පුංචි කාලේ මම නැළවුනේම නැළවිලි ගී නොදන්න උඹ තාලෙට මුමුණපු මිමිණීමට....
මගේ පුංචි පපුව සංසුන් උනේම මං ඇහැරෙයි කියලා බයෙන් වේගෙන් ගැහුනු උඹෙ හදවතට....
අම්මා තාත්තා දීපු වටිනා කියන සෙල්ලම් බඩු වලින්
මුළු ගේම පිරිලා තිබුනත්,
මම සතුටු උනේම උඹෙ ඔය ආදරණීයම හිනාවට..
එහෙව් උඹ.. එහෙව් මම..
අද මෙහෙම එකම යහනක..
එකම හුස්මක් වෙනුවෙන් පොර බදින්න තරම්..
අපිට වැරදිලා කොහේ හරි..
අපිවත් නොදන්න අතීතෙක...
__________________________________
21+
LGBTQ+
BDSM
Rape scenes
Strong language
Blood related scenes
ඉහතින් සඳහන් කල සියල්ලම මෙම පොතෙහි අන්තර්ගත වේ. එවන් දෑ අපහසුතාවයක් ගෙන දෙන අය සිටීයි නම් STOP reading this book !
21+ කොටස් පෙර දැනුවත් කිරීමක් කර පළකරන බැවින් ඒ කොටස් මඟහැර යන්නට අවශ්‍ය අයට හැකියාව ඇත. නමුත් එවන් දෑ පණනක් සෑම chapter එකකම නැත.
මෙය ත්‍රාසය භීතිය, කුතුහය, කැටිව ආදරය, වෛරය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබු කරන කතාවකි.
මෙහි යම් ස්ථාන සත්‍ය ඒවා වුවද මෙහි අන්තර්ගත නම් සහ සිඳුවීම් සියල්ලම කතෲගේ මනස්කල්පිතයක් පමණි.