Cherreads

Chapter 77 - 77

තම්මැන්නා එනවා....

රූබරියේ මා.....රූබරියේ මම ආලේ සොයා එනවා.....

සළුව අරන් ගෙට පලයන් කුමරිය

නැවක නැගී මම එනවා කුමරිය

කුවේනියේ මා.....කුවේනියේ මම තම්මැන්නා එනවා...

පෑලියගොඩ හයිවේ එකෙන් ආව අපි කටුනායකින් එලියට ආවා...එතනින් පස්සෙ ට්‍රැෆික් එකක් නැති වෙනකොට පාඩුවෙ සින්දුවක් අහන් කටුනායක එයාෆෝර්ස් බේස් එක...කුරන ආර්මි එක... රුක්මනී දේව් පිලිමෙ ඔය ඔක්කොම පහුකරන් එනකනුත් කිසිම ට්‍රැෆ්‍රික් එකක් නොතිබුනත් මීගමුව කිට්ටු වෙනකොට තෙල්වත්ත හන්දිය ගල්කන්දහන්දිය මීගමුව මහ ඉස්පිරිතාලෙ මාරිස්ටෙල්ලා එක ගාව කොප්පර හන්දියෙදි වගේම දලුපත හරියෙදි අහු උන ට්‍රැෆික් එක පහු කරන් තෝප්පුව පාලම පහු කෙරුවත් හරි එතන ඉදන් ඉතින් ඩෑශ් බෝර් ඩ් එක බුදු හාමුදුරොවො වැඩමකරවලා ඩ්‍රයිවින් ශීට් එකට දේව දත්ත ආවා වගේ ඇරල යන්න පුලුවන් කමක් තිබ්බා....

මේ පාලමෙන් එහා නේ බන් අරූ ඉල්ලුවෙ...

තෝප්පුව පහුවෙනවත් එක්කම ගලාගන යන ගග දිහා බලපු ශෙනෝනයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා...

කව්ද....

කව්ද බන් අර කොටියා...ප්‍රභාකරන්....

ආ....ආ...ඊනීයා ලයින් එක....ඔව්...ඔව්...ඒකා බන් සම්පූරනම උතුරේ ඉදලා මෙතනට වෙනකන් ඉල්ලුවනේ....

අම්මටම සිරි වෙනවා නේ දුන්නා නම්....

ඔව් ඉතින්...ආය.පොඩ්ඩක් බලහන් කුරුණෑගලට යන ...කුලියාපිටි....එතකොට ඔය දන්කොටුව....ඔය ලයින් එකම යන්නෙ මේ පාලමෙන්නෙ බන්....පොල්ගහවෙල ...ඔය ඔක්කෝම ඇයි ඉතින් ඇතුල් පාරවල් උනාට මෙතන පාලන කැඩුවා නම් සදා සොත්තිනේ.....

ඔව් නේ....ඒ බන්....දැන් අප්පච්චි කාරයා බැරිවෙලාවත් දුන්නම්....පාලමෙන් එහා වයඹම උන්ටනෙ....වයඹෙ ඉදන් යනවනේ ...එතකොට ඒ ඔක්කොම උන්ටනෙ අහුවෙන්නෙ...එතකොට ඒක ඊලාම්නේ....අඩේ උන් පාස්පෝර්ට් එකක් ගහන්ඩ ගියා නේබන් එහෙම උනානම්...

ම්ම්.....ඒවා කියන්න බෑ...ඔව් වෙන්නත් පුලුවන්.....පාලම ගාව දේශ සීමාවක් දායි...හරියටම ඉන්දියාව පකිස්තාන් වගේ.....එහා පැත්තෙන් අපේ ආමි එකෙන් ඉදි..මෙහාපැත්තෙන් කොටි හමුදාව ඉදී...හවසට ගේට් එක වහන වෙලාවට සැලියුට් කරයි....යයි...බදු ගහයි.....ලුනු ලේවාය....නොරොච්චෝලෙ....පිගන් සංස්තාව...උළු ගඩොල්....ඔය ඔක්කෝම අහුවෙන්නෙ එහාටනෙ බන්...හොද බද්දක් ගහන්න ගියා.....

ඇත්තටම ශෙනෝනයා ඇහුව කතාවෙන් පස්සෙ මමම කල්පනා කෙරුවා...එහෙම දෙයක් උනානම්...අද මෙතනින් එහා ඉන්න සිංහල මිනිස්සු සුලු ජාතියක් වෙනවා නේද...මේක තිස් වසරක සාපයක් නෙවෙ ..අවුරු හැටක සාපයක්.....එලාර දුටුගැමුණු .....ආයම ප්‍රභාකරන් ....අනේ මන්දා.....යුද්දෙන් නම් ඉතිරි උන දෙයක්නෑ...මූසලම මූසල මතක ගොඩක් එක්ක අදටත් හමුදාවට ගියපු පුතා එනකන්.....මහත්තයා එනකන්....අප්පච්චි එනකන් සිහිවිකල්ලෙන් බලන් ඉන්න මිනිස්සු කොච්චර ඇතිද .....කකුල් දෙකෙන් ගියපු මනුස්සයා කකුල් නැතිව එනකොට ...ඇස් දෙකෙන් ලෝකෙම දැකපු මනුස්සයට සදහටම ලෝකෙ නැතිවෙනකොට ...

යුද්දෙ ගැන හොදම දේවල් බලන්නනම්....යන්න ඕනෙ එක්කො තල් හෙවනට නැත්තන් ඉතින් රණවිරු සෙවණට....

එතනින් පස්සෙ ශෙනෝන් වත් මම වත් කතා කෙරුවෙ නෑ ...අරුන් දෙන්නට කට කපලා නින්ද ගිහින් තිබුනා වගේම ගොරව ගොරව බුර බුර උන්න පලිගුවටත් හුලන් වැදිලා වැදිලාම බෙල්ල කඩාගන නින්ද ගිහින් තියනකොට අරූ බැල්ලිව ඔඩොක්කුවට අරන් තිබ්බා...ඒකි අඩු බඩු ඔක්කොම උස්සන් වල්ගෙ කකුල් අස්සෙ ගහන් නින්දෙනුත් තලු මැරුවා .....

තෝප්පුව පැන්නුවට පස්සෙ වයික්කාල.....වෙන්නප්පුව.....කටුනේරිය මාරවිල ...තල් විල....හලාවත...මේ ඔක්කොම පහු කරලා තම්මැන්නාවට අපි ආවා....තව යන්න තියනවා....කල්පිටිය පහු කරන් පුංචි දූපත හොයන් තව යන්න තියනවා..මෙතනි වාහනේ ගියා වගේ නෙවෙ. .අවසානෙදි ඉතින් බෝට්ටුවල නැගලා යන්න වෙන්නෙ...ඇයි ඉතින් පාරක් නෑනෙ ..නාග දීපෙ වගේ තමා....

කපු කටින කුවේනියට "පිටුවහල්" කරපු විජේ රජ්ජුරුවෝ පය ගහපු තම්මැන්නාව පහු කරන ගමන් අපි එන්න ආවා....ලුනු ලේවායවල් වල තියන ලුනු කදු වගේම සමහර තැන් වල එක යායට බට් කරපු පේර ගස් තිබ්බා..තලවිල හරියෙදි දුංකොළ වගේවන් වගේම ඇගේ උසට තිබුන ගස් ලබු යායවල් මැදින් තැනක දෙකක තල් ගහක් දෙකක් තියනකොට උතුරෙදි පපුවට දැනෙන හැගීමම ලුනු රස අතේ ගුලි කරන් ඉන්න පුත්තලමෙදි දැනෙන්න ගත්තා ....

ගෑනු පිරිමින්ව රවට්ටනවා....රවට්ට්නවා කිව්වට....ගෑනුන්ව පිරිමි රවට්ටන්න අරන් තියෙන්නෙ අදක ඊයෙක නෙවෙ කියන්න කුවේනි මතක් කරන තම්මැන්නාව පුරාවටම මම ඇස් යැව්වා....ඇත්තටම ඒ ගෑනි රැවටුනානෙ....හතර වරිගෙම පාවා දුන්නෙ ආදරෙ හින්දනෙ....එක අතකට ඒකි මහ මෝඩයි....නොදන්න එකෙක්ට ආදරේ කරපු වෙලේ දන්න යකෙක් එක්ක ගියානම් මොකද....ඒ ළමයි දෙන්නට මොනවා උනාද දන්නෙ නෑ.....ඒ උනත් සමහරු කියනවනෙ ඔය කුවේනිගෙ ආත්මෙ ඉන්නවා කියලා.....අනේ මන්දා.....

මේ මගින් නවත්තලා කමුද...බඩගිනි බන්....

කට පුරාවටම ඈනුමක් ඇරපු ශෙනොන් මගින් නවත්තලා කමුද අහනකොට මම වෙලාව බැලුවා....ඇත්ත තමයි....දොලහත් පහුවෙලා.....අරුන් දෙන්නා දීපු ජෑන් බනිසෙන් පස්සෙ මුන් නිදා ගත්තා මිසක් අපිට වතුර උගුරක් දුන්නෙ නෑ...

නානලාගෙ කඩ තමා තියෙන්නෙ...

ඔව් නේ ..... කමක් නෑ බන් නවත්තපන්.....මට බඩගිනි ...

ඇත්ත ඒකට විතරක් නෙවෙ මටත් බඩගින්නට ඈනුම් කෝටියක් විතර ගියා වගේම මගෙ කටත් ඉරෙන්න ආවා...ඇස්වලට කදුලුත් පිරුනා...

ඒ....ඒ....ඔහොම නවත්තපන් .....අර අරක අරකට යමු.....ඒක සිංහල එකක්...

වැඩි වේගෙකින් නාව වාහනේට සිංහල කෑම කඩයක් පහු වෙනවා එක්කම ශෙනෝනයා කෑ ගහනකොට මම ආයම වාහනෙ රිවර්ස් එකට අරන් එතනින් නැවැත්තුවා...

නෙලුම් කොලේ බත්....

වෙනසකටත් එක්ක මුලු කඩේම හදලා තිබුනෙ පොල් අතු වලින් වෙනකොට කොන්ක්‍රීට් කඩ කාමර අස්සේ ඒ කඩෙ ඇතුලෙ පොඩි ගැමි බවක් දැනුනා....ගොඩේ කෑම තිබුනොත් හොදයි ...

මගෙ හිත කිව්වා..මොකද මම ගොඩේ කෑමවලටත් කැමතී.....අනිත් ඒවටත් කැමති ..එකකට වඩා එකක් හොදයි කියන්නෙ නෑ...දෙකටම එක සමානවම කැමති....එක පිගානක පීට්සා කෑල්ලකුයි...තව පිගානක සුදු බත් වලට පොල්සම්බෝලයක් හදලා කරවල කෑල්ලක් බැදල තිබුනොත් මේ කෑම කේ එෆ්සී මැක් එක....අර මගුල් මේ මගුල් පරාදයි කියලා පැනපු ගමන් සම්බෝලයි බතුයි බදාගන්නෙ නම් නෑ දෙයියා..දෙකෙන්ම බාගෙ බාගෙ කනවා.....ඇරත් ඔය මිනිස්සු මහාලොකුවට ජීවිතේ විදින්න පොල් සම්බොලයි බතුයි ඇති කිව්වත් ඒවා මහ පට්ට පල් බොරුනෙ අප්පා...ඒක නිසා...මට දෙකම එකයි...හැබැයි....ඒ දෙකෙම්ම එන දෙවිදිහෙ හැගීම් දෙකටම මම ආසයි.....

වැස්ස දවසක ලෑලි කඩයක් අස්සට වෙලා ඉගුරු දාපු ප්ලේන්ටියකුයි රොටියකුයි කන කොට එන හැගීමයි...වැස්ස වෙලාවට මැක් එක අස්සෙ ඉදන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක මොනවා හරි මගුලක් බොන කොට එන හැගීමයි වෙනස් හැබැයි...මං ඒ දෙකටම ආසයි හොදම දේ ජිවිතේ වැඩියෙම්ම ආදරේ කරන චරිතයක් එක්ක පපුවට ලගම කෙනා එක්ක ඒ හැගීම් විදිනකොට එන ඒ "ආදරනීයම හැගීමට" මං පට්ටම ආසයි.....

විතේන්...සුදු මැනිකෙ...

මම වාහෙනෙන බැහැලා එයාගෙ ගාවට් ගිහින් කම්මුලට පොඩි තට්ටුවක් දැම්මා...

ම්ම්ම්හ්හ්හූක්ක්....

හුකුක්...හුකුක් නෙවෙ...කෝ නැගිටින්න....

ඇ....යි...අපි...ආවද.....ම්ම්ම්ම්ම්...හ්හ්ජ්

ආවෙ නෑ....කන්නෙ නැද්ද..කෝ හොද පුතානෙ නැගිටින්න....

එකා අතපය වල හිරි කඩ කඩ ඇඹරෙනවා....ම්ම්හුක් ගගා කෙදිරි ගානවා....ඔක්කොමත් බලන් ඉන්න පුලුවන් මේකා මේ කපටි මායන් දදා ඇඹරෙන හැටි තමා මට බලන්න අමාරුම....

එයා ඇඹරෙනවා. කම්මැලි කම් කරනවා....සාක්කුවෙ තිබුන වෙට් ටිශූ එකෙන් ටිශූ එකක් අරගත්තු මම ඒකගෙ නාවර මූන පිහදවලා ඉන්දෙව්දම ඈනුමකුත් ඇරලා මා දිහා බලන් උන්නා.....

මිස්ටර් විතේන් දොන්ත බිබික්කමක් වෙලා...මම එයාගෙ කම්මුලක් හපලා ආයම පොඩි හාදුවක් තිබ්බා....

තේශී.....

ඕ මැනිකේ....

අපි මේ කොහෙද ...

තාම පුත්තලම් වල.....කල්පිටියට ගිහින් එහෙන් යන්න ඕනේ බබී...කෝ එන්න එන්න...හවසට බෝට්ටු නැතිව ඇති....

ම්ම්ම්ම්ම්...

අපිට මේ බඩු ඔක්කොම උස්සන් බෝට්ටුවල යන්න පුලුවන් වෙයිද තේශී.....

පුලුවන් තරම අරන් යමු...හෙට මං ශෙනෝන් එක්ක ඇවිත් ඉතිරි ටික අරන් එන්නම්....අනික ඒ බෝට්ටුවල යන්නෙ එන්නෙත් මූදු රස්සාව කරන මිනිස්සු මැනිකෙ....ඒමනුස්සයො ගත්තු බඩු මුට්ටුත් පටවන් නෙ යන්නෙ ....අපි ආවෙ ට්‍රිප් එකක් උනාට....ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ තියෙන්නෙ එතනනෙ.....

..ම්ම්ම්ම්.....අපි හිතන තරම් හැමෝටම ජීවත් වෙන එක ලේසි නෑනෙ සුදු මහත්තයා .....

එයා වෑන් එකෙන් බැස්සා ....කකුල් නවාගන ඉදලද කොහෙද එයාගෙ කකුලක් හිරි වැටිලා තිබුනා ....පොලවට ගහපු කකුල ඒ තත්පරෙම්ම උස්සගත්තු එයා කෑ ගැහුවා..ඇත්තටම කකුල හිරි වැටුනම නම් බරවා හැදිල වගෙ බරයි ..කූඹිගුලක් අස්සට කකුල එබුවා වගේ ඇදුම් කනවා එයා නොන්ඩි කොට කොට මගෙ ඇගෙ එල්ලිලා මැරෙන්ඩ හදනවා.....

පලිගුවෝ ....අනේ දෝනියො ඔය මල් ගස් අස්සට චූ දාන්න එපා ලමයො...යෝ...හ් මේ කෙල්ල.....අර මිනිස්සු ලව්වා අපිට ගුටි ගස්සවන්න හදන්නෙ...

අපි දෙන්න පොල් අතු වලින් හදපු බත් කඩේට එනකොට පලිගුවා හේන්දිරික්කා මල් පාත්තියක් ගාව ඇන තියන් උන්නා බල්ලෙක් නම් ඔය කොහෙ හරි කනුවකට අන්ඩ උස්සනවා මේකි ගිහින් අර මල් පාත්තිය ගාවම ඉදගනනෙ .....

මොනවද කන්නෙ.....

බුෆේ එක පුරාවටම තිබුනෙ මැටි ඇතිලි...මැටි ඇතිලි වලටද දාපු කෑම වල එන සුවදත් එක්ක බඩගින්න තවත් වැඩි උනා...නෙලුම් කොලයක් එලපු හතරැස් පන් වට්ටිය අත්දෙකෙම්ම අල්ලන් උන එයා මගෙ උරහිසිට උඩින් එබි එබි බැලුව.....පිගානක් වෙනුවට තල් කොලෙන් රටා තියල වියපු වට්ටි පොඩියට මම සුදු බත් බෙදාගත්තා .....

මේ මොනවද මැනිකෙ....

අනේ...මන්දා...හතුද කොහෙද නේ 

ඒ වගේ...

හතුද කර කුට්ටන් වෙන්න වේලපු කරවලද තින්නෙ කියන්න හොයා ගන්න බැරි උන මම මස් මාලු සෝයා ඔක්කොම පහු කරන් ගිහින් තෙල් පෑදෙන්න හින්දවපු....ලොකු මාලු මිරිස් කරල් පලලා දාපු රටළූනු රවුම් රවුම් ලියලා දාපු දැක්කම කටට කෙල උනන උම්මලකඩ ඇතිලිය ගාව නවතිනකොට එයා අබගම්මිරිසට හදලා තිබුන බල මාලු කුට්ටොයක් දාගත්තා ...මගෙ බත් පතට තම්බපු බිත්තරයක්....උම්මලකඩ වගේම අගුනු කොල මැල්ලුමක් එක්ක රතු අල එකතු වෙනකොට එයත් මොන මොනවාදෝ බෙදා ගත්තා ...මොනවා උනත් මේ කඩේට හොද ආදායමක් එනවා ඇති නැත්තන් ඉතින් කොහොමද මේ වගේ හොදි මාලු දහයක් දොලහක් විතර හදා ගන්නෙ....

බෙදා ගත්තු බත් පත අරගන මං ගිහින් ඉදගත්තා වගෙම එයත් මගෙ ගාවින් ඉදගත්තා ..ඉන්න දැන් ඉතින් අර අම්මා අප්පච්චිලා වගේ...විශේශෙම්ම අප්පච්චි වගේබත් පතේ තියන ද් ආයම දරුවන්ගෙ බත් පතට දානවා වගෙ එයත් මගෙ එකට මාත් එයාගෙ එකට අනම් මනම් දැම්මා....ඒත් ඉතින් කාට හරි අහන්න පුලුවන් ..කාට හරි කියන්න පුලුවන් අච්චර හොදි ඇතිලිවල මාලු පිනිතියෙද්දි ඇයි බත්පතෙ එක දාන්නෙ කියලා ...හැබැයි අප්පච්චිලා කවදාවත් ඒක කෙරුවෙ නෑ....අම්මා කවදාවත් ඒක කෙරුවෙ නෑ....අම්මා අප්පච්චිට තිබුනා වලදෙන් අරන් ආයම බෙදන්න....ඒත් ඒක අස්සෙ පාඩමක් තිබ්බා...."ආදරේ බෙදා ගන්න" එක.....

මං ඔයාට ආදරෙයි කියන තැනට වඩා ආදරෙ ඔප්පු කරන තැන් හුගාක් තිබුනා....ගෙදර පස් දෙනයි නම්...කේක් කෑලි හතර නම්....අම්මා කියනවා මං ඔව්වට කැමති නෑ පුතෙ කියලා ....නත්තලක් මගුලක් එනතැන හොයපු තඹේ ඉදම්ම අම්මා අතට ගුලි කරලා අප්පච්චි පරන ඇදුම ඇන්ද තැන....

ඉතින් ආදරේ කියන්නෙම විශ්ව භාශාවක් හැබැයි මේ වෙනකන් කාටවත් හරියටම තේරුම් ගන්න බැරි උන....ආදරේ උගන්නන්න ඕනෙ ගෙදරින් උනත්...මගෙ ජීවිතේට අප්පච්චි ඇරුනම අම්මගෙන් ලැබුන ආදරයක් නැති තරම් උනා.....මෘදු හදවතක් වෙනුවට අම්මට ගල් හදවත් තිබුනා ....අම්මට යුතු කම් වගකීම් කියබ දෙක පුහු මාන්නෙ එක්ක පැටලුනා....ආදරෙ කරුනාව එක්ක මට මව් සෙනෙහස අහිමි උනා කියන්න එයාගෙ අම්මා එයා එක්ක කතා කරපු වචන දහය පහලව අහන් ඉදලා මට තේරුම් ගියා.....වැදූ පමනින් කවදාවත් බෑ ගැනියෙක්ට අම්මෙක් වෙන්න....එහෙම උනා නම් වැදෑ මහපිටින් තැන් තැන්වල කිටි සප්පයො දාලා යන්නෙත් නෑ අද තැන් තැන්වල ..මගෙ අම්මා මාව දාලා නොගියට එයා මගෙ අත අල්ලන් ඇවිදිනවා වෙනුවට කෙරුවෙ සීයා තාත්තගෙ නම්බුව අත් දෙකෙන් රැකපු එක...

බැදීම් වගේම...හැගීම් සමහර වෙලාවට කොදු නාරටියෙ පුරුක් අස්සෙන් යන හීනි නූල වගේ කැඩුනොති බිදුනොතින් එතනින් පස්සෙ කතාව සම්පූරනම වෙනස්වෙලා යන....ආය ගොඩ ගන්න බැරි තරමට බිදිලා යන.....

ඇගිලි තුඩු වලින් අනපු බත් ගුලියක් මං එයාට ලන් කරා ඒ වෙනකොටත් එයාගෙ කටේ බත් ගුලියක් තිබුනට එයා මං අනපු බත් කට දැකලා එයාගෙ කටේ තිබ්බ එක ඉක්මනට ගිලලා මගෙ අතේ තිබ්බ බත්ගුලියට ඉක්මනට කට ඇරියා....මේ ඉන්නෙ රාවනත් මං....රාමත් මං කියපු මගෙ විතේන් ...නේ ඉන්නෙ හැම දාම මගෙ කදුලු පිහිදපු විතේන් ...මේ ඉන්නෙ අහම්බෙන් හමුවෙච්ච අද මට හම්බවෙච්ච හොදම හමු වීම උන මගෙ ආදරනීයම විතේන්.....

‍‍රාමාත් උඹ රාවණාත් උඹ

සියුම් වෙනසක ඇහිපියල්ලක

දැනෙනෙ තරමට ප්‍රේමණීයම

ජීවිතය කවියක් නොවේමැයි

දැනෙන තරමා ටෙලිපතීමය

කතාවෙ වීරයා රාම

පෙම් කළේ සීතාට ඉඳුරාම

දොසක් තිබුණා ඒ කතාවෙත්

සැකයෙ ගින්නක් පිරික්සාම

කොයි කතාවෙත් ඉන්නවා වැනි

දුශ්ටයා මෙහි වුණත් රාවණ

වාල්මිකියන් පවා නොදුටුව

හිතක් තිඹුණා ප්‍රේමනීයම

තනිකරම කලු තනිකරම සුදු

චරිත ගැන නොලියා තබාම

ආදරේ වාගේම කුහුලත්

හිතේ ඇතිවෙන එක සොබාව...

සීතා වෙන්නත් ඕනෙ නෑ මට

කාරණා ගැන ඇවිලුනාම

යතා කාලෙක පෙම් කතාවක

රාම රාවණා උඹ උනාම....

(FerminaDhaza ස්තූයි ඔයාට ගොඩාක්ම ගොඩාක්.....❤️❤️🥺)

ඇතිද.....තව ඕනා නම් කන්න ....

අම්මෝ ඇති තේශී...කෑවා වගේ නෙවෙ බිබික්කමව වගේ ඉදගන යන්න ගියහම...මෙ කලිසමෙත් ඉන හිරයිද මන්දා...

අපෝ....නේ...ඇටකෝටු ගුහාවක් නම් වෙන්න එපා...

ඔව්...උඹට එතකොට මිරික මිරික ගහන්න අමාරුයිනෙ...

ඒ උඹ....

ඉතින් ඇත්තනෙ සුදු මහත්තයා ...ඇටකටු ගොඩකට.....ග

කටවහප්.....

උඹට කියනකොට තමා කන් දෙක රතුවෙන්නෙ...අනේ තොගෙත් වදුරු බන තමා...

ඒකට තියෙන්නෙම වෙලාවකට මහ බෝක්කු කටක්...ඉදලා ඉදලා කට ඇරියොත් මගෙ රෙදි ගලවනවා....ඩියෝනයට හපන් ඒක...

දෝනියෝ...ඔය මස් කට්ට ගෙදර ගිහින් කන්න ගන්න ලමයො.....යන්න වෙලා යනවා...

අපි උන්නෙ කාලා ඉවර වෙලා අලුත්ම මී කිරි හට්ටියකට කිතුල් පැනි මුලකුත් ලෙහාගන ගිලලා ගිලලා ඉස්මුරුත්තාවෙන් වෙනකොට පුංචි පවුලෙ පුංචි පැටියා තවම මස්කට්ටක් ලොවන ගමන් උන්නා.....

ඩියෝන් ඇති ඇති ඔය රෑට සෙම හැදෙයි ආ....

අනේ ..අනේ....සෙනෝන්...අනේ....තව චුට්ටක්...අනේ...සෙනෝන්....අනේ...ම්හුක්...

උගුර රිදෙයි ඩියෝන්....කියන දෙ අහපන් ආ...ඉන්නෙ කොතනද නොබලා දෙනවා එකක් පුක පුපුරන්ඩ.....

අනෙ...සෙනෝ...න්....මේ පොල්ල රහයිනෙ....

ඔයිට වඩා රස පොල්ලක් ළඟ තියනවා...වරෙන්කො ගියම දෙන්නම්....

ආ.....නේ ලමයො....මොනාත සෙනෝන් ඔය කියන කඩප්පුලි කතා මේ දෝනියා ඉන්න තැන නේද ඔය කියන්නෙ ඈ සෙනොන්...ඈ...එන්න පුතේ යන්න..උඹලගෙ තාත්තියට ගිලලා ගිලලා තෙලේ වැඩි වෙලා...

මී කිරි හට්ටියෙ අවසානම් හැන්ද කටේ ඔබා ගත්තු ශෙනෝනයා අනාසි පොල්ලක් ලුනු කුඩුයි මිරිස් කුඩුයි වල ඔබ ඔබ ගිල ගිල උන්න ගඩාපියට සෙනෝනයා කඩප්පුලි කතා කියපු හින්දා ඒකා බැල්ලිගෙ කන්දෙකත් වහගන වෑන් එකට ඇදගන ගියා.....

තේශී.....එන්නකො ඔයා පිටිපස්සට ...

එයා අඩගැහුවා .....මෙච්චර වෙලාම නිදියලා....පස්සෙ බුරිය උල්වෙන්න ගිලපු එයාට ජැක් එකක් ගහන්න ඕනා වෙලා තියනකොට අවසානම ශීට් එකට ගියපුඑයා මට අඩ ගැහුවා වගේම පලිගුවව ඇදගන ඩියෝනයා ඉස්සරහා ශීට් එකට ගියා.....

කැසට් එකේ යන සින්දුව එක්ක ඩියෝනයා ශෙනෝනයා එක්ක ඒකට බොරු තාල බොරු වචන අල්ලනකොට ඉදල හිටලා වහින පුත්තලමටෙ ලාවට වැස්සක් ගියා...ඒත් අහස කලු නොකරම....සමහර විට අහසටත් අහන් ඉන්න බැරිවද කොහෙද ඒකලාගෙ කන් කරච්චලේ....

Jlo ගිරිය කඩාගන පිට් බුල් එක්ක නටන්න එන්න කියනකොට එයා මටත් නොදැනීම මගෙ කකුල් දෙක උඩට ඇව්ත් තිබුනා....

මොකද....ම්ම්ම්....

ම්හුක්....

ඇයි මැනික....ඉතින් මේ...

ඒකා හොරාවට හුරතල් වෙන්න හදනකොට මම එයාට කරගන්න දෙයක් කරගන්න දීලා පාඩුවෙ උන්න...අරුන් දෙන්නා එහෙන් කෑ ගහනවා...උන්ට අපි උන්නත් එකයි නැති උනත් එකයි වෙද්දි මගෙ උකුල උඩ නටපු එයා මාව අවුස්සලා තිබුනා...

අනේ....තේශීහ්.....

ඇයි....ඉතින්...ඔයාමනෙ ඇවිස්සුවේ.....අනේ....අනේ.....මැනිකේ.....ම්ම්ම්ම්හ්හ්හ්.....

යනකන් වත් ඉදින්කෝ.....

හැබැයි...ගිය ගමන් උඹ පෙරේතයා පොලවෙ ගහලා වගේ නිදාගන්න බෑ ආ....

එයාම මාව අවුස්සලා...අවුස්සලා....අවසානෙදි කකුල් දෙක උඩින් බහිනකොට මගෙ කලිසම් ගොල්පිය ගවින් උඩට ඉස්සිලා තියනකොට එයා එතන උඩින් අත තිබ්බා.....කලිසම් බෙල්ට් ඒකේ ගාන්චුව පැන්නිලා ගියා.....බට්න් එකත් ඒ දිගටි ඇගිලි වලිම්ම ගැලවිලා ගියා...ශිපර් එක ගැලවිලා බොක්සර් එක ඇතුලෙන් ඒ අත යනකොට ශීට් එකට ඔලුව ගහගත්තු මට මගෙ යටි තොල හැපුනා වගේම එක අතකින් ශීට් එක මිරික ගත්තා ...

නිතේශ් ....

ම්ම්ම්ම්...

මෙතනින් තමා දාන්න වෙන්නෙ....

දනහිස් වෙව්ලවන් සර්වාංගෙම හයිය එලියට පනින කොට එකම බිදක් වත් මම ඇස් දෙකට දැක්කෙ නැති උනා....තත්පර ගානක් මගෙ කකුල් මැද මූන ගහන් උන්න එයා ආයම කෙලින් වෙනකොට මගෙ සර්වාංගෙම පන නැති වෙලා වගේ ගිහින් තිබුනා ...එතනින් එහාට මම උන්නෙ හෝරා ගානක්ම ඇස් වහන් වෙනකොට කාලා බීලා බඩපිරිලා උන්න නිසාමද කොහෙද මගෙ නිදි කුම්බයට මගෙ උරහිස උඩම නින්ද ගිහින් තිබ්බා....

පුත්තලම් වලින් එන්න පටන් ගත්තු ගැම්ම කල්පිටියෙන් නවතිනකොට එතනින් එහා ආයම යන්න පාරක් නැති උන නිසාම අපි වාහනේ දවස් දෙකතුනකට යාර්ඩ් එකකට දැම්මා....

එයාගෙ මගෙ ඇදුම් දාපු ලොකු බැගේජ් එක මගෙ අතට මම ගත්තා වගේම එයාගෙ සුකුරුත්තන් අනම් මනම් තියන බෑග් එක එයා ගත්තා ...එහා මිහා යන මිනිස්සු දිහා බල බල නැට්ට කකුල් අස්සෙ ගහන් අපේ ඇගේ ඇතිල්ලෙන පලිගුවගෙ අත් අස්සෙන් පටියක් දාපු ඩියෝනයා ඒකව අල්ලගන උන්නා.....බෝට්ටු පේලි එක යායට ගහලා තියනකොට ටිකට් කඩන තොටුපල ගාවින් පලිගුවා නමටත් කාලෙ ටිකට් එකක් වෙන් උනා....

නිල්ම නිල්පාට මුහුද බලන බලන තැන තිබුනෙම මහ මුහුද...හරියටම සාරියක් එලුවා හා සමානවම නිල්පාටින් වගේම ඉර එලිය වැටුන තැන් රිදී පාටින් දිලිසනකොට මං බලන් උන්නා...උඩු හුලගට ගහන් එන කසිංජි සුවද ....එගොඩ ඉදන් මෙගොඩ එන මිනිස්සු...මෙගොඩ ඉදන් එගොට යන මිනිස්සු..කලාතුරකින් සිංහල වචනයක් අස්සෙ දෙමල පැලපදියම් වෙච්ච බත්‍තලන්ගුන්ඩුව දිව්‍ය විමානෙ අරක් අරන් තිබුනා....

කල්පිටියට කරවල ප්‍රසිද්දයි වගේම මූදු රස්සාව වෙනුවෙම්ම බත්තලන්ගුන්ඩුව ප්‍රසිද්ද උනත් මෑතක ඉදන් මේ පුංචී දූපතේ ලස්සන බලන්න මිනිස්සු යන්න එන්න පටන් ගත්තා .

මැනිකෙ ප්‍රවේසමෙන් ..

මං එයාගෙ කනට කුටු කුටු ගෑවා...ආරක්ශක ජැකට් එකක් පලිගුවට පවා වෙන් වෙනකොට අපි බඩු මූට්ටු උස්සන් බෝට්ටුවට නැගගත්තා ....බෝට්ටුවට නැග්ගට පස්සෙ සෙනග බර දැල් මුට්ට අරන් යන මිනිස්සුන්ගෙ දැල් වල බරත් එක්ක වතුර මට්ටම අතින් අල්ලන්න පුලුවන් වෙනකොට මට පොඩ්ඩක් පපුවට අමූතු බයක් දැනුනා...අවංකවම ජීවිතේ පලවෙනිම පාර මේක බෝට්ටුවක යන...බය කියනදේ ඇතුලෙන් ගොජ ගොජ ගෑවත් මං බයයි කියන එක පිටට නොදා උන්නා....ඒ උනත් සමහර තැන්වලදි ටෙලිපති නැති උනත් මාව තේරුම ගන්න එයා මං බයවෙලා ඉන්නෙ කියන එක තේරුම් අරන් තිබුනා වගේම මගෙ අත එයාගෙ අතට පටලවගත්තා ....

ඇත්තටම ජීවිතේ පලවෙනිම පාර බෝට්ටුවක යනවා කියන්නෙ හුස්ම හිර කරනවා වගේ....වතුර දෙබෑ කරන් බෝට්ටුව යනකොට අශ්වබල විසිපහට වැඩි යමහා එන්ජින් එක අල්ලන් ඉන්න මනුස්සයා ඉපදුනෙත් මහ මුහුදෙ වගේ හැගීමකින් උන්නා...

අව් පූටකේටම අගුරු උන මිනිස්සුන්ගෙ කොන්ඩවලට අවුරුදු ගානකින් ශැම්පු බින්දුවක් වැටුන් නෑ කියන්නද කොහෙද ඒ කොන්ඩා තනිකරම මටුල්ල වගේ වෙලා තිබුනා...බුලත් කාලා කාලම දත් ඇන්ද කහම කහ වෙනකොට හුනුවලට තැම්බුන දිවවල් කොස් කට්ටක් හා සමාන වෙලා දුම්කොළ කහට දිවේ තට්ටු ගනන් බැදිලා බැදිලාම සමහරක්ගෙ රස අන්කූර මැරිලා ගිහින් තිබුනා.....

පලිගුවා කෙදිරි ගානවා...කුක්කා කාලෙ ඉදලම සැලුන් එකට ගිහින් ගිහින් මිනිස්සුන්ට පුරුදු වෙලා උන්න පලිගුවා බෝට්ටුවෙ සද්දෙ ගැස්සිලි පැද්දිලි එක්ක බය වෙලා උන්න ....වලිගෙ කකුල් අස්සෙ ගහගන උන්නා වගේම ඒ ටික වෙලාවකින් ඒකා ශෙනෝනගෙ කකුල් අස්සෙ හැංගෙනකොට ශෙනෝනයා බැල්ලිව අත් දෙකෙන් හිට්ටවගන ඒකගෙ ඇගට හේත්තු කරගත්තා විතරයි අනේ ඒකි මූන හංග ගත්තා .... ..

පැයකාලක්...විනාඩි විස්සක් යන්න ඇති.....ඒ අරුම පුදුම දූපතට එන්න ...නිල්ම නිල්පාට මහ මුහුදෙන් වට වෙච්ච බත්තලන්ගුන්ඩුව කියන්නෙම කුඩා ස්වර්ගයක් වගේ උනා .ඒක හරියටම රොබින්සන් පවුල හිර උන කුඩා දූපත වගේ ...කහම කහ පාට මුහුදු වැල්ල කොල පාට සිල්ලු වැල් ..වැටකෙයියා පදුරු...කුරුම්බා වලු වලින් බර උන පොල්ගස්.....ඉරුම් බදින තැන්...එක පේලියට ගහපු බෝට්ටු...පොල් අතු ගෙවල් ...එක යායට වේලෙන්න දාපු කරවල මේ ඔක්කෝම එක්ක බලනකොට බත්තලන්ගුන්ඩුව කියන්නෙ තනිකරම ධීවර ගම්මානයක්.....ධීවර දූපතක්.....

මහපාරෙ යන්නෙ කොයි වගේද ඒ හා සමානවම මේ මහමුහුද බෝට්ටු අයිති කරන් උන්නා...දරු පවුලෙම බර කරට වැටුන අප්පච්චිලා ගිනි ගහන අව්වෙ මහ මුහුදෙ කර වෙනකොට අප්පච්චිට හයියක් වෙන අම්මලා උන් ගොඩ එනකන් බලන් උන්නා....සමහරක් උන් අත් මේස් දාගන මාලු කැපුවා...ලුනු වතුර බැරල් වලට අත දාන වාරයක් ගානෙම ඒ අත් පය තැම්බිලා ගියා උනත් නන්නාදුනන අපි දිහා බලපු ඒ මිනිස්සු හිනා උනා...ඒ හිනාව හරී අව්‍යාජයි ...සමහරක් සිංහල මිනිස්සු අවුරුදු ගනන් මේ දූපතේම ඉදලා උන්ට සිංහලට වඩා දෙමල පුලුවන් වෙලා තිබුනා....

එක අතකට මාකට් එකට ගියහම කරවල කෑල්ලක ගාන ඇහුවම අපේ ඇස් උඩ ගියත් මේ මිනිස්සු නහින හැට් දැක්කම වෙලාවකට අපි කොච්චර අසාදාරනයි ද හිතුනා....පව්.....මැරෙන එක ලේසියි ජීවත් වෙනවට වඩා.....

නිතේශයා...උඹ බුක් කෙරුවෙ අරක නේ...සන් සෙත් එක නේ....

ඔව්....ඔව්.....

අපි එන්න ආවා..බෝට්ටු තොටුපලෙන් එන්නා ආව අපි මග දුරක් එන්න ඇවිත් තාර පාරෙ බැගේජ් එක ඇදන් ආවා...පොල් අතු ගෙවල් එක යායට තියනකොට වෙරලට කිට්ටුව මහා පරිමානෙන්නෙවනයසාමානය සයිස් හොටෙල්.....රෙස්ටුරන්ට් කාමර තිබුනා....පැය ගානක තෙහෙට්ටුව නිවන්න අපේ තාවකාලික ගෙදර උනේ සන්සෙත් එක වෙනකොට අපේ පුංචි පවුල ඒකට ගොඩ වැදුනා....

තේශී...අපි රෑවෙලාම වොශ් එකක් දාමුද.....තව ටික වෙලාව්කින් ඉර බහීවි...අපි යමුකෝ...

එයා කිව්වා හරි ...තව පැයකින් දෙකකින් ඉර බහීවි ...මහ මුහුද ඉර ගිලගන්නකොට මුලු අහසම දම් පාට වෙනහැටි බලන්න මම පවා ආස කෙරුවා ...ඩෙනිමට සපත්තුවට හිර උන කකුල් කොටකලිසමට සෙරෙපු වලට මාරු වෙලා නිදහස් වෙනකොට චිමිනි ලාම්පුවල ජම්පර් වලින් එන භූමිතෙල් සුවද ...සෙක්කල් යන බෝට්ටු සද්දෙ.....පාන් බක්කරෙන් එන තැටි පාන් පිච්චෙන සුවද එක්ක පොල් අතු ගෙවල් වලින් එන හොදි රත් කරන සුවද හිතට අමූතුම් හැගීම් ගොඩාක් ගෙනකොට සර සර ගාලා සිප්පිකටු පෑගෙන වෙරලට පැනපු අපි එහෙම්ම ලොකුම ලොකු වැටකෙයියා ගස් යටින් ඇවිදන් ගියා...

පලිගුවා...අනේ දෝනියෝ.....ඔය වතුරෙ නටන්න එපා ලමයෝ...

මුහුදු රැල්ලට ගහගන ආව දිරාපු ලී කෝටුවක් අපේ අතින් විසිව්සි වෙන පාර පලිගුවා පිස්සා වගේ ඒක පස්සෙ දිව්වා ...අපි දාන්නෙ වෙන දිහාවක් උනත් මේකා එනකොට එන්නෙ රැලි බොක්කෙන් වෙනකොට ගඩාපියා නහින්ඩ හැදුවා ...

සුදු අපො...

කාවාටි බැදුන පොල් කදක් උඩ ඉදන් උන්න,අපි දෙන්නගෙ අත් එකට පැටලිලා තිබුනා .....එයා මගෙ උරහිසට ඔලුව ගහන් ලොකූම ලොකු හුස්මක් ගත්තා .....

මට හැමදාම මේ වගේ ඉන්න ඕනා තේශී...කවදාවත් එකම එක දශමයක් වත් උඹෙන් ඈතට නොයා මට ඉන්න ඕනා සුදු මහත්තයා....

එයා කියවනවා ..මං හූමිටි වත් නොතියා අහන් ඉදලා එහෙම්ම ඒ නලලට හාදුවක් තිබ්බා...

මිනිස්සු පලවෙනි පාරට දෙයක් අතෑරියට දෙවනි පාර අතාරින් නෑ මගෙ විතේන්....මගෙ ජීවිතේ තියෙන්නෙ උඹ ගාව ...සැනසීම තියෙන්නෙ උඹ ගාව ඉතින්...එතනින් එහා දෙයක් මට ඕන් නෑ මැනිකෙ....

නිල් පාට අහස ටිකෙන් ටික දම්පාට වෙනකොට ඈතම ඈතින් ගිනිමැලයක් පත්තු වෙන හැටි අපි දැක්කා...අපි වගේම සැනසීම හොයන් ආව කොලු නඩයක් උන්ගෙ ආතල් එක ගන්න හදනකොට හැන්දෑවෙ මුහුදු ගියපු බෝට්ටු ගොඩ ගැහුවා ...

මෙච්චර වෙලාම ලී කෝට්ටක් පස්සෙ දුවපු....වාහනවල නැගන් ආපු....බෝට්ටුවල ආපු පලිගුවටත් අවසානෙදි තෙහෙට්ටුයි කියන්නද කොගෙද ඒකි රැල්ල ගහන වැල්ලෙ ඉදගන කසිංජි සුවද එක්ක උඩු හුලගට ගහගබ එන අලුත් මාලු සුවදට ඉව අල්ල අල්ල මහමුහුද දිහා බලන් උන්නා.....

🙂එන්නා...ම්ම්

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

.මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters