Cherreads

Chapter 25 - 24

මන් අප්පච්චි දිහාබලාගන උන්නා...මෙච්චර වෙලාම ශීට් එකෙ ඉදන් උන්න අප්පච්චි අනිත් පාර නැගිටලා හිටගත්තා...මන්දා සමහරු කියනවා බැන්දට පස්සෙ මිනිස්සුන්ගෙත් බඩ එනවා කියලා ...

ඒත් මන් මතක ඇති කාලෙක අප්පච්චිට තඩි බඩක් තියනව දැකලානෑ...අඩුම ගානෙ මන් අප්පච්චි වයසට යන එක උනත් හරියට දැකල නෑ...රැල්ලක් නොහොටින්න මැදපු ශර්ට් එක...උරහිසෙ පායපු තරු අහුර....මේ ඔක්කොම එක්ක මන් මේ සෝලංගාරච්චිගෙන් දැක්කෙ පිරිමි කම උතුරන්න තිබුන කඩවසම් කමක්....වෙන් වෙලාම පේන දෙකට බෙදුන පපුව....උඩ අය අඩ නිරුවතින් ඉන්න හැමදාකම යටි ඇග දිගේ ආපිට නාභිය දිහාවට ගුරු පාරක් හා සාමනව වැවුන කලු කෙස් අහුර...

අප්පච්චි උඹ එන්න එන්නම නලුව වගේ...ඇවිලුන ලයිට් එලියට උරහෙ පායපු තරු කැට දිලිසනවා.....

ඒත්.....ඔය තරුවක් පායන්න නම් උඹ කාපු කට්ට මගෙ අප්පච්චි...

අප්පච්ච්ගෙ උරහිස තනිකරම අහසක් වගෙ...තරු පායන්න ඉඩ දුන්න උරහෙටම අම්මගෙ ඉහ වගේම මගෙයි මගෙ චූටි මල්ලිගෙයි ඉහත් වාරු කරගන්න ඒ උරහෙ තනිකරම අහසක් වගේ....

මන් බලාගන උන්නා...එකම පේලියට මාත් මගෙ සුදු අයියත් ඒ වගේම ඇමති වෙන්නත් කලියෙන් ඇමති ඌස්නෙ ගහපු මිනාලුත් ඒකගෙ හෙන්චයියත් අපි හැමෝම අප්පච්චි දිහා බලාගන උන්නා....

රඹුක්වල්ල්....පැමිනිල්ලට තව කොච්චර කොටස් අඩුද අහපු අප්පචි ඉදගන උන්න පුටුවෙන් නැගිටලා කලිසම් සාක්කු දෙකට අත් දෙක දාගත්තා...ඒ චුට්ටකින්ම රූපා මිස් ගාවට අර අසරන අම්මව එක්ක ගියපු ලියනගේ අංකල් ඇතුලට ආවා.....

කිරියගෙ පිය යානාවගෙ මූන අන්දකාර වෙලා...ආතින් කටින් බඩු මලු ගොඩයි...එක උරේක තනිකරම පලා විතරමයි...මොකාද අඩෙ ඔච්චර පලා කන්නෙ....ඇරත් අපෙ මිනිහගෙ ගෙදරත් වේල් තුනටත් මාලු ....මාලු මිරිසට...කිරට...බැදලා....මලවලා...ආය බ්ත්තර සාරු වල ගිල්ලලා බැදලා...කරන්න ඕන ඔක්කොම මගුල් කරලා දෙහි චුට්ටක් දාගන අමුවෙනුත් කනවා මදිවට තව ඩෙසර්ට් එකටත් දෙන්නෙ මාලු...

එහෙම එකේ මොකද මේ පලා අරන්‍ යන්නෙ.....

මන් තත්පර ගානක් විතර ලියනගේ අන්කලගෙ මූන දිහා බලන් උන්නා...ඒ මූන තනිකරම නයා මැරුන අහිකුන්ටකයට අන්ත වෙලා.....කටත් ඔහෙක් වෙලා...ඇසුත් මෙහෙක් වෙලා..එක අහැක් උඩ බලන්...අනික බිම බලන්.....ඇවිදින්නෙත් තනිකරම.....නෑ එක්කො මෙච්චර කියන්න හොද නෑ.....එයා අපෙ අප්පච්චි වගේ....ඒඋනට නොකියත් බෑ....ලියනගෙ ගෙ ගුදමාර්ගෙ ග්‍රහයෙක් හිරවෙලා වගේ බරි කරන් ඇවිදින්නෙ....ඇරත් ගිනි මකරා වගේ මන් බලාගන පපුවෙ ඇවිලෙනගිනි හුස්මට මුහු කරලා වගෙ කොයි වෙලෙත් හූල්ලන් වගේ හුස්ම පිට කරනවා....

එක්කො...ලියනගේ නැන්දත් අපෙ අම්මියා වගේ තව මල්ලියෙක් ගේන්න යනවා වත්දෝ?????

ඒ ඔක්කොමත් නැත්තන්....

හරියටම හරි.....අම්මට සිරිවෙලා...ගම්පහ යට වෙලා වගේ...දැන්නෙ මීටර් උනෙ...මිනාලයා එක්ක කා කොටාගෙන සීදේවියගෙ මතක සත්තියත් හීන වෙලානෙ රත්තරනෙ...ඔවූ...පුතාගෙ හීන වෙලානෙ...

අනිවාර්යයෙන්ම අද කිරියලාගෙ දඹානෙ අත්තම්මලා එනවා ඇති....මේ මගුල් ඉවර උනාම අපෙ අම්මට කියන්න ඕන කිරියලාගෙ ආරච්චිල අත්තට දවල් කෑමකට වත් එන්න කියන්න කියලා ....ආරච්චිල කෙනෙක් කියන්නෙ නිකන්ද මන් අහන්නෙ....මොනරවිලලා ආරච්චිලලා කියන්නෙ නෑකම් අරන් යන්නම ඕන මිනිස්සුනෙ.....

කොහෙද අර මූසලයා මගෙ කට කාලා මගුලක් කෙරුවනෙ...ලියනගේ ගෙ නෙවෙ...ඕකගෙයි ගුදමාර්ගෙ ග්‍රහයො හිරවෙන්න ඕනෙ..මිනාලයගෙ....නිකන් නෙවෙ...බ්‍රහස්පති ග්‍රහයා හිර උනා නම්....

එව්.....

මගෙ කන් දෙකත් එක්ක මොකක්ද වෙලා ගියා...කබලෙන් ලිපට වැටෙන්න ඔන්න මෙන්න උන්න මට එකපාරම බ්‍රහ්ස්පති ග්‍රහයා පුකෙ හිර උනමිනාලයව මැවිලා පෙනුනා විතරයි මගෙ ජනපද බෝල දෙකේ ඉදම්ම හිරියක් ගියා මදිවට නෙලුම් කුලුනටත් මක්කද උනා....එව්ව්...එව්.....යෝහ්...මොනවදමන් මේ හිතන්නෙ....නුවර මිනිස්සු මෙහෙම නෑ අප්පා...නුවර නුවර වලව්කාරයො මෙහෙම නෑ....

මොනරවිල මුනුබුරු පැටියගෙ හිත මක්කද වෙලානෙ අත්තම්මියෙ.....ම්හුක්...

ලියනගේ....

සර්...

මොකො පොල්ල අමතක කරලා ගිහින්...රත්තරන් ගෑනි වගේ තමයි ආ..පොල්ල අමතක කරලා ගියොත් සුම්මා ඉරි....

ස්...ස්...සර්...

මන් කිව්වෙ මේ බැටන් පොල්ල...මන් කියලා තියනවනෙ රත්තරන් ...කොයිවෙලෙත් මා එක්ක උන්නා කියලා වටට පිටට දැනගන්න සාක්ශි තියන්න එපාය කියලා...සාක්ශි මග හැලිලා....පත්තිනි ටෝක්ස් දිදි ඉද්දි ඔව්වා අහු උනාම හෙන කැතයි....

මන් හිතන්නෙ මට කෙලත් හිර උනා...මෙච්චර වෙලාම එහා මෙහා වෙවි උන්න අප්පච්චි එතනම තිබිලා බැටන් පොල්ලක් අතට අරන් ඒක ඇගිලි දෙකක් අතර රදවන් කරකවන්න ගත්තා...ලියනගේ අංකල්ට රත්තරන් කිය කිය කතා කෙරුවත් මොකද අප්පච්චිගෙ ඇස් දෙක තිබුනෙම මිනාලයා ගාව...සාක්ශි ඉතුරු කරන්න එපා...සාක්ශි ඉතුරු කරන්න එපා ගගා ආව අප්පච්චි අර බැට්න් පොල්ල කරකව කරකව ඇවිත් මාවත්....සමුද්‍රවත් දෙන්නවම පහු කරන් කෙලින්ම මිනාලයා ඉදන් උන්න පුටුවට ඉස්සරහින් නැවතිලා එක තට්ටමක් තියලා අප්පච්චිගෙ මේසෙ උඩින් ඉදගත්තා.....ඉදගන ඵෝන් එක අතට ගත්තා...

රඹුක්වැල්ල පුතා...යන්න හදිස්සිද ම්ම්....නෑනෙ.....?

නෑ අංකල්...මට යන්න හදිසියක් නෑ.....ආව කාරනෙ මග දාලා යන්න බෑනෙ....සිහත් කිව්වා හරි...මන් සිහත්ව ඉම්බා....එතනදි සිහත් කියපු කිසිම දෙයක් වැරදි නෑ...ඇරත්....ඇරත් මේ මාලුකාරයට ඒක අදාලද...කැමැත්ත තිබුනා....නැතා....ඒක ඌට අදාල නෑනෙ....ඌ කව්ද.....මන් කව්ද.....????

ඒක ඇත්ත...මාලුකාරයා කව්ද....එතකොට....පුතා කව්ද...ඒක හරි...ඌ කව්ද...ඒක හොද ප්‍රශ්නයක්....හැන්නදිගෙ.....

සර්....

රඹුක්වැල්ල පුතා කියන්න වගෙ සිහත්ව බලෙන් ඉම්බත් තමුන්ට ඇති වැඩේ මොකක්ද....ඇරත් උඹ කව්ද.....රඹුක්වැල්ල පුතා කව්ද.....??

අප්පච්චි!!!

මොකද මොකද තමුන්ගෙ සද්දෙ ආ.....???මන් කිව්වනෙ...මෙතන නෑ කම් නෑ...හරි...මෙතන නෑ කම් අනන් මනන් නෑ...මන් තාම මේ කොනක් වත් අල්ලගත්තෙ නෑනෙ...මන් ඇහුවෙ තමුසෙයි...අර කොල්ලයි අතර මොකක් උනත් හැන්නදිගේට ඇති අවුල මොකක්ද කියලා...ඇරත්...හැන්නදිගෙ මාලු කාරයා....මාලුකාරයා කව්ද.....එතකොට රඹුක්වැල්ලලා කව්ද....???

මන් පුලුවන් උපරිමේටම මගෙ සුදු අයියගෙ අත මිරිකගත්තා...අප්පච්චිගෙ කටින් මගෙ සමුද්‍රට මාලු කාරයා මාලු කාරයා කියවෙන වාරයක් වාරයක් පාසාම මගෙ පපුව ඇදුම් කන්න පටන් ගන්නවා එක්කම මගෙ ඇස් වලින් කදුලු කැට එලි පනින්න අන ලැබෙනකන් බලන් උන්නා.....

අප්පච්චි සමුද්‍රට මාලු කාරයා කියනවා...මිනාලයට පුතා කියනවා...මට කෑගලා බනින්න හිතුනා...අප්පච්චි උඹගෙ ඇහේ දෝසයක්ද අප්පච්චි කියලා කෑ ගහන්න හිතුනා....හිතෙ තියන වේදනාවට මට මිනාලයගෙ බෙල්ල මිරිකන්න හිතුනා...ඒත් ඒ ඔක්කොම අස්සෙ මගෙ සුදු අයියා විතරක් අප්පච්චි එයාට අච්චර මාලු කාරයා අරක මේක කියනකොට ගානක් නැතුව ඒක මේ කනෙන් අහ අහ අනිත් කනින් එලි දදා හොරාවට අල්ලන් උන්න මගෙ අතෙ පිට අල්ල මහපට ඇගිල්ලෙන් පිරිමැද්දා...

ම්...මේක අසාදාරනයි ....ම්...මට රිදෙනවා අයියෙ....

මන් මිමිනුවා....මිනාලයගෙ මූන තනිකරම තොරනක් වගේ.....අප්පච්චි ඌට පුතා කිය කිය මගෙ සුදු අයියට මාලු කාරයා කියන වාරයක් ගානෙම අරූ මගෙ සුදුඅයියා දිහාවත් මා දිහාවත් බැලුවෙ තනිකරම මන් උඹලට කිව්වනෙ.....කියන්නා හාසමාන බැල්මකින් වෙනකොට අප්පච්චි ආයම සමුද්‍රගෙන් උඹ කව්ද...ඇහුවා...

කිව්වත් වගෙ උඹ මොකෙක්ද හැන්නදිගේ....???

ඕ අයි සී මහත්තයට මාව මොකෙක් වගේද පේන්නෙ ම්ම්ම්ම්...ඇදුම දැක්කම මන් නිකන් ලොරිකාරයෙක්...මාලු කාරයෙක් වගේනෙ.....හැබැයි මේ මාලුකාරයා හොයන හැම රුපියලම මගෙ දාඩියෙන් තෙමිලා තියනවා හරී...මගෙන් මොකෙක්වද බලාපොරොත්තු වෙන්නෙ....??මොකාව බලාපොරොත්තු උනත්.....මට අදාල නෑ හරි,අදාල නෑ කියන්නෙ ආය මෙතනට ජනාධිපති ඇවිත් කිව්වත්...සක්කරයගෙ පුතා වයිමා ආවත් මෙච්චර ම තමයි,

මේ මම....මම කියන්නෙ මට.... මන් වගෙ දහයක් නෑ...මට තව එකෙක් වගේ වෙන්න ඕනත් නෑ...එහෙම උනොත් බලුබෙටියි බස් හෝල්ටුයි වගේනෙ....එකම ජාතියෙ උන් හැමතැනම.....ඒ ලබ්බවල් වැඩක් නෑ...

මට මන් ආදරෙ කරන එකෙකුත් කිව්වා කොහෙවත් ඉන්න නරි හන්දා මට මාව නැතිවෙන්ඩ දෙන්න එපාය කියලා .....මන් ඌ කියන දේ අහනවා..මොකද ඌ මගෙ පනනෙ...වේල්ස් කුමාරයා ඇවිල්ලා මාලු කාරයා කිව්වත්...මේ හැන්නදිගේට ඔව්වා වැඩක් නෑ....මන් ඇවිත් තනි මිනිහා....තනි අතා...රැලේ එකා වගේ නෙවෙ...තනි එකා දන්නවනෙ තනි අලියගෙ හැටි ම්ම්ම්ම්ම්.....ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ

මාව ඩිම් වෙලා ගියා....මගෙ අත මිරිකගනම සමුද්‍ර මගෙ අප්පච්චි දිහා බලාගන කියවගන කියවගන යනවත් එක්කම එයාට මන් කියපු එකකුත් කියවන් යද්දි මට කරකියාගන්න දෙයක් නැති උනා.....එයා කිසිම බයක් හැකක් නැතිව යනකොට මගෙ පපුව රොටි කබලකට අන්ත උනා.....

එහෙන් මිනාලයා බලාගන ඉන්නවා...ඒකා උරුම්පූට්ටු වෙනවා...ඌ හදන්නෙම මොනවා හරි කියන්න...ඌ හදන්නෙම අප්පච්චිගෙ ඔලුවට මොකක් හරි විසක් පත්තු කරන්න වෙද්දි මන් අපේ එකට පැටලුන අත හන්ගන්න හැදුවා.....

දැන් හැන්නදිගේගෙ උත්තරෙ ඕකනෙ....ආය එඩිට් වදින්න බෑ ආ....මේ හරිය මකල මෙහෙම එන්න ඕන...මේ කැල්ල එපා...මන් එහෙම එකක් කිව්වෙ නෑ...දැක්කෙ නෑ වගේ ඥන් පඥන් සීන් බෑ හරි...කොමා නෑ...තිත විතරයි හරි...

වචන නම් වචන....එච්චරයි මේ හැන්නදිගේ ගාව දෙකක් නෑ ඕ අයිසි මහත්තයා .....කැමති නම් ලියාගන්න හැබැයි...දෙපාරකට කට උත්තර නෑ හරි....

අනෙ සමුද්‍ර ඕක නවත්තපන් බන්...උඹ හදන්නෙ නිකරුනෙ අප්පච්චි එක්ක එල්ලෙන්නෙ...උඹ හදන්නෙ අරූට වාසි වෙන විදිහට හැසිරෙන්න....ඕක නවත්තපන් අයියෙ...අනේ ඕක නවත්තපන්කො....අනෙ දෙයියනේ මේ මගුල අහවරක් කරලා දියල්ලා මගෙ ඉහ ගිනිගන්න එන්නෙ.....

කටින් යාදිනි තියන්න බැරි මම මගෙ හිතින් කන්නලව් කරන්න ගත්තා....අප්පච්චිත් සමුද්‍රත් තනිකරම තරහා කාරයො වගේ...දෙන්නට දෙන්නගෙ මූනෙ තිබුනෙ මට තේරුම් ගන්න බැරිඅඩමානෙට ඇදුන සමච්චල් සහගත හිනාවක් වෙනකොට මේ හැමදේම අවුලපු මිනාලයා විතරක් මේ හැමදෙම හරි ආසාවෙන් බලාගන උන්නා....සැරින් සැරේම මගෙ දිහා බැලුවා.....

හරි.....එහෙනම් එච්චරයි හැන්නදිගෙ ඔච්චරම කියනවා නම් හරි....මන් හැන්නදිගෙ කව්ද කියලා ඇහුවෙ කොහොමද කියන්න තේරුම් ගන්න ඇතිනෙ...මන් ඇහුවෙ...රඹුක්වැල්ල සිහත්ට ඔය කියන බලහ්ත්කාර හාදුව දෙනකොට තරහා යන්න තරම් හැන්නදිගෙ මේ සෝලංගආරච්චිට කව්ද ??

මේ මාලු කාරයා සිහත් එක්ක යාලුයි අන්කල්....මූ හදන්නෙ මේ සල්ලි පෙන්නලා කොල්ලව අල්ලගන්න...එහෙමනේ සිහත්....මේ ඉන්නෙ කුලුදුල් ප්‍රේමවන්තයනෙ....ඒකනෙ අරලිය ගහයට ඉදන් දෙන්නා පෙම් කෙලියෙ...එහෙමනේ සිහත්...??මහලොකු ප්‍රේමවන්තයා.....හහ්.....මන් කලිනුත් කිව්වා...උඹ වගේ එකෙක්‍ට සිහත්ව දෙන්නෙ නෑ කියලා....

...ම්ම්ම්.....ඒකියන්නෙ එහෙමත් එකක් තියනවා....ලියනගේ...

සර්....

ඇහෙනවද...මෙතන මේ කාකොටාගෙන තියෙන්නෙ ලව්පලහිලව්ක් හන්දනෙ...ඒක හරි...ප්‍රේමවන්තයට නහුතෙට නගින්න ඕන ඒක හරි....නැත්තන් ඉතින් ඌට ලාදුරු වෙන්න ඕන.....

සෝලංගාඅරච්චි....,

පෙම් පලහිලව්වක් කියන්නෙ ඇත්තද...???ඔව් නම්...ඔව්.....නෑ නම් නෑ...අනේ එහෙම නෑ....අනේ එයා කියන්නෙ බොරු ඔව්වා අදාල නෑ...ඇත්තද මේ රඹුක්වැල්ල කියන්නෙ....ඔව් කිව්වොත්....ගහපු එකට සාදරන හේතුව "තමුන්ගෙ ප්‍රේමවන්තයට"රිදුන හන්දා කියන්න පුලුවන් ...හැබැයි සම්බන්දයක් නෑ කිව්වොත්...තමයි අවුල.....නිල් වෙන්න ගහන්න තරන් ....ම්ම්ම්ම්ම්ම්.....සිහත් සෝලංග ආරච්චි මට උත්තර ඕනා උත්තර ...

මන් හිතන්නෙ මට දැන් උන්හිටි තැන් නෑ....කොටින්ම්ම අප්පච්චි ගෙ රතුවේගන ආව ඇස් දෙකෙන් මාව මරන් කන්න තරම් තරහවක් කාන්දු වෙද්දි මං බලාගන මිනාලයා තවත් බීම උගුරක් බොන ගමං ලාවට හිනා උනා....උඹ හැම ගින්නම අවුලලා අවසානෙදි බීම බොනවා...

ඇත්ත...මං මගෙ අප්පච්චි ට පන බයයි ....ආදරෙ තරම්මයි ඒ තරහවෙ තරහවත් ....ඒ හැම දේම දන්න මාව සීතල වෙලා ගියා....

.ඇත්ත.....මං කැමති නෑ මගෙ ආදරෙ හන්ගන්න...මං ආස නෑ.....මගෙ සමුද්‍රව හන්ගන් ඉන්න....ඒත්....ඒත් මේක නෙවෙ විදිහ....මට ඕන උනෙ එයාගෙ අත මගෙ අතට පටලවන් ගිහින් අප්පච්චි ...මන් උඹ වගේම රත්තරන් මනුස්සයෙක් හොයාගත්තා අප්පච්චි කියල මගෙ සමුද්‍රව පෙන්නන.....

ඒත්...දැන්.....දැන් මොකද උනෙ....මිනාල් උඹට කවදාවත් කිසිම හොදක් වෙන්න එපා මිනාල්...

මගෙ ඇස් කොන් තෙමෙනවා...එක පැත්තකින් ලියන ගේ අන්කල් බලන් ඉන්නවා...අනිත් පැත්තෙන් අප්පච්චි උත්තර කොෝ අහ අහ මගෙ ඇස් අල්ලන් ඉන්නවා.....

සෝලංගආරච්චි...අඩන්න දොඩන්න ගත්තොත් මට වෙන්නෙ දවසම මෙතනට වෙලා මේ නඩුව අහ අහ ඉන්ඩ...මෙතන බිස්නස් කාරයෙකුත් ඉන්නවනෙ....වැඩපාඩු කරගන්න බෑ එහෙමනේ හැන්නදිගේ...???ලෑල්ලට යන්න තියනවා...අයිස් එකට යන්න තියනවා...මැකරල් එක....කීයක් තැන් තියනවද හවසට බෝට්‍ටු ගානෙ....

.......ඔව්....ආදරේම දීලා බෑනෙ අරන් යන්නෙ බඩගින්නෙ ඉන්දන්න නෙවෙනෙ මට විනාඩියත් වටිනවා....සුදු චූටි ඔය කියන දේ නාඩා කිව්වා නම් ගෙදර යන්න තිබුනා....

ආයමත්.....ආයමත් අප්පච්චි මගෙ මූන දිහා බල බල උත්තර අහනවා.....එ විතරක් නෙවෙ සමුද්‍ර කරන්නෙ මොනවද එයාට කරන්න තියෙන්නෙ මොනවද කිය කිය කියවන් යනකොට බඩේ බිත්තර තැම්බෙන බව දැන දැනම එයත් මට සුදු චූටි කියනව එක්කම මං හිටගත්තා...

ඔව්...මං ආදරෙයි...මිනාල් කිව්වා වගේම අරලිය ගහ යට මං සමුද්‍ර එක්ක උන්නා.....ඒ අරලිය ගහ යට මොනවද කතා උනෙ කියන්න ඔය මල් පවා කියාවි...හැබැයි ඒ අරලිය ගහ යටම කොහෙවත් යන එකෙක් මගෙ හැගීම් කිලිටි කෙරුවා...

ඕ අයිසි මිස්ටර් සෝලංගආරච්චි...

මං නිකමෙක්ට හොරෙක්ට වංචාකාරයෙක්ට...සල්ලාලයෙක්ට එකි මෙකි නොකි කියන්න බැරි තරම් ජඩවැඩ කරන එකෙක්ගෙන් හැදුන එකෙක් නෙවෙ...මාව හදාපුවදාපු උන් දෙවි වරු වගෙ මිනිස්සු....එහෙව් මම තෝරගන්න ඕන තවත් දෙවියෙක් මිසක් යකෙක් නෙවේනෙ....

මට ඕන උගෙන් වත් කිලිටි නොවුන ආදරයක් වෙනකොට ...දැන දැනම වැදගැම්මකට නැති එකෙක් එක්ක යනවට වඩා හොදයි මැරෙනකම්ම ගෙදරට නාකි වෙන එක....

මිනාල් හරි...මං සමුද්‍රට ආදරෙයි...චුට්ටක්...ගොඩක් එහෙම මගුලක් කියන්න දන්නෙ නෑ...මං මේ මිනිහට පන ඇරල ආදරෙයි....ඕන මගුලක්...මං මූට ආදරෙයි සෝලංගාඅරච්චි.....මං මේ මනුස්සයට පිස්සුවෙන් වගේ ආදරෙයි...මොකද....මේ ඉන්නෙ මගෙ අම්මව ඇස් දෙක වගේ බලාගන්න මනුස්සයා වගේම රත්තරන් මනුස්සයෙක්....

මාලු කාරයා...සරම් කාරයා පිලිහිඩ්ඩා...මට අදාල නෑ.....මේ මිනිහා නැහීගන පිලිහිඩි නාගන ආවත් මට පුලුවන් නාවල ගෙට අරගන උඹට මහන්සී නේ අයියෙ කියාලා වැලදගන්න....මේකා හිගා කෑවත් මට නම්බුයි හොර අරක්කු පෙර පෙර පගා කොමිස් ගහ ගහ හිරවල් හිරවල් ගානෙ යන හොරෙක්ගෙ පුතෙක්ට වඩා මට මූ දාහෙන් සම්පතයි සෝලංගආරච්චි....

මැරුවත් මං මේක නවත්තන්නෙ නෑ....නෑ කියන්නෙ ආය නෑම තමයි...අනික...අනික මට දහ අටයි මහත්තයො.....මගෙ අම්මත් අපෙ අප්පච්චි එක්ක ගියෙ ඉස්කෝලෙ යන කාලෙ.....

අප්පච්චි ට පුලුවන් නම් අම්මව අරන් යන්න..මට බැරි කමක් නෑනෙහැන්නදිගේ එක්ක යන්නනේ....ඔය මහත්තයා අපෙ අප්පච්චිව දන්නවද...නෑනෙ...දවසක අහල බලන්න.....මං මේක නවත්තන්නෙ නෑ....!

මගෙ පපුව ගැහෙනවා....මගෙ පපුව දැන් එලි පනි ....දැන් එලි පනී කියලා හිතෙනවා...කතා කරන වචන වලටත් වඩා වේගෙන් ඇස් වලින් කදුලු ගුලි බිමට වැටෙනකොට මං ආතක් පාතක් නැතුව කියවන් කියවන් ගිහින් ගිහින් මෙතන ඉන්නෙ ඕ අයිසි මිසක් අප්පච්චි නෙවෙ කියපු අප්පච්චිටත් මං අපෙ අම්මා ගියෙත් මගෙ වයසෙන් කියනවත් එක්කම මං බලාගන යටි තොල ලාවට හපාගත්තා....

එච්චරද...??

ඔ..ඔව්....එච්චරයි ...

මරු කට...මාලු ලෑල්ලටම තමා හරියන්නෙ. ..තමුසෙ මේ මාලු කෑල්ලට ඒ තරම්ම ආදරෙයි ..

ඔව්...මූට මාලු එක අපෙ අප්පච්චි දෙක මං තුන වගේ නෙවෙ...මට මූ එක.....මං ආදරෙයි...එච්චරයි .....

ජයටම බිස්නස් එක කරන්න පුලුවන් කටක් හැන්නදිගේට ඉන්නෙ එහෙනම්.....හ්ම් හ්ම්...

අංකල්????මොක්කක්.....අංක්ලට පිස්සුද අංකල් ඔය වගෙ විහිලු කරන්නෙ...????

හැන්නදිගේට ඉන්නෙ.....??? ඕ අයිසි පට්ටම බල්ලට දාපන්....සෝලංගාඅරච්චි තමුන් කියන්නෙ සිහත්ව මේපිලිහිඩ්ඩට දෙනව කියලද....????ලැජ්ජාවක් නැතුව සිහත්ව මේ මාලු කාරයට දෙනවා කියලද කියන්නෙ...මොලෙ නැද්ද .....මොලේ නැද්ද අයිසෙ මූ වගෙ එකෙක්ට තමන්ගෙ පුතාව දෙන්න.....???තමුසෙට මොලේ නැද්ද ඕයි අත උස්සලද පොලිස්පට්ටම ගත්තෙ???????

මාව සීතල උනා...මිනාල්..මිනාල් උඹ ඔය කතා කරන්නෙ මගෙ අප්පච්චිට යකො.....

කියන්න ඕන දේවල් කියල ඉදගන්නවත් එක්කම අප්පච්චි කෙරුවෙ සමුද්‍ර දිහා බලාගන කට කොනින් හිනා උන එක...හිනා වෙලා මරු කට මාලු ලෑල්ලට හරියන කට කියනවත් එක්කම අහක උන්න මිනාලයා ෆයර් වෙන්න ගත්තා....ඒකා කෙලින්ම මගෙ අප්පච්චි ට අයිසෙ තමුසෙ කිව්වා...මීට තත්පර ගානකට කලින් අංකල් අංකල් ගගා වැදගන වගේ උන්න එකා කෙලින්ම මගෙ අප්පච්චි ට තමුසෙ කියනවත් එක්කම අප්පච්චි අනිත් පාර අර අතේ තිබුන බැටන් පොල්ලෙන්ම අප්පච්ච්ගෙ කලවෙකට ගහගත්තා.....

අනෙ මිනාල් උඹ නම් අද ඉවරයි....උඹ අද ඉවරයි...මාව පාවා දුන්නට වඩාමගුලක් අද උඹට වෙන්නෙ....

බල්ලට දාන්න.....???බල්ලට දාන්න කියලද කියන්නෙ...????????ඕඅයිසි පට්‍ටම බල්ලට දාන්න පුලුවන් පට්ටමක් නෙවෙනෙ රඹුක්වැල්ල....උඹ කියන්නෙ මං මේ නැහීගන ආවෙ උඹ වගේ පොල්කට්ට පිරෙන්ඩ හුජ්ජ කරන්ඩ බැරි එකෙක් කිව්වම මගෙ පට්ටම අහකදාන්ඩ දෙකට නැවෙන්ඩ ඕන කියලද????ම්ම්ම්ම් ඒකද දැන් උඹ මේ සෝලංගාඅරච්චිට කියන්නෙ????අයිසෙ....තමුසෙ.....??මොනවද මේ වචන....මං කව්ද...උඹ කව්ද...හොදට කල්පනා කරපන්...මං කව්ද....උඹ කව්ද කියන එක...මං ඇහුවනෙ...දෙපාරක් තුන්පාරක්ම කව්ද මිනාල් රඹුක්වැල්ල කියන්නෙ කියලා....?????

අ...අ....අ..අ.ංකල්....

මොකෝ...මට දාපු සද්දෙන් මං අඩක් වත් තමුන්ට දැම්මෙ නෑ ඉලන්දාරියා.....හැන්නදිගෙ මාලු කාරයා සර්ම්කාරයා මට අදාල නෑ...හැබැයි මිනිහට දුන්න ප්‍රශ්නෙට ඌ සට සට ගාලා උත්තර බැන්දා...දැන් ඌ නිදොස්කොට නිදහස්....අනික අරුත් පිලිගත්තනෙ ඌ හැන්නදිගේ එක්ක පලහිලව්වක් තියනවා කියලා...එතකොට උගෙ තරහව සාදාරනී කරනය වෙනවා..මොකද ආත්මාඅරක්ශාවටත් මිනිමරන්න වෙනවනෙ....ම්ම්ම්....

හැන්දා මට දෙන්න ඕන උත්තරෙ දුන්නා...හැබැයි මෙ පැමිනිල්ලෙ හිඩැස් තියනවා...තමුසෙලාගෙ වාහනෙ හරස් කරපු එකට අපිට දඩයක් ගස්සවන්න පුලුවන් .....හැබැයි ගහපුවට නම්..මොකද තමුසෙත් ගහන්න ඇතිනෙ....

හැන්නදිගේ ...

.සර්...

තමුනුයි සිහතුයි විතරද ගැහුවෙ....නැත්තන් රඹුක්වැල්ලත් ගැහුවද....

ගැහුවා...

හරි...ඇහුනනෙ...ගහපු එකට මට කරන්න දෙයක් නෑ...පාරට ප්‍රතිප්‍රාහරයක් අනිවාර්යයෙන්ම තියෙනවනෙ.....නැත්තන් ඌත් නිකමෙක් වෙනවනෙ....හරි...දැන් තමුන් කව්ද කියන්න බලමු.....තමුසෙ කියන හන්දම මං ඕඅයිසි පට්ටම පැත්තක දාලා අරූගෙ අප්පච්චි පට්ටම ගන්නම්...හරි...එතකොට මට පුලුවන් නීතිමය ඇහැකින් බලනවට වඩා.....අරූගෙ අප්පච්චි හැටියට තමුසෙ මගෙ පුතාට කරපු දේ වැරදිද නැද්ද කියන එක තීරනෙ කරන්න....ම්ම්ම්ම්ම්

උත්තර උත්තර රඹුක්වැල්ල....

මහත්තයා බේබි අතෙ වැරද්දක් නෑ මහත්තයා...අනික මේ වයසෙ උන් ආදරෙකරනවා නේන්නම්.....

තමුසෙගෙ නම කව්ද....

ද්..දයාසිරි සර්....

නෑකමක් තියනවද රඹුක්වැල්ලට???

න්....නෑ...සර්.....මං බේබිගෙ ඩ්‍රයිවර්...නෑකමක් නෙවෙනෙ මහත්තයා දකින දේනෙ කිව්වෙ....

අම්මටම...සිරි...දයාසිරි...ඒහ් ලියනගෙ...මේබලපන්කො....හුම්ම්..හුම්...හාරි...හාරි..බේබි වැරදි නෑ කියලනෙ කියන්නෙ.....ඒ කියන්න්..මේකොල්ලගෙ කැමැත්ත නැතුව ඉම්බ එක අවුලක් නෑ....

සර්..මේක ලව්පලහිලව්නෙ....අනික මුලින් අකමැති උනත්....පහුවෙලා කැමතිවෙන උනුත් ඉන්නවනෙ...ඒත් අරකා කරපු තුප්පැහි වැඩෙ වටින් නෑනෙ....ඌට වටින් නෑ සර් බේබිට ගහන්න.....

ආ ඕයි දයාසිරි තමුසෙ කියන්නෙ තමුසෙගෙ බේබියා මගෙ කට කෑවට අවුලක් නෑ කියන්නෙ...අයිසෙ තෝව දඩු කදෙ ගහලත් මදිනෙ...තමුසෙ කියන්නෙ මං තමුසෙගෙ බේබියට කට කන්න දෙන්න ඕන කියලද...දැනගන් ගොන් හුත්තා මං වලව්කාරයෙක් බොල...මොනරවිල මහ මැනිකෙගෙ මුනුබුරා මම.....දඩුකදෙ ගහල මං තොගෙ වටේ කිරිකොරහා නටනවා දැනගන් ගස්තරයා

ආ...ආ....ඒහ්..මොකො මොකො ආ...මේක මාලු මාකට් එක වගෙ කියලා හිතුවද ...ඉදගන්නවා ඉදගන්නවා සිහත්...මන් තාම දයාසිරිගෙ කතාව අහල ඉවර නෑනෙ...මිනිහා කියනවනෙ ඔව්වට පහු වෙලාකැමති වෙනවා කියලා ...නිකමට අපි එක්ස්පරිමන්ට් එකක් කරලා බලමු...පහුවට කැමතිවෙනවද කියලා...කෑ නොගහා ඉදගන්නවකො ... මේ මගුල් අස්සෙමොනර මගුලකුත් පටන් ගත්තෙ මට රස්සාවත් එපා කරවන්නද...කෑ නොගහා ඉදගන්නවා...

මට යකා ආවේස උනා....මේහැම මගුලම වෙනකොටත් මගෙ සුදු අයියා විතරක් මීක් නොගා ඉන්නකොට මොනර වන්නමට අමතරව දඹානෙ වැද්දෙකුත් ආවෙස උන මං අතපය වන වන කෑ ගැහුවා.....

මට දැන් මරාගන මැරෙන්න තරම්....එහෙන් අප්පච්චි බනිනවා.....අනිත් පැත්තෙන් මගෙ හැන්දා ගානකට නොගෙන මේ වෙන මගුල් බලාගන ඉන්නවා.....මිනාලයා අනිත් පැත්තෙන් උරුම්පූට්ටු වෙනවා..ඌට අල්ලන දයාසිරියා ඔක්කොටම හපන් වෙනකොට ඉවසීම නැතිවෙලා ගියපු මගෙ මොනරපෙදේට ගිනි ඇවිලුනා....මං නහින්න හැදුවා ..දයාසිරියගෙ මූන තනිකරම බාල්දියෙ තිබුන අන්තීම පිටි ටිකට වතුර කවලම් කරල පුච්චපු ආප්පයක් ගාන වෙනකොට මං මගෙ අත පය වනවන නහින්න ගත්තා.....මොනරු ගැන කිව්වා විතරයි ගැම්මට උන්න අප්පච්චි ගෙ කටත් ඔහෙක් වෙලා ගියා මදිවට මං බලාගන දඹාන කොටස ඇහෙනකොටම ලියනගේ අන්කල් කන් දෙක වහන් ඉන්න චිම්ස් වගේ කන්දෙකම වහන් අහක බලාගත්තා...අපෙ මිනිහා විතරක් ශෙන්ටර් ශොක් එකක් කාපු එකා වගෙ මූන ඇබුල් කරගත්තා....

යකො මුන්ට පරම්පරාව අරහන්නෙ....අරක්කු පෙරන උන් එක්ක යනවද මොනරවිලලා????ඒ අස්සෙ අපෙ අම්මගෙ කසාද මනුස්සයා මේ රැවුල ගිනි අරන් ඉන්න වෙලේ තවත් මගුල් කියනවා...

අනේ...අම්මියෙ...පුතාගෙ පෙම් පලහිලව්ව අප්පච්චි ට මාට්ටු අම්මියෙ...අද නම්පුතා රජ කෑමක් කනවා අම්මියෙ....ලමට දවල්ට කන්න බත් එපා...දික්වැල්ලෙන් කොල්ලට ඇති වෙන්න බත් හම්බෙන්න යන්නෙ...

උඩින් කෙසේ වෙතත් යටි හිතින් අම්බානෙක බයවෙලා උන්න මං මගෙ නියපොත්තක් කන්න ගත්තා....

අප්පච්චි මගෙ දිහා බලන වාරයක් වාරයක් පාසමබඩ බොකු වලට ඇඩිඩ් හැලුවා හා සමාන වේදනාවකින් පිච්චීගන යනවත් එක්කම මං සමුද්‍ර දිහා බලලා අනේ අයියෙ අපි ඉවරයි රත්තරන් අයියෙ කිව්වා ඒත් ඒකා නෙවෙ මාව මායින් කෙරුවෙ....ලව් පලහිලව්ව අහුවෙලත් හැන්දා උන්නෙ තනිකරම සාල දැලකට කිරිමෝරෙක් අහු උනා හා සමාන තේසකින් වෙද්දි හැන්දත් මගෙ බඩෙ බිත්තර තැම්බෙන්න ඇරියා

අනේ..අයියෙ...අපි ඉවරයි රත්තරන් අයියෙ....

.....ඔහෙට මොන්ගල්ද අඩන්නෙ.....???ඔහෙ බය නම් ආන් අර අනිත් අහ කච්චේරිය තියනවා යන ගමන් කසාදෙ කරන් යන්...පිස්සුනෙ උඹට..

සමුද්‍ර...!!

..ඇයි දැන් උඹ මාව් ඕනෙම කිව්වෙ බදින්න නෙවෙද ම්ම්...???මට උඹව කොහොමත් බදින්න ඕන.....

.......???

ලියන්ගේ.....

සර්....

.පොඩි වැඩක් කරන්න තියනවා...

මොකක්ද සර්....

මේ දයාසිරිගෙ කට පොඩ්ඩක් කනවකො...

ස්....ස්..සර්....

.මං කිව්වෙ යටි තොල පොඩ්ඩක් හපන් යනවකො.....නෑ..දයාසිරි කියනවනෙ ලව්පලහිලව් වලදි මුලින් බෑ කියලා පස්සෙ හා කියනවා කියලා .....මිනිහට තේරෙන්නෙ නෑ ඒ හැම ලව් ඉලව්වක්ම තේරෙන්නෙ නෑ කියල.....දෙනවකො දෙනවකො..මට පුලුවන් හැන්දගෙ කැරක්ටර් එක රගපාන්න....උඹට තියෙන්නෙ රඹුක්වැල්ල වගේ ගිහින් ඉඹලා එන්න....

ඒ..ඒහ්.....සෝලංගාරච්චි...තමුන්ට මොලේ කියන් නාමයක් නෑ වගේද්....???.අයිසෙ තමුසෙ හදන්නෙ දයාසිරිව මෙ කොස්තාපල් කාරයා ලව්වා කට කව්වන්නද...?????තමුසෙට පිස්සුද ඕයි....මොලෙ කියන් නාමයක් නැද්ද...සිහත් තමුසෙගෙ අප්පච්චි ට මේ පිස්සු වැඩෙනවත්තන්න කියනවා ඕයි....දයාසිරි තමුසෙ අහකට යනවා....

මිනාලයා මට කෑගැහුවා...මට විතරක් නෙවෙ ඒකා මගෙ අප්පච්චිටත් කෑ ගැහුවා.....

එක්ස්පරිමන්ට් එකක් කරමු කියනවත් එක්කම ලියනගේ අන්කල් දයාසිරියා ගාවට ගියා විතරයි දයාසිරි අත් දෙකෙම්ම කට වහන් පස්සෙන්පස්සට ගියා විතරයි මෙච්චර වෙලාම ඉදන් උන්න මිනාලයා නැගිටල හිටගත්තා...හිටගත්තා මදිවට කෑ ගැහුවා.....ඒ ඔක්කොම බලගන උන්න මගෙ අප්පච්චිගෙ කට කොනින් හිනාවක් මතු උනා...

ඇයි...බයද????තමුසෙගෙ ඩ්‍රයිවර්ට මොනවා හරි වෙයිකියලා බයද....නැත්තන් තමුසෙට ලැජ්ජද.....එතකොට ඇයි තමුසෙටයි තමුසෙගෙ මේ ගොන් තැබ්බ වගේ ඉන්න දයාසිරිටයි ඕක නොතේරුනේ.....???තමුසෙත් මේ කොල්ලව ඉඹිනකොට තමුසෙට නොතේරුනෙ ඇයි???????

තමුසෙට තේරෙනවනෙ ඉලන්දාරියා.....මට කට උත්තරෙ ඕඅයිසි විදිහට ගත්තත් තමුසෙව හිරකරන්න පුලුවන් ...මං මගෙ කොල්ලගෙ අප්පච්චි විදිහට ගත්තා උනත් තමුසෙගෙ කන පලලා ගෙදර යවන්න පුලුවන් ...ඒ හන්දා තමුසෙ ඔය ලයින් දාන එක අඩුකරන් මෙතනට එනවා හරි...මේක පොලිසිය...මේක ඇවිත් තමුසෙගෙ අම්මගෙ අප්පගෙ බූදලයක් නෙවෙ හරි.....

අනික තමුසෙ කව්ද...??මට මේ වෙනකන් උත්තරයක් හම්බුන් නෑ....හැන්දා නම් මාලුකාරයෙක් කියන්න වැල්ලම දන්නවා....ඒක මුලු දික්වැල්ලම දන්නවනෙ..මිනිහගෙ ලේබලෙ මාලුකාරයා...අවුලක් නෑ..ඌ බඩු කාරයෙක් විදිහට ලේබල් උනා නම් තමයි අවුල....නැත්තන් හොරෙක්...අරක්කු කාරයෙක්....සල්ලාලයෙක්...ඔය විදිහට ලේබල් උනා නම් තමයි ලොකුම අවුල...දික්වැල්ල ටවුමට බැහැල ඇහුවම හැන්නදිගෙ කව්ද කියලා උත්තර තුනක් එනවා හරි....

එකක් හැන්නදිගෙ මහ එකා....බාර් එක කරන එකා....අවුලක් නෑ....ලයිශන් එක හෑව්...ලියාපදිංචි අංකෙ හෙන ගහන්න වගෙ ලියලා තියනවා...සැක නම් නම්බරෙ දුන්නා චෙක් කෙරුවා....දෙක...හොටෙල් එකක් කරන එකෙක් ඉන්නවා....මොකාද....සිතිජ හැන්නදිගේ...තව එකෙක් ඉන්නවා සරම මරලා කොයිවෙලෙත් සල්ලි පොකට් එක බඩෙ බැදන් සරමට බූට ගහන් රට වටේ යන එකෙක් ඉන්නවා...අන්න ඌ තමයි මාලු කරයා....හරි...ඔන්න හැන්නදිගේලට එන ලේබල්...කොහෙ හරි තැනක කොස්සක් තිබුනද...?? ඉල්ලෙ.....සරි....

තමුසෙ හිතන්නෙ මං මේ පුටුවට වෙආ ඈනුම් ඇර ඇර ඉන්නව කියලද.....??

ටවුමට ගියත් හැන්නදිගෙ ඇන්ඩ් සන්ස් සී ෆුඩ්....එතකොට මිනිහට එතනත් ඩිමාන්ඩ් එකක් තියනවා....වැල්ලට බැස්සත්....කොහෙ ගියත් හැන්නදිගෙ කිව්ව ගමන් මිනිස්සු මෑන් මොකාද කියන්න දන්නවා...

එතකොට තමුසෙ.....???කෝ පොඩි රඹුක්වැල්ල මට තමුසෙ මොකාද කියලා තව කිව්වෙ නෑ...????

විස්වාස කරනවා නම් ව්සිවාස කරන්න...මං උන්න් එලවටත් නැතිව මෙලවටත් නැතිව වගේ...ඔරෙන්ජන් ක්‍රශ් පොවල...පුතේ කියලා කතා කරපු අප්පච්කිම වදන් බෙදන්න ගත්ත ගැනිල්ලට මිනාලයව පදම් වේගනා ආව මදිවට උගෙ මූන හත් අවුරුද්දක් තිස්සෙ තාරා බීඩි එකෙ බීඩි ඔතන එකෙක් ගානට කහ වෙලා ගියා.....

අංකල්....අංකල් දන්නවා මං කව්ද කියල.....අංකල් හොදා කාරවම දන්නවා මෙ මිනාල් රඹුක්වැල්ල් මොකාද කියලා....එහෙම දැන දැන....අංකල් නිකන් ලොරි ටෝක්ස් දීලා හදන්නෙ අනාගතෙ ඇතිවෙන්න තියන සහෝදරකම් නැතිකරගන්න...

නෑ..නෑ..මං තමුසව දන්නෙ නෑ...කොල්ලගෙ ඉස්කෝලෙ එකෙක් කියන්න විතරක් දන්නවා.ඒකත් මේ යුනිෆෝම් එක හන්දා.....ඇරෙන්න තමුසෙ මොකාද කියන්න දන්නෙ නෑ...අහවලාගෙ පුතා කියලා කියන්නත් තමුසෙගෙ මහ එකාට තාම පට්ටන් නෑ...හිටපු මන්ත්‍රී.....වෙන්න ඇමති....බලනවා ඔය දෙකෙක් එකක් වත් නෑනෙ...හිටපු මන්ත්‍රී කියන්නෙ තමුසෙගෙ මහ තැන කලින් හිටියා කියන එක මිසක් දැන් නෑ කියන එකනෙ...එතකොට වෙන්ඩ ඇමති කියන්නෙ...

අයිසෙ තාම වෙලා නෑ කියන එකනෙ...එතකොට ඇමතිත් නෙවෙ...මන්ත්‍රීත් නෙවෙ...ඉතුරු එක ලේබලයයි....ඒ තමයි අරක්කු රඹුක්වැල්ල.....රඹුක්වැල්ල කිව්ව ගමන් අහන්නෙ පෙරන රඹුක්වැල්ලද කියලා....අයිසෙ තනුසෙගෙ තාත්තා දැන් ටිකකට කලින් එලියට ගියෙ.....

පොඩි රඹුක්වැල්ල...නටාගන එන්ඩ එපා හරි...තාම ජන්දෙ පටන් ගත්තෙ නෑ...නොමිනේශන් බාර ගත්තෙ නෑ..මේ ටිකෙ පරිස්සමින් ඉන්නවා මොකද රිජෙක්ට් උනොත් එහෙම....අනික තමුසෙ එක වරදක් නෙවෙනෙ කරලා තියෙන්නෙ.....නේ....

එක වරදක්...නෙවෙ...මොනවද අනිත්වා.....???

හරි....තමුසෙත් දැන් දන්නෙ නෑ වගේ රගපානවනෙ...නේ.....මං දන්නෙ නෑ....තමුසෙමද කියලා...හැබැයි මට හිතෙනවා ඒ තමුසෙ කියල....මොකද අද ඊයෙ ඉස්කෝලෙට දාපු පොඩි එකෙක්ව එහෙම එක පාරම නෝට් වෙන්න බෑනෙ කාටත්...තමුසෙ උසස්පෙල...බාලංශෙ ඉන්න නොදරුවෙක්ගෙන් උසස්පෙල උන්ට ඇති වැඩේ මොකක්ද...කලබල වෙන්න එපා...මං තවම මගෙ පොඩි එකාට අත තියපු එකාව දන්නෙ නෑ...හැබැයි දැනගත්තොත් කන රත් කරනව....පොඩ්ඩක් ඉන්නවකො මං කතා කරලා අහන්නම්.....

මමයි!!!සමනල්ව අරන් ගියෙ මම...ආය ඕකෙ කතා කරලා අහන්න දෙයක් නෑ සෝලංගආරච්චි....මමයි අරන් ගියෙ...

මං සමුද්‍ර දිහා බැලුවා...මෙච්චර ඉක්මනට....මේ තරම් ඉක්මනට....??..අප්පච්චි මේ තරම් ඉක්මනට ඒක දැනගත්තෙ කොහොමද දෙයියනෙ.....මගෙ සුදු අයියට වත් මං හරියට කිව්වෙ නෑ.....ඒ තත්පරේ ඇතුලත සමුද්‍රට කියන්න විදිහක් ඇත්තෙම නෑ.....අම්මා කියලද...අම්මා කිව්වත් සමනල්ට අම්මට ඔය තරම් ලොකු විස්තරයක් කියන්න තේර්‍ර්න්නෙ නෑ.....

මමයි.....දැන් ඕන උත්තර්‍ර් හම්බ උනානෙ....වටවන්දනාවෙ නොයා මමම කියන්නම්...මමයි සමනල්ව අරන් ගියෙ....මට හිතුනා...මං අරන් ගියා...දැනන් උන්නෙ නෑ පොඩි එකාට සැරකන්න බෑ කියලා...

මාව වෙව්ලනවා....මං බලාගන බැටන් පොල්ල අතේ තියන් උන්න අප්පච්චි ට ඒ බැටන් පොල්ල කැඩිලා යන තරමට මිරිකෙනවා...වෙන මොකුත් ඕන නෑ...මෙච්චර වෙලාම අහන දේට විතරක් උත්තර දුන්න සමුද්‍ර පවා අතෙ ඇගිලි ඔක්කොම කිටි කිටියට ඇතුල් පැත්තට නවාගන ඉදල ඉදලා එක පාරම කන් අඩි පුපුරන තරමට මේසෙට ගැහුවා.....මාව විතරක් නෙවෙ ඒ ගහපු ගැහිල්ලට අප්පච්චිගෙ මේසෙ උඩ තිබුන වතුර වීදුරුව එහෙම්ම පෙරලිලා ගියා...හතර වට උන්න උන්ව ගැස්සිලා ගියා...ඒතරම් හයියෙන් එයා මේසෙට ගැහුවා.....

දඩාස්...!!

මොකො හැන්නදිගෙ....

අවලන් මැස්සෙක් සර්.....එහා මෙහා යනවා අහවරක් නෑ....පියාඹන අහ බල බල මෝටීන් ගහගහ මායන් වෙනවට වඩා හොදයි ඇට වත් හොයන්න බැරිවෙන්න තලලා දාන එක....

මැස්සෙක්....,මේසෙ උඩ චප්ප චිරිප්පන් වෙලා ගියපු මැස්සෙක්....අනුන්ගෙ වැරද්දකට ජීවිතෙන් වන්දි ගෙවපු මැස්සෙක්.....

මගෙ අප්පච්චි රවාගනම හැන්නදිගේ ගානවා.....අප්පච්චිගෙ රැවුම තඹේට මායිම් නොකරපු සමුද්‍ර චප්ප කරපු මැස්සට පිඹපු පාරට ඒකව වීසිවෙලා ගිහින් මිනාලයගෙ ඇගේ වැදිලා බිමට වැටුනා...

ඇත්තටම සමුද්‍ර කතා කෙරුවෙ මැස්ස ගැන විතරද...????

ඒ කියන්නෙ මිනාල් රඹුක්වැල්ල වැරද්ද පිලිගන්නවා....එහෙමනෙ....

ඔව්....මං ඇවිත් මිනාල් රඹුක්වැල්ල..කෙරුවා නම් කියනවා ලැජ්ජ වෙන්නෙ නෑ....

එහෙනම් මං අර ඕ අයිසි පට්ටම බල්ලට දාලා පොඩි එකාගෙ අප්පා පට්ටම ගන්නද මිනාල් රඹුක්වැල්ල....????මොකද මගෙ කොල්ලට සැර කන්න බෑ...බඩපපුව දැවිල්ල අල්ලනවා.....අන්න උගෙ අම්මා ඒකව වඩාගන යෝගට් ගිල්ලවනවා...ඌ වමනෙ දානවලු....අඩනවලු ..තාම අඩනවලු...මොකො කොල්ලා අඩන හැටි අහන්න ඕනද...අහලම පැමිනිල්ල විබාග කරමුද...පොතේ ලියන්න ඕන නම්....මං පොතේ ලියලා නීතිමය මාර්ග ගන්නම්...කෙන්ද කන්ද වෙන්න එච්චර වෙලා යන්නෙ නෑ...මට මෙහෙමත් හිතන්න පුලුවන් ...තමුසෙ අද අඩව අඩව රෝල්ස් එකක් කැව්වා....

හෙට වහ කැව්වොත්....ඒත් නැත්තන්.....උඩ ඉදන් බිමට තල්ලු කෙරුවොත්...

මං ඒතරන් තිරිසනෙක් නෙවෙ අයිසෙ....

සෝලංගාරච්චි තමුසෙ හිතුවද මං එහෙම එකෙක් කියලා????

තාම ඇතුලෙ ඉන්න තිරිසනා දනගාන එකෙක් අයිසෙ....තමුසෙ ට අද කවාගන්න පුලුවන් උනෙ ඕක විතරයි ...හැබැයි ඇතුලෙ ඉන්න පොඩි තිරිසනාට එක රැයෙන් මහ තිරිසනෙක් වෙන්න පුලුවන් ...ඒ හන්දා මට ඉස්සරහා ගැන එහෙමත් හිතන්න පුලුවන් ...මං ඇවිත් මිනිස්සු කාලා වතුර බීලා ඉන්න එකෙක් හරි.....උඹට ඕක කරන්න පුලුවන් උනා කියන්නෙ පුතේ...ආය වෙනමගුල් හිතන්න ඕන නෑ...වයස හිතපන්කො.....උබට මං ඕන නම් ඕන තරම් පැමිනිලි ලියපු පොත් ගෙනත් දෙන්නම්...උඹගෙ වයසෙත් නරුමයො ඉදලා තියනවා.....

.අප්පච්චි අතේ තිබුන බැටන් පොල්ල්ලෙන් එකම දිගට කකුලට ගහගන ගහගන ගියා....මට මතක් උනෙ එක දෙයයි....මට මතක් උනේම එකම එක දෙයයි.....සමුද්‍රව..මගෙ සුදු අයියව....තරහව දරාගන්න බැරි තැන අත මිටමොලවන් කලවෙට ගගගත්ත ගහගැනිල්ලම විතරයි මට මතක් උනේ....

මාව රත් වෙනවා...එකක් බයට...අනික දුකට...අනෙ මගෙ චූටි මල්ලිට වමනෙ යනවලු...සමුද්‍රත් කිව්වා මගින් මගටම වතුර ඉල්ලුවා කියලා...මූ කොල්ලට තව මොනවද දෙයියනෙ කැව්ව්‍ර්..මං ඒ නොදැන තව ක්‍රීම් බනිස් කැව්වා...අනෙ සමනල්...මගෙ චූටි මල්ලි අනෙ උඹටබඩ පපුව දනවද මගෙ රත්තරන් ....අනෙ අයියට බැරි උනා.....අයියට බැරි උනා රත්තරන් උඹව හොයාගන්න....

අයියට බැරි උනාමගෙ සමනල් උඹව හොයාගන්න.....

මගෙ අත්වල ඇගිලි වෙව්ලනවා...මෙච්චර වෙලාම කලවෙට ගහගත්ත අප්පච්චි අනිත්පාර ඒ ගහගැනිල්ල නැවැත්තුවා...උඹ ඕඅයිසි කම බල්ලට දාන්න කිව්වනෙ කියලා අහපු අප්පච්චි අනිත් පාර අර බැටන් පොල්ල මේසෙ උඩට දැම්මා ...

මන්දා මිනාල්...උඹගෙ මහ එකා දැනුයි එලියට ගියෙ....හැබැයි උඹට නම් එක්කො එලි බහින්න් වෙන්නෙ නෑ...නැත්‍තන් උඹට මාසෙකට විතර බේත් කරන්න ඉස්පිරිතාලෙ ලගින්න වෙනවා...

හරි....උඹ කිව්වනෙ පුතේ ඕඅයිසි පට්ටම බල්ලට දාන්න කියලා...ඔන්න එහෙනම් බල්ලට දැම්මා...මෙතන ඉදන් උඹ ඉස්සරහා හිටන් ඉන්නෙ අප්පච්චි කෙනෙක්...ඕඅයිසී කාරයෙක්ට තරහා ගියා වගේ නෙවෙ අප්පච්චි කෙනෙක්ට තරහා ගියහම....හරි....උඹ දැන් පිලිගත්තනෙ....අරන් ගියා උඹයි කොල්ලව අරන් ගියෙ කියලා...නේ...

උඹ ලෝඩ් පකීර් වගේ කිව්වනෙ උඹ කෙරුවොත් කියන්න ලැජ්ජා වෙන්නෙත් නෑ කියල නේ පුතේ ම්ම්ම්.....හරි එහෙනම් උඹ වත් මහ එකා වගෙ නොවී කරපු වැරදිවලට දඩුවම් විදපන් හරි...

චටාස්!!!!

දෙයියනෙ බේබි.....මහත්තයො....උඹ මොකක්ද යකො ඒ කෙරුවෙ....

ඒ...ඒ.....හ්.....හ්හ්...සෝලංගාරච්චිට අත තියන්නෙ නෑ හරිය..... !!!ඌ වැරද්දක් කෙරුවා...දඩුවමත් තියෙන්ඩ ඕන ...ගනින් ඕකව අරන් පලයන්..මන් කිව්වෙ මැහුමක් ගහන් ගෙදර පල කියලනෙ.....ආවද පොලිස් පොතේ ලියන්ඩ...????යකො මහ උන්ට වත් මුන්ව හදන්ඩ බැරි නම් පිට දෙමව්පියන්ට වත් මුන්ව හදන්ඩ වෙනවා.....අම්මගෙ රෙද්දෙ පාට්!!!

මං උන්නෙ අත් දෙකෙම්ම කන වහගන....දෙයියනෙ මිනාලයගෙ අද නම් කන් බෙරවල පතුරු යනවා.....ඒකගෙ අහන්කාර කතා ඔක්කොම අහන් උන්න අප්පච්චි ඕඅයිසි කම බල්ලට දාලා මෙතන ඉන්න් අප්පච්චි කෙනෙක් කියලා අරකට අත දිගෑරලා ගහපු පාරට මිනාලයව ඌට බොන්න දීපු බීම වීදුරුත් පෙරලන්ම බිම වැටුනා වගේම ඒකට නැගිටින්න අතක් වත් නොදී දයාසිරියා එකපාරම අප්පච්චි ඉස්සරහට පැන්නා....ඌට එන්න ඉඩක් තිබුන් නෑ...පැනපු දයාසිරියව තල්ලු කරන් මගෙ සමුද්‍ර ඒ මැදින් හිටගත්තා...

බේබි ...අනෙ...බේබි

අයිසෙ නාහෙන් නාඩා මාව උස්සනව දයාසිරි....කනේ පාරක්නෙ කෑවෙ...තමුසෙ හිතුවෙ මං මැරිලා.කියලද....නාහෙන් නාඩා අත දියන් මිනිහො.....මාමන්ඩියා අතින් කෑවා කියලා මැරෙන්නෙ නෑනෙ.....

ලැජ්ජ නැ...ලැජ්ජාවක් ගෑවිලා වත් නෑ...මිනාලයා කියන්නෙ තනිකරම ලැජ්ජ නහරෙ කපාගන ඉපදුන එකෙක්...ඔව් ඒක කොහොමත් එහෙම වෙන්න එපැයි..ඇමතිලා හොරාකන්නෙ ලැජ්ජ නහරෙ ගලවලා ගෙදර තියන්නෙ....

මිනාලයා ආයම නැගිට්ටා.....මීට කලින් මගෙනුත් මගෙ සුදු අයියගෙනුත් කාපු පාරවල් වලට යටි තොලෙ පුපුරලා ලේ පාට වෙලා තිබ්බා වගේම අප්පච්චි ගෙ පාරත් එක්ක ආයමත් ඒ පාරවල් අලුත් උනා.....එත් ඌට නෙවෙ බයක් තිබුනෙ.....ඒත් ඌට නෙවෙ ආයම ගහයි කියල හැකක් තිබුනේ...බයයි හැකයි දෙකම නැති මිනලයා ආයමත් උගෙ යුනිෆෝම් එක හදාගන පිපිරුන් කාපු යටි තොලට මතු උන ලේ බිදත් දිවෙන්ම පිහන ගමන් මගෙ අප්පච්චි ලගට ආවා...කොටින්ම ඌ ආවෙම.මගෙ සමුද්‍රව තල්ලු කරන් වෙද්දි සමුද්‍රත් ඒක තල්ලු කරපු එක තඹේට මායින් නොකර උගෙ මූන දිහා බලන් උන්නා....

අංකල්.....එහෙනම් මේ මිනාල් රඹුක්වැල්ලට අත ඉස්සුවා....අවිලක් නෑ...අවුලක් නෑ...මමන්ඩියා කියල හිත හදාගන්නම්...

...හා පුතෙ ..හිත හදාගනින් ඒකට කමක් නැ...උඹට දෙන්න නම් හැබැයි මට ළමයි නෑ....

හහ්....ඇත්තට.....හැබැයි ඔය කටින්ම දවසක බෑනා කියන්න උනොත්.....ඒහන්දා ඔය තරම් කම්ෆිඩන්ස් තියාගන්න එපා සෝලංගාරච්චි...උඹ හදන්නෙ සිහත්ව මාලු කාරයට දෙන්න නම්...මතක තියාගනින්..මං ඉඩ තියන්නෙ නෑ...

කව්ද කිව්වෙ මං ඌව හැන්නදිගේට දෙනවා කියලා...???මන් තවම ඒ නඩුවට අත තිබ්බෙත් නෑනෙ පුතා.....ඇයි ඔච්චර ඕවර් හිතන්නෙ...මං තාම ඌව කාටද දෙන්නෙ කියලා හිතුවෙ නෑ....හැබැයි මං දැන් කියනවා....ඌව උඹට නම් දෙන්නෙ නෑ.....ඔය මරක්කල කාට හරි බන්දලා දුන්නත්...නැත්තන් ඔය මැනික් හින්න පැත්තෙ රොඩී කුප්පායමකට දුන්නත් මං උඹට දෙන්නෙ නෑ....

ඇත්තට....අංකල් මාව සුලුවෙන්මයි නෙ හිතන්නෙ...

නෑ...කව්ද උඹව හිතුවෙ පුතා....හැබැයි වැඩෙ කියන්නෙ තවම උඹට බැරි උනා උඹ කව්ද කියන්න.....අරක්කුකාරයෙ පුතා කියලා වත් කියපන්....නැත්තන් උඹ මට උත්තර නොදී පැනල ගියා වෙනවනෙ.....

සෝලංගාරච්චී ...සෝලංගාරච්චි....මෙ මිනාල් රඹුක්වැල්ලට අද වෙනතුරු ඉල්ලන දෙයක් නොලැබී තිබුන් නෑ...

එහෙමද...හොදයි ..හොද කැපවීමක්.....හැබැයි මූව හම්බෙන්නෙ නෑ.....

මාමන්ඩියා මීම් වලින්මයි ටෝක නේ...

පිස්සුද බන්...මං මේ අහුලගත්තුවා කියන්නෙ...දැන් උඹ යනවද....නැත්තන් රාජකාරියට බාදා කරනව කියලා මමම පැමිනිල්ලක් දාන්නද...මොකද උඹ පැමිනිල්ල දාන්න ආවෙ උඹට ගහපු වේදනාවට නෙවෙ...මගෙ එකා හැන්නදිගා එක්ක මගුලක් පටලන් කියන හන්දනෙ....ඒක මං ඌයි මූයි එක්ක බලගන්නම්...ම්ම්ම්...

ලියනගේ....

සර්....

එලියට යවපන්....සිහත්....උඹත් පලයන් එලියෙන් ඉදින්...මට උඹ එක්ක කතා කරන්න පුලුවන් ගෙදර ආවම...මොකද දැන් කතා කරන්න ගත්තොත් මං උඹට ලෙලි යනකන් ගහයි...හැන්නදිගෙ ...උඹ.....උඹ හිටපන්....උඹනෙ දැන් මගෙ බෑනාවෙන්න ඔන්නෙ.....උඹ ඉදින් හරි...උඹගෙ නඩුව තවම ඔන්ගොයින්...ඔය ලිස්ට් එකෙන් කැපුන බෑනා...මොකො සීන් එක...තාම එකම තැන...එලියට...එලියට.....

අ...අප්පච්චි .....

සිහත් මං උඹට දැන් කිව්වනෙ...පලයන්....උඹට මං එක අවස්තාවක් දෙන්නම් අන්තීම පාරට මූ එක්ක කතා කරගන්න....ඒ හන්දා මන් උඹට ගෙදර යන්න විතරක් චාන්ස් එක දෙනවා...හැබැයි උඹ හදන්නෙ අප්පච්චි ගගා නාහෙන් අඩලා....ඒ චාන්ස් එකත් නැති කරගන්න නම්...පුතේ උඹට මං දැන් වීල් එකක් දානවා ගෙදර ගිහින් ගුටිකන්න බලන් ඉදින්....දන්නවනෙ අප්පච්චි ගෙ හැටි නේ...ගහන්න ගත්තොත් ලෙලි යන්ඩ ගහනවා අමාකර උඹ මාව දන්නවා ආ....

මාව අඩියක් පස්සට වීසි උනා....කොටින්ම අප්පච්චි මාව හිතක් පපුවක් නැති එකා ගානට තල්ලු කරලා දානවත් එක්කම මටත් නොදැනි මගෙ උරහිසෙ තිබුන ඉස්කෝල බෑග් එක මහ සද්දෙන් බිමට වැටුනා.....ඒත්....ඒ මහ සද්දෙ ඇහුනෙ බෑග් එකෙන් නම් නෙවෙ...මගෙ හදවතින්...මගෙ පපුව නෑවගෙ...

මගෙ ඇස් වලින් කදුලු ගුලි ගුලි කඩා වැටෙනවා...අඩන්න පටන් ගන්නත් කලියෙන්ම මගෙ පපුව හිරකරන් හුස්ම හිරකරනවා....ඒ අස්සෙ මිනාළය එහෙන් උරුම්පූට්ටු වෙවි මායන් වෙනවා...ඌට එලියට යන්න කිව්වත් ඌ නෙවෙ එලියට යන්නෙ...දොරගාවට ගිහිනුත් ඒකා කෙරුවෙ හැරිලා ආව එක...ඇවිදින් මගෙ අප්පච්චි ගාව හිටගත්ත එක්ක...

අංකල් එහෙන්ම් මේකයිඋත්තරෙ නේ.....

උඹ සින්හල නෙවෙද බන්.....????ලියනගේ....අර රාධාවනි ජෙයක්කුමාර්ට එන්ඩ කියපන්....ඇවිත් මන් කියන එක දෙමෙලෙන් කියන්න කියපන්....

නෑ....ඕන් නෑ.....තව අතරමැදියො ඕන නෑ...අංකල් කියන හන්දා මං යන්නම්...හැබැයි මන් එනවා.....අංකල්ට නිකන් මදිකමක් වගේ ඇතිනෙ මන් විතරක් මගුල කත කරන එක....ඔය කටින් මං මට බෑනා කියවගන්නවමයි සෝලංගාරච්චි.....එහෙනම් රඹුක්වැල්ලගෙ ගෙදරින් මගෙ මනමාලයව බලන්ඩ සෝලංගාරච්චිගෙ ගෙදර එන්නම් හරි.....

හ්ම්...හ්ම්....එන්ඩ කලින් කියපන්කො ....උඹ කට්ලට් එහෙම කන්ඩ ආසද පුතා...ආසනම් කියපන් අලුත් මාලු වලින් හිඟයක් නෑ.....හදලා තියන්නම්...ගෙදරට එන එකා අහිකුන්ටකයා උනත් මේ සෝලංගාරච්චි කන්න දෙනවා...උඹ ඇඹුල්තියල් කන්න ආසනම් ඒකත් කියපන්....මං ඒකත් හදවන්නම්....ගෙදර දොර ඕන වෙලාවක ඇරලාතියෙන්නෙ.....ඇවිල්ලා කලා පලයන්...හැබැයි....ආය ආය එකම.දේ අහලා පරම්පරාවටම ඇරගන්න වෙනවැඩ කරන්න එපා...උඹට මූව දෙන්නෙ නෑ.....

එහෙනම් අරූටද දෙන්නෙ...

මං තාම හිතුවෙ නෑ...ඌට දෙන්නෙත් නෑ..මොකද ඌටත් මොනරු පේන්න බෑ....ඕන මොනරුට ආස එකෙක්....යමන්කො යමන්කො...උඹ මගෙ ලිමිට් පන්නලා අන්ලිමිටඩ් කන්න හදන්නෙ...ලියනගෙ ...එක්ක යමන්...එක්ක යමන්....සිහත්....උඹටත් සින්හල තේර්‍ර්නවනෙ....එලියෙන් ඉදින්....උඹවයි අම්මවයි මට ලගතියන් අහ්න්න ඕන..මොකද අම්මලා පුත්තු ඔක්කොම හැන්දලාටනෙ...හ්ම්ම්ම්....හරි...යමන් යමන්කො....මගෙ මුන දිහා බලන් අඩන්න එපා යකො...කිව්වම අහලා පල එලියට ඇදලා වීසි කරන්න කලින්....

මගෙ පපුව ගැහෙන්නෙ නෑ...මගෙ හුස්මවැටෙන්නෙත් නෑ....කොටින්ම මගෙ ආදර මාවත උඩට මිනාල් නම් වෙච්ච පරයා මිනිමල් ඉහාගන ගිහින් තුන්කුලුදුලේම ප්‍රේමයෙ වියෝගය දරන්න සිද්දවේගන එනකොට මගෙ පපුව මැරෙන්න ආවා.....

සුදු පුතා...සුදු පුත ගාග කතා කරපු අප්පච්චිම ඇස් රතු කරන් ඇගිලි උරුක් කර කර හැන්නදිගේ....හැන්නදිගෙ ගාග කතා කර කර මාව ගෙදරදි අල්ලගන්නම් කියනකොට මට දූවලා ගිහින් මූදෙ පනින්න හිතුනා.....

මේ හැම ගින්නම අවුලපු මිනාලයා යන්න ගියා...දයාසිරියත් උගෙ පස්සෙම යන්න ගියා...නිකන් නෙවෙ මිනාලයා යන්කොටත් මගෙ දිහා ඇස් කොන්වලින් බලගන යන්න ගියෙ ලගටඇවිදින් මට තර්ජනෙ කරගන වෙද්දි මං ඔහෙ අහන් උන්නා....." උඹව මං මගෙ කරගනමයි පස්ස බලන්නෙ"උගෙ වචන අස්සෙ තිබුනෙ තරහවක්....උගෙ වචන අස්සෙ තිබුනෙම වෛරයක්...ඒත් මට නෙවෙ ඒ තරහව එක්ක ආපිට ඌට වචනයක් කියන්න හිතුනෙ...

ඌ එක්ක හර්තාල් කරන්න තියා ඌ ගෙ මුනවත් හරි හැටි බලන්න සිහියක් නොතිබ්බ මං මිනාල් එලියට යනවත් එක්කම ගහක් කපලා දැම්ම වගේ අප්පච්චි ගාව දනගැහුවා....

අනේ දෙයියනෙ නෑ....මාව දන ගැස්සුනා....මාව දනගැස්සුනා...

මගෙ පලවෙනිම ආදරෙ.....හුස්මෙන් පවා මාව රකින ආදරෙ.....

අප්පච්චි උඹ මගෙ ආදරෙ අංකුර දාන්නත් කලින් මුදින් මුලෙන්ම ගලවන්න හදන්නෙ රත්තරන් අප්පච්චි ....

මං බඩ ගෑව.....මගෙ සමුද්‍ර බලාගන ඉද්දිම ඒ ඇස් වලට කදුලූ උනාගන එනකොටම අප්පච්චි ගෙ කකුල් ගාව වටුන මං ඒකකුල් ගාවට බඩ ගෑවා.....බඩගාලා ඒ කකුල් අල්ලගත්තා...

අනෙ ....අ...අ....අප්පච්චි උඹමයි කිව්වෙ ද්..දවසක...උඹම.....ම්..මට...උ...උදව් කරනවා කියලා....ව්..වදින්නම්....වදින්නම්....

අනෙ.අප්පච්චි ....වදින්නම්....ස්.සමුද්‍ර.....අනෙ අප්පච්චි ...මේ මනුස්සයව මගෙන් උදුරගන්න එපා අප්පච්චි ....වදින්නම්.....මාව මැරෙයි බන්.....

සිහත්...සිහත් නැගිටපන්....උඹට අඩන්න හොද නෑහරි...සිහත් මං තව එකපාරක් කියන්නම්.....නැගිටපන්....

සුදු චූටි....නැගිටපන් රත්තරන්....තාම මොකුත් උනෙ නෑනෙ....නැගිටල යමන්කො....

.ඔව්...ඔය ඇහෙනවනෙ...උඹගෙ කුමාරයා කියනවනෙ...තාම මොකුත් උනෙ නෑනෙ...උඹට මං කියන දේ අහන්න බැරි උනාට මූ කියන එක අහන්න පුලුවන් කියලා ඔප්පු කරපන්.....

අනෙ....අප්පච්චි .....අප්පච්චි මට ගහපන් ...කිව්වා...වගේ...ලෙලි ගැලවෙන්න ගහපන්...අනෙ.....සමුද්‍රව මගෙන් උදුරගන්න ..එපා.....බ්..බුදුන් වදින....අත්.....එ..එකතු කරන්නම්...කෝ.....මගෙ ආදරෙ උදුරන්න එපා අප්පච්චි.....ම්න්...මං අප්පච්චි කියන ඕන දෙයක් කරන්නම්.

....මං...ඕන දෙයක් කරන්නම්.....අප්පච්චි මගෙ ආදරෙ වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්.....අප්පච්චි ..අනේ...

නැගිටපන්.....කන පලන්න කලින්..නැගිටපන්....නැගිටපන් කිව්වම අහලා.....

මං ඉකි ගැහුවා.....එත් අප්පච්චි නෙවෙ මගෙ කදුලු ගැන බැලුවෙ...කරපු එකම දෙ නම් මාව බඩවැලක් අදින්නා වගේ අත් වලින් ඇදාලා හිටගස්සවපු එක වෙනකොට ඊලග තත්පරේදි අප්පච්චි මගෙ මුන මිරිකලම අල්ලගත්තා.....

ඇඩිල්ල නවත්තපන්...මං කිව්වනෙ.....සිහත් ඔය ඇඩිල්ල නවත්තපන් හරි.....උඹ දන්නව උඹව මං අඩවන්නෙ නැතුව හැදුවෙ...උඹට හුස්ම නැතුව යනවා කියන්ඩ උඹ හොදාකාරවම දනවා.....පිහාගනින් කදුලු.....උඹට මොකක් වත් උනොත්....මං නැති සාක්ශි හදලා හරි උඹගෙ මේහැන්දව මරවනවා...දන්නවනෙ...උඹට මොකක් හරි උනොත්...ඒකටහේතුව මූ....නවත්තපන්....නවත්තපන්...තව එකපාරක් මං කියන්නම්...හර්...දැන් හුස්ම ගනින්.....

පපුව පුරවලා...හුස්ම ගනින්...හ්ම්.....බෑග් එක අහුලන් එලියෙන් ඉදින්....අඩන්න එපා...හරි....එපා කියන්නෙ ආය එප....අඩන්න අඩන්න මං රිදවන්නෙ මූට....දන්නවනෙ.......

මං නෙවෙ ආය හුම් කිව්වේ..කොටින්ම මං නෙවෙ ආය ඇස්වලට අඩන්න කදුලු උනන්න දුන්නෙ.....පපුව පුපුරන්න වේදනාව අවත් මන් නෙවෙ මගෙ හුස්මට ඉහල ඇදෙන්න දුන්නෙ...අප්පච්චි ගෙ වචන තනිකරම පිහි තුඩු වෙනකොට වේදනා දෙන පපුවට අප්පච්චි ඉස්සරහම මිට මොලවන් පාර පිට පාර ගහ ගහ මං මගෙ හිරවෙන්න හදන හුස්ම ආපිට අරගන එලියට එනවත් එක්කම දොරකොඩම මිනාලයා උන්නා....ඒ චුට්ටකින්ම ඒකා යන්න ගියා.....මන් එහෙම්ම අර හැමෝම බලාගන ඉන්නකොටම අප්පච්චිගෙ දොරකොඩපාමුල බිම වැටිලා ඉදගත්තා...

මිනාල්....උඹට හෙන පිට හෙනගහනවා මිනාල්.......උඹට ජාති ජාතිත් සහගනවා....උඹ මට මේ කරපු අපරාදෙට සහ ගහනවා බන්....මිනාල්.....අනෙඋඹට ..සහ ගහනවා...

අනේ...අප්පච්චි පින් අයිතිවෙයි අප්පච්චි ....මගෙ සුදු අයියව මට දියන් අප්පච්චි...

කොච්චරඑපා කිව්වත් මගෙ ඇස් අඩනවා...කොච්චර එපා කිව්වත් මගෙ පපුව් ඇදුම් කනවා....අප්පච්චි මගෙ සුදු අයියට මොනවා කියයිද හිත හිත මගෙ හිත හූල්ලන යාමෙක මං මගෙ ඔලුව දනිස් අස්සෙ ගහහත්තා.....මට මහ සද්දෙන් ඉකි ගැහුනා...

 _____________

Hannadige pov

එයා අඩනවා...මගෙ වස්තුව දොරෙන් එපිට ඉදන් ඉකි ගහනවා....සීදේවී.... ඔහොම අඩනකොට උඹගෙ සුදු අයියට ඔක්කොටම වඩා රිදෙනවා.....

මොකද....තව උසයන්ඩද හිටන් ඉන්නෙ....ඉදගනින්....

තේජක සෝලංගාරච්චි...මගෙ සුදු චූටිගෙ අප්පච්චි ...තව උසයන්නද හිටන් ඉන්නෙ අහනකොට දොර් ගාවට ගියපු මං සෝලන්ගයව අලුවෙන්ඩ රැව්වා...

උඹ රැව්වට වැඩක් නෑ...ඕකා තව චුට්ටෙන් ඇඩිල්ල නවත්තනවා....සුදු පුතා බලපන් අර ඇමති පකා ගියාද කියලා...

ඔහෙත් මගුල් අහනවනෙ මාමෙ....ඌ ගියා...මගෙ අහිංසකයා අඩනවා..මාමත් හැමනෙනවා.....රෙද්ද....

හැමනෙනවා කියන්නෙ...උඹ දැක්කෙ නැද්ද අරකා දොර ගාව මායන් වෙනවා....???සුදු පුතා උඹ කියන්නෙ ඌ ඉන්න තැනම උඹ මගෙ බෑනා කියලා වඩාගන්න කියලද.....මූ පහුවදා ඉස්කෝලෙ යන්නෙ කොහොමද....හෙට වෙනකොට මූවත් කොහෙ හරි ඇදන් යයි.....පොඩ්ඩක් කල්පනා කරපන්කො බන්...හරි හුත්තවල් තමයි ඔයත් කියන්නෙ හැන්නදිගේ....

ඔහෙනෙ හරි හුත්තවල් කරන්නෙ...මගෙ කොල්ලා අඩනවා මාමෙ.....ඇදන් යන්න ඌට ගිය රටනෙ....මොකක් හරි වෙලා තිබ්බොත් බාවනවා

.හරි ...හරි...බන්...චුට්ටකින් ඇඩිල්ල නවත්තයි ..මං උගෙ අප්පච්චි නෙ බන්....සුදුපුතා මෙහ වරෙන්....ඇවිත් ඉදගනින්....කිව්වම අහල වරෙන් බන්.....

මෙච්චර වෙලාම දොරගාව ඉදන් උන්න මං අනිත් පාර ගිහින් මගෙ මාමන්ඩියා හාවින් ඉදගත්තා විතරයි මාමන්ඩියා දුම්බීම තහනම් ලේබලේ බල බලම මගෙ දිහාවට සිගරට් පෙට්‍ටිය දික් කරලා එයත් එකක් අවුලගත්තා.....

මට එපා.....මං බොන්නෙ නෑ....

නිකන් බොරු මර්සි එපා...ඔයා දාන මර්සි මට තේරෙනවා....මතින් තොරයි....පිනෙන් බරයි වගෙ රහපාන්ඩ එපා....සුදු පුතා ගනින් ගනින් ඕක...

ඔයත් එක්කත් බෑ අනෙ...මගෙ කොල්ලා අඩනකොට ඔයා මට සිගරැට් බොන්ඩ අඩගහනවා...

උඹට මේ නිදහස තියෙන්නෙ ඕකව ගෙදරට අරන් යනකන් විතරයි සුදු පුතා....ඒ හන්දා....තනිකඩ ජීවිතෙ විදපන් ...මන්නෙ කියන්නෙ....අවුලගනින් බන්.....අවුලගනින්...අවුලන් කතා කරමු.....

සෝලංගයගෙ මූන දිහා තතපර ගානක් බලගන උන්න මං බැරිම තැන සිගරට් එක අවුලගත්තා....

සුදු පුතා....

ම්න්...

උඹ ඔය සිරාද....

මොනවද...???

අපෙ මොනරට ආදරෙයි කියපු එක...

ඔයා ආය අහනවනෙ අනේ...ඔහෙට මාව විස්වාස නැද්ද කියකො....එදත් මන් ඕක කිව්වනෙ.....වරුගානක් විතර ඵෝන් එකෙනුත් කතා කරලා මං කිව්වනෙ...මං ඌට පැලෙන්න ආදරෙයි ....ආය ඔහෙ මට මැනිකක් දුන්න වගෙ තමයි ..ඇහෙ මූනෙ තියන් රකිනවා....

එහෙම නෙමෙ බන්....සුදු පුතා ඌ මගෙ පනනෙ....මගෙ ලමයනෙ බන්.....මං අප්පච්චි නෙ...කොච්චර ඇහුවත් හිතට හරිනෑනෙ....උඹ හොද එකා..මං උඹට කැමතියි සුදු පුතා ...

මං අතේ තිබුන සිගරැට් එක් නිවලා දැම්මා....මුලින් මුලින් ජෝක් එකට කතා කරන් ආවත් මොකද පහු පහුවෙනකොට ඒ ඇස් තෙත්වේගන යන හැටි දැක්කම මට සිගරැට් ඉරිල්ල එපා උනා...මං එහෙම්ම මගෙ සීදේවිගෙ අප්පච්චිගෙ අත උඩින් මගෙ අත තියාගත්‍තා ඒචුට්ටකින්ම මෙච්චර වෙලාම අහක් බලන් උන්න අප්පච්චි මගෙ දිහා බලනවත් එක්කම මගෙ අත උඩට ඒ ඇස්වලින් ගිලිහුන කදුලු කැටෙ වැටුනා.....

අප්පච්චි .....සුදු චූටියා කියන්න තනිකරම මගෙ හුස්ම...ඌව මං තියන් ඉන්නෙ මගෙඇස් දෙක ඇතුලෙ.....මං ඌට හරි ලෝබයි...ඌ මගෙ පන....මං ඌව ඇස් වගෙ පරිස්සම් කරනවා....මේක හිස් වචන නෙවෙ අප්පච්චි ....

අඩවන්න බෑ.....රිදවන්න බැ...සමුද්‍ර මං උඹට දෙන්නෙ මගෙ පනව....අඩවලා තිබ්බොත් ..රිදවලා තිබ්බොත් මං උඹට මාංචු දානවා.....අත්වලට නෙවෙ....පපුවෙ බරම පැත්තට...

......

සුදු පුතා....උඹ දන්නවද...මං ඇයි බයක් හැකක් නැතුව ඌව උඹට දෙන්නෙ කියලා....

හේතුව මොකක්ද අප්පච්චි ?

මං උඹගෙන් මාව දකිනව සමුද්‍ර.....උඹ ඌව රකින හැටි මං දකිනවා...උඹ ඌ දිහා බලන වාරයක් පාසම උඹගෙඇස් අස්සෙ තිබුනෙම මං උන්ගෙ අම්මා දිහා බලනකොට තිබුන හැගීමමයි...උඹ යි දැන් මගෙ ලොකු පුතා...

මං තත්පර ගානක් බලාගන උන්නා...මෙච්චර වෙලාම ඉකිගහපු මගෙ වස්තුවගෙ සද්දෙත් අවසානෙදි නෑහිලා යනවත් එක්කම සෝලංගාරච්චිගෙ වචන මාව පනපිටින් දියකරලා දැම්මා...

අරූට උඹ මොකෙන්ද බන් ගැහුවෙ....

අතින්.....

ඒකහෙ දතුත් හෙලවෙනවා බන්....

ඔයත් හරි මගුල් තමයි අනෙ කියන්නෙ....ඔහෙ කියන්නෙ මගෙ ඇස් ඉස්සරහම ඉඹිනකොට බලන් ඉන්න කියලද....මන්නෙ තිබ්බ නම් දයාසිරියට බෙක්ලක් ගේන්ඩ වෙනවා...

හරි...හරි....ෆයර් නොවී ඉදින්කො....උඹත් ෆයර් වෙනවනෙ....

...ඔහෙට මොන්ගල් ආය....ඔහෙ ඉස්සරහා සුදු අක්කව මොකෙ හරි ඉම්බොත්.....

පාංශුකුලේට මලකදත් නැතිවෙයි ආය

ආ....දක්කනෙ...ඔහෙ වගෙ තමයි ආය....මේ හැන්නදිගෙ හොදට හොදයි...නරකට නරකයි....

...........කෑවද බන්....

........චුට්ටක් කෑවා...ඔහෙත් මගුලවල් අහනවනෙ....මගෙ කොල්ලා එලියෙ ඉදන් හූල්ලනවා....

ඔන්න බලපන් මං හූනා කිව්වා වගේ කියන්නම්....ඕකා යන ගමන් දැන් පැනලා යන්න අහනවා.....ඇදුම් දෙක තුනක් එක්ක අපෙ ගෑනිගෙ පිගන් සෙට් එකකුත් අරන් එන්නෙ....ඔන්න බලපන්....අපෙ ගෑනිත් මොනරිගෙ තේ කෝප්ප සෙට් එකක් අරන්නෙ ආවෙ.....

......අනේ...මේ...මෙ....මාමෙ පිස්සුවක් ඇතෑ....ඔහෙ කියන්නෙ මට මේ ඔව්වත් අරන් පැනලා යන්නඩ කියලද...

ඔව්....සිකුරාදා අරන් යමන්....ඉරිදා හැන්දෑව වෙනකොට ගෙනත් දාපන්...සදුදට ඕකව ඉස්කෝලේ යවන්ඩ එපැයිනෙ....ඕකව උඹ අරන් ගියෙ නැත්‍තන් සුදු පුතා උඹට කනක් ගේන්ඩ වෙනවා.....

පිස්සුවක්.ඇතෑ...ඔහෙ කියන්නෙ මට කොල්ලව අරන් යන්ඩ කියලද...මේ...බල...කෝ...බල....මූට පිස්සුනෙ.....

උඹත් ඇඩ් දානවනෙ....වෙන්ඩ ඕන ටික මං කියන්නම්...ඕකත් උන්ගෙ අම්මා වගේ ගෙදරින් කරදරයි ගහා නාහෙන් අඩනවා....මුන් හිතන්නෙ පැනලා ගියහම හරි කියලනෙ.....ගෙවල් ඇතුලෙ හිරකරන්න හොද නෑ....ඔය කන්න ආස කරන පවුල පොඩ්ඩක්.කාලා බලන්න දුන්නම හරි...උඹ ඉදපන්කො...මන්නෙ කරන්න ඕන දේ කියන්නෙ....

මන්දා අනේ.....ඔහෙ කියන දේ තමා....

කකුලක් පිට කකුලක් දාගන උන්න මං අනිත් පාර මගෙ කම්මුලට අත ගහගත්තා.....අරකගෙ මොනර වන්නම ඇහෙන වාරයක් පාසාම මගෙ කන් කැක්කුම අල්ලා.අල්ලමද කොහෙද නිකන් ඉන්නකොටත් අනෙ අයියෙ ඔහෙ දන්නවනෙ අපි නුවර මිනිස්සු කියන කෑල්ල කන් ඇතුලෙන් ඇහෙනවා ඇහෙනවා වගෙ වෙද්දි මෙච්චර වෙලාම එලියෙ උන්න ලියනගේ ඇතුලට ආවා....නිකන් නෙවෙ ලියනගේ අතෙ බ්ලෙන්ඩර් එකකුත් තිබුනා.....

සර්....

ආ...පැටියො....කොහොමද....

හොදක් කියන්න නෑ සර්....සර්ට බැරිද මාව මාසෙකට හමාරකට කූඩු කරන්න....

.......??

අපෙ නැන්දම්මලා ආවා සර්...කන් කැක්කුම.ඔක්කොටම හපන්.....මාමන්ඩියව දකින වාරයක් පාසම දඩුකද මතක් වෙලා කකුල් කැක්කුමයි.... .....

ඔන්න ඉතින් ඒකෙත් හැටි...නේ උඹට කකුල් කැක්කුම.....වලව්වෙ ඇද දකින වාරයක් පාසාම මට කොන්දෙ කැක්කුම....හතර වියන් බැදපු ඇදක් දුන්ට එක ගහල දෙක ගහන්න ඉස්සෙනකොට වියන්ටික කොන්ද උඩ...ඇදපොලුයි ගෑනිවයි යටකරම් මං බිම....ඒ අතින් සුදු පුතා උඹ තමා ලක් කාරයා...

සර් මේ බ්ලෙන්ඩර්‍ර්....මෙන්න කිරිවැල් ඇබදෙක....

මෙච්චර වෙලාම අර බ්ලෙන්ඩර් එක බදාගන උන්න ලියනගේ අනිත් පාර එහෙම්ම ඒක මේසෙ උඩට තියලා අලුත්ම එයාර් පෝඩ් දෙකකුත් මේසෙ උඩින් තිබ්බා....ඒචුට්ටකින්ම මාමන්ඩියා ඒ දෙකම මගෙ දිහාවට තල්ලු කෙරුවා....

.

......???

අරූගෙ වන්නමෙන් බේරෙන්න.....බ්ලෙන්ඩරෙ ගෙදර ඉන්නකොට දාපන්...මේක ගෙයින් පිටට ගියහමදාපන්.....මාත් මේ වගේම බ්ලෙන්ඩර් එකක් අරන් ගියා ගිය මාසෙ.....ලියනගේත් ගත්තා...මේක උඹට....අනික උඹට මන් හොද ඇදක් බලන්නම්...මං අහගන අරූ හතරවියන් බැදපු ඇදක් ඉල්ලනවා...මේ මාමන්ඩියා දුක දන්නවා පුතේ!!!

👉👈🥲🥲😂

More Chapters