Cherreads

Chapter 15 - 15

මම සෑහෙන්න වෙලා ඇදට පෙරලිලා ඔහේ උන්නා.... නොටිෆිකේශන් එනවා...එනවා...ඉවරයක්....නෑ...මෙච්චර කල් තිබ්බ රිලේශන් ශිප් සින්ගල් වෙච්ච දා ඉදන් රික්වෙස්ට් පිරෙන්න තිබ්බා...බාගෙට බාගයක්ම සැලෝන් කාරියන්ගෙන් වෙන කොට මම දන්න අදුනන කාලයක් මාව උන්ගෙ ක්‍රශ් කරගත්තු උන්ගෙන් පවා රික්වෙස්ට් ඇවිත් තියනකොට මම ඔහේ බලන් උන්නා....

සාප තනිකර ....ඇහැට කනට පේන කොල්ලෙක් පේන්න බෑ.....

රික්වෙස්ට් පෝලිමට තියනකොට මම රික්වෙස්ට් ටික රිමූ කරගන ගියා වගේම අර ඵොටෝ එකට බාගෙට බාගයක්ම තිබුනෙ කෙල්ලන්ගෙ කමෙන්ට් ....

අයියා...හුයිය ...බයියා....ගගා වැලලෙනවා...අනේ තොපි එන්නෙ මාව දුක අහන අයියෙක් කරන් කරේ යන්න...මේ කාපු බූට් හොදටම ඇති....

ලයික් එකයි..ලයික් එකයි....ලයික් එකයි.....

ඒ ඔක්කොටම ලයික් එක ගානෙ රියැක්ට් එක දාන් ගියපු මම ඔහේ උන්නා වගේම මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා.....පොඩි ඇටයා...මන් ආන්ස්වර් කෙරුවා ....

හෙලො.....

හෙලෝ.....ඒයි....

ම්ම්ම්න්...

මොකද ඒයි ඔයා කරන්නෙ.....ඔයා කාලා බීලද....

නෑ තාම.....

මේ..ඒයි....

ම්ම්ම්ම්....ඔහෙ තව කව්ද අනේ ඉන්නෙ.....

කව්ද ඉන්නෙ අහන්නෙ.....

(බබා...මේ පොල් ගෙඩියම ගාන්න ඕනෙද.....)යෝ....කෝල් එකක් ගත්තම නිදහසක් ඇත්තෙම නෑනෙ මේ මිනිහගෙන්..පොඩ්ඩක් ඉන්න ඒයි අපේ මිනිහට සමපෝශ ගිලින්න ඕනා වෙලා....

මට හිනා යන්න ආවා...පොඩි ගඩාපියා සැරින් සැරේම කෝල් කර කරම මොනවා හරි කිව්වා ...මොනවා හරි අහන්න හදපු ගඩාපියට ඒක අහගන්න බැරි උනා වගේම කුසියෙ ඉදන් කෑගහන ශෙනෝන්ගෙ කට හඩ ඇහෙනකොට මම උන්ගෙ කතාවට කන් දීගන උන්නා...

ඩියෝන් මොන සිහියෙන්ද ඉන්නෙ බබා ඉන්නෙ බත් එක ගහලා ස්විච් එක් දලා නෑ....

හුහ්...අමතක උනා අනේ.....මැරෙන්න හදන්න එපා මිනියො කොයි වෙලෙත්..මගෙ උගුර රිදෙනවා.....අනික මම අර ළමයා ගැනත් කල්පනා කරන්න ඕනේ..මට හරියට වැඩ....

මම අහන් උන්නා.....අරූගෙ වැඩේම බැනුම් අහන එක....අනිකගෙ වැඩේම බනින එක...උන් අද රෑට සෝයා මීට් එක්ක පරිප්පුලු...ඒ අස්සෙන් අරූට සමපෝශත් ඕනා වෙලාලු....කනවම තමා රස්සාව...ඒ අස්සෙන් ගසඩාපියට හරියට වැඩලු...ඌට ඇති වැඩක් නෑ සැලෝන් එකට එන ගැනුන්ට බැනබැන යනවා මිසක්..

හෙලෝ...එයි...ඔයා ඉන්නව නේ අනේ....

ම්ම්ම් කියන්න...

මෙ අනෙ.....පරිප්පුවලට පාවෙන මිරිස් දාන්නෙ කොහොමද ...

මිරිස් කරල් බැදලා තෙම්පරාදුවට දාන්න...

අනේ.....බලන්න අනේ...අරූ බැදගත්ත වෙලේ ඔයා එක්ක ආවා නම් මෙහෙම වෙන්නෙ නෑ...සෙනෝ....න්....මිරිස් කරල් බැදලා තෙම්පරාදුවට දාන්නලු...අබ ටිකකුත් දාපන් අයියො.....කරපිංචා කොල දෙකකුයි....සුදුලූනු බික්කක් චප්ප කරලා දාපන් අනේ ....තව සුප් කැටේකුත් දාන්ඩො....මේ අපෙ අම්මා එකේ එහෙමයි තියෙන්නෙ...කරපිංචා කොලයක් දෙකක්...එතකොට කොල තුනයි නේ....ගැනලා තුන්ක් දාපන් ඒයි....

මම යටි තොල හපන් අහන් උන්නා...උගෙ මිනිහා ශෙනෝන් විතරක් නෙවෙ....ඌට මාත් උගෙ මිනිහා...මං දැන් හිනාව කාගන උන්නා....මුගෙ කතාවලට...මහ පිස්සෙක්...

නිතේස්...

ම්න්...

මේ අනෙ....අපේ විතේන් අයියා කෝ...

මං දන්නෙ නෑ...ඔය ඇති...

ඔය ඇති කියන්නෙ...ඔයා දැනගන්න එපැයිනෙ....මේ නිතේස් මේ...නටන්න නම් එන්න එපා හරිතේ.....හුහ්...මට ආරන්චියකුත් ආවා...

මොනවද . ???

මොකුත් නෑ....මං මේ තකහනියෙ ගත්තෙ හැන්දෑවෙ නරක හීනයක් දැක්ක හින්දා.....

මොකක්ද දැක්කෙ....

හුහ්....දැක්කෙද....අර තෙඋඩිච්චි ඔහෙ ඇවිත් ඉන්නවා....එතනින් පස්සෙ මගෙ නින්ද කැඩුනා...ඔලුවත් දැන් පැලෙන්න කකියනවා සිද්දාලේප වෙද මහත්තයට පින්සිද්ද වෙන්න ඔලුව කෙලින් කරන් ඉන්නෙ..

මම කට හද හද බොරු කියන ගඩාපියගෙ බොරු අහන් උන්නා...ශුවර් එකටම අර මෙහෙ ඉන්න ගඩාපියා විතේන් කියලා ඇත්තේ...ඌ මූ එක්ක එකතුයිනෙ...

අනේ නිකන් ඉන්නවා ඩියෝන් බොරු නොකියා ..විතේන් ඒකත් කනේ තිබ්බා නෙ....

ආ....අයියෝ..හරි පව්...ඒ ලමයා මොකටද ඔය කොහෙවත් යන කුන්ඩාවාල් ගැන කියවන්නෙ...ඒ ලමයට හරියට වැඩ..දැන් ගෑනුන්ටත් වැඩ නෑ පිරිමින්ටත් වැඩ නෑ අපිට තමයි වැඩ තියෙන්නෙ....

ඩියෝන්...හුස්මක් වත් ගන්නවකො..මට කියනවා විතේන් ගත්තා නේ...

නෑ...වදේ..නෑ...අර සක්කර වට්ටම එෆ් බී එකට දාලා තියෙන්නෙ.....ලමා සාරියත් ඇදගන ෆීලින් ඕසම් විත් නිරිත දිග මෝසම් කියලා...අනේ ඕකිව ටොනාඩො එකකට වත් ගහන් යන් නෑනෙ...

ඩියෝන්...මං කිව්ව නේද.....

හුහ්...හරි ඉතින්.....මං ඔරිජිනල් එකවුන්ට් එකෙන් ගියෙ නෑ...ෆේක් එකෙන් ගිහින් ඒකිට හහා එකක් දාලා ආවා...නැතිනම් මට හරීයට ඔලුව කැක්කුම

මොකද ඩියෝන් ඔච්චරම නපුරු කම....

නපුකම නෙවෙ ඒයි...මං ඒ ගෑනු සතාට එච්චර ලයික් කරන් නෑ..බිකෝස්.....මට ඒකිව අල්ලන් නෑ...මේ නිතේස්...අහන්නකො අනෙ....

මම දැන් ඒ පැත්තෙ තිබුන ඵෝන් එක අනිත් කනට අරගත්තා ...මූ ඔරිජිනල් එකවුන්ට් එකෙන් නොයා මදූ ඒන්ජල් කියන ෆේක් එකෙන් ගිහින් සෙනාරිට හහා දාලා ඇවිත්...ඕකට මම මොකක් හරි කිව්වොත් ලෝක නඩුවක්....ඒක නිසාම මම කට වහන් ඒකගෙ මෝඩ කතා අහන් උන්නා...ඌ තත්පරේට වචන කෝටියක් කිව්වා.....නිතේස්...නිතේස්....නිතේස්!!!! මගෙ ඔලුවත් එක්ක කැරකුනත් මම ඒ හැම එකටම ම්න් ම්න් ගෑවා.....

ගස් ගල් ගානෙ යන්න එපා ඒයි ඔහෙ කදු පල්ලම් ප්‍රපාත එහෙම හරියට තියනවලුනෙ නේ....රෑට දොයිය ගන්නකොට ඩියෝන් බබා වගෙ නත්තල් පප්පා තොප්පියක් දාපන් ඒයි නැත්තන් හතිය හැදෙයි....තව මේ අමතක නොකර බෙහෙත් බොන්න ඕනා හරිනෙ

හරි අප්පච්චි ....

පන්ඩිතයා වගේ කියවන ඩියෝන්ට මම හරි අප්පච්චි කියලා කියනකොට මූ මැරෙන්න හැදුවා .....

ඒනම් මං තියන්නම් ඒයි....බඩගිනි...අපේ මිනිහා මල් පපඩම් බදිනවා මං ඔයාව විකුනපු සල්ලි වලින් මල් පපඩම් ගත්තා ...පයිස්සමින් ඒයි.....

ම්න්..ම්න්....

මේමේ...නිතේස්..නිතේස්.....අර අම්මන්ඩි එක්ක කතාවට ගිහින් විතේන් අයියගෙ හිත තුවාල කරනවා නෙවෙ..තේරුනානෙ...පූල් වල බැහැලා නාන්න එපා ...ආසම නම් බාල්දියක් වත් අරන් යන්න...කොහෙද අර නාකි කුමාරිහාමි කොල්ලට ඇලක දොලක වත් බහින්න දීලා නෑනෙ රෙද්ද අස්සෙ ගහන් ඉදලනෙ බිබික්කම වගේ.....

තවත් මොන මොනවදො කියලා අත්තම්මටත් හෙන ඉල්ලපු ගඩාපි පැටියා ඵෝන් එක කට් කරා වගේම මං සෑහෙන වෙලාවක් මගෙ කනට අත තියන් උන්නා ..කන් බෙරෙ පැලිලා ලේ එනවද කොහෙද ....

එන්න එන්න වට පිටාව සීතල වෙනකොට ඇරපු ජනෙල් පියන් වලින් සීතලක් දැනුනා....එක පෙලට වෙන් කරගත්තු කාමර පේලියෙ අපේ කාමර දෙක එක ගාව තියනකොට මං මගෙ කාමරේට වෙලා තනි රැකලා අවසානෙදි බැල්කනි එකට ආවා...

මෙච්චර වෙලාම හිටපු මොඩල්ස්ලා ගෙන් බාගයක් හිස් වෙලා තියනකොට මං බලාගන avon cosmetics වල advertisement එකට එයාගෙ මොඩල්ලා දෙන්නෙක් තුන් දෙනෙක්ම ශූට් කරනකොට එයා සමහර අයගෙ මූනට පොඩි පොඩි ටච් දෙනවා...අවුට් ලයින් හදනවා....

වයස විසි පහක් උන එයා අදීශ්ගෙ මරනෙත් එක්ක ආය ඉපදිලා තියෙන්නෙ යකඩ මිනිහෙක් විදිහට වෙනකොට එයා එයාගෙ හැම දේම එයාගෙ හැම දාඩිය බිංදුවක්ම avon වෙනුවෙන් වියදම් කෙරුවා ....

ඇත්ත තමා මිනිස්සු කියන කතාව...මිනිහෙක්ට බෑ ආදරෙන් පිස්සු වැටෙන්න.....ඒත්...ආදරේට පුලුවන් මිනිහෙක්ව පිස්සු වට්ටවන්න...

මගෙ කතාව පැත්තකට දාමු...ඒත් විතේන් ...ශෙනෝන් කියපු විදිහට විතේන් කියන්නෙම ආදරනීයම චරිතයක් ලු....මොන දේ උනත් විතේන් ව ලැබෙන කෙනා වාසනාවන්තයි හුගක්.....

ඒ කෙනා මම නෙවෙ විතේන් .....ඒ කෙනා මම නෙවෙ.....එකක් මට උඹගෙ හැගිම්....මට දැනෙනකොට නුහුරුයි ....එකක් ....සෙනාරිට එහෙම කරා නම් උඹට මොනවා නොකරයිද....මම හැමතැනිම්ම අසරනයි විතේන් ....මම දැන දැනම උඹව අනාත කරන්නෙ කොහොමද ...දුකක් උනත්...උඹ හිත හදාගනින් විතේන් ...ඒත් මම ප්‍රාර්තනා කරනවා උඹට මේ ලෝකෙ ඉන්න හොදම කෙනාව හම්බවෙන්න කියලා ...

මැනිකක අගේ කනා දන්නෙ නෑ වගේ..මට උඹගෙ අගෙ දැනෙන්නෙ නෑ....නෑ නෙවෙ...දැනුනත්....මට බැ උඹට කවදාවත් ආදරේ කරන්න.....මට කොන්දක් නැති කම නෙවෙ ...සුදූට..පොඩීට වගේම සෙනාරිට උන දේ උඹට වෙනව බලන්න හයියක් නෑ...මොකද මම දැනටමත් වැරදි තුනකට චූදිතයා වෙලා ඉවරයි....

මට ඕනේමේ හැම දේම දාලා හුස්ම අතාරින්න...මොකද...මමත් වලව්වෙ තැලෙන එකෙක්.... මමත් මැනිකෙගෙ වේවැල් පාරට සීයා තාත්තගෙ බයිනෙත්තුවට බය එකෙක්...

ඉවසලා ඉවසලා මම කට ඇරියොත් ....ඒ මම මැරෙන්න බලාගන විතරයි විතේන් ....

එයා දිහා බලාගන මම කල්පනා කරා.....ටිකක් නෙවෙ මහ ගොඩක්.....අත්තටු ගහන කුරුල්ලෙක් ඇර අත්තටු කපපු කුරුල්ලෙක් කොහොමද දන්නෙ අහස කොයිතරම් නිදහස්ද කියලා.....

මොකක්ද මන්දා ෆයිල් එකක් උස්සන් එහා මෙහා දුවන එයා දිහා මම බලන්.උන්නා වගේම සාක්කුවෙ තිබුන ඵෝන් එක රින්ග් උනා.....

අ..ම්..මා...

ඉහමොලෙන් පටන් ගත්තු හිරිය දෙපතුල් වෙනකම්ම යනකොට මම ඵෝන් එක කනේ තියාගත්තා ..

සුදුපුතා ....

කියන්න අම්මා....

පොඩීගේ වෙඩින් එක....

ම්න්...

කෙල්ලගෙ ඔසරි එක මේඩප් කරන්න ඕනෙ ඔයා...තව.....ජුවලරීස් මේ ඔක්කොම ඔයා බලන්න ඕනෙ....

අම්මා....සුදූව වලදාලා දවස් කීයද අම්මා...

සුදූ ගැන ආයම මේ ගෙදර කතාවක් නෑ සුදු පුතා...සුදු කියන්නෙ මැරුන කෙනෙක්....

නෑ අම්මා...සුදූ කියන්නෙ...මරා ගත්ත කෙනෙක්...

නිතේශ් ....

ඇයි අම්මා ඉපදෙනකොට අපි හැමෝගෙම තටු කැපුවෙ....අම්මා මම ජීවිතේ පලවෙනි පාරට පාරෙ කඩේකින් රොටියක් කෑවා....අම්ම දන්නවද.....මං හිතන්නෙ වලව්වෙ ඉදෙන රොටියට වඩා ඒ රොටිය රසයි සිය දහස් ගුනයක්....වලව්වෙ මැනිකගෙ රොටිය අස්සෙ තිබුනෙ බය වගේම වේදනාව විතරයි...සතුටක් ඇත්තෙම නෑ....ලොකු මැනිකේ මොනවා කියයිද...හාමු මහත්තයා ලුනු වැඩී කියයිද.....පොඩි මැනිකෙලා රොටියෙ දිග පලල බලයිද...හොද්දෙ ලුනු වලට වඩා මැනිකෙගෙ කදුලු ලුනු රස උනා.....කබලේ රස්නෙට වඩා හිතේ ඇවිලෙන ගින්න ලොකු උනා....

මට දුකයි පොඩි මැනිකෙ.....

අපි උඹලට කොච්චර සැප දුන්නද නිතේශ් ....

මම අද වෙනකන්.....මේ මොහොත වෙනකන් සැප අදුනන්නෑ අම්මෙ...ආදරේ අදුනන් නෑ.....රස ගුන අදුනන් නෑ...සුදූලා නිරපරාදෙ මැරිලා ගියා.....

නිතේශ් උඹ දන්නවා සුදූට අපි කරන්න හැදුවෙ වැරද්දක් නෙවෙ කියලා ....

වැරද්දක් නෙවෙ කියන්නෙ කොහොමද අම්මෙ....ඒකි හෙව්වෙ ආදරේ...ඒකිට නිදහසෙ පියාඹන්න දෙන මිනිහෙක් ....විසි හතර පැයේම ඔසරියට යට උනු මැනිකෙ කෙනෙක්ට වඩා ඒකි හෙව්වෙ වරා මලක් වගෙ සැහැල්ලුවෙන් පාවෙන්න. .

වරා මලක් වගෙ පාවෙනවද නිතේශ් කුමාරි හාමිලා...ගෑනු උනහම තියෙන්න ඕනා ..කුමාරි හාමි කෙනෙක් උනහම තියෙන්න ඕනා අනිත් ගෑනුන්ට නැති

අනිත් ගෑනුන්ට නැති මොනවද අම්මෙ.....අනිත් ගෑනුන්ට නැති මොනවද...ඔයාලට කියලා තේරුමක් නෑ...අදරේ විදින්න දන්නෑ....ජීව්තේ විදින්න දන්නෙ නෑ..නම්බුව ගැන පම්පෝරි ගහන වෙලේ සීයට තිබ්බා නම් ඇදට ගත්තු ගෑනුන්ගෙ ලමයිට උප්පැන්නෙට නම දෙන්න අද නුවරින් එකක් මොල්ලිගොඩලා ඉදීවි...

නිතේශ් ...උඹ කොළඹ උන්නා කියලා ජවුසන් නටන්න හදන්න එප නිතේශ් ...උඹලව අපි මේ වෙනකන් කාගෙන් වත් කතාවක් නොහද හැදුවෙ කොහෙවත් උන්ට කරගහන් මේවා කන්න දෙන්න නෙවෙ නිතේශ් ...උඹලා තත්වෙ දැනන් වැඩ කරපන්....

කාගෙන් වත් කතාවක් නොඅහ අපිව හැදුවා...වලව්වෙ වහලට උඩින් කාක්කෙක් වත් පියාඹන්නෙ නැති කොට කොහෙද අම්ම අපිට කවුරුත් වචනයක් කියන්නෙ...උන්ට හයියක් තිබ්බා නම් අපිට කතා හදන්න කලින් සීයා තාත්තගෙ ජඩ වැඩ වලට උන්ගාව ඉන්න අවජාතක ලමයිට උප්පැන්න දෙන්න කටක් අරින්න හයියක් තිබ්බ නම් අපිට ගහන්නෙ ගොම අම්මෙ..ගොම....

නිතේශ් ....උඹ දැක්ක්ද...උඹ දැක්කද සීයා තාත්තා එහෙම කරනවා....

දැක්කා..ඇහුන....ඇහුවා...ඒ උනත්...අපි අන්ද ගොලු බීරි වගේ උන්නා....කෝටු පාරට බයේ මුලු ගැන් උනා අපිටත් තිබ්බා නම් වෙන උන්ට වගේ එකක් දෙකක් ගහනකොට ඇයි ගහන්නෙ අහන්න...වරු ගනන් පොල් කටු උඩ දනගස්සවනකොට මට දැනගන්න බෑ කියන්න...අපිත් අද මිනිස්සු තමයි අම්මෙ...අම්මා බලන් ඉන්නෙ මගෙ නමට වලව්ව ලියවෙනක්න් නම්...මම ඔයවලව්ව කටු ගෙයක් කරලා මහ උන් දෙන්නා මැරුන දාකට පුලුන් පුරවලා ඉස්සරහින් තියනවා....

නිතේශ් ....උඹ හොද සිහියෙන්ද ඉන්නෙ නිතේශ් .....උඹ හොද සිහියෙන්ද...උඹ අම්මට කතා කරන්නෙ මෙහෙමද නිතේශ් ...

මෙච්චර කල්ම මම උන්නෙ අවසිහියෙන් අදින් පස්සෙ මම හොද සිහියෙන්....අම්මා...මගෙ අම්මා මැරුනෙ සුදූට බලෙන් ගැට අන්නාසි ගිල්ලවපු දා....මගෙ අම්මා මැරුනෙ අසරනීට වහ පෙව්ව දා...අම්මෙක්ට බෑ දරුවෙක් මරන්න...අම්මෙක්ට බෑ නූපන් දරුවෙක් මරන්න....ඒත් මගෙ අම්මට පුලුවන් උනා...ඉතින්....එතනින් එහා මගෙ අම්මා මට මැරුනා...තව කතා ඕන් නෑ...මං තියන්නම්.....

නිතේශ් ......

ම්ම කෝල් එක කට් ක‍රලා දැම්මා.....මට තව අහ්න් ඉන්න හයියක් නෑ...අප්පච්චි කිව්ව විදිහට සුදුගේ දොස්තර මහත්තයා එදා උඩරට මැනිකෙට බෙල්ල තියලා...වලව්වෙ පොඩි මැනිකෙට පන දීගන ආදරේ කරපු දොස්තර මහත්තයා අවසානෙදි උඩරට මැනිකෙ ඉස්සරහා උගෙ හුස්ම යවලා තිබ්බා...

මිනිස්සු වැටෙන වැටිල්ල මං හිතන්නෙ උඩ ඉන්න දෙවියන්ටවත් හිතා ගන්න බැරිව ඇති....වලව්වෙ උන්නත් අපිත් තැලුන පොඩි උන උන් වෙනකොට සුදුට තවත් අල්ලන් ඉන්න බැරි ඒකිත් හුස්ම අතෑරියා ....

ඒකි වෙනුවෙන් කව්ද ඇඩුවෙ...

ඒකි ගෙ වේදනාව කාටද දැනුනෙ.....

පෙරුම් පුරපු හැම හිනේම කකුල් ගාව කඩන් වැටෙනකොට වලව්වෙ මැනිකෙ වෙනුවෙන් පෙරුම් පුරපු දොස්තර මහත්තයා අවසානෙදි උඩරට මැනිකෙ ගාවදි හුස්ම ඇරියා.....

ඉතින් කවුද උන් වෙනුවෙන් ඇඩුවෙ...

කාටද උන් වෙනුවෙන් රිදුනෙ....

පෙරුම් පුරාගන ආ සංසාරෙ....

පැතුමද සුනුවිසුනුව වැටුනේ....

කාටද රිදුනේ....කවුරුද හැඩුවෙ....

දුම්‍ රිය මොහොතක් නතර උනේ.....

වරක් නෙතට කදුළැලි පිරුනාදෝ...

සිතට දරාගනු බැරි දුක් වීදෝ.....

දිවිය මොන තරම් සතුටක් වේදෝ

දුකම කොයි තරම් සතුටක් වේදෝ.....!!

සෑහෙන්න වෙලා බැල්කනි එකේ සිල්වර් බාර් එක අල්ලන් උන්න මම හන්තාන කදු දිහා බලන් උන්නා....මෙච්චර වෙලාම වත්ත පුරා උන්න මනමාලියො යන්න යනකොට මගෙ ඇස් දෙක අවසානෙදි මටම කීකරු උනා වගේම මම තව දුරටත් සෙනාරිගෙ හිස කෙයක් වත් හොයන් නැතිව උන්නා...

එයා යන්න නැතිව ඇති....මගෙ හිත කිව්වා උනත්....මට දැන් වැඩක් නෑ කියන තැනට මම ඇවිත් උන්නා...

මෙච්චර වෙලාම එහා මෙහා දුවපු එයාගෙ කකුල් දෙක්ට සැනසීමක් දෙන්නද කොහෙද හන්තාන හද කදු ගැටි උඩින් පායන් එනකොට පහල තව කව්ද කට්ටියක් එක්ක මොන මොනව හරි කතා කර කර උන්න එයා දිහා මම බලන් උන්නා....

එයාලා මොනවා කතා කරනවද කියන්න මම දන්නෙ නෑ.ඒ උනත් ඒ හැමෝගෙම් අතේ සීතල මකන්න වයින් වීදුරුවක් තිබ්බා වගේම එයාලා මොන මොනව හරි ගැන ලොකුවට කතා කරා.....

බැල්කනි එකේ උන්න මගෙ ඇස් දෙක තිබුනෙ එයාලා ගාව වෙනකොට එතන තව ප්‍රසිද්දම beautician ලා දෙතුන් දෙනෙක් වගේම ප්‍රසිද්දම මොඩල්ස්ලා දෙතුන් දෙනෙකුත් උන්නා....

සමහරක් වෙලාවට කියන දේවල් අහන් ඉන්න...සමහරක් වෙලාවට හිනා වෙන ලාවට ඔලුව වනන එයා දිහා බලන් උන්න මාම එහෙම්ම දම්පාට අහස වගෙම කදු මුදුනෙන් මතු උන හන්තාන හද දිහා බලන් උන්නා.....

ඇත්තටම මාරම ලස්සනයි....මිනිස්සු හන්තානට ලෝබ වෙන එක අහන්න දෙයක් නෙවෙ....හන්තාන හරියන්නෙම ආදරෙ කරන මිනිස්සුන්ට.....

ඒ ඒ මිනිස්සු ඒ ඒ ලෝකවල ඉන්නකොට බැල්කනියට වෙලා උන්න මම හන්තාන දිහා බලාගන සිංදුවක් අහන්න ගත්තා .....

මෙ වෙනකන් එයා නිකමට වත් මම උන්නද කියන්නවත් නොබැලුව කොට එයාගෙ ස්ටාෆ් එකේ අය එහා මෙහා යනව මම දැක්කා....එ අය පැය ගානල් වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද...

හද එලියට දිලිසුන අදීශ් ඔහේ බලන් ඉන්නකොට එයාගෙ විතේන් නහින හැටි මම බලන් උන්නා...එයා අදීශට යන්නම යන්න දුන්නා...එහෙම බැලුවම විතේන් මට වඩා සිය දහස් ගුනයක් හිත හයිය කොල්ලෙක්....

හද වටකරගන තරු පායනකොට කහ පාට ලයිට් එලි ගොඩකින් හැමපැත්තම එලිය උනා....ඒ හැමෝටම කතා කරන්න කෙනෙක් උන්නත් මිනිස්සු ගොඩක් මැද නිතේශ් තනිවෙලා උන්නා...මගෙයි කියන්න කෙනෙක් නැතිවෙන කොට මම තනිවෙලා උන්නා.....

සීතල ගතිය එක්ක පිට පිට කිඹුහුම් දෙක තුනක් යනකොට මම හැන්ඩ් ෆී දෙක් කනට අටවන් හන්තාන හද දිහා බලන් තට්ට තනීයම සින්දුව අහන්න ගත්තා .....

ජීවිතයේ තනිමංසල

අතරමං වෙලා...

හුදෙකලාව සුසුම් හෙළන

හදවත සනහා...

අතීතයේ ගිලිහී ගිය

සතුට රැගෙන යලි වඩින්න....

ආරාධනා.....ආරාධනා...

තුන් හිතම පිරිමදින නිවුන කටහඩ මාව වෙනම ලෝකෙකට ගෙනියනකොට මටත් නොදැනි හෝරා දෙක තුනක් ගෙවිලා කදු ගැට්ට උඩින් පායපු හද මෝදු වෙලා තියනකොට මට දොරට තට්ටු කරන සද්දයක් වගේම කවුරු හරි දොර අරින සද්දයක් ඇහුනා....එයා නෙවෙ මොකද එයා තවමත් උන්නෙ බර කතාවෙ වෙනකොට රූම් සර්වීස් එකෙන් වෙන්න ඇති හිතලා මං ගනන් නොගෙනම උන්නා උනත් පිටිපස්සෙන් ඇහුන ගෑනු කටහඩ එක්ක මං හැරිලා බැලුවා .....

නිල් ඩෙනිමට යට කලරලා ඇදපු කලු ටීශර්ට් එක... avon එකේ ලෝගෝ එක එක්ක උන්නෙ විතේන්ගෙ ස්ටාෆ් එකේ කෙල්ලෙක් වෙනකොට මං කෙල්ල දිහා බැලුවා ...

මිස්ටර් නිතේශ් ...සර් විතේන් කිව්වා සර්ට මේ හූඩි එකයි බ්ලැන්කට් එකයි ගිහින් දෙන්න කියලා එලිය සීතලයි කියලා ...අනිත් එක දැන් බුෆේ එක ඇරලා තියෙන්නෙ කියලා සර්ට කෑම එක රූම් එකට එවන්නම් කිව්වා..කාල මෙන්න මේ බෙහෙත් එක බොන්න කිව්වා ...තව සර් කිව්වා ඇතුලෙන් ඉන්න කියන්න කියලා එලිය සීතලයි සර් අසනීප වෙයි කිව්වා ....

මට ඔව් නෑ බෑ වත් කියන්න නොදුන්න කෙල්ල මගෙ අතට ලොකු හූඩි එකක් අයිස් කැප් එකක් එක්ක මගෙ ඉන්හේලර් එක බෙහෙත් ටික දීලා ගියා වගේම මං එහෙම්ම බැල්කනි එකෙන් පහත බැලුවා ...එයා නෙවෙ බැල්කනිය දිහා නිකම්වත් බැලුවෙ.....ඒ උනත් එයාගෙ ඇස් දෙක තිබුනෙ ඵෝන් එක ගාව වෙනකොට ඒ ටිකකිම්ම මට මැසේජ් එකක් ආවා....ඒ එයාගෙන්...විතේන්ගෙන්...

තේශි බබා ඇතුලෙන් ඉන්න සීතලයි ඔයා අසනීප වෙයි.බඩ පිරෙන්න කන්න....

ඔන්න එයාගෙ මැසේජ් එක....මම ආදරෙ නොකරන බව දැන දැන උනත් එයා මට ආදරේ කරනවා...මම එපා කියන්න කියන්න එයා මට ආදරේ කරනවා.....

ඇගට සීතල ගේන හුලන් පාරට ගස් කොලන් එහා මෙහා වෙනකොට දැනෙන නොදැනෙන ගානට මල් වැස්සක් හා සමාන කුඩු පොතක් යනකොට මෙච්චර වෙලාම මේ පැත්ත නොබලපු එයා මා දිහා බැලුවා....කුඩුපොත වැස්ස මැද්දෙම්ම.....

මේ වහින වැස්සෙ අපි තෙමිලා

අසනීප වෙලා ආදරෙන්

එකම බෙඩ් ශීට් එකක් අස්සෙ

තුරුල් වෙලා නිදියමු...

පුංචි පුංචි මුසා වදන් පවසා

නුඹ මගෙ හිත දිනා ගන්නවා

ඒබව මා දැන දැනත් සොදුරේ

මගේ මේ සිත එයම තමයි

බලාපොරොත්තු වෙන්නෙත්...

කොහේවත් නොයා

මුළු දවසේම නුඹ මාත් සමග

නිවසේ රැදි සිටින්නයි ඕනෙ...

සමහර වෙලාවට

දගකාර කමටමෙන්

නුඹේ කමිසය තුලට

මා පැමිනෙනවා

ටිකෙන් ටික පෙලඹවනවා..

සුවද හමනවා...

අද නම් මාගෙ ගත සිත

පිපාසයෙන් සිටින්නෙ

මාව අරගන්නකො

නුඹේ තුරුලට

මාහට පොරොන්දු වෙන්න

නුඹ සොදුරෙ

මාගෙන් දුරස් වෙලා නම්

යන්න එපා...

කුඩුපොද වැස්සෙම එයා මං දිහා වගේම මම් එයා දිහා තත්පර ගානක් බලන් උන්නා...මුරන්ඩුයි ...ආදරේ කරන්න එපා කියල මම සිය දහස් වාරයක් කිව්වත් එයා කෙරුවෙ පෙරල පෙරල ආදරේ දීපු එක වෙනකොට මම එයා එවපු දේවල් අතෙ තියන් ඒ මුන දිහා බලන් උන්න....

මා දිහා බලන් උන්න එයා ආයම එතන ඉන්න මිනිස්සු ගාවට එබෙනකොට ආදරෙ කෙරුවා හො නැතා මට එයාව දාලා තනියම බඩපුරවගන්න හිත නොදෙන කොට මම එයා දීපු හුඩිය ඇදන් මුලු කාමරේම ලයිට් නිවලා අඩ අන්දකාරෙ බැල්කනියට වෙලා උන්නා.....හද මුදුන් වෙලා යනකොට පැය කට්ටත් සෑහෙ පාරක් කැරකිලා තිබුනා වගේම මහන්සොයෙන් වගේ උන්න එයා දෙපාරක් තුන්පාරක්ම ඈනුම් යැව්වා වගෙම මගෙ කාමරේ බැල්කනියට එහා පැත්තෙ බැල්කනි එකෙන් ඇහුන රහස් කොදුරන සද්දෙ එක්ක මම හැරිලා බැලූවා වගේම මාව ගල් ගැහුනා...

සෙනාරි...කොච්චර අමතක කරලා දාලා ඉන්න හැදුවත් කොහෙන් හරි මතු වෙලා සුව වේගන ආව තුවාලෙ ආයම පෑරුවෙ සෙනාරි වෙනකොට හන්තාන හදේ ලස්සන එයාගෙ ආදරෙත් එක්ක විදින ගමන් උන්නා...

බද වටේම අත් දෙක දාලා රවීන් සෙනාරිව තුරුල් කරන් උන්න වගේම මාව දැක්කද නොදැක්කද කියන්න දන්නෙත් එයාලා විතරක් වෙනකොට මගෙ ඇස් ඉස්සරහ එයාලා ආදරේ කෙරුවා...සිප ගත්තා ....හිනා උනා.....

එක අතකට ඒ දැන් එයාගෙ ජීවිතේ....එයාගෙ ආදරෙ....

නිතෙශ් කියන්නෙ කව්ද...??අහකට විසි වෙච්ච කෙනෙක් වෙනකොට මම මොකටද ඔය ගැන හිතන්නෙ වත් බලන්නෙ වත්....

මම අනිත් පැත්තට හැරුනා....රහසේම කියන හුරතල් කතා..අදර වදන් මගෙ කන් අස්සට යනකොට මම අයම කාමරේට එන්න හදනකොට සෙනාරි මාව දැක්ක වගේම මම නොදැක්කා වගේ ඇතුලට ඇවිත් ජනෙල් පියන් වහලා දැම්මා...

එයා එවලා තිබුන බ්ලැන්කට් එක ඇද උඩම තියෙන්න ඇරපු මම් ඵෝන් එකත් ඇද උඩම දාලා සන්තකේටම ඉතුරු සිගරට් එක් අරන් කාමරෙන් එලියට ආවා...යන්නෙ කොහෙද මොනවද කරන්න ඕනෙ ...දුකයම්ද සතුටුද මේ මොකුත් දේවල් නොතේරුන මම එලියට ඇවිත් හොටෙල් එකේ ඉබාගාතේ ඇවිද්දා ....

කෝපි සුවද....කුඩුපොතෙ සුවද....මිනිස්සුන්ගෙ හිනා සද්ද මේ හැම දේම මග ඇරපු මම හුදකලා වෙලා තිබුන බෙංච් එකක් ගාවට ගිහින් වාඩි උනා...

හද එලියයි මමයි විතරයි...මට එයා ගැන එක මොහොතක් වත් හිතන්න ඕන් නැති උනත් මගෙ ගෙදර බැල්කනියෙ හද එලිය යට මගෙ පපුවට ඔය විදිහටම තුරුල් වෙලා උන්න හැටි මතක් වෙනකොට මට විතේන්ගෙ වචන මතක් උනා....."වචනයි මතකයි හිත පාරනවා "

එදා මගෙ ගාව ආදරෙන් උන්නා වගේම අද එයා රවීන්ගෙ පපුවට තුරුල් වෙලා ඉන්නවා මං දැක්කා...මගෙ ඇස්වලින් එක කදුලක් වැටුන් නැති උනත් මං දත් වලට හිර උන සිගරට් එකෙන් පලි ගත්තා ....

ඇයි එහෙම කලේ කියලා අහන්න ඕන කමක් තුන් හිතක වත්නැති වෙනකොට මට ඕන උනේ මටම රිදවගන්න උනා....

දෙවියො පවා සංවේදි හිතක් දෙන්නෙ තරහටද කොහෙද .. කටින් ඉහලට ඇදපු දුම් ගුලිය නාස් කුහර වලින් එලියට යනකොට මං හිත ගල් කරන් ආයම බැල්කනිය දිහා බලනකොට හද එලිය යට එයාල උනුසුම් දෙතොල් හාදුවක් රස විදින ගමන් උන්නා.....

ඉතින්...ජීවිතේ කියන්නෙ ඒකට තමයි....එක මොහොතයි...හැම දේම වෙනස් වෙනවා..මට තුරුල් වෙලා ආදරෙ විදපු එයා අද වෙනකෙනෙක්ගෙ වෙලා මගෙ ඇස් ඉදිරිපිට ආදරේ කරනවා....

ඉතින්...ඒ ඉන්නෙ පෙර දිනයක මා පෙම් කල යුවතිය.....

එක මොහොතකින් ජීවිතෙ වෙනස් වෙනවා ...සමහර දවස් වලට ගාපු පාට පිච්චෙනව...සමහර දාට ඉර එලිය වගෙ දිලිසෙනවා....

ඉතින් ජීවිතේ කියන්නෙම ඒක නම්....අපි හැමෝටම වෙනවා ඒ හැම මොහොතකම ජීවත් වෙන්න. ..දුක,සතුට වේදනාව කියන හැගීම් ඉගන ගන්න... විට...මං මේ දුක් වෙන මොහොත අද විතරයි හෙට නෑ...මෙතනින් ඉවරයි...

කවුරු කොහොම ආදරේ දුන්නත්...එකම එක්කෙනෙක් ඉන්නවා ජීවිතේට එක පාරක් හමුවෙන...හොයා ගන්නත් අමාරු හදවතිම්ම ආදරේ දෙන කෙනෙක්.....

ඉතින්....එයාගෙ කෙනා මමත් නෙවෙ...මගෙ කෙනා එයත් නෙවෙ.....බලන් ගියහම ජීවිතේ කියන්නෙම පොතක්...එකම එක පිටුවක් මග ඇරුනොත් ඊලග පිටුවෙ ලිය උන දේ තේරුම් ගන්නත් බෑ..මග ඇරුන පිටුවෙ තිබුන දේ දන්නෙත් නෑ...

ඉතින් ජීවිතේ කියන්නෙම පොතක්...එකම එක පිටුවක් මග ඇරගන්නෙ නැතිවම කියවන්න ඕන වෙන...

සෑහෙන්න වෙලාවක් යනකන් මන් හද දිහා බලන් උන්නා....අවසානෙදි සිගරට් අලු හුලන් එක්ක ගහන් යනකොට මොකූත්ම ලිය උන් නැති පොතක හිස් පිටුවක් වගේ මං උන්නා ...

ඒ ටිකකිම්ම මගෙ වම් උරහිසට කවුරු හරි අත තිබ්බා වගේම තත්පරෙන් මට ඒ සුවද අදුනන්න පුලුවන් උනා...

නිතේශ් ....

මං හැරිලා බැලුවෙ නෑ...මොකද මං ඒ කටහඩ ඕනවටත් වඩා අදුනනවා....ඒවෙන කවුරුත් නෙවෙ සෙනාරි.....

මං මොකුත් නොකියම ඉන්නකොට එයා මගෙ ගාවින් ඉදගන හද දිහා බලලා හුස්මක් ගත්තා ..

මට සමා වෙන්න නිතේශ් ...

.......

මට..මට....

ඔයාට සමාව ගන්න හේතුව කසාද මනුස්සයට තුරුල් වෙලා ඉන්න එක කලින් බෝයි දැක්ක එක නම්....එතන සමාව ඉල්ලන්න දෙයක් නෑ සෙනාරි.....

ඔයා දුකෙන් ...

නෑ...මං සතුටින් ....

ඔයාට බෑ මට බොරු කරන්න.....

.......

ඔයා ඉන්නෙ දුකෙන් සුදු අයියෙ ..

නෑ...මං දුකෙන් නෙවෙ ....ඇයි මං දුක් වෙන්නෙ ...

ඔයා මා එක්ක තරහින්....

නෑ....

එයා මගෙ මූන දිහා බලන් මන් දුකෙන් ඉන්නෙ කිව්වා.....මං නෑ කිව්වා. . එයා කිව්වා මං ඉන්නෙ එයා එක්ක තරහින් කියලා ....ඒත් නෑ...මොකද මං තනිකරම හැගීම් දැනීම් නොතේරෙන හිස් පිටුවක්....මං මගෙ අතට පටලවගත්තු එයාගෙ අත දිහා බැලුවා ...ඒ අත මගෙ අතෙ ඇගිලි එක්ක කිටි කිටියට එතිලා තියෙද්දි මං ඈත පේන හද දිහා බැලුවා .....

ඔයා මට වෛර කරනවද සුදු අයියෙ 

.නෑ...

එහෙනම් ...ඇයි මෙහෙම ඉන්නෙ....

මෙතන ඉන්නෙ ඇත්ත නිතේශ් නිසා....මට දුකක් වත් සතුටක් වත් නෑ සෙනාරි.....ඔයා ගැන තරහකුත් නෑ...වෛරෙකුත් නෑ...කලකිරීමකුත් නෑ...මොකද මම ඔයාව අදුනන් නෑ.....

සුදු අයියෙ.....

මම ඉන්නෙ උඹව හම්බවෙන්න කලින් දවස් වල.....ඉතින්...මම උඹව දන්නෙත් නෑ...දැකලත් නෑ.....මට උඹ ගැන තරහකුත් නෑ...වෛරෙකුත් නෑ...මගෙ මූනෙ සතුටකුත් නෑ...දුකකුත් නෑ...මොකද...සෙනාරි කියන චරිතෙ මගෙ ජීවිතේට එන්න කලින් දවස් වල මම ජීවත් උනේ එහෙම.....ඉතින්....අදුනන්නෙ නැති උඹ වෙනුවෙන් මං ඇයි දුක් වෙන්නෙ .....ඉතින් අදුනන් නැති උඹ වෙනුවෙන් ඇයි මම අඩන්නෙ ...ඉතින්....අදුනන්නෙ නැති උඹ වෙනුවෙන් ඇයි මං වෛර බදින්නෙ.....මොකද මගෙ ජීවිතෙ සෙනාරි කෙනෙක් උන්නෙ නෑ කියන තැන මං ඉන්නෙ ....

සුදු අයියෙ....

මං උඹව යැව්වා ....හැබැයි කලු චරිතයක් නොකර .. ..ඉතින් කලු නොකරපු චරිතෙ කලු නොකරගන රැකගනින් සෙනාරි ...මේ නිතේශ් ජීවත් වෙන්නෙ අවුරුදු හතරකට කලින් දවස් වල...ඒ කියන්නෙ මං උඹව දන්නෙ නෑ ...මට වැඩක් නෑ....

මෙච්චර වෙලාම එකට පැටලුන අත් උඩට සීතලක් දැනෙන කොට මම අත දිහා බැලුවා එයාගෙන් වැටුන කදුලු බින්දුවක් මගෙ අතේ ඉතුරු වෙනකොට මං ඒ අතින් මගෙ අත ගලවගත්තා වගේම ඒකි නැකිටලා හිට ගත්තා ..

මට සමා වෙන්න නි....තේ....ශ්....

ඇස්වලින් කදුලු කඩන් වැටෙනකොට සෙනාරි ආපිට හැරිලා දිව්වා වගේම හිත ගල් කරන් උත්තර බැන්ද මම අඩ අඩ දුවන සෙනාරි දිහා බලන කොට අපේ කතාව අහන් තවත් එක්කෙනෙක් උන්නා....මගෙ ඇස්වලට කදුලු බැදුනා....

විතේන් .....

ඒ විතේන් .....අතේ ලොකුම ලොකු බ්ලැන්කට් එකක් එක්ක දුම් දාන කිරි කෝපි එකක් එක්ක උන්නෙ විතේන් වෙනකොට එයා හිමින් හිමින් මගෙ ගාවට ආවා වගේම වචනයක් වත් නාහම මගෙ ගාවට ඇවිත් කිරි කෝපි එක මගෙ අතට දීලා මාව අතේ තිබුන බ්ලැන්කට් එකෙන් සම්පූරනම පෙරෙව්වා.....

ඔයා අසනීප වෙයි පන....

හිතේ වේදනාව හංගන් කතා කරපු විතේන් දිහා මම හැරිලා බැලුවා ....මං දන්නෙ නෑ එයා මට මෙච්චර ආදරේ කරන්නෙ කොහොමද කියන්න.....මම ආදරෙ නැති බව දැන දැන පෙරලා ආදරයක් බලාපොරොත්තු නොවීම ආදරේ දෙන්නෙ කොහොමද කියන්න.....

මාව සම්පූරනම වහපු එයා මගෙ ගාවින් වාඩි උනා වගේම මගෙ අතේ තිබුන කිරි කෝපි එක ඉල්ලන් ඒකට කටින් පිඹපු එයා මගෙ දිහාවට ලන් කරලා මගෙ ඇස් මග ඇරියා ...මොකද ඒ ඇස් වේදනාවෙන් බර වෙලා තිබ්බා...ඒ උනත්...එයා දුක විදගන මට ආදරේ දෙනවා....

මට..මහන්සී..මගෙ නිතේශ් ...

එයා ආයමත් මට මහන්සී මගෙ නිතේශ් කිව්වා ...මගෙ අතට කිරි කෝපි එක දීපු එයා එයාට මහන්සී කියන ගමන් හද දිහා බලන් උන්නා වගේම එහෙම්ම මගෙ මූන දිහාවත් නොබලම මගෙ උරහිසට ඔලුව තියා ගත්තා ....මම වචනයක් වත් නොකියම එයාටඑහෙමම ඉන්න දුන්නා...

මොකද ආදරේ නොදුන්නත්...මට බෑ ඒ හිත රිදවන්න....

එයා බරම බර හුස්මක් ඉහලට ගත්තා ....ඒ හුස්ම අතුලෙ තිබුනෙම තනිකරම හංගපු වේදනාවක් ...

විතේන්....මුරන්ඩු හදවතකට ආදරේ කරන්න ඉගන ගන්න ඕනෙ එයාගෙන් .....කොච්චර රිදුනත්....රිදෙනම තැන පවා දරා ගන්න හැටි..උහුලන්නම බැරි තැන් උහුලගන්න තැන් ඉගන ගන්න ඕනා එයාගෙන් ...

අන්තෙටම හිත රිදිලත්....තැලෙන්න පොඩි වෙන්න ඕන උපරිමේටම තැලිලා පොඩිවෙලත් එයා ආදරේ විදින හැටි ඉගන ගන්නනම් අපිත් තව තැලෙන්න පොඩි වෙන්න ඕනා විතේන් ...

වෙන කෙනෙක්ගෙ බර උහුලපු උරහිසකට ඔලුව තියාගන...තවමත් වෙන කෙනෙක් පටලව ගන්න අතක් අල්ලගන්න තරම් හිත හයිය කරගන ඉන්න....ඒකත් දෙසක් දෙවොලක් නොතියම...

දන්නවද . ..ආදරෙන් ඔත්පල උන හැම හිතක් ලගම ඉන්න ඕනෙ විතේන් කෙනෙක්....

වෙන කෙනෙක් පටල ගත්තු අතක එල්ලිලා දුර ගමනක් යන්න නම් ඉන්න ඕනෙ විතේන් කෙනෙක්.....

වෙන්ස් කෙනෙක් වෙනුවෙන් ග්ශුන පපුවක් එක්ක ජීවත් වෙන්න...මතක එක්ක ඇවිලෙනකොට ඒ ඇවිලෙන ගින්න නිවන්න.....ආදරේ දුන්නා හෝ නැතා අඩුවක් නැතිවම ආදරෙ දෙන්න.....

පපුව පැලෙන්න දෙන ආදරේට ආදරයක් නොලැබුනත් වචනයක් නොකියම ආපහු මග නවතින්න ,යන්න ඕන අයට යන්න දීලා මග නැවතුනත් අහිතක් නැතිවම බලන් ඉන්න, ඉන්න ඕනෙ විතේන් කෙනෙක්....

ඒත් ගන්න හුස්මක් පාසාම මතක් වෙන්න තරම් ආදරයක් දෙන්න ....එකම වචනෙකින් ඇවිලුන ගින්නක් නිවන්න ඉන්න ඕනේ විතේන් කෙනෙක්....

දුම් දාපු කිරි කෝපි එක අවසානෙදි ඇල් වෙලා යනකොට මගෙ උරහිස උඩ ඔලුව් ගහගත්තු අත් දෙක මගෙ අත්වල පැටලෙන් නැතිවම පහලට එල්ලෙනකොට එයාට මගෙ උරහිස උඩම නින්ද ගිහින් තියනවා මං දැක්කා....

අසනීප වෙයි කියලා මාව බ්ලැන්කට් එකෙන් ඔතපු එයා සීතලේ වෙව්ල්නකොට එයාටත් හොරෙන් ඇස්වලින් එලියට ආව කදුලක් තවමත් ඇස් කොනේ තියනකොට මං එයාව මාව පොරවපු බ්ලැන්කට් එකෙන් ඔතාගන හරි පරිස්සමින් හරහට උස්ස ගත්තා වගේම වේදනාවෙන් මැල උන මූන එයා නින්දෙම්ම මගෙ පපුවට ගහගන්නකොට හන්තාන හද එලිය මැද මං එයාව උස්සන් හොටෙල් එක ඇතුලට ආවා වගේම එයා නින්දෙනුත් මගෙ නම මිමිනුවා ...

තේ ..ශි....

ගුච් මෝනිම්....

මේ ළමයා බුජි....

ඒනම් ...කියවලා වෝට් එකක් කොමඩ් එකක් දාන් යන්ඩෝ....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters