Cherreads

Chapter 55 - 55

සිහිනයකි නුඹ

නිහඩ මැදියම් රෑ.....

නිදන නෙත් යුග සනසනා.....

මම රේඩියෝ එකේ සද්දෙ පුලුවාන් තරම් අඩු කරලා සිංදුව ඇහුවා...මන් ආසම හිත නිවන සිංදුවලට.. චක බක හුචු හුචු ගාන සිංදු වලට වඩා මම හරි හිමින් යන සිංදුවලට....පරන සිංදු වලට පුදුමාකාර තරම් ආස උනා...

වට රවුම හරවනවා එක්කම තිබුන අලුතිම්ම දාපු ඇදුම් කඩේ ඇතුලෙ උතුරන්න සෙනග ඉන්නකොට ලීෆ්ලට් බෙදන ෆැන්සි ඇදුම් ඇදපු කොල්ලොදෙන්නෙක් හරි කෙල්ලොදෙන්නෙක් හරි මුලු ලෝකෙම්ම මූන හංගන් මේ කට්ට අව්වෙ නටන ගමන් උන්නා...

අපි ආසාවට ලගට ගිහින් ඵොටෝ එකක් ගන්නවා...ඒ දිහා බලන් හිනා වෙනවා...ඒත් ඔය ඔලුබක්කො වගෙ දාන් ඉන්න ඇදුම කොයි තරම් නම් රස්නෙ ඇතිද .....ජීවත් වෙන එක අමාරුයි මැරෙනවට වැඩිය...

ඩ්‍රයිව්න් ශීට් එකට එහායින් තිබුන ශීට් එක උඩ තිබුන බත් වල සුවද නහයට දැනෙන කොට අනේ මට ඒකිව මතක් උනා...

දවසකට දෙකකට බඩ පිරෙව්වට ඒකි අපිට බුදුබව ඉල්ලුවා....අත්තම්මා සුදු පිටි හැන්දක් බිව්වා කියනකොට ඒ ඇස් වලින් කදුලු ආවා.....

අනේ දෙයියනේ පිටි හැන්දකට ඔහොම නම්.....

මගෙ පපුව පිපිරෙන්න ආවා....

අනේ මැනිකෙ...උඹට අවජාතක නම නැතුව මොල්ලිගොඩ කියලා වැටුනා නම්....උඹට හැමදාම පෙති පාන් කන්න තිබ්බා.....

අහේතුවකට ...නොවෙන අහේතුවකට මගෙ පපුව හිරවෙලා යනකොට මං බත් සුවද කාර් එකේ ඉතිරි කරලා අර අලුතෙන් දාපු ඇදුම් කඩේ ගාවින් බැහැගත්තා ...

සුදු මහත්තයා ...ඔයා කොහෙද ...

දොර වහනවත් එක්කම ආව කෝල් එකෙ හෙලෝ කියන්නවත් ඉඩක් නොතියම එයා මං කොගෙද ඉන්නෙ ඇහුවා ....

මං මේ එනගමන් මැනිකෙ ..ගෙදර යන්න අර දරුවා මගෙ බඩදරු මැනිකෙට බත් මුලක් එව්වා...

අනේහ් තේශී.....හ්හ්

ඇත්තනෙ...දොලදුක් කෑම ඉල්ලන්නෙ....

අනෙ නිකන් ඉදින් මිනිහො....බඩ දරු වෙන්න පුලුවන් කමක් තිබ්බා නම් මං මෙ වෙනකොට දස දරු මවක් උඹ අනින ඇනිල්ලට...

ඉදකින් ...ශිහ් උඹ...උඹ මහ මොන නැකතක ඉපදුන එකෙක්ද විතේන් ආ....

ඇත්තනෙ ඒයි.....ම්හුක්...

අම්මෙ උඹ හොද එකානෙ ...කව්ද දන්නෙ නෑ අනිනකන් උස්සන් ඉන්නෙ....

උස්සන් ඉන්නෙ මගෙ නිලමෙට ලේසි වෙන්නනෙ...

උඹ පලයන්කො විතේන් කොහෙට හරි...වලත්තයා..

ඉතින් අප්පා.....සුදු මහත්තයා ...ඒ මේ ඔන්න දැන් සීරියස් කොටසක් ඈ....ඇත්තටම ඒ ළමයා බත් එකක් දුන්නද..

ම්ම්න්...

මෙච්චර වෙලාම කුනුහර්ප කිය කිය මගෙ ලේ පුච්චපු එයා අවසානෙදි ආය පරන විතේන්ම වෙලා තිබුනා...එයාගෙ කටහඩෙ ආසාවක් වෙනුවට තිබුනෙම දුකක් වගේ හැගීමක් වෙනකොට මම විහිලු නොකර උන්නා...

තේශී.....

ඇයි මැනිකෙ...

මං ඒක ඒකිට කිවේ විහිලුවට...ඒත්.....අමතක නොකර ඒවන්න තරම්.....මම කිව්වෙ කාලා නෑ කියන එක විතරයි තේශි.....

එයා කියවනවා මම අහන් ඉන්නවා..එයා කියන වචනයක් ගානෙම මට මතක් උනේ මම ඒකිගෙ අල්ලෙන් බලෙන් සීනි කාපු හැටි වෙනකොට මට මහ වේදනාවක් දැනුනා...ඒකිට කොළඹ එන්න ආස හිතුනත්...එන්න බෑ...පව්....කවදාවත් කොළඹ කියන්නෙ මොකක්ද කියන්න නොදන්න ඒකි නත්තල් ගහකට හීන දැක්කා....නත්තල් ගහක් ලස්සන වෙන්න බල්බ් වැල් පටලවන්න ඕනා උනත් ඒකිගෙ අතු පැලේ එකෙම එලිය් ලාම්පු එලිය වෙනකොට ඒකි ඒත් ලයිට් නැති බබලන් නැති නත්තල් ගහකට හීන දැක්කා...

මැනිකෙ..මං එන්නම්....පරිස්සමින් ගෙදර යන්න....

හා සුදු මහත්තයා පරිස්සමින් .....

මම ඵෝන් එක සක්කුවට ඔබා ගත්තා ....වටකරපු වීදුරු වල හිම මුවෝ එහා මෙහා දුවනකොට ඇදුම් කඩෙ අස්සට නත්තල් පප්පා ඇවිල්ලා උන්නා...නත්තල ලබන්න තව හුගක් දවස් එහෙම්ම තිබුනා උනත් ඒසි එකෙන් එන සීතලයි..දාලා තිබුන නත්තල් ගීතිකයි එක්ක නුවරට කලින් ඇදුම් කඩේ අස්සට නත්තල් ඇවිත් තිබුනා...

එන්න සර් මොකක්ද බලන්නෙ....

මම ජීවිතෙන් ආසම නැති වැඩේ ඇදුම් තෝරනකොට පස්සෙන් එන එක උනත් අද මට ඒක මහ දෙයක් වගෙ දැනුනා ...

අවුරුදු දාහතරක ...පහලවක ගෑනු ලමයෙක්ට ඇදුමක්...ආ..මේ...එයා...මෙච්චරයි ...මෙච්චරයි ..උසත්...මෙච්චරයි ...මහතත්...

මෙච්චරක්...විතර ..

මං කෙල්ලගෙ වයස කිව්වා...ඒ උනත් ඒකිට තිබුනෙ ඇටගැහුන ශරීර කූඩුවක් වෙනකොට මං මගෙ අත් වලින් කෙල්ලගෙ ඇගෙ තරම පෙන්න පෙන්න ඇදුමක් හොයලා දෙන්න කිව්වා ..

සර් මේක..

අපො එපා රෝස එපා....කහත් එපා....කොලත් එපා...රතුත් එපා...කලු අලු සුදු වලින් එකක්....

කෙල්ල දූවල ගිහින් මහ සකරමොටන් පාටකට අත තියනකොට මන් මැරෙන්න හැදුවා .....ඒත් මං ඒකිට හොයන්න කිව්වෙ මම අදින්න ආස කරන ඇදුම් වල පාට වෙනකොට මං ආයම ඒ කෙල්ලට ඕන පාටක් තෝරණ්න දුන්නා..

සර් මේක...

කෙල්ල ලා කහ පාට ගවුමක් ගෙනාවා...ඒක ඇත්තටම චාම්...මට රෙද්ද අල්ලලා බලන්නත් කලිම්ම ඒ රෙද්ද ඇගට පහසුයි...සනීපයි කියනඑක දැනුනා වගේ ලා කහ එකට වඩා සුදු එක පෙනුමට පේනකොට මං ඒ සුදු පාට ගවුම ගත්තා ....

අටදාස් හත්සීයක්..

මං හිතන්නෙ රත්තරන් කලවම් කරලඇති...

ගවුමෙ ගාන එක්ක මට එහෙම හිතුනා..ඒ උනත් අද කාලෙ අමුඩ ලේන්සුවක් උනත් ලක්සයක් විතර වෙනවා....මං එහෙම්ම ඒකට සපත්තු දෙකක් එක්ක කෙල්ලො ඔලුවට ගහන අර අරුමෝසම් බෙරලියන්තු ටිකකුත් ගත්තු මම ආයම කාර් එක හරවන් වලව්වට ආවා වගේම ඇතුලට නොයා ගේට්ටුව ගාව ඉදන් දෙපාරක් තුන් පාරක්ම හෝන් කෙරුවා ....

ලේන්සුවක් කරේ දාගත්තු දෙකට කොන්ද කුදු ගැහුන සියාතු සීයා මගෙ කාර් එක දැකලා බයෙ බයේ වගේ දුවන් එනකොට මම කෑ ගැහුවා.....

හෙමින්...හෙමින්....අර මැනිකෙගෙ ලමයට කතා කරපන්....

එහෙමයි බේබි හාමු....

හෙමින් යමල්ලකො....උඹලව වැටිලා කොදු අත පය කඩා ගන්න තමයි....

වලව්වෙ හාමුලාගෙ උදහසට ලක් වෙන්න බයටමද කොහෙද වයසට ගියත් උන් බැරි බැරි ගාතේ දුවනකොට මම කෑ ගැහුවා..උන්දා රෝස පදුර ගාවින් හැරිලා පරන කුසියට දුවනකොට මම බලාගන බිබික්කම් නාන්ද්‍යා බඩ උන බිබික්කමව අතින් අල්ලන් මිදුල පුරාවටම ඇවිද්දවනවා....

මට නම් දැන් උන් දෙන්නවම පේන්න බෑ....

ඇස් හීනි කරන් ඕනාවට එපාවට ඒ දිහා බලන් උන්න මම මිමිනුවා....අරකි පොඩීගෙ අතින් අල්ලන් උන්නට ඇස් දෙක තිබුනෙ ගේට්ටුවෙන් එලියට වෙනකොට අනේ මං බලාගන රන්මලියා බයෙන් බයෙන් වගේ දුවන් එනවා

බේබි හාමු....බේබි හාමු...

හෙමි වරෙන් ගැට දෙක හොලව හොලව දුවනවා...

චික්කේයියා අප්පා.....හාමුගෙ කට නම්....

ඇයි....ඇත්තනෙ...ඔය යටට මොකුත් නොද වන වන දුවන්නෙ අපි දන්නෙ නෑ මහ මැනිකෙගෙ වගේ වැල ගෙඩිදෙකක් උනොත් ...

අපෙ..අප්පේ...බේබි හාමු ..ඇත්තටම එහෙම වෙයිද . ...

ඔව් ඉතින්....එහෙම වෙයි තමයි.....ඔහොම මොකුත් නොදා හොලව හොලව දිව්වොත්....

මන් ඒකිට නොහොබිනා කතාවක් කියලා විහිලුවක් කෙරුවා.....අත් දෙකේ අල්ලටත් වඩා පොඩි මූන බලාගන ඉද්දි රතු වෙලා ගියා හරියටම මගෙවල් විතේනයා මට මොනවා හරි කියනකොට රතු වෙලා යනවා වගේම ....

බේබි හාමු...ඇයි මේ ගිය පයින්ම...

මේන් මේක දීලා යන්ඩ ආවෙ...

අපෙ අප්පෙ...කාට මට.....

ම්න්....

අනෙ දෙයිහාන්දුරුවනෙ.....බේබි මහත්තයා ....මමවත් ...මෙච්චරයි වටින්නෙ නෑනෙ මහත්තයො ....

ඇදුම මාරු කරන්න උනොතින් කියලා මම බිල් එක තියලා තියනකොට ඒකි ගතු කියන්න ගත්තා .....

ඕන් ඕක නත්තලට..

නත්තලට..

ම්න්...

අනේ බේබි හාමු.....දුප්පත් අපිට කොයින්ද නත්තල් ..

අන්න අර සිරියාවන්ත මහත්තයා කිව්වෙ එක්කන් යන්නම් කියලා ..

කොහෙ...අනෙ බේබි හාමු මාව කොළඹ රට පෙන්නන්ට එක්ක යනවැයි ....?එහෙනම් මේකට කපුරු බෝලා දෙක තුනක් වත් ඔබලා ට්‍රන්කා පෙට්ටියට දාන්න වෙයි නේ හාමු.....සැන් පවුඩර් නෑනෙ හාමු....

මන් බලන් උන්නා කෙල්ල අරුමෝසම් බඩු දිහා බලන් උන්නා...ඒකිගෙ මුලු ලෝකෙම තිබුනෙ ඒ අත් දෙකේ වෙනකොට ගවුමෙ සුවදට ඉව අල්ල අල්ල කපුරු දාන්න ඕනා කියනකොට දිරලා යන ගවුමක් උනත් කෙල්ලගෙ මූනෙ තිබුන හිනාව කවදාවත් සල්ලි වලට ගන්න බැරි බව මට දැනෙනකොට පව් කියලා හිතුනා ...

හුම්...හුම්...දැන් යන්ඩ...මොකද ඔය ඔලුවෙ මකුනු දැල් කොහෙද රිංගුවෙ...

පොඩි මැනිකෙ හවස පන්සල් යනවලු මල් කඩලා දෙන්න කිව්වා ජාති ජාති ගොඩක්...

ඉතින්...මල් ගස්වල මකුනුදැලුත් තියනවද ..

නෑ බේබි හාමු...අරලිය ගහෙ ..

උඹ ගස් නැග්ගද?

එහෙමයි...පොඩී මැනිකෙට අරලිය මල් ඕනෙමයි කිව්වනෙ.....

මට ඈත ඉන්න පොඩීගෙ මූන කට තැලෙන්න ගහන්න හිතුනා ..ඒකිට වටින් නෑනෙ කෙල්ල ගස් නග්ගන්ඩ.....වාහෙට බැරිද...අනුන් ලව්වාමල් කඩෝගෙන තමුන්ට විතරක් පින් කර ගන්නවා ..රන් මලියා ඈත උන්න උද්දච්ච බිබික්කම්.දෙක දිහා බලලා යන්නම් කියලා හැරුනා....දැන් උන් දෙන්නා ඕකටත් එබිකම් කරයි 

ළමයො...

බේබි හාමු ..

ඕක අරන් ගෙදර යන එකයි...ආය ගස් ගල් ගානෙ නගින්ඩ තියා ගන්නෙහෙම නෑ...

එහෙමයි හාමු...

මන් කාර් එක හරවන් එන්න එනකොට මං දැක්කා කෙල්ල බෑග් එක අත් දෙකෙම්ම පපුවට තුරුලු කරන් ගෙදර දුවනවා...

පාරෙ මිනිස්සු...වාහන..එකා කාරෙට...කෑගල්ල ස්වර්නජයන්තියට යන පාරෙ අයිනෙම වයසක උන්දෙක් ඉරිගු තම්බනවා....මට එයාව මතක් උනා....මොන පුදුමෙයක්ද නැතිනම් එයාව මට වගේම එයාට මාව දැනෙනවද....දැනෙන්නෙ නැතිව කොහොමද...එයා මට කෝල් එකක් ගත්තා ...

මගෙ මැනික.....

මම එයාට කතා කෙරුවා.....

නිතේශ් කොහෙද ඉන්නෙ....

ඇයි...මිස්ටර් විතේන්ට ඇනගන්න ඔච්චර හදිස්සිද...

අනේ මේහ්....නිතේශ් මගුලක් කියවන්න එපා හරි.....කොහෙද ඉන්නෙ කියලා බැලුවෙ මනුස්ස කමට මිසක් ඇනගන්න නෙවෙ.....ඇනගණ්නව ඇරෙන්න මට වෙන වැඩ නැද්ද නිතේශ්...ආ...නලින්...කෝ අර අනිකෙ මන්ත් එන්ඩ් එක...?? එකෙක් නෑනෙ මේකෙ හරියට වැඩ කරන....එකෙක් නෑ...දෙන්නෙ නෑ එකෙක්ට ඕටි.....නත්තල් බෝනස් නෑ.....හරි....නිතේශ් ....

මං අහන් උන්නා....මම හිතන්නෙ මාත් වැඩ වැරද්දගත්තදෝ කොහෙද ඒකට ආච්චි වැහිලා....බනිනවා බනිනවා ඉවරයක් නෑ.....

කියන්න විතේන්...අහන් ඉන්නෙ.....

කීයටද එන්නෙ...

එන්නෙ අහන්නෙ එන වෙලේට ගෙදර එන්නෙ...අනික මම ජෙට් එකක නෙවෙනෙ ගෙදර එන්නෙ...කීයට හරි ගෙදර තමා එන්නෙ..මගුලෙ යන්නෙ නෑනෙ විතේන්...

ඉතින්....මට...බනි..න්නෙ...

එයා කලින් සද්දෙ දානකොට අහන් උන්න මම ඊලග පාර මම එයාට සද්දෙ දැම්මා.....මෙච්චර වෙලාම යකාට ඇදන් උන්න විතේන් මගෙ එක වචනෙන් සැලැන්ඩර් වෙලා යනකොට මම කට කොනින් හිනා උනා...ආවා මෙතන....මට සද්දෙ දාන්න.....

ම්හුක්...නිතේස්.....

මොකද....

කොහෙද ඒයි ඉන්නෙ...

මග...

ම්හුක්...පයිස්සමින් එන්න ඒයි...මේ ලමයට හරියට තරහා යනවනෙ ඒයි.....

ම්න්..ම්න්.....

ආවා මෙතන මට කට ගහන්...මම මෙහා පැත්තෙ ඉදන් හිනා වෙවී එහා පැත්තෙ ඉදන් නහයෙන් අඩ අඩ උත්තර බදින එයාට උත්තර දීලා ඵෝන් එක පැත්තකින් තිබ්බා....

මගෙ මෝඩයා ඒකා....

වෙලාව දෙකත් පහු වෙලා ගියා....කාර් බාර් ලංගම බස්....ප්‍රයිවට් බස් පාරම අයිති කරන් උන්නත් ත්‍ර්‍රීවිල් කාරයො තනිකරම ජෙට් හයිකරලා වගේ වෙනකොට උන් බස් අස්සෙන් දාන් යන විදිහ දැකලා මට කෑ ගැස්සුනා....මුදුන් උන ඉර අඩුවක් නැතිවම රස්නෙ බෙදනකොට ඔලුව කැක්කුමක් අරගන මම ගෙදර ආවා.....

මැනිකේ....

මම දොර ඇරියා.....ඇරල දාන් උන්න සපත්තු දෙක කකුලෙන් කකුල පාගන් ගලවලා දැම්මා...එයාගෙ කාර් එක පහල තියනවා කියන්නෙ එයා ගේ ඇතුලෙ ඉන්න එක අනිවාර්යය වෙනකොට මම ඇතුලට ආවෙම එයාට කතා කරගනම උනා....

මුලු ගෙදරම ලැවැන්ඩර් සුවදයි....තැන් තැන් වල තිබුන සුවද බෙදන ලැවැන්ඩර් එයාර් වීක් කැටේ අඩුවක් නැතිවම සුවද බෙදනකොට මම මැනිකෙගෙ කෙලි දුන්න බත් බෑග් එක මේසෙ උඩින් තියලා ඇදන් උන්න ටීශර්ට් එක ගලවලා වම්උරහිසේ දාන් ෆ්‍රිජ් එක ඇරගනම වතුර බෝතලේ කටේ ගහගත්තා

සුදුමහත්තයා ...ඔය දොර වහන්නකො.....

ඒ එයා...අම්මන්ඩි වගේ අරක එපා මේක එපා ගානවා.....මේ බොටම් උන් නම් හැච හැච ගාන්න ගත්තම හෙනම හිස රදේ වෙනකොට මම දොර වැහුවා එයා මගෙ ගාවට ඇවිත් කටේ ගහන් උන්න බෝතලෙ ඇදලා අරගන වතුර එක වීදුරුවකට දාලා දුන්නා..මං කිව්වෙ බොරුද...මුන් එක්ක වෙලාවකට බෑ....ර ඩියෝන් යකාට හපන්.....

අම්මේ..ඒයි මේකෙ සුවද ...

මොනවද තියෙන්නෙ බලන්න....

මම අත හෝදලා එහෙම්ම ඩියෝනයට කෝල් එකක් ගත්තා වගේම එයා එක මුලක් දිගෑරියා ...සුවදේ බෑ...අනේ මන්දා කොච්චර පරිප්පු ඉව්වත් මොනවා දාලා හැදුවත් දානෙකට දෙන පරිප්පුව ඇතුලෙ මැජික්.එකක් තිබුනා.....බත් එක ඇතුලෙ මැජික් එකක් තිබුනා...

පව් අප්පා කෙල්ලට.....

එයා මුමුනවා...

නිතේස් ....මේ දොර අරින්න ඒයි.....

බත් එකේ තිබුන වම්බටු මෝජුවෙ තිබුන් ලූනු කෑල්ලක් කටෙ ඔබාගත්තු මම ඒකෙ තිබුන දෙහි රසේට මූන ඇඹුල් කර්ස්න් ගිහින් දොර ඇරියා....

නංගි බබා බත් එව්වද ඒයි.....

ම්ම්ම්...ඔව්..ඔව්..දොලදුක හැදෙන අම්මන්ඩිලා දෙන්නට බත් එව්වා....

හී විතේන් අයියේ...අපේ....අප්පෙ....නෙලුම් කොලේ ....බලන්ට ඉතින්....සෙනෝන්...එන්ට කන්ට....අර නගා බත් එවලා....

මට හිනා ගියා..ගඩාපියා ඒ පාර නුවර එකෙක් වගේ එන්ට යන්ට කන්ට බොන්ට ගන්න පටන් අරන් තිබුනා...

කෙසෙල් කොලේ එතුන බතේ සුවද ගේ පුරාවටම යනකොට මම ඇගිලි තුඩු වලින් බත් කටක් ඇනුවා...වම්බටු මෝජුවෙ උන්න බැදපු හාල් මැස්සා දරකෝටුවක් වෙන්න බැදිලා උන්නා උනත් කරස් කුරුස් ගගා හැපෙනකොට ඒකෙත් අමුතුම රසක් තිබුනා...

අනේ....අම්මෙ....පොඩි එකීට පින් සිද්ද වෙන්න ඕනා.....

ඒ මගෙ විතේන් ..එයා කන බත් පිඩක් ගානෙම මැනිකෙගෙ කෙල්ලට පින් දෙනකොට මම වත් එයාවත්....කවුරුත් බත් ඇටයක් වත් ඉතුරු නොකර කෑවෙ ඒ පොඩි අත්දෙකෙ මහන්සියට අසාදාරනයක් කරන්න බැරි තැන වෙනකොට අනේ ඒකි කාටත් හොරාවට කැවිලි මල්ලක් දාලා තිබුනා වගේම කුරුමිනි අඩු වගේ අකුරු වලින් ලියුමක් ලියලා තිබුනා.....

බේබි මහත්තයා ..මේක මේ අම්මා හැදුවෙ ..වලව්වෙ නම් මේවා හැමදාම හදනවනෙ...කොළඹ රටෙ තියෙන්නෙ දිලිසෙන කඩදාසිවල ඔතපු ගනන් කෑමනෙ....අපිට ඉතින් මෙව්වා තමා දෙන්ට පුලුවන් බේබි හාමු.....අපෙ හාමුව තිස්තුන්කෝටියක් දෙයියොම බලන්ඩ ඕනා..

මට දුක හිතුනා...අනේ ඒකිට කොච්චර ආසාවන් ඇතිද.....

ඇයි තේශි.....

එයා මගෙඋරහිසට අත තියලා ඇගිලි වලින් ඉස්සිලා මගෙ අතේ තිබුන කොලේ දිහා බැලුවා ...

මං මොකුත් නොකියම තෙල් බදපු ලියුම් කඩදහිය එයාගෙ අතට දීලා බාතෲම් එකට ආවා....

පව්...ඒ වචන කොච්චර නිර්ව්‍යාජයි ද...උන්ගෙ අම්මාගෙ පන හින්දා ඒකිව ඇස් දෙක අස්සෙ තියන් වේලක් ඇර වේලක් කාලා හරි ඒකිව ළඟ තියාගන්න ඕනා කියලා කෙල්ලගෙ අත්තම්මා කිව්වා .....එතනත් දිය උනේ වලව්වට...මැනිකත් එහෙමයි ....දැන් කෙල්ල...මොනව කරන්නද අපි කොච්චර කිව්වත් ඒකිගෙ ගිය ආත්මෙ තියන ණය ගෙවන්න ඕනෙ මේ ආත්මෙ මේ විදිහට නම්...අපි කොච්චර දේවල් කෙරුවත් වැඩක් නෑ....

සුදු මහත්තයා ...

ම්න් මැනිකෙ...

නිදන කාමරෙ සුදු පාට ටයිල් එක උඩ හුස් උන ස්ටැමිනා පෙට්ටියක් තිබුනා....ටිශූ ගුලියකින් එතුන කොන්ඩම් එකක් ඩස්ට්බින් එකට වැටෙනකොට කලු පාට බතික් සරම බිම බලන් ඇස් පියන් උන්නා....

වරුවක් විතර නාපු මට මගෙ මැනිකෙගෙ ඇස් කියපු කතා වලින් බේරෙන්න බැරිව අවසානෙදි සිද්ද උනේ තවත් වරුවක් මලක් තලපු එක වෙනකොට එයා මගෙ රෝම වැවුන හති අරින පපුව උඩ රටා අදින ගමන් උන්නා..

පොඩීට කොහොමද ...

ඒකිට මහන්තත්ත කම ඉහට ගහලා...

මං කටෙ එකයි දිවෙ එකයි ..හිතේ එකයි නැතිවම කියන්න ඕන එක කියලා දාන කොට එයා මගෙ මුනට එබුනා 

ඇයි සුදු මහත්තයා ඒ....

එයා මගෙ ඇගට උඩට තව කකුලක් දාගන්නකොට ඒසි එකෙන් එන සීතල බ්ලැන්කට් එක අස්සෙ නිරුවතින් උන්න අපි දෙන්නව තව තව ලන් කෙරුව ...මගෙ අත එයාගෙ පිට කොන්ද දිගේ යනකොට එයා මගෙන් වලව්වෙ විස්තර අහන්න ඇස් දෙක ලොකු කරන් බලන් උන්නා....

නැ...මේ ඒකි දැන් මොල්ලොගිඩ මැනිකෙට හපන් නේ.....අර පුංචි එකීගෙන් මරව මරව වැඩ ගන්නවා. බඩ දරු උනා කියලා මේ බිබික්කන් වෙන්න ඕනෙ නෑනෙ ....ඇයි වෙන ගෑනුන්ට දරුවො ලැබෙන් නැද්ද ..අනික...ඒකි අම්මෙක් උන එකේ පුරාජේරුව වැනුවට...මට දුක ගැබ්බර ඒකිගැන නෙවෙ මැනිකේ...මගෙ ඇස් පනාපිට මැරුන අනිකා ගැන...

තේශී .....

එහෙම නෙවෙ මැනිකේ ....මම දැක්කා...ඒකිගෙ කකුල් රතු වෙනවා...මං ඇස් පනා පිට දැක්කා...දරු ගැබ හේදෙනවා....මට ඔව්වා මගෙ හිතේ තියන කන්...කවදාවත් කාටත් සමාවක් දෙන්න බෑ විතේන් ...අනික ගෑනියෙක් කියන්නෙ මේ අපි තන තරම් බොලද උන් නොවුනකොට මේකිට මොකද මේ හැදුන පිස්සුව... ඕකිට දැන් වලව් ඌස්නෙ තියෙන්නෙ. ඒ වලව්වෙ පලවෙනි ලේලි පොඩ්ඩනෙ....හෙට අනිද්දා හවඩියේ යතුරු කැරැල්ල එල්ල ගන්න බලන් ඉන්නවද දන්නෙ නෑනෙ.....

කේන්ති ගන්න එපා ඉතින් ඔහොම....මගෙ හාමුවට පොඩ්ඩ් බැරි වෙන්න බෑ....සුදූ හොද තැනක ඇති....මගෙ සුදු අප්පොට මහන්සී ...

එයා මගෙ නිකට උඩට ඇබිත්තන් හාදුවක් තිබ්බා....මල ඉර බහින්න හෝරාවක් වත් තව ඇති... ඒ උනත් පඩි පෙලක් බහිනවා හා සමානවම පඩියෙන් පඩිය මහ මුහුද අස්සට ගිලෙන්න හදන ඉර ටික ටික අවරෙට යනකොට බිත්ති රත් වෙලා ඉර එලිය ජනෙල් තිර අස්සෙන් පෙරීගන එනකොට මහන්සියට නිදා වැටෙන්න ඔන්න මෙන්න උන්න එයා දිහා බලනකොට එයා සම්පුර්ණයෙන්ම මගෙ පැත්තට හැරුනා....දැන් ඉතින් පටන් ගන්නෙ තුරුල් වෙන වාරෙ වෙනකොට නිදාගන්න තියන උවමනාවටම මම ඒ පිරුන පපුවට මූන තියා ගත්තා ....

සුදු අප්පො...හැම තැනම ගුනාදරීලත් නෑ....පිච්චිලත් නෑ....අපිට කවදාවත් හැම ගෑනියෙක්ගෙම්ම යසෝදරා කුලේ ගෑනු හොයන්න බෑනෙ මගෙ මහත්තයා ....

එයා කියවනවා..මං හරි ආසයි එයාගෙ මේ වචන වලට....විසි හතර පැයම පොශ් වෙන්න හදන මිනිස්සු මැද...පොශ් වෙච්ච මිනිස්සු මැද ජීවත් වෙන මේ ගෙන්දගම් පොලවෙ කුරුදු වත්තෙ එයා මට ආදරෙ අකුරු කරන තනි සිංහල වලට මම පුදුමා කාර තරම් ආදරේ උනා...එයාට කොහොම නම් සොභන කම් කරන්න බැරිද.....මගෙම දාඩියෙන් ලුනුරස උන කාලවර්න තන පුඩුවක් මම හිමින් ඉරුවා.....පිරුන පපුව අතින් මිරිකන්න පුලුවන් තරමට අතට අහුවෙනකොට එයාගෙ වචන මාව නිදි කරවන්න ලැහැස්ති උනා.....

.වෙලාවකට කම්මුලට....වෙලාවකට නලලට තියන ආදරනීයම හාදුවක් එක්කලා මගෙ ඇස් පිය වේගන ආවා උනත් කන ගාවින් ඇහුන ඵෝන් එකේ මලකරච්චලේ එක්කමගෙ ඇස් දෙක ආය ඇරුනා...

කව්ද ඒයි...

අප්පච්චි ..

හෙලො අප්පච්චි ....

මං ඵෝන් එක කනේ තියා ගත්තට පස්සෙ කියපු කතා එක්ක මට දැනුනෙ මාව ට්‍රාන්ස්පෝමර් එකක වැදුනාක් හා සමාන හැගීමක් වෙනකොට එයාට තුරුල් වෙලා උන්න මං ඇදෙන් පැනපු හැටියට එයත් කලබල උනා..

නිතේශ් ඇයි..ඇයි...

විතෙන් ...හදිස්...සියක්...

මං එච්චරයි කිව්වෙ අතට අහු උන ඇදුමක් ඇදන් එයාවත් දාලා මං ඩියෝනයගෙ ගෙදර දිව්වා ...

මචන් ..මචන්...අනේ...

නිතේශ් ...නිතේශ් ...මොකද බන් මේ...මොකද මේ...

තේශි..අනෙ ඇයි මේ....

මගෙ හදිස්සියට එයත් අහුවෙන එකක් ඇදගන මගෙ පස්සෙන් ඇවිත් තිබුනා වගේම මාව කැරකෙන්න ගත්තා..මට කැරකිල්ලට වගේ ආව....මං එහෙම්ම බිත්තියට හේත්තුවෙනකොට උන් මාව අල්ලගත්තා ..

අනෙ නිතේස් ...නිතේස්...අයියෙ....ඇයි..කියන්නකො....ඇයි...කියන්නකො..

ඩියෝන්....ඩියෝන්.....උඹගෙ ..නංගි බබාව....වැවට....වැවට.. ....විතේන් ...ඒකිව...වැවට..වැටිලලු...

විතේන් ...

ඒකිගෙ පොඩි අත් වලින් ඔතපු බත් පතෙන් කාපු බත් දිරවන්නවත් වෙලාවක් නැති වෙලා තිබුනා ..මල් කඩන්න ගිය කෙල්ලගෙ ඔරුව වැව මැද පෙරලිලා ...අප්පච්චි කියපු වචන ආය ආයම පපුව පාරවනකොට අපි කාටත් ඉස්පාසුවක් නැති උනා වගේම ගඩාපි පැටියා දැන්ම අඩන්න පටන් ගන්නකොට මගෙ හොද සිහිය නැති වෙයි කියන බයටද කොහෙද ශෙනෝන් ඩ්‍රයිවින් ශීට් එකේ ඉදගත්තා ...

මං..මං...මං..කිව්වා ..මං...ඒකිට....කියලා ආවා...මං...අනේ...මැනිකෙ ...අනේ මන් ඒකිට කියල ආවනෙ වැවට යන්න එපා එරේවි...ඕකිව වැටේවි කියලා....

ඒකිව වැවට වැටිලා හෝරා දෙකක්ලු....තවමත් හොයා ගන්න බැරි බව සැරින් සැරේම ඵෝන් එක දිගෙ පනිවිඩ ගේනකොට මට ඒ මූන හිනාව බේබි හාමු ගගා පස්සෙන් එන හැටි මතක් වෙනකොට මගෙ පපුව පැලෙන්න ආවා ...

අනෙ මං උඹට සුදු ගවුමක් අරන් දුන්නෙ ඕකට නෙවෙ රත්තරනේ...බේබි හාමුට තිස්තුන්කෝටියක් දෙයියන්ගෙ පිහිට ඉල්ලපු උඹට ඇයි මැනිකේ ඒ තිස් තුන්කෝටියම පස්ස හැරෙව්වෙ.....

මගෙ හිත කෑ ගහලා අඩනවා....ශෙනෝන්ට ඇස්ලේටර් එක පවා මදි වෙනකොට විතේන් හූල්ලන් වගෙ බලන් උන්නා....ගඩාපියා කියන්නෙ මොනවද කියන්න නොදැනුනත් මල ඉර බහින වෙලෙ වැව් පතුලෙ හැංගුන රන්මලී අපි තුන් හතර දෙනාවම කනපිටගහලා තිබුනා ....

අයි...අයොයෝ ....අයියෝ....හ්...මගෙ...පන....මගෙ....පන .....මට...ඉන්ඩ...බෑ...මට...

ඉන්ඩ..බෑ...මගෙ...පන...අයියෝහ් ....අම්ම්මෙ....මගෙ කෙල්ල...හාමු...මහත්තයෝ...මගෙ...කෙල්ල...

නුවරට ආවෙ කොහොමද කියන්නවත් අපි දන්නෙ නැති උනා....වලව්ව පිටිපස්ස පාරෙන් ගියහම අහුවෙන වැව ගාවට ආවෙ කොහොමද කියන්න දන්නෙ නෑ කොටින්ම වෙච්ච දෙ උහුල ගන්න හැටිවත් අපි නොදන්නකොට වැව ඉවුරෙ ඉදන් මරලතෝනි ගහන මැනිකා කොන්ඩෙ කඩාගන පපුවට ගහගන්නකොට ගමෙන් බාගයක් වැව් ඉවුරෙ උන්නා...

මැ...නි....කා...

දෙයියෝ ...බේබි...මහත්තයෝ....බේබි....හාමූ....අපි...ඉවරායි ...මගෙ....දෙයියා...මගෙ....මගෙ....දෙයියා....අපි...ඉවරයි....බේබී ..හා...මූ...අපි....ඉවරයි..මගෙ...කෙල්ල...හොයා....දියන්...හාමූ ...කෙල්ල...හොයා....දියාන්.....අනේ....අම්මෙ ..මගෙ...පුතේ....බුදු බව අත්වෙයි ජාතී....ජතිත්....බුදු..බව...අත්වෙයි....උඹ..විතරයි මගෙ...දෙයියෝ....ඒකිට කරුනාවක් පැවේ....මගෙ..කෙල්ලව ...බේරලා දියන්...බේබි..හාමු....මගෙ...කෙල්ල...අනේ.....දලදාහාමුදුරුවනේ ....අයි...අයි..යෝහ්හ්හ්.....

මට මැනිකා කියපා විතරයි කියා ගන්න පුලුවන් උනේ ...වැල හින්න වගේ අඩන මැනිකා මගෙ කකුල් ගාව වැද වැටුනා පපුවට ගහගත්තා ...පොලවෙ පස් කෑවා.....මල ඉර බැහැලා යන්න යනකොට වැව පුරාවටම ටෝර්ච් එලි.....පන්දම් එලි ප්ලෑශර් එලි වැදුනා කඩපු ඕලු මල් වතුරේ පවෙනකොට අනේ ඒකිගෙ ගෙවුන රබර් සෙරෙප්පු කුට්ටමෙන් එකක් තවමත් මුනින් අතට වතුරෙ තිබුනා....

ඇයි....මැනිකේ....ඇයි ..මැනිකේ....මගෙ..කෙලීව වැවට...යැව්වෙ...සීවරන්...දෙයියනේ.....මාවත්...අරගනියව්....මාවත්...අරගනියව්....මගෙ..කෙල්ල්ව....වැවට...යැව්වෙ...උඹලට....මල් මදිවෙලාද.....මැනිකේ....

මම අහන් උන්නා.....වේදනා දෙන වචන පපුවම පාරවනකොට මැනිකා ඇඩුවා ඇයි ඒකිගෙ කෙල්ලව වැවට ඇරියේ කියලා...ඒකි අඩ අඩ අහනවා කඩපු මල් මදි උනාද කියලා....

මැනිකා... කව්ද....කෙලීව වැවට යැව්වෙ....

දෙයියෝ....ඒකිට.....ඔරුව....ක්...ආන්බාන්...කරන්න තරම්....හයියක් ...නෑ...දෙයියෝ.....බේබි...හාමු.....ඒකිගෙ...කෝටු...අත්වලට...පිටි..කොටලම...මහන්සියි.....ඒකිගෙ...කෝටු.අත්වලට...දර ඇදලම...මහන්සී...ඒ...උඩට....ඔරුවක්....ආන් බාන්...කරගන්නෙ...කොහොමද...හාමු.....මගෙ....රත්තරනේ...මගෙ....අම්මෙ.....මගෙ....අම්මෙ...

බේබි...හාමු....උඹ...අලුත්...ඇදුම්...අරන් දුන්නෙ...මේකටද...මගෙ...බේබි...හාමු....උඹලා ..ඒකිව.....කොලඹ....රට...එක්කන්...යන්න..ම්..කිව්වෙ...ඇයි...හාමු.....අනේ..දෙයියෝ....ඒකි..ගවුමට...කපුරු...පවා..එබුවා.....ඒකි...නත්තල් බලන්ඩ යන්ඩ...අද...ඉදලම.....හදි ගැහුනා.....උඹලා...ඒකිව...එක්කන්..යන්නම්...කිව්වා..වෙලා...ඉදන් ..ඒකි...

හීන...දැක්කා...අනේ...මගෙ...අහිසකී....මගෙ...කෙල්ලව....තොපි...මරා ..ගත්තා.....මගෙ..කෙල්ල...අනේ...අම්මෙ...මගෙ...කෙල්ල ...මං ...ජීවත්...වෙලා....මොකටද...අන්...ජීවත් වෙලා...මොකටද....මට...උන්නෙ...ඔච්චරයි ...මට....උන්නෙ..ඔච්චරයි ....හාමු.....උඹට....බුදු...බව...හම්බෙයි....හාමු.....මගෙ...කෙල්ලව...ගෙනල්ලදිය....න්...හා....ඌ.....අනේ ....උඹලට...බුදු...බව....අනේ....දෙයියෝ.....අනේ.....හ්හ්.....

මං ..ජීවත්...වෙන්නෙ....මගෙ..මැනිකේ.....මගෙ...මැනිකේ....අයියෝ.....හ්...මගෙ....දෙයියෝහ්...මගෙ ...රත්තනේ....උඹලගෙ නත්තල ..ඉවරයි.....උඹලගෙ නත්තල...ඉවරද....මගෙ.....දෙයියා ...

ඒ අත්වලට කොහොමද දෙයියනේ ඔරුවක් ආන් බාන් කරගන්න පුලුවන් කමක්...

මැනිකා අඩනවා. .හූ තියනව....මුලු සෙංකඩ ගලම.හොලවනවා....වැව රවුමට එකා දෙන්නා එකා දෙන්න පිරෙනකොට ප්ලෑශර් එලි තව තව වැදුනා.....ඒකි ගවුමට කපුරු ඔබපු හැටි නත්තල් බලන්න යන්න හීන දැකපු හැටි ආයා ආයම කියවනකොට මම හූල්ලන් අහන් උන්නා...." බේබි මහත්තයා ...මෙදා පාර අපිටත් නත්තල් නේද" අහපු එකී.....අනේ ..දෙයියනේ...බේබි හාමු ගගා පස්සෙන් වැටුන එකීව උන් මරා ගත්තා .....

මං මැනික දිහා බැලුවා...එතනට සිහියක් පතක් නෑ....කොන්ඩෙ කඩාගන වැලහින්න උන මැනිකා අඩ අඩම පලි ගහනකොට ඇයි ඒකිව වැවට යැවේ අහනකොට මම ඒකිව හොල්වලා කව්ද ඒකිව වැවට යවපු මැනිකෙ කියලා අහද්දි මැනිකා කෙලිම්ම බැලුවෙ නාද්‍යා දිහා වෙනකොට මම රන්දෙනිගල හාමුට මුවා වෙලා බයේ ගැහෙන නාද්‍යා දිහා බලලා ඒකි ගාවට ගියා 

නිතේශ් ...

රන්දෙනිගල හාමු...පැත්තකට උනා නම්....

මං එච්චරයි කිව්වෙ...හැංගිලා උන්න නාද්‍යව ඇදලා අරගන ඒකිට හිතන්නවත් ඉඩක් නොතියම ගහපු කම්මුල් පාරට ඒකිට සිහින් නැතුව ඇදගන වැටෙනකොට දෙවියන්ට පින් දෙන්න මගෙ මැනිකෙගෙ පිහිටෙන් මාස ගානක් බැනුම් අහ අහ පීනන්න ඉගන ගත්තු මම ඇදි වත පිටින් වැවට පැන්නා....

තේශීහ්.....

උඩින් වදින ප්ලෑශර් වල එලිය වතුර යටට වැදුනා උනත් වැව් පතුල හරියටම පේනුනෙ නැති උනා.....

මම උඩ මතුවෙවී හුස්ම කටක් පුරවන් අඩ අන්දකාරෙම වැව් පතුල අත ගෑවා මැනිකගෙ වචන මගෙ පපුවම පැලුවා....ඒකි අලුත් ගවුමෙ සුවද ඉව කරපු හැටි මට මැවි මැවි පේනකොට ඇස්වලි වැටෙන කදුලු බින්දු වැව් වතුර හොරකම් කරනකොට හුස්ම ගන්න උඩට එන වාරයක් පාසාම මට මැනිකගෙ විලාපෙ එක්ක මගෙ හිතේ හයිය හේදිලා යන්න ගියා...

තේ...ශී...

ඒ එයා..මං ඇදිවත පිටින් වැවට පනිනකොට එයත් මගෙ පස්සෙම්ම පැනලා....ගග පුරාවටම ප්ලෑශර් එලි තිබ්බත් රන්මලියගෙ හෙවනැල්ලක් වත් නැතිවෙනකොට මන් එයා දිහා බලන් උන්නා ....

මං ගවුම අරන්දුන්න එක..වැරදී...ද..විතේන් ....උඹ ... නත්තල් ගහක් අරන් දෙන්න පොරොන්දු උන...එක...වැරදිද...විතේ....න්න්.....

මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙන කොට මං අන්දකාර අහස දිහා බැලුවා .....

අයියෝ....මගෙ...මැනි..කේ.....අම්මට.....අඩා...ගන්නව....ත්.....පන.....නෑ.....මගෙ.....දෙයියෝ...හ්හ්හ්.....

මැනිකා පපුවට ගහගන්න ගහගැනිල්ල එක්ක මට තවත් අහන් ඉන්න බැරි වෙනකොට මං ආයම වැව් පතුලට පීනලා මඩ අස්සෙ මුල් අස්සෙ ගල් අස්සෙ අත පත ගානකොට මට මඩේ එරුන කකුලක් වගේ දෙයක් අහු උනා වගේම මං අත් දෙකෙම්ම ඇදලා ගත්තා ...

රන් මලි...

මම මිමිනුවා ....ඒකි යන්න ගිහින්.....බේබි හාමුට....බුදු බව ඉල්ලපු ඒකි යන්න ගිහින් ...

බේබි හාමුට තිස්තුන් කෝටියකගෙ පිහිට ඉල්ලපුඒකි යන්න ගිහින්....

වලව්වෙ පයට පෑගෙන මල යන්න ගිහින්...

.

සදහටම !!!

තේශී...හ්...අනේ.....හ්.....

මඩ වලින් නෑවුන වතුරට පෙගුන පර උන කැලෑ මල වැව් පතුලෙදිම හුස්ම ඇරලා තියනකොට මගෙ අතෙ උන්න කෙල්ල දැකපු මැනිකගෙ සිහිය නැති වෙලා ගියා වගේම මං ඒකිව මඩ පිටිම්ම තුරුල් කරගත්තා .....

උඹ.....අකී...කරු ....උනා.....මැනිකේ...

🥺ආයවෙන්නම්.....

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters