මට සමරවීර ගැන බයක් හිතුනා...බයට වඩා දුකක් දැනුනා.. .
"මට උඹගෙ මහ තැන ගැන කියපන්...."
මහතැන.....ඒ කව්ද....
.."උඹගෙ ලොක්කා.....මම අහන්නෙ මම ගැන නෙවෙ....ඒක කොහොමත් ස්තීර පට්ටමක්නෙ....මම අහන්නෙ ඔය පැය අටේ එකාගැන... "
අනේ අග්නී .....ඌ දරුපවුල් කාරයෙක්.....
"දරු පවුල් කාරයා උනත්.....ඌ අඩවන්නෙ අග්නිගෙ අඹු සිගිත්තවනෙ...මෙන්න මේකෙ වෙන මොකක් හරි දාලා දියන් ඇස් දෙක අන්ධ වෙන්න එනවා මේ රෝස පාට දිහා බලන් ඉදලා..."
.ඒ අනිකා....ඒ අනිත් යකා.....ඉන්නෙ ඵෝන් එකේ සිහියෙන් උනත් ඒ යකා අපේ හැම කතාවකටම කන් දීගන ඉදලා අවසානෙදි මෙච්චර වෙලාම බලන් උන්න වෝල් පේපර් එක මාරු කරලා දෙන්න කියනකොට මම ඒකගෙ මල වදෙන් බේරෙන්නම මම ඒක ඉල්ලන් මගෙ එකෙන් පලතුරු කපන ගේම් එකක් දාල දුන්නා...
මෙතනින් එහාට වෙන මොකුත් ඔබන්නෙ නෑ ආ...
"දැන් මේකෙන් මොකද කරන්න තියෙන්නෙ...."
ඔය පිහියෙන් පලතුරු කපන්න තියෙන්නෙ.....
" පලතුරුද තියෙන්නෙ...."
..
එහෙනම්...??මොනවද ඕනෙ....
"යක්කු ඉන්න ඒවා නැද්ද බෙල්ල කපන ඒවා වගේ.....?"
දෙවියනේ භෛරව්.....මෙන්න මෙහාට දෙනවා ඕක.....මම එන්න කිව්වෙත් නෑ...ඇවිදින් මට වද දෙනවා....
" ඔය නම් උඹ මැරුම් කන්න ආස වෙලා...පොඩ්ඩක් කියවන්න දුන්නම කරේ යන්න එන්නෙ ඇයි ම්ම්ම්ම්ම්ම්....උඹ තාම කාලා තියෙන්නෙ අගිගෙන් විතරයි..."
" භෛරව් ...".
" හරි ඉතින්....උඹගෙ කොට මගුල නිකන් කූඩාරමට බෙල්ල දාන්න දුන්න ඔටුවා වගේ...අවසානෙදි ඇගම දාගන්නවා.....වචනයක් දෙකක් කියවන්න දුන්නම මූ අපේ අප්පා වෙන්න හදනවා....තමුන් හන්දා ආවා මිසක්කා...."
"ඇයි නැතිනම් කොහෙට හරි වෙලා හූල්ල හූල්ල බලන් ඉන්ඩද.... "
"ඒක තමුන්ට අයිති කාරනාවක් නෙවෙ අග්නි අමරේන්ද්රන් ....."
" තමුන් මගෙ මල්ලි වෙනකොට තමුන් ගැන මට හොයන්න අයිතියක් ඕනවටත් වඩා තියනවා කාලි භෛරව්.....".
අනේ ඇති ඔය රන්ඩුව.....
.ඒ දෙන්නා හොරාවට හොරාවට බැන ගන්න පටන් ගත්තා .....කොච්චර හිමින් කිව්වා උනට් ඒ කටහඩවල් දෙකම තදවෙලා තියනකොට මට බය හිතුනා.....අවසානෙදි මම හින්දා මොකක් හරි වේවි කියලා ....දෙන්නටම ඉවසීම කියන දේ බින්දුවක් වත් නැති දෙන්නෙක් වෙනකොට අවන්කවම මම බය උනා...මම එ දෙන්නගෙම අතේ මැනික් කටු ගාවින් අල්ල ගත්තා .....අවසානෙදි ඒ දෙන්නම දෙපැත්තට හැරෙනකොට යක්කු දෙන්නෙක්ට මැදි උන මම මිනිස්සුන්ට හොරෙන් එයාලට කුටු කුටු ගෑවා.....
."මොකාද උඹගෙ ලොක්කා කියපන්"
" ඇතුලෙ ඉන්නෙ මොකාද එකෙක් නෑර පෙන්නපන්..."
ආයම පටන් ගත්තා ...ආයම පටන් ගත්තා .....දෙන්නම එක පාර ප්රශ්න අහනකොට මගෙ ඔලුව කැරකෙන්න ගත්තා වගේම අවසානෙදි ඒ ඔක්කොම දෙපිටින් යන්න භෛරව් තවත් දෙයක් ඇහුවා.....
" අර චුට්ටමාට වයස කීයද....."
භෛරව් ....ඒකා පොඩි කොල්ලෙක්....ඒකා පොඩි එකෙක් ....
."මම ඇහුවෙ වයස මිසක්කා ඌ එක්ක දීග තුලා යන්න නෙවෙ..."
මම අග්නි දිහා බැලුවා....අග්නි මගෙ අත අල්ලන් අහක බලන් ඉන්නකොට මමත් උත්තර නොබැද අහක බලා ගත්තා ...එතනින් පස්සෙ භෛරව් මීක් නොගා ඉන්නකොට මමත් ඒ දෙන්න මැද ඉදන් උන්නා....
ටකස් ටකස්.......
ටකස් ටකස්...
කෝච්චි පෙට්ටි දෙපැත්තට වැනෙනවා.....දකුනෙ ඉදන් ගෙන්දගම් පොලවෙ වැඩට යන සමහරක් මිනිස්සු නිදා වැටුනා...සමහරක් නිදා ගත්තා ...බෑග්වල.තිබුන බත්මුල් වල සුවද....කෙසෙල් කොලවල ඔතපු බත් මුල් වල සුවද පෙට්ටිය පුරාවට යනකොට මේ ඔක්කොම ජීවත් වෙන්න මැරෙන මිනිස්සු නේද කියලා හිතුනා.....
පැය අට උනත් සමහරුන්ට ...මට වගේ උන්ට කතරගම දෙයියන්ට වඩා අත් දෙකක් ඕනා උනා...කකුල් දෙක මදියි කියලා හිතුනා.....කතා කරන්න තව කටක් තිබුනා නම් හිතුනා.....ලොකු පුටුවෙ ඉදගන ඉන්න එකා ඔලුව කන කෑමට ඒ හැම තරහවක්ම මට පහලින් ඉන්න උන්ගෙ පිටින් යවපු දවස් තිබුනා...ඒත් එහෙමයි කියලා .....මම උන්ගෙ පිටින් ඒ තරහා යවන එක කොච්චර නරකද කියලා මම මගෙම්ම අහගත්තු දවසුත් තිබුනා..."කවදහරි දවසක"මේ හැම දේම හරි යයි කියලා හිතාගන මම හිත හදාගත්තු දවස් තිබුනා ...
අවංකවම ....මම තවමත් ඒ කියන "කවදහරි දවස " එනකන් මේ දැනුත් බලන් ඉන්නවා.....
මම එහෙම්ම අපිට එහා පැත්තෙ ඉදන් උන්න වයස.අවුරුදු විස්සක්...විසි දෙකක් විතර කියන්න පුලුවන් කෙල්ල දිහා බැලුවා .....
අපි ජාතියට කියවීම හුරුකලෙමු...
ඇම් ඩී ගුණසේන....හෙලදිව මහාපොත් හල....
ගුරුළුගෝමි පඩිතුමා අමාවතුර ලියන ලෝගෝ එකක් සුදු නූලෙන් මහපු ටී ශර්ට් එක ඇදන් උන්න කෙල්ලට නින්ඩ ගිහින් ඔලුව කඩා වැටෙනකොට සාක්කුවෙ තිබුන ඵෝන් එක රින්ග් වෙලා ලමයා ගැස්සිලා ඇහැරුනා...කෝච්චි සද්දෙ වගේම හුලගෙ සද්දෙ එක්ක කෙල්ල කියපු හැම දේම හරියටම ඇහුන් නැති උනත් මට ඒ තොල් එහා මෙහා වෙන විදිහෙන් කෙල්ල කියවන දේ තේරුම් ගන්න පුලුවන් උනා....
මැනුවල් පොත් වගයක් ඉල්ලනවා...අනිවාර්යයෙන්ම ඔය ලමයා යන්නෙ තුන්වෙනි තට්ටුවෙ එකවුන්ට්ස් එකට....එයත් අර කියන "කවද හරි දවස" එනකන් බලන් ඉන්න එක්කෙනෙක් ....
පව්.....හැමෝම ජීවත් වෙන්න නහිනවා.....සමහරුන්ට මෙ වයසෙදි සැප විදින්න උරුම උනාට...සමහරුන්ට ජීවිතේ දුක විතරක් උරුම කරලා තිබුනා...
අග්නී.....
"ම්ම්ම්...."
ඇයි අග්නි....හුස්ම මේ තරම් බර...?
මම එයාගෙ මූන දිහා නොබලා බෑග් එකට යටින් එකට පැටලිලා තිබුන අත අල්ලන් මං හිමීට මිමිනුවා ...
"ජීවත් වෙනවා කියන්නේ ඒකට නෙ මගෙ ශිවන් .....සැප දුක සමබර තැන් තිබුනත්.....සමහර තැන්වල සතුටක් පේනතෙක් මානෙක නෑ...."
මං ඔහේ උන්නා .....රැයෙන් බාගයක් නඩු විසදපු මට නින්ද යන්නත් ආවා උනත් තව ස්ටේශන් දෙකයි තුනයි බහින්න ඕනා කියන එක මතක් වෙනකොට අනේ මට ඔරලෝසුවෙ කටු ආපහු හරවන්න හිතුනා ...
"ප්රවේසමෙන් බැහැපන් මිනිස්සු පොරකනව උඹව පහලට වැටේවි ...."
කෝච්චියෙන් බහින්න හදපු මට එයා ප්රවේසමෙන් බහින්න කියනකොට මං හිමින් හිමින් තල්ලු වෙවී ගිහින් අවසානෙදි බැහැගත්තා ....ඇත්ත ....මිනිස්සු පොරකනවා ....රතු ඉර වදින්න කලින් අත්සන් කරන්න...අට වෙන්න කලින් ඇගිලි සලකුන ගන්න ...මිනිස්සු පොරකනවා ....මෙතනින් පස්සෙ ඉන්නෙ තනිකරම යාන්ත්රික මිනිස්සු වෙනකොට දවල් වෙනකොට රිසෙප්ශන් වල ඉන්න කෙල්ලන්ගෙ කටේ කෙල හිදෙනවා....
"මැනිකෙ...."
තට්ටු ගානක බිල්ඩින් එක ඉස්සරහා හිටන් උන්න මට මගෙ අග්නි කතා කරනකොටම මගෙ නිවුන් රූපෙ දිහා බැලුවා ....එයා ඉන්නවා මෙච්චර වෙලාම ඵෝන් එක එක්ක ඔට්ටු උන භෛරව් අර පරන භෛරව් විදිහටම රවාගන ඉන්නකොට මං අග්නිගෙ ඇස් දිහා බලන් ඇයි කියලා ඇහුවා ....
"උඹ එක්ක අපි ආවෙ හුරතල් වෙවී ඉන්ම නෙවෙ .ගෙදර ගියත් උඹට සැනසීමක් නෑ ..උඹගෙ බෑග් එකෙ එදා අර වයසක උන්දා දීපු පොත ඇති සිහි කල්පනාවෙන් කියවපන්....."
එයා මට වෙන්න ඕන දේවල් කියනකොට මම ඔලුව වනලා ඇතුලට එන්න එනවා එක්කම ඒ දෙන්නම අතුරුදහන් උනා ....
යන යාමටම කෝපි එකක් හදාගත්තු මම ඒකත් අරන් කැබි එකට එන්නා ආවා...කැබින් එක වෙනස් වෙලා....වෙනදට නැති මල්පොකුරක් මේසෙ උඩ තිබුනා.....ඒකත් අමු මල් වෙනකොට මල්වලට ආවේනික නොවුන වැනිලා සුවදක් මල්වලින් එනකොට මම දොරකොඩ ඉදන් ඇස් කැරකෙව්වා .....බිත්ති ඔරලෝසුවක්...මීට කලින් නොතිබුන ඇනයක් බිත්ති ඔරලෝසුවෙ බර දරාගන ඉන්නකොට මම සෑහෙන්න වෙලා බලන් ඉදලා කැබින් එක ඇතුලට ඇවිත් කෝපි උගුරක් මං හෙමින් සැරෙ තොල ගාන්න ගත්තා ....
කොපි උගුරෙන් උගුර පහලට යනවා වගේම මුලු කාමරේම කෝපි සුවදින් පිරිලා යනකොට මම මට නුපුරුදු කාමරේ පුරාවටම ඇස් යැව්වා ..මට බයයි කොහෙන් මොකියක් මතුවෙයිද කියලා මට බයයි .... ...
ටික්...ටික්.....ටික්.....ටික්.....
ඔරකෝසුවෙ කටු කැරකෙනවා .....සුදු පාට ඔරලෝසුවෙ තිබුනෙ රෝම ඉලක්කම් වෙනකොට ¡¡¡ වගේම v තිබුන් නෑ.....
තුනයි පහයි ....ඒක....ඒක.....
ඒ නැති උන ඉලක්කම් දෙක කියන්නෙ....
පහයි කාල.....
පහයො කාල...
අනෙ ඇත්තටම ඇයි මෙ පහයි කාල ඔය තරම්ම මගෙ පස්සෙන් පන්නන්නෙ ...
අනෙ ඇයි ඒ ....
තත්පර ගානක් ඔරලෝසුව දිහා බලන් උන්න මම අනිත් පාර බෑග් එක ඇරලා පොත ගන්නවත් එක්කම මගෙ කැබින් එකේ ජ්නෙල් වීදුරුවට මොකක් හරි මහ සද්දෙන් වැදුනා....මං අතට ගත්තු පොත ආයම මේසෙ උඩින් තියලා මගෙ වීදුරුවට මොකක්ද වැදුනෙ බලන්න යනකොට මන් දැක්කා වෙව්ල වෙව්ල තටු ගහන කාක්කෙක්...කාක්කෙක්.....??
ඔව් ඇත්තටම කාක්කෙක්.....ඒකා එන ඒමටම මොන මගුලටද මේ වීදුරුවට කෙටුවෙ මූට ඒ තරම්ම තේරෙන්නෙ නැද්ද ....
මන් මෙහා පැත්තෙ ඉදන් ගැහිලා ගැහිලා අවසානෙදි මැරිලා ගියපු කාක්ක දිහා බලන් උන්න මම ආපහු මගෙ මේසෙ ගාවට ඇවිදින් පොත දිගෑරගත්තා
මන් පොතේ පලවෙනි පිටුව පෙරලුවා පෙරලලා හිමින් හිමින් අකුරෙන් අකුර කියවන්න ගත්තා ...මාත් එක්ක ආව අග්නි වගේම භෛරව් මොන ලෝකෙ ගියාද හොයන්න බැරි වෙනකොට තත්පරෙ තත්පරේ ගෙවෙන්න ගත්තා ....
මටත් නොදැනිම මගෙ අත් දෙක ආය ආයම කසන්න ගත්තා ...පොත කියවන්න ගත්තු වෙලේ ඉදලා සැරින් සැරේම මගෙ ඔලුව කැක්කුම් කරන්න ගත්තා ...සැඉන් සැරේම එක එක සද්ද බද්ද එක්ක මගෙ සර්වාංගෙම කැකුම් කරනකොට මං පිටුවෙන් පිටුව හරි අමාරුවෙන් කියවන්න ගත්තා වගේම ඒ චුට්ටකින් මගෙ කැබින් එකේ දොරට තට්ටු කරන සද්දයක් එක්ක මං ආයම ඔලුව ඉස්සුවා.....
මහත්තයා .....
ඇතුලට එන්න....
දොරෙන් පිට ඇහුන ගෑනු කටහඩට මං උත්තර බදින ගමන් මම පොත දිහා බලන් උන්නා...මල් පොකුරෙන් එන අර වැනිලා සුවදට මගෙ ඇස් පියවෙන්න එනකොට ඇතුලට ආව කෙනා අතේ තිබුන පාර්සල් එක මේසෙ උඩින් තියලා මා දිහා බැලුවා ....
ඔය මොනවද ....
වැහෙන්න එන ඇහි පිහාටු හරි අමාරුවෙන් ඇරන් උන්න මම කස කසම එයාගෙන් ඔය මොනවද අහනකොටත් ඒ ගෑනි මොන මොනවා හරි කියන එක මට ලාවට ඇහුනා වගේම අලුත් මූන මගෙ ඇස්වලට බොද වෙලා පෙනුනා.....ඇතුලට ආව ගෑනිම ඒ පාර්සල් එක දිගෑරලා ඇතුලෙ තිබුන දෙයක් අරන් මගෙ පැත්තට දොක් කරනකොට මං බලන් උන්නා.....
ආ මහත්තයා .....
මො....නව...ද....ඔය .....
කාලා...බලන්නකො මහත්තයා ...
ක්ක්....ක්ව....ද...ඔයා....
මම මගෙ ඇස් දෙක පිහදැම්මා .....ගෑනිගෙ මූන මට බලන්නම බැරි තරමට ඇස් බොදවෙලා යනකොට ඒකි මගෙ අතට මොනවා හරි දීලා අතේ තිබුන පොත ගන්න යනවත් එක්කම මගෙ කැබින් එකේ දොර මහ සද්දෙට ඇරුනා වගේම මේසෙ උඩ තිබුන වැනිල සුවද එන මල්පෝච්චිය ඉබේටම කුඩු පට්ටම් වෙලා යනකොට මං දොර දිහා හැරිලා බැලුවා .....

අග්නි.....එතන උන්නෙ වෙන කවුරුත් නෙවෙ අග්නි....ගින්දර පිටවෙන ඇස් දෙකක් එක එතන උන්නෙ අග්නි වෙනකොට අර ගෑන්ත් අග්නි දිහා රවාගන බලන් උන්නා
.....එයා දත් මිටි කනවා ...එයාව වෙව්ලනවා ....
එයා අඩියෙන් අඩිට අඩියෙන් අඩිය ලගට එනකොට අර එදා වගේම කැබින් එක අස්සෙ තිබුන ලයිට් එක ගැස්සි ගැස්සි පත්තු වෙන්න ගත්තා විතරයි මං බලාගන බිත්ති ඔරලෝසුවෙ කටු රෝම ඉලක්කම් බහ ගාවයි තුන ගාවයි නැවතිලා තිබ්බා වගේම අර ගෑනි එක පාරම මගෙ බෙල්ලෙන් අල්ල ගත්තා ....
නිකන් නෙවෙ මිරිකලම.....
නිකන් නෙවෙ මගෙ උගුරු දන්ඩ කැඩිලා යන තරම් තදිම්ම....
අග්නිව වෙව්ලන්න ගත්තා .....
මමදැගලුවා.....
කහපාට ලයිට් එක නිවි නිවි පත්තු උනා . ..
ජනේලෙට එපිටින් තිබුන කාක් කුන ඉබෙම ගිනි ගත්තා....
අර ගෑනී එන්න එන්නම මගෙ බෙල්ල තද කෙරුවා .....
දොර ගාව උන්න අග්නිගෙ සම්පූරනම ස්වරූපෙ මාරු උනා........ඒ එක්කම එයා කන් අඩි පුපුරලා යන තරමට කෑ ගැහුවා


"හොද හිතින් එයාව අතෑරපන්....."
"උඹට මූව ඕනෙ නම්.....මගෙන් අරගනින් ....මං මූව ගන්නවා .....මං මූව අරන් නැති කරලා දානවා .....පුලුවන් නම්....ඇවිත් බේර ගනින්.....උඹට පුලුවන් නම්....ඇවිත්.....උඹෙ පුංචි හුරතලේව මගෙන් බේර ගනින්....."
අ..අ...අනේ ....අග්....අග්.....කැහ්...ඇහ්.....අග්...නී ...
🙂ගුත් මෝනිම් තූයූ....ගුත් මෝනිම්....තූ...යූතු....ගුත්...මෝනිම්....ඩියර්....ජොබීත....ගුත් මෝනිම් ...තූයූ...🤭🤭
ජොබී නිදහා.....ස්!!!
ඒලමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්ඩ .
මම...
Ferdeesha ❤️💚😘 ...