Cherreads

Chapter 92 - 92

අත්තම්මට අන්තීමයිලූ....

මම හිතින් මිමිනුවා...අම්මා එහෙන් අඩනවා....වැස්සි පයින් ඇනපු එකේ වනේ ඔලුවට ගහලලු.....මම එහෙම්ම කැහැ කැහැ උන්න අප්පච්චි දිහා බැලුවා.....

අප්පච්චි ....අත්තම්මට අන්තිමයි කියන්නෙ.....

ඒ ...ගෑනිට.....අන්තී....ම ..වෙන්න...තිබුනේ...අද ..නෙවෙ.....

අප්පච්චි පපුව අත ගගාම කිව්වෙ අත්තම්මට අන්තීම වෙන්න තිබුනෙ අද නෙවෙ කියලා වෙනකොට අනිත් අය ඔක්කොම අපි දිහා බලන් උන්නා.....නොගින් ඉන්න පුලුවන් මුන් කතා කරේ නැතිනම්...අම්මා සැරින් සැරේම කතා කර කර අඩනවා අත්තම්මට බලන්න ඕනේ හුස්ම ටික යන්න කලින් වත් මූන පෙන්නපන් පුතෙ කිය කිය...

මොන මගුලටද....මෙච්චර හරියක් කරලා හුස්ම යවන්න මෙග මූන.....අවසානෙදි ඔය ගෑනිට හිතුනොත් මගෙ ඇගේ වහන්න ඕනා කියලා...?

මිනිස්සුන්ගෙ අවසානම සිතුවිල්ල හරි බලවත් කියනවලුනෙ...ඔය මනුස්සයා අවසානම මොහොතේ මාව බලන්න ආවෙ නෑ කියලා එතනත් වෛර බැන්දොත් .....

මේ මොන හුත්තෙ කරදරයක්ද .....

මම සෝෆාවෙ ඉදගන ඔලුව අත් දෙකෙම්ම තදකරන් හිතින් කුනුහර්ප වමාරන්න ගත්තා....සැරින් සැරේම අල්ලන ඔලුව කැක්කුම එක්ක මට හිටපු ගමන් නප්පියටම තද වෙනකොට ඇගේ දැවිල්ල වගේ අල්ලගන කසන්න ගත්තම මට ගෙදරින් දුවන්න හිතුනා....මට වචන වලට කියන්න නොතේරෙන දෙයක් මාව අසරන කරනකොට මම අප්පච්චි දිහා බලාගන උන්නා.....

අප්පච්චි .....අපිට යන්න වෙයිනේද අප්පච්චි ....

මම පපුව අල්ලන් කැහැ උන්න අප්පච්චි දිහා බලලා අපිට යන්න වෙයිනේද ගානකොට මං බලාගන තාත්තා මොන මොනවදෝ කිය කිය බනිනවා...හැබැයි හරියටම අහලා බැලුවොත් තාත්තා කියන්නෙ අමු කුනුහර්ප .....

සුදු මහත්තයා ....

මම මගෙ විතේන් දිහා බැලුවා....එයාගෙ ඇස් වල දැනටම කදුලු පටල බැදිලා තිබුනා ඒ මූන දැම්මම මලානික වෙලා තිබුනා . ....එයා එහෙම්ම මං ගාවට ඇවිත් ඉදගන්න මගෙ අත උඩින් අත තිබ්බා.....ඒ ඇස් කියන්නෙම අනේ යන්න එපා කියලා උනත්...එයා වචන වලට පෙරලුවෙ අනේ පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න මම බලන් ඉන්නවා කියන එක ...

සුදු මහත්තයා ...අනේ.....පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න...මං බලන් ඉන්නවා...මං බලන් ඉන්නවා සුදු අප්පො....මං...උඹ එනකන් බලන් ඉන්නවා තේශී.....

ඇයි මේ...ඇයි විතේන් මේ අඩන්නෙ....

මට බයයි.....උඹ යන එකට මට බයයි...මට වලව්වට අඩියක් ගහන්නවත් අවසරයක් නෑ...එහෙම එකේ...මට උඹ එක්ක එන්න බෑ කියලා දැන දැනම මට උඹව යවන්න හිතක් නෑ මගෙ නිතේශ් ...

අනේ...මැනිකේ ..නාඩා ඉදිල්ලකො...ඉබ දන්නවා..මං ගියාට කවදාවත් නවතින් නෑ කියලා...මගෙ ගෙදර මේක විතේන් ...ඉතින් මං කොහොමද එහෙ නවතින්නෙ...

මම බලන් උන්නා....එයා ඇස් වලින් ගලන කදුලු නවත්තන්න බැරි හින්දමද කොහෙද එයා අහක බලාගන ඇස් පිහිදනවා...

කොහෙද යන්නෙ 

ඔයාගෙ ඇදුම් ලැහැස්ති කරන්න....

ඔයාට අරන් යන්න...

ඕන් නෑ...මං ගිහින් අදම එනවා...නේද අප්පච්චි ....අපි නවතින් නෑනෙ....ඔය ගෑනි මැරුනොත් එවෙලෙම වලලනවා.මිසක් පාංශුකුලේ වත් දෙන්න වටින ගෑනියක් නෙවෙ විතේන් ...මිනිස්සුන්ට දීපු ගින්දරවලට උන්ට මැරෙන එකත් හොද වැඩියි.....උන්ට ඔහොම නෙවෙ විදවන්න ඕනෙ ....

මං ඉදන් උන්න තැනින් නැගිට්ටා ....නැගිටලා කාමරේට ගියා....ඒ ගෑනි මැරුනා නැතා...හිතේ තියන තරහව එක්ක මම මැරෙන්නත් කලියෙන් කලුයි සුදුයි ඇන්දා....අවංකවම අන්තිමයි කියනකොට මම ප්‍රාර්තනා කෙරුවෙම අත්තම්මාමේ දැන් මැරිලා යමන් මේ දැන් මැරිලා යමන් කියලා...නිකන් නෙවෙ...අවසානම හුස්ම පොද ඇරගන්න බැරිව අත්තමා සෙංකඩගලම හොලවපන් කියලා සාප කෙරුවා...සුදු අක්කගෙ පන කෙන්ද යනකොට උන් විදපු වේදනාව...අර නූපන් දරුවා විදපු වේදනාව....රන්මලියා විදපු වේදනාව මේ ඔක්කොම එක්ක මම සාප කර කර ඇදගත්තා .....

ලොකු පුතා ...

තාත්තා .....

මම උන්නෙ කලු කලිසමේ අවසනාම බට්න් එක දදා වෙනකොට මට තාත්තගෙ කට හඩ ඇහුනා ....එයාගෙ මුන නම් අපි යනවට කිසිම කැමැත්තක් තිබුන් නෑ...එයාගෙ මූන නෙවෙ.....මේ කාගෙවත් ....කිසිම කෙනෙක්ගෙ මූන මායි අප්පච්චියි යනවට කිසිම කැමැත්තක් තිබුන් නෑ..මගෙ විතේන් නම් ඇස් රතු කරන් උන්නා...

මට කතා කරපු තාත්තා එහෙම්ම ඇද උඩ ඉදගත්තා ....

දෙන්නා වෙන වෙනම යන්න එපා....එන්න කිව්වට මොකද....මගෙ හිතේ කිසිම කැමැත්තක් නෑ නිතේශ් .....මැරෙන්න යනවා නම්...මැරෙන්න දීලා නිකන් ඉන්න ඕනා...ඔය හෑනු මහ පොලවටත් බරක්....ඒත්....නොගිහින් උන්නොත්...ඒකටත් උන් වෛර බදිනවා අවසානෙදි නයෙක් පොලගෙක් වෙලා හරි ආවොත්...ඔවුන් ඒ තරම් ජරා ජාතියක්...කොහොම උනත්...ගෑනිගෙ මූන බලලා වරෙල්ලා...මට කියන්න තියෙන්නෙ එච්චරයි උඹලා එහෙ ඉන්නකොට අපේ බඩේ බිත්තර තම්බන්න පුලුවන් ...අපි කෙසේ වෙතත් උඹේ විතේන්...ඒක හින්දා.....දෙයියනෙහෙ පිහිටෙන් පරිස්සමින් ගිහින් වරෙන්.....

මං ඉක්මනිම්ම එනවා තාත්තා ..මගෙ විතේන්ව බලා ගන්න...අනේ අඩන්න එපා කියන්න...මං ඉක්මනට එනවා.....

මට මගෙ එකාව බලාගන්න අමුතුවෙන් කියලා දෙන්න ඕන් නෑ උඹත් අප්පච්චි වගේ පන්ඩිතයෙක් නොවි කියන දේ අහලා ඔය මගුලෙ ගිහින් වරෙන්.....

තාත්තා යන්න ගියා ...තාත්තා ආදරේ හිතේ තියන් උන්නත් කොයි වෙලෙකවත් පිට දැම්මෙ නෑ...කොයි වෙලේ උනත් මටයි අප්පච්චිටයි බැනපු එකමයි කෙරුවෙ ...දෙයක් කිව්වොත් ඒකට අනිත් අතටමයි කියන්නෙ...වෙලාවකට මගෙ විතේනයත් ඔහොමයි....වෙන උන්ට ඉන්නෙ ගුටියක් කාලා අඩාගන පැත්තකට වෙන උන් උනත් මට උන්නෙ මම එකක් ගැහුවොත් මට සීයක් විතර ගහන එකෙක්....එක අතකට...මට ඕනෙත් එහෙම එකෙක්....නැත්තන් මම කොහොමද වලව්වෙ උන් එක්ක ඔට්ටු වෙන්නෙ ..... ..

තේශී...

ම්ම්ම්....

තාත්තා යන්න යනකොට මම කාමරේ ආයම තනිඋනා....තත්පරයක් දෙකක් යනකනුත් එයා මාව හොයගන ආවෙ නෑ..මං දන්නව එයා අනිවාර්යයෙන්ම පිච්චි පිච්චි කල්පනා කරනවා.....වෙච්ච දේවල් එක්ක...එයා කල්පනා නොකර කොහොමද ...එයා ගැන හිත හිතම මම කොන්ඩෙ පීරනකොට මගෙ විතේන් ඇවිත් පිටිපස්සෙන් තුරුල් උනා...

ඒ අත් දෙක මගෙ බද වටේ එතුනා .මගෙ මූන බලන්න බැරි කමටද කොහෙද එයා මගෙ පිට මැදට මූන ඔබාගන උන්නා...ඒත් මට දැනුනා මගෙ පොට තෙත් වෙනවා...ඒ ඇග ගැස්සෙනවා...ඒ එක්කම මම එයාව ඇදල අරගන තුරුල් කරගත්තා ..එකම එක වචනයක් කියන්න ඉඩක් නොතියම මම එයාව තුරුල් කර ගත්තා ....

තේ....ශී....

අනේ මැනිකේ....අඩනවනේ....උඹ අඩනකොට මම කොහොමද හිත හදාගන එලි බහින්නෙ...

මට මහා මූසල කමක් දැනෙනවා ...මඟකට..හරි එන්නම්....වලව්වගාව ගෙදරක හරි නවතින්නම්....අනේ දෙයියනේ....හැම දේම හරි ගිහින් ඉන්න වෙලාවෙ...යන්න ඔන්න මෙන්න තියාගන මොකුත් වෙන්න නම් එපා කියලා ප්‍රාර්තනා කරපන් මගෙ සුදු මහත්තයා .....

මම එයා කියන වචනයක් වචනයක් ගානෙම මම අහන් උන්නා....එයාගෙ හිතේ වේදනාව හිතේ බයේ තරමටම කොහෙද මගෙ උරහිස තෙත් වෙලා ගියා...

මැනිකේ....අනේ...මගෙ මැනිකේ.....නාඩා ඉදින්කො මගෙ රත්තරනේ.....උඹලා අඩනකොට මම එලි බහින්නෙ වත් කොහොමද කියපන් මැනිකේ....මේ අහපන් මේ අහපන්කො මගෙ විතේන්...අප්පච්චි ඉනන්වා....අප්පච්චි එක්ක මම ගියා ආවා එතකන් මගෙ මැනික උඹ ප්‍රවේසමෙන් මට ඉන්නෙ උඹ විතරයි ....මට මේ හැම දේටම වඩා උඹව වටිනවනෙ ....

මම එයාහෙ ඔලුව අත ගගා හිත හැදුවා.....මගෙන් එකම එක දශමය වත් ඈතට නොගිය එයා මගෙ ඇගේ එල්ලිගන වගේ ඉන්නකොට මම එයාව වඩා ගත්තා ...

මගෙ පැටියා.....විතේන් ....උඹ අඩපුවාම මම කොහොමද ඔලුව කෙලින් කරන් ඉන්නෙ....ඒක නිසා නාඩා ඉදින්...අප්පච්චි එක්ක මම ගිහින් එන්නම්....

......

එයා ආයම මාත් එක්ක වචනයක් වත් කතා කෙරුවෙ නෑ.....එයා කරපු එකම දේ මං කියන දේ අහන් ඉදලා මාව ඉඹපු එක...එයාට මාව ඉඹලා මරන්න පුලුවන් නම් එයා ඒකත් කරනවා....

සුදු මහත්තයා.....

ප්‍රවේසමෙන් ගිහින් එන්න...මං බලන් ඉන්නවා....

මෙච්චර වෙලාම මං කියන කිසිම දේකට උත්තර නොදුන්න එයා අවසානෙදි මගෙ මුන අත් දෙකෙම්ම අල්ලගන සුදු මහත්තයා ප්‍රවේසමෙන් ගිහින් එන්න කියනකොට මම එයාගෙ නලලට වගේම ඒ ලිපස් වලට ආදරනීයම හාදුවක් තියල එයාව බැස්සෙව්වා .....

අප්පච්චි මං ඩ්‍රයිව් කරන්නම්.....

නිතේස් ...අයියේ...අනේ...මගෙ....නිතේ..ස්....අයියේ....අනේ දෝනියෝ.....ඉක්මන එන්න..මාමියා යන්න යන්නෙ.....

එයා බලන් ඉන්නවා...බැල්කනි එකට වෙලා එයා බලන් ඉන්නවා.... අම්මා තාත්තා ගාව එයා බලන් ඉන්නවා කාර් එකට නගින්න යනවා එක්කම ආයමත් ගඩාපියා කෑ ගහගන දුවගන එනකොට මං බලාගන පලිගුවත් දම්වැල පිටිම්ම දුවගන ආවා....

මොකද....

ම්හුක්....මගෙ නිතේස් අයියේ....

ඇයි බන්.....

අනේ...නිතේස් අයියේ .....මේහ් ....අර නාකිච්චියා මැරුන ගමන් ඉක්මනට එන්න අනේ.....මේ ලමයට පාලුයිනෙ...ඇරත්....අපේ විතේන් අයියා තනියමනේ.....

හා....එන්නම්..මගෙ විතේන්ව බලාගනින් එහෙනම්....

ම්හුක්....ඒ ලමයව මම කලිනුත් ඇස් දෙක වගේ බලාගත්තා .....ඒක නෙවෙ.....අර නාකි පාපිස්ස මොනවා හරි කිව්වොත්...අනේ...නිතේස්...ගහපිය ඔන්න ඕකට.... මැරෙන්නම....ගහපිය...අනේ....ගහපිය...ගහලා...ගහාලා...මෙන්න මේකෙන් එක පාරම බෙල්ල මැදටම ඇනපන් " චුක්" ගාලා උගුරු දන්ඩ කපලා යන්නම....

යකො...ඩියෝනයා.....කෝ මගෙ දැලි පිහිය ....

ඒක අපේ නිතේස් අයියට දුන්නා සෙනෝන්...ඔයා වෙන එකකින් ඔය කරන එකක් කර ගන්න.....ඔය එක කාගෙ එලු රැවුල වගේ නෙවෙ මගෙ නිතේස් අයියා.....ම්හුක්...පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න මගෙ අයියෝ....

මේකට පිස්සු හැදිලාදෝ මන්දා.....එක තත්පරේට වචන කෝටියක් විතර කියවන ඩියෝනයා ශෙනෝනයා රැවුල කප කප උන දැලි පිහියක් අරන් ඇවිත් තිබුනා..මූ හින්දා මට කවදා හරි මේ සැලුන් එක වහන්න වෙනවා...අර මනුස්සයා බලන් ඉද්දිම එලු රැවුල කිව්වනෙ.....

හා..හා....මං ගිහින් ඉක්මනට එන්නම්....දැන් ඕක ගිහින් දියන්...

ඔය ඕන තරම් එව්වා තියෙන්නෙ.....ඔයා මේක අරන් යන්න.....යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්නෙ මේ වෙලාවට තමා...අනේ...නිතේස් අයියේ...ඉක්මනට වරෙන් ඈ.....

හා....බන්...හා.....ඇතැරපන් කො.....

ම්හුක්...දොනියෝ...මේ මාමියට උම්මියක් දෙන්න...දීලා වදින්න.....

යෝහ්.....බල්ලට ඉන්න දියන් බන්...කෝ වරෙන් පලිගුවා..උඹලගෙ අම්මා මට අද යන්න දෙන්නෙ නෑ....ඉක්මනට එන්න ඕනා නම්..මාව ඉක්මනට යවපන්....

අරූ පලිගුවාගෙ අත් දෙක එකට එකතු කරවලා මට වන්දවනකොට මන් ඒකිගෙ බලු කම්මුල මිරිකලා අරූ බලෙන්ම ඔබපු දැලි පිහියත් සාක්කුවෙ දාගන කාර් එකට නැග්ගා..මෙච්චර වෙලාම මා දිහා බලාගන උන්න මගෙ විතේන් මම කාර් එක රිවර්ස් කරන්නත් කලින් ඇතුලට යන්න යනකොට මගෙ පපුවෙ පැත්තක් කඩාගන වැටුනා හා සමානවම දැනුනා...

.

අප්පච්චි ...

කැහ්.....කැහ්....මේ...කාල...කන්නි...

කැස්ස....කැහ්.....

අපි එන්න ආවා....අප්පච්චි සැරින් සැරේම කහිනකොට මම කැහි පැනිය කාර් එකේමදිම බොන්න දුන්නා...එයාට කතා කරගන්නත් බෑ...වෙලාවකට වචන එලියට එන්නෙත් නෑ...කැහැලා කැහැලම අප්පච්චිට කතා කරගන්න බැරි උනා....ඒ මූන සම්පුර්ණයෙන්ම සුදු මැලි වෙලා තියනකොට මගෙ ඇස් ගොරකා ලෙලි වගේ වෙලා තිබුනා....

මේ මොන කරදරයක්ද දෙයියනේ....

මහ පාරේ එකාකාරෙට වාහන වෙනකොට වලව්වෙන් එක දිගට එන කෝල් මට හිසරදයක් උනා...සැරින් සැරේ එන ඔලුවෙ කැක්කුමට මන් පෙනඩෝල් කාර්ඩ් එකක් බිව්වා උනත් අඩුවක් උනේ නැතිවෙනකොට ඇස් වලට දැලක් බැන්දා හා සමාන උනා.....එක ඵෝන් එකක් සයිලන්ට් කරපුවාම අප්පච්චිගෙ ඵෝන් එකට එකම දිගට ගද්දි කැහැලා කැහැලා එහෙම්ම නින්ද ගියපු අප්පච්චිගෙ අතේ තිබුන ඵෝන් එක මං උදුරලා වගේ අරගත්තා ...

හෙලෝ....මොකද ...දැන් සැරයක් කිව්වා නේ එනවා කියලා ....මොන මගුලටද සැරින් සැරේම ගන්නෙ....

හෙ...ලෝ...නිතේ....ශ්...මම...අම්මා..නෙවෙ...

අම්මා නෙවෙ මොකී උනත්....අනික උඹ මොකද අම්මගෙ ඵෝන් එක අරන් කරන්නෙ ...

නෑ.....අම්මා කිව්වා...අප්පච්චි කොහෙද කියලා බලන්න කියලා ...

ඇත්තට උඹගෙ අනිතා අම්මා එහෙම කිව්වද ...එහෙම කිව්වා නම් කියපන් එන ගමන් ඉන්නෙ කියලා අනික මං ආවා නාවා කියලා මොකද මං ඔය ගෑනිට පනදෙන්නද ..නෑනේ...මැරෙනවා නම් මැරෙන්න කියපන්...ජීවත් වෙලා ඉන්න අපි මැරෙන්නද මෙතන රේස් ගහලා ..... අනේ නාද්‍යා උඹත් මායන් වෙන්නෙ නැතුව ඕක තියපන් ....ආවා මෙතන ..හුත්තක් කියවගන...

අම්මගෙ ඵෝන් එකෙන් සැරින් සැරෙම අරන් තිබුනෙ නාද්‍යා වෙනකොට ඒකිටත් හොද හුප්පදෙන් අමතපු මම එහෙම්ම අප්පච්චි දිහා බැලුවා..පව් ඒමනුස්සයා...කැහැලා කැහැල නිදි.....

මගෙන් තුන් පදෙන් අහගත්තට පස්සෙ අම්මා වත් නාද්‍යාවත් ආයම ගත්තෙ නැතිවෙනකොට මම ලෑල්ලට පෑගුවා...ඉක්මනට යන තරමට ආයම ඉක්මනට එන්න පුලුවන්නෙ කියන එක මම හිතින් හිත හිත අත්තම්මා මැරිලායමන් කියලා ප්‍රාර්තනා කෙරුවා ...

අවංකවම මට දැන් හිතේ කහටක් නැතුවම වලවේ මිනිස්සුන්ට හෙන ප්‍රාර්තනා කරන්න පුලුවන් උනා...

කොළඹින් එනකොට ගිනිගහන අව්ව උනත් කෑ ගහල්ල හරියෙදි වගේ පුරුදු ව්දිහටම අර අන්දකාර අහස තිබුනා.....හැම වෙලේම චුරු චුරුව.....වෙලාවකට මගෙ විතේනුත් වැස්ස වගේ...කොයි වෙලාවෙත් ඔකක් හරි අල්ලන් චුරු චුරු ගානවා....ඒඋනාට ඒචුරු චුරුව ආදරනීයයි..

කෑගල්ල ගාවින් පටන් ගත්තු චර චුරුව ටික වෙලාවකින් ලොකු ලොකු වැහි කදුලු බිමට පාත් වෙන්න ගත්තා .....වීදුරුව උඩට පාත් වෙන වැහි කදුලු වයිපර් වෙලා යනකොට වටපිටාව බලාගන් ඉද්දි අන්දකාර උනා...

කැහ්....කැහ්.....සු..දු මහත්තයා....කැහ්...මේ කොහෙද ....

කෑ ගල්ල පහු උනා විතරයි අප්පච්චි ....මාවනැල්ල උසාවිය කිට්ටුව ....

කැහ්....මගෙ....උගුර...හිර කරනවා.....නි..තේ...ශ්....

අප්පච්චි ....අනේ...

මං බලාගන උගුර හිර කරනවා කියපු අප්පච්චි උගුර අත ගාන්න ගත්‍තා.....එයාගෙ උගුර හිර වෙනවලු...ඇත්ත....අප්පච්චි කතා කරනකොට එයාගෙ උගුරෙ සෙම බැදිලා හා සමාන උනා ....චුරු චුරුවට වැහැපු වැස්ස මහ වැස්සක් වෙනකොට මම වැස්ස නොබලා එහෙම්ම කාර් එක ෆාමසියක් අයිනෙන් නවත්තලා වැස්සෙම එලියට බැහැලා ෆාමසියෙන් විටමින් සී එක්ක ස්ට්‍රෙප්සිල් අරන් එලියට එන්න එනවා එක්කම මාව කාගෙ හරි ඇගේ හැප්පුනා....කාව්ද කියලා පැහැදිලිව නොපෙනුනා උනත් පාට ගියපු චීත්ත ගවුම ඇදන් උන්න කෙල්ලගෙ මූන මහ වැස්සට දියබත් වෙලා තිබ්බා...මම වැටෙන්න ගිය කෙල්ලව කානුවට වැටෙන්න නොදී හයියෙන් කිටි කිටියට අල්ල ගත්තා වගේම ඒ එක්කම කන් දෙක පුපුරගන යන හෙනක් එක්ක කෙල්ලගෙ කට හඩ ඇහෙනවා එක්ක ඒකිව මගෙ අතෙන් කානුවට අතෑරුනා....

බේබී...හාමූ...ය....න්...න.....එ....

මහ වැස්ස එක්ක කානුවෙ වතුර පාරෙ සැරමේ ඔක්කොම එක්ක මටකියපු ශේ නෑහුනත් මම මහ වැස්සෙ තෙමි තෙමි කානුව දිහා බල බල වැටුන කෙල්ලව හෙව්වා...

ආනේ....අනේ...උදව් කරන්නකො...කවුරු හරි උදව් කරන්න නැද්ද....අනේ...

ඇයි..ඇයි...

මේ...මෙතන...මෙකට....මේකට ගෑනු ළමයෙක් වැටුනා....

මේ දැන්.....

ඔව්..මා එක්ක උන්නෙ... මා එක්කමයි....උන්නෙ...

මම කානුව දිගේ දුව දුව වැහි වතුරට තෙමි තෙමිම කෙල්ලව හොයනකොට මගෙ ගාව වට උන මිනිස්සු...මාව දැකපු මිනිස්සු කිව්වෙම මම උන්නෙ තනියම කියලා වෙනකොට මට පිස්සු හැදෙන්න වගේ ආවා....

නිතේ...ශ්....සුදු...මහත්තයා.....

අප්...පච්චී....අනේ....අප්ප...ච්චි.....අප්පච්චි ..මගෙ...ඔලුව පුපුරන්න වගේ....මට....පිස්සු හැදෙන්න වගේ..දෙයියනේ.....

මම මගෙ ඔලුව ස්ටියරින් වීල් එකට ගහගත්තා ...ඔලුව ඇතුකෙ නහර වැල් අඹරනවන තරම් වේදනාවක් දෙනකොට මම නලල අත් දෙකෙම්ම මිර්කගන ආපහු ශීට් එකට ඔලුව ගහගත්තා .....ස්ට්‍රෙප්සිල් එක ඇරුනම විටමින් සී ටික සම්පූරනම දිය වෙලා කොලේට ඇලිලා තියනකොට මම හයියෙන් හුස්ම ගන්න ගමන් ඔලුව ගහන් උන්නා...

උඹට මේ මොකද වෙන්නෙ නිතේශ් ...කැහ්...කැහ්.....උඹට...සැරින්...

සැරේම මේ මොකද වෙන්නෙ....කැහ්....කැහ්....කැහ්...මට...මේ කාලකන්නි...කැස්සක්...කැහ්.....

කතා..කරන්න එපා අප්පච්චි ...ඔයාට අමාරුයි .....

මම අප්පච්චිට කතා කරන්න එපා කිව්වා...සයිලන්ට් කරලා තිබ්බු ඵෝන් එක අතට ගත්තු මං ආයම වොලියුම් එක වැඩි කරලා කාර් එක පාරට දැම්මා..මෙතන ඉදන් තව ටික දුරයි..

මොල්ලිගොඩ වලව්ව....මම දන්න තරමින් මගෙ ජීවිතේ මිහිපිට අපාය....වැහි අන්දකාරෙත් එක්ක රට හුනු උලපු වලව්වට කහපාට ලයිට පත්තු කරලා තිබුනා ..ගොක්කොල ආරුක්කුවත් වත් සුදු කොඩියක් වත් නෑනෙ...ඒකියන්නෙ මේ ගෑනි තව මැරිලා නෑ ....

අප්පච්චි .....

ම්ම්ම්

කවු‍රුත් ඇවිල්ලා වත් නෑනෙ අප්පච්චි ....

කවුරුත් එන්න මුන්ට කවුරුත් ඉන්නවද....නිතේශ් ..කැහ් ..කැහ්....

ඒකත් ඇත්ත ...

මම අප්පච්චි එක්ක එලියට බහිනවා එක්කම මං බලාගන නාද්‍යා කාර් එකෙ සද්දෙ ඇහිලද කොහෙද එලියට ආවා ඒ එක්කම මගෙම වෙලාවටද කොහෙද මගෙ විතේන් කෝල් එකක් ගත්තා....

ඕ..මැනිකේ...මේ දැන් ආවෙ....ඒ ගෑනි මැරිලා නැද්ද කොහෙද .....මැරිලා නම් සුදු කොඩියක් වත් තියනවනෙ...මාර්දූතියො උන්නට මල කුන තාම පන අදිනවද කොහෙද .....

අරකිගෙ මූන දිහා බලාගනම මම එක එක ආඩපාලි කියනකොට නාද්‍යා ගෙට දිව්වා...

අර වහන්තරාවට.... ගෙවල් දොරවල් නැද්ද මන්දා...මුන් ඔක්කොටම සාප වැටිලා.....කැහ්...කැහ්...

මැටි එකතු වෙන්නෙ මැටි වලට වගේ තමා අප්පච්චි මේකිත් එන්නෙ මෙතනටම රිංගන්න.....කාලකන්නි ගෑනි....මහ සාප ගෑනියක්....

මමයි අප්පච්චි ලේ කෝප කරගනම වලව්වට ගොඩවෙන්න ආවා....රබර් පාපිස්ස වෙනුවට තිබුනෙ කොහු පාපිස්සක් ....පාගපුවත් නැති එකක්ද කොහෙද .....තිබුන තරහටම කකුල් වල මඩ තලි පිටින් මම වගෙම අප්පච්චි පාපිස්ස පාගගන මඩ අතුල්ලගන ගෙට ඇතුලට ආවා.....

සුදු මහත්තයා....

අම්මා...අත්තම්මා මැරුනද ....?

දෙයියනෙ සුදු මහත්තයා..... මොනවද උඹ ගෙට ගොඩ වෙන්න කලින් මේ දොඩවන්නෙ...

ඉතින් ඇත්තනෙ උඹ දැන් නැහීගන කතා කෙරුවෙ...කැහ්...කැහ්..... කැහ්...උඹගෙ.....

ඇති දහම් ඇති...දහම්....ගෙඩ ගොඩ වෙන්න කලින් අප්පච්චිලා පුතාලා මොනවද අහන්නෙ....මගෙ අම්මව මරාගන්න උඹලට ඔය තරම්ම හදිස්සිද .....

මට ආව කේන්තියටම මම අම්මව තල්ලු කරගන ඇතුලට ගියා....

අත්තම්මා ....

මම යන යාමටම අත්තම්මව හොයාගන යනකොට ඒ ගෑනි ඇදේ දිගා වේගන අත් දෙකත් පපුවට බැදගන වහල දිහා බලන් ඉන්නවා...දන්නවා නම් විතේන්ලගෙ පල්ලියේ ඔන්න සුවාමි කෙනෙක් ගෙන්නලා අන්තීම ආලෙපෙ දෙනව මැරිලම පලයන් කියලා .....

සුදු මහත්තයා .....

අහකට වෙන්න අම්මා....මගෙ ඔලුව කැක්කුමයි පුපුරන්ඩ...අප්පච්චිට හුස්මක් කටක් ගන්ඩ බෑ කැස්ස...මේ මනුස්සයා මැරෙන්ඩ වැටිලා ඉන්නවා කිව්වා...මොන බොරුද අම්මා.....මොන බොරුද...උඹ අම්මෙක් වෙන්න දන්නෙත් නෑ...දරුවෙක් වෙන්න දන්නෙත් නෑ....පනපිටින් ඉන්න අම්මව මරාගන බොරු කියනවා.....උඹලා මහ සාප කාර ගෑනු අම්මා.....

මම අම්මව අත්තම්මගෙ කාමරේ දාලා කෙලිම්ම මගෙ කාමරේට එන්න ආවා....වැස්සට තෙමිලා ඇදුම් තෙත උනත් මට ඕනා උනේ මේ පිටිම්මයන්න වෙනකොට මම අප්පච්චිව හොයන් ගියා ..

අප්පච්චි ....

සුදු... මහත්තයා ....

මොනවද ඔය බොන්නෙ.....

කැහැලා ....කැහැලම .....මගෙ උගුර කට වේව්ලිලා ගිහින්..නිතේශ් බඩ.... පපුව දනවා...කතා..කරගන්ඩ බෑ....වචන...එන්...නෙ...නෑ....දොස්...තර..කෙනෙක්...වත්...චැනල්...කරවන්න....තාත්තට...කතා..කරලා...කියපන්..පුතේ....නවලෝකෙට නම්බර...එකක්...දාන්ඩ...කියලා...

මට මගෙ අප්පච්චි ගැන දැනුන දුක මෙහෙමයි කියන්න බැරි තරම්...මේ වස්සෙ ආයම යනවා කියන්නෙ අප්පච්චි තවත් තෙහෙට්ටු වෙනඑක ...මං බලාගම එයා උගුර කට වේලනවා කිය කොය මේ වැස්ස වෙලේ තැඹිලි බොනවා....ඒ එක්කම මම විතේන්ට කෝල් එකක් ගත්තා .....

හෙලෝ....විතේන් ....මැනිකෙ මං ගෙදර .....අද එන්න වෙන්නෙ නෑ...හෙට උදෙම්ම එනවා.....තත්තට කියන්නකො නවලෝකෙට නම්බර් එකක් දාන්න කියලා අප්පච්චිට බෙහෙත් ටිකක් ගන්න.....

........

ඔව්.....ඒ ගෑනිට ඇති අමාරුවක් නෑ...අනිත් උන්ටයි අමාරුව .කොහෙවත් යන වහන්තරා ගෙට දාගන මුන්ට පිස්සු....

සුදු මහත්තයා....මේන් රන්තැඹිලි...

මම උන්නෙ විතේන් එක්ක කතාවක.....එයා එහෙ ඉදන් පුලුවන් තරම් බනිනකොට මම අහගන තාත්තා අනීතම්මව බඩ වෙන කුනුහර්ප වමාරනවා...මේ ඔක්කොමත් අස්සෙ මේ වැස්සෙ නාල ආව මට සීතලයි කියන එක නොබලම මගෙ මොලේ කලදක් නැති අම්මා රන්තැඹිලි වීදුරුවක් දෙනකොට සීතල කෙසේ වෙතත් සීනි අමාරුව හැදුන එකෙක් වගෙ මගෙ තොල කට වේලිලා ආයමත් අර ඇග දැවිල්ල අල්ලනකොට මම අම්මා දීපූ තැඹිලි වීදුරුව එක හුස්මට බීලා දැම්මා...

සුදු මහත්තයා අද ඉන්නවද...

ඔව් ඉතින් අප්පච්චිට මේ විදිහට යන්න බෑනෙ නේ. ..ඔයාලා මහ සක්කිලි අම්මා...අවංකවම කතාව....

අත්තම්මට අමාරු උනා නිතේශ් ...උඹලට නොකියා අපි කාටද කියන්නෙ...ඒක කියපන්කො....උඹ මගෙ පුතා....උඹගෙ අප්පච්චි මගෙ මිනිහා...

ඒක දැන්ද මතක් උනේ.....මම පුතා...අප්පච්චි මිනිහා කියලා...එදා මට අච්චර ලැජ්ජා කරලා යනකොට ඔව්වා මතක් උනේ නැද්ද.....කමක් නෑ අම්මා...උඹලගෙ හැටි අපි කොහොමත් දැනගත්තා ...

අප්පච්චි .....ඔයා රෑට මොනවා හරි කනවද.....ඉදිආප්ප ටිකක් වත් ගෙනත් දෙන්නද...මට කන්න බෑ....අප්පච්චි කාලා බේත් වේලක් බොන්න...

නිතේශ් බත් තියානවා....දූ ඉව්වෙ....

දූ ඉව්වා නම් උඹම කාපන්...සුදු මහත්තයා..මට කන්න බෑ....මගෙ ඇගම රිදෙනවා.....මං උඹේ කාමරේ නිදා ගන්නවා.....

රෑට තියන බේත් වේල දෙන්න ඕන හින්දාම මම අප්පච්චිගෙන් කන්න දෙයක් ගේන්න ඇහුවම අප්පච්චි එපා කියනකොට අම්මා නාදයගෙ වරුනෙ කියවන්න ගත්තා විතරයි අප්පච්චි ගසාගන මගෙ කාමරේට යනකොට මාත් ඒ පස්සෙම්ම ගිහින් තෙත ඇදුම් ගලවලා දාලා නාගන ඇවිත් සරමක් ඇදගන අප්පච්චි ගාවින්ම දිගා උනේ අර කාලකන්නි ඔලුව කැක්කුම තව වෙනකන් අඩුවක් නැති හින්දම උනා.. අප්පච්චිට ඇගේ අමාරුවටමද කොහෙද අවේලාවෙම නින්ද ගිහින් තිබුනා....මගෙ විතේන් සැරින් සැරේම මැසේජ් කරනකොට මට මැසේජ් එක පේන්නෙ වත් නැති තරමට ඇස්වලට දැල් බැන්දා හා සමානවම ඔලුවෙ කැම්කුම වැඩිවෙනකොට මම එයාට කෝල් එකක් අරගත්තා උනත් මට එයා එක්ක වචන දෙක තුනකට වඩා වත් කතා කරන්න්න් බැරි උනා....තොල්පට පවා වේලිලා ගිහුන් මගෙ දිව ගිලීගන ගිලීගන යනවා වගේ දැනුනා.....

මැනිකෙ මම හෙට උදෙම්ම එනවා කියන්න ඕනා උනත් මට ඒ එක වචනයක් වත් කියන්න බැරි උනා වගේම මගෙ අතේ තිබුන ඵෝන් එක නෙට්‍යෙ උඩට අතෑරෙනකොට මට හීනෙන් වගේ සුදු මහත්තයා ...සුදු මහත්තයා ....තේශී.....තේශී...කියනවා ඇහෙනවා එක්කම මගෙ ඇස් දෙක සම්පූරනම වැහිලා ගියා.....

සුදු මහත්තයා .....නිතේශ් ....දැන් ඇතිනේ මහත්තයෝ නිදා ගත්තා.....නැගිටින්නකො....

වෙලාව කීයද ඉන්නෙ කොහෙද කියන්නවත් තේරුමක් නැති මම මට එහාපැත්තෙන් ඇහුන කට හඩ එක්ක ලාවට ඇස් අරිනකොට මගෙ ඇදේ මට එහා පැත්තෙන් ඉදගන උන්න ගෑනු රූපෙ දිහා මම ඇස් බාගෙට ඇරලා බැලුවා....

පේන්නෙ නෑ...මෙලෝ හත් ඉලව්වක් හරියටම පෙනුන් නෑ...ඇස් දෙකටම දැල් බැන්දා වගේ වෙනකොට මම ඇස්දෙක පිහලා බැලුවා....

නාද්‍යා ...

නාද්‍යා....තමුන් ..මොකද..මෙතන කරන්නෙ....

මහත්තයා ....

මහත්...තයා.....

අනේ සුදුමහත්තයා .....ඇයි මේ....මං මොකද කරන්නෙ අහන්නෙ...මම ඔයා එක්ක නේන්නම්.මෙච්චර කල්.උන්නෙ...

මම ඇද රෙද්ද ගසලා දලා ඉදගත්තා ...නාද්‍ය උන්නෙත් මගෙ ඇදේම වෙනකොට මම එහෙම්ම ඔලුවෙ පැත්තක් අල්ලගම ඇද වියලට ඔලුව ගහගත්තා වගේම ඒකි මගෙ ඔලුව අතගෑවා....

දෙයියන්ගෙ පිහිටෙන් උන අඩුවෙලා .....මහත්තයට තේ එකක් ගේන්නද ...

නාද්‍යා ...මට...ඕන...තේ...එකක්...නෑ...මගෙ ඔලුව කැක්කුමයි...

කොහෙද ඔයා රෑ එලිවෙනකන් අහැරන් ඉන්නවනේ....කොච්චර කිව්වද නිදා ගන්න්න් කියලා අහන් නෑනෙ...

මේ ගෑනි මොන මගුල කියනවද කියල හිතා ගන්න බැරි මමඅත් දෙකෙම්ම නලල මිරිකගත්තු මම එහෙම්ම කොට්ටෙ යටට අත දාලා මගෙ ඵෝන් එක අතට ගත්තා .....

මේ මොන මගුලක්ද ....මුලු ඩිස්ප්ලේ එක පුරාවටම උන්නෙ නාද්‍යා වෙනකොට මම එහෙම්ම තවමත් මගෙ ඇදේ බිත්තිය පැත්තෙ උන්න නාද්‍යා දිහා බලලා ආයම ඵෝන් එක දිහා බැලුවා....

අද 20දා...?

නාද්‍යා අද....විසි වෙනිදද....???

ම්ම්ම්.....අද විසි වෙනිදා...තව දවස්..දෙකයි... අපේ වෙඩින් එක.....මම හැම දාටම මහත්තයගෙ වෙනවා...එතකොට නම් ඔන්න මාව හොරාවට මෙහෙම කාමරේට ඇදන් එන්න ඕන් නෑ...මොකද...මම.එතකොට මහත්තයගෙ වයිෆ්නෙ....

උඹට මොලේ හොද නැද්ද...මං කොහෙද උඹව කාමරේට ඇදන් ආවෙ....

හොර ගෙඩියා....දන්නෙ නෑ වගේ රගපාන ලස්සන....කමක් නෑ...අම්මා දන්නවා බය නොවී ඉන්න.....

Vithen pov....

විතේන් .....අනේ මචන් නාඩා ඉදපන්කො....අපි ඉන්නවනේ...අපි ඉන්නවනේ.....

මට කියපන් ශෙනොන්...අනේ දෙයියන්ගෙ නාමෙය මට කියපන්....මැනිකෙ...මම හෙට උදෙම්ම එනවා කියපු මගෙ කොල්ලට මොකද උනේ කියලා ...

අදට දවස් දහයක්....අදට දවස් දහයක්.....ගියේ දහවෙනිදා....ගියේ දහ වෙනිදා...අද...විසි වෙනිදා.....ඒගියත් හරි.....අද වෙනකන්...අප්පච්චිගෙ වත්..මගෙ නිතේශ් ගෙ වත් ඵෝන් වැඩ කරන්නෙ නැත්තෙ ඇයි කියපන්...උන් මගෙ කොල්ලට මොකක් හරි කරලා...උන්.මගෙ කොල්ලටයි අප්පච්චිටයි මොකක් හරි කරලා....

විතේන් ....විතේන් ...දෙයියන්ගෙ නාමෙන් නැවතියන්...උඹ ඉන්නෙ අසනීපෙන්...ඔය කොහෙද දුවන්නෙ විතේන් ....උඹ කොහෙද දුවන්නෙ.....

වලව්වට ..මං ..දුව...න්නෙ.....වල...ව්වට.....මගෙ..නිතේශ් ....ව..ගේ..න්...

විතේන් ....විතේන් ...දෙයියනේ....විතේන් !!!!!

ජැක්කනෙ...🥺🥺🥺🥺🥺

ම්හුක්...

නාජ්‍යා.....හ්හ්හ්.....

ආය එන්නන්..ඈ...සුභ සිහින පේන සුබ සාත්තිරියක් වේවා....

මුව පැතියත...දොයිය මත හැදිලලු.....🙈🙈

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters