" සර්... "
" ම්... "
" ඇති.... "
" ඇයි..? "
" කවුරු හරි දකියි... "
" ඉතින් දැක්කම මොකෝ.. මං ආදරෙයිනේ... "
ගැරඬියා කිව්වේ එයාගේ උරහිස මතින් තොල් පෙති තියාගෙනමයි.
" පිස්සු... "
" හ්ම්..ගොඩක්..ඔයා නිසා මට හොඳටෝම පිස්සු හැදිලා... "
එයා බදාගෙනම කියනවා. සත්සිඳුත් ඇස් පියාගෙනම එයාව බදාගෙන .
" දැන් යන්න.. පන්හිඳ අයියත් එයි දැන්... "
" මෑන්ගේ නම පන්හිඳ ද? "
" හ්ම්... "
" හවස පොඩි ගමනක් යමුද...? "
ගැරඬියා ඇහුවේ එයාව මොහොතකට අත් හැරලා ඒ ඇස් එක්ක එයාගෙ ඇස් පටළවගෙන.
" කොහෙද..? "
" පන්සල්... "
" හා.... "
එක පයින්ම සත්සිඳු හා කියද්දි ගැරඬියගේ මූණේ මැවුණේ හරි ලස්සන හිනාවක්. හරියට බලාපොරොත්තුවක් ඉෂ්ඨ වුනා හා සමාන හිනාවක්.
" එහෙනම් දරුවෝ.. මං හරියටම හවස 6 වෙද්දි මෙතනට එනවා.. ලෑස්ති වෙලා ඉන්න.. අපි බෙල්ලන්විල පන්සලට ගිහින් එමු... "
එයා සුපුරුදු හිනාවෙන්ම කියද්දි සත්සිඳු ත් එයත් එක්ක හරි ලස්සනට හිනා වුණා.
" එහෙනම් මං ගිහින් එන්නද...? "
එයා ඇහුවේ සත්සිඳුගේ ඇස් දිහා බලාගෙනමයි .
" හ්ම්.. පරිස්සමින්... "
එයා අහිංසක විදිහට කිව්වා.
" ඔයත්... මේ... "
" ම්... "
" ඒක නෙවෙයි.. අදවත් number එක දෙන්නැද්ද මට... "
මිගාන් තොල් පෙරළගෙන අහද්දි සත්සිඳු එහෙම්මම හිනා වුණා.
" කෝ දෙන්න phone එක... "
එයා පෝන් එක ඉල්ලුවේ මිගාන් දිහාවට අත දිගු කරන ගමන්. එයා පෝන් එක ඉල්ලුවා විතරයි මිගාන් දෙවරක් හිතන්නෙම නැතුව ඩෙනිම් කලිසමේ සාක්කුවට අත දාලා පෝන් එක අතට ගත්තා. ඒ අරන් unlocked කරලා සත්සිඳුගේ අතට පෝන් එක දුන්නේ හරි ලස්සන බලාපොරොත්තු සහගත හිනාවක් මූණේ රඳවගෙන .
හිනා වී ගෙනම පෝන් එක අතට ගත්තු සත්සිඳු එයාගෙ number එක dial කරලා එයාගෙ අතට පෝන් එක දුන්නා. සත්සිඳු number එක dial කරන දිහා මිගාන් ඇහිපිල්ලමක්වත් නොගහා බලන් උන්නේ අත් දෙකත් බැඳගෙන හරි ප්‍රසන්න හැඟීමකින්.
" ආ මෙන්න.. මං number එක dial කළා විතරයි.. කැමති විදිහකට සේව් කර ගන්න... "
" ම්.. ඉන්නකෝ එහෙනම්... "
එයා සත්සිඳුගේ අතින් පෝන් එක අතට ගත්තේ ඒ number එක සේව් කර ගන්න. එයා මොන මොනවදෝ තත්පර දෙක තුනකට type කරන්න වුණා. ඊට පස්සේ මූණේ හිනාවකුත් පුරවගෙනම සත්සිඳු දිහාවට පෝන් එකේ screen එක දික් කරලා පෙන්නද්දි සත්සිඳුගේ ඇස් දෙකත් උඩ ගිහින් ඒත් එක්කම වගේ මූණේ පුංචි හිනාවකුත් මැවුණේ ඒ වචන ටික දැකලා.
" My babybabe.... "
පෝන් එකේ තිබුණු වචන දෙක එයා කිව්වෙ නෑ කියවුණා.
" හ්ම්.. ඔව්, මගේ අහිංසකයා ඔයා... my babybabe.... "
සත්සිඳු බලන් උන්නේ ඒ ඇස් දිහාමයි. ඒ ඇස් හරි ආදරණීයයි . පුදුමාකාර දීප්තියක්..
" දැන් යන්න... "
" ආපු වෙලේ ඉඳන් පන්නගන්නමයි හදන්නේ ඔන්න.. හරි නරකයි.. මං තරහයි... "
එයා මිමිණුවේ නෝක්කාඩුවෙන් වගේ වුනාට සත්සිඳුට හිනා ගියේ ඒකත් කවියක් වගේ හින්දා.
" උඹ හිනා වෙවී හිටපන්.. මෝඩ පත්තරයා... "
එයා කිව්වේ ආයෙමත් නෝක්කාඩුවෙන් .
" අහ් මං පත්තරයාද.. එතකොට ඔයා.. ඔයා කවුද දන්නෑ... "
එයා ඇහුවේ අත් දෙකත් බැඳගෙන හිනා වෙවී.
" මං කවුද අහන්නේ.. මං සුප්‍රසිද්ධ ව්‍යාපාරික පුත්‍ර ඩිනෝ මිගාන් සමරදිවාකර.... "
" නොහොත් ගැරඬියා.... "
මිගාන් ආඩම්බරකාර විදිහට කියද්දි මැද්දෙන් දාපු අතිරේක දැන්වීමත් එක්ක ගැරඬියා ඇස් උඩ තියන් බලන් ඉද්දි සත්සිඳු දෙකට නැමී ගෙන හිනා වෙන්න වුණා.
" මොකා...ගැරඬියා... දැන් උඹට මාව පේන්නේ ගැරඬියෙක් වගේද..? "
එයා ඇහුවේ සත්සිඳුගේ මූණට එබීගෙනමයි.
" දැන් නෙවෙයි.. මුල ඉඳන්ම එහෙම තමයි... "
" ඒ කිව්වේ..? "
" දැක්ක පළවෙනි දවසෙ ඉඳන්... "
මිගාන් උන්නේ ඇස් දෙක උඩ දාගෙන පුදුම වෙලා.
" කිඩ්නැප් කරපු දවසේ...? "
" නෑ නෑ... "
" එහෙනම්...? "
සත්සිඳු ඇස් පුංචි කරගෙන එයා දිහාවට හෙළුවේ අහිංසක බැල්මක්. ඒ බැල්ම අස්සේ තිබුණේ මහා ලොකූ වරදක් කළා වගේ හැඟීමක්.
" ඔයා නොදන්නවා වුනාට article එක ලියන්නත් කලින් මං ඔයාව දැක්කේ.. ඇත්තෙන්ම මං.. මං එදා ඒක ලියන්න ඉස්සර night club එකට ආවා... "
" මොකක්...! "
දැන් නම් ගැරඬියගේ ඇස් හොඳටෝම උඩ ගිහින්. පුදුමෙනුත් පුදුමයට පත් වෙලා එයා බලන් උන්නේ වචනයක්වත් කතා කරගන්න බැරුව වගේ.
" හ්ම්.. මං එදා දැක්කේ මහ ආඩම්බරකාර මනුස්සයෙක්ව.. අඩි හයක් විතර උස කෙල්ලො වට කරන් ඉන්න ඇඹලයෙක්.... "
එයා අන්තිම ටික කිව්වෙ නම් එයාගෙ ඇස් මඟ හැරලා අහක බලාගෙන.
" යකෝ මූ.... "
මිගාන්ට එහෙම්මම කියවුණා.
" ඇයි...? "
" ඇයි අහන්නෙ.. උඹව තියන්න වටින්නෑනේ බං.."
එයා එහෙම කිව්වේ ඉණට අත් දෙකත් තියාගෙනමයි .
" ඉතින් මරන්න එපැයි..එදා මරන්න හැදුවේ මාව.. වළකුත් කපන්න කිව්වා වළදාන්න... "
එයා නෝක්කාඩුවෙන් වගේ කියද්දි මිගාන්ට එහෙම්මම හිනා ගියේ ඒ දවස මතක් වෙලා.
" කොහේ මරන්නද ඉතින්.. අඬ අඬා හූල්ලද්දි මගෙ හිතත් හෙල්ලුණානේ... "
එයා ඒ වචන ටික හරි ආදරණීය විදිහට කියද්දි සත්සිඳු බිම බලාගත්තෙ ලැජ්ජාවෙන්. එයා ඔහේ ඒ මූණ දිහාම බලන් උන්නා වුනත් සත්සිඳුගේ ඇස් නම් තාමත් බිම බලාගත්තු ගමන්මයි.
" අඩෝ මේ.. දැන් ඔක්කොමත් හරි කියමුකෝ.. දැන් ඇයි උඹ මට ගැරඬියා කියන්නේ...? "
ආදරේ කැලේ. දැන් එයා උන්නේ හරිම සීරියස් මූඩ් එකක. සත්සිඳු හෙමින් සැරේ හිස ඔසවලා එයා දිහා බලද්දි එයා ඇස් හීනි කරලා සෘජුවම සත්සිඳු දිහා බලන් ඉන්නවා.
දැන් නම් ඉතින් එයාට කට උත්තරත් නෑ. අහිංසක හිනාවකුත් දාලා එයා තත්පර දෙක තුනක් එයා දිහා බලන් ඉඳලා ආයෙමත් ඇස් බිමට හරව ගත්තා.
" ඇයි ඉතින්.. එදා මං පළවෙනි වතාවට දැක්ක වෙලේ කෙල්ලො ටිකකුත් වට කරගෙන ගැරඬියෙක් වෙලෙන්න වගේනේ වෙලි වෙලී හිටියේ... "
" අප්පට සිරි.. මේ ගෝතයා මේ ඒ හින්දද ගැරඬියා කියලා කියන්නෙ මට... "
එයා ඇහුවේ හිනා වෙවී.
" ඔව් ඉතින්... "
" අනේ දෙයියනේ...! ඉතින් මං දැන් එහෙම නෑනේ දරුවෝ... "
" කවුද දන්නේ... "
" මං ගැන එහෙම හිතන්න එපා මගෙ දරුවෝ..මං දන්නවා, මගේ අතින් ඒ කාලේ ගොඩාක් ලොකු වැරදි සිද්ද වුණා.. මං පුංචි කාලෙ ඉඳන් නොලබපු ආදරේ sex අස්සෙ ඇති කියලා හිතුවා.. ඒත් එතන ආදරේ නෑ දරුවෝ.. එතන තිබුණේ ගිනිගන්න හැඟීමකට ක්ෂණික සහනයක් විතරයි.. ආදරේ කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි.. ආදරේ කියන්නෙ උතුම් දෙයක්.. ආදරේ අස්සෙ sex නැතුව නෙවෙයි.. ඒත් ආදරේ කියන්නෙ sex ම නෙවෙයි.. මට වැරදුණේ අන්න එතන.. ඒත් දැන්.. දැන් මං තනි හිතෙන් හරි ඒ ආදරේ විඳිනවා... "
එයා ඔහේ කියවගෙන ගියා. ගිය දේවල් ආපහු ගන්න බෑ වගේ හැඟීමක් එක්ක සත්සිඳු කිව්ව ඒ වචන දෙක ගැන තමන් ගැනම කලකිරීමකින් සත්සිඳු ඔහේ බලන් උන්නා. එයාට ඒ වචන දෙක ගැන දැනුනේ ලොකු දුකක්. එයා කිව්වෙ 'කවුද දන්නේ' කියන වචන දෙක විතරක් වුනාට රිදුනේ මුළු ගැරඬි හිතම.
එයා ආයෙමත් කතා කරන්න වුණා.
" මං ගොඩාක් ගෑණු ආශ්‍රය කරලා තියෙනවා.. sex කරලා තියෙනවා.. මං ඔයාට ඒවා ගැන කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ.. මං මහ සල්ලාලයෙක්, කුපාඩියෙක් ගානට දාලා ඔහොම කතා කරද්දි මං පිච්චෙනවා මගෙ දරුවෝ.. මොකද දැන් මේ හිත අස්සේ ඉන්න එකම කෙනා ඔයා විතරක් නිසා.. මේ හිත ආදරේ කරන්නෙ ඔයාට විතරක් නිසා.. මේ හිත ඉල්ලන එකම කෙනා ඔයා විතරක් නිසා.. මගෙ ආදරේ හෑල්ලු කරන්න එපා මගෙ දරුවෝ.. ඔයාට ගොඩක් පිං.... "
එයා කතා කළේම බිඳුණු කට හඬකින්. සත්සිඳුට නම් තවත් කතා කරගන්න බෑ. හිරු රැස් අහසේ යාන්තමට සැඟවිලයි තිබුණේ. ඒ වුණත් එයා කතා කළේ දැවෙන හදවතින්..
ඔව්, ඒ හදවත දැවෙනවා. අතොරක් නැතුව දැවෙනවා. ඒ වචන අහන් ඉඳලා සත්සිඳුගේ හදවතත් දැවෙනවා . සත්සිඳුගේ උගුරේ හිර වෙලා තිබුණු හීනි ඉකිය පිට කරගන්න විදිහක් එයාට තිබුණේ නෑ. එයා ඔහේ බලන් උන්නා විතරමයි.
" මං දන්නෑ මගෙ හිත කොහොම ඔයාට බැඳුණද කියලා.. ඒත් මං දන්නෙ එක දෙයයි.. මං ඔයාට ආදරෙයි.. ඔයා පිළිගත්තත් නැතත් මං ඔයාට ආදරෙයි.. මට ඕනි තමුසෙ එක්ක sex කරලා තමුසෙව අතාරින්න නෙවෙයි.. තමුසෙ එක්ක ලස්සනට ජීවත් වෙන්න.. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න.. එහෙව් මගෙ ආදරේ ගැන ඔහොම හෑල්ලු මනසකින් හිතන්න එපා.. මගේ පණටත් වඩා ඔයාට ආදරේ කරන මට මෙහෙම දුක් ගින්දර දෙන්න එපා.. ඔයාට පව් සිද්ද වෙයි.. මගේ ආදරේ පිවිතුරුයි සත්සිඳු.. මට ඔයාව විනාස කරලා දාන්න ඕනි නෑ.. මට ඕනි ඔයාව රැක ගන්න.. මලක් වගේ පරිස්සම් කරන්න... "
එයා ඔහේ කියවනවා. අර උගුරේ හිර වෙලා පිටවෙන්න නලියන ඉකිය නම් එහෙම්මමයි .
" දවසක් ඇහුවා නේද ඇයි මෙච්චර වටින්නේ කියලා.. මට වටිනවා.. ගොඩක් වටිනවා.. මං එදා කිව්වා කොච්චර සුවඳ හමන ලස්සන මල් පිපුණත් බුදු හාමුදුරුවන්ට පූජා කරන්න ගන්නෙ වතුසුදු මල් කියලා.. මතකද.. ඉතින් මට ඔයා වතුසුදු මලක් මගෙ දරුවෝ.. මට ඕනි ඒ සුදු පාට මලට කළු පාට පැල්ලමක් එකතු වෙන්න නොදී රැක ගන්න.. හරිහමන් සුවඳක් නැතත් ඒ වතුසුදු මලට සුවඳක් වෙන්න... "
ඒ වෙද්දි දෙන්නගෙම දෑස් නම් බොඳ වෙලා. සත්සිඳු තාමත් නිහඬයි. එහෙම්මම මිගාන් එයාගෙ සීතල අත් දෙක අල්ලගනිද්දී සත්සිඳු එයාගෙ බොඳ වුණු දෑසින්ම එයා දිහා බලන් උන්නා. නිහඬවම , වචනයක්වත් කතා කරන්නේ නැතුව.
" මේ අහන්න.. මගෙ ආදරේ තරම පෙන්නන්න එදා මං කිව්වත් වගේ මේ පපුව පලලා පෙන්නන්න පුළුවන් නම් මං ඒකත් කරනවා.. ඒ තරමටම ඔය හිතට මං ගොඩක් ආදරෙයි මගෙ දරුවෝ... "
ඒ දෙන්නටම දැනුනේ නෑ අවට ලෝකය ගැන. එකම මොහොතකටවත්... මිගාන් එහෙම්මම එයාගේ සීතල දෙතොල් පෙති සත්සිඳුගේ නළල් තලයේ තියද්දි සත්සිඳු ඇස් පියා ගත්තේ ලොකු හුස්මකුත් පිට කරන ගමන්.
කියන්න දේවල් අනන්තවත් සත්සිඳුගේ හිත අස්සේ නලියනවා. ඒත් ඒ නලියන සිතුවිලි වචනවලට පෙරළන්න තරම් ඒ හිතේ හයියක් නෑ. උගුරෙ හිර වෙලා තිබුණු හීනි ඉකියත් එක්ක කොහොමටවත් එයාට වචනයක්වත් කතා කරගන්න නම් බෑ. එයා නිහඬවම බලන් උන්නා.
" ඉතින් මගෙ වතුසුදු මල.. my babybabe.. මං හරියටම හවස 6 වෙද්දි එන්නම් මගෙ දරුවෝ.. ලෑස්ති වෙලා ඉන්න... "
එයා කිව්වේ සත්සිඳුගේ ඇස් දිහා බලාගෙනමයි . සත්සිඳු මොකුත්ම කිව්වෙ නෑ. හිස සලලා හා කිව්වා විතරයි.
" බුදු සරණයි මගෙ දරුවෝ...! "
එයා එහෙම කියාගෙනම එයාගේ අත් දෙක අත් හැරලා ආපිට හැරෙද්දියි පන්හිඳ bathroom එකේ ඉඳන් එළියට ආවේ. ටවල් එකක් විතරක් ඇඳන් උන්නු පන්හිඳ දොරකඩට ඇවිල්ලා එබිකම් කරලා බලද්දි මිගාන් උන්නේ බයික් එකට නැඟලා. එයා full face හෙල්මට් දාලා නිසා පන්හිඳට හරියට මූණක් කටක් පේන්නෙත් නෑ.
ඒත් එයාට නම් පන්හිඳව පේනවා. පන්හිඳට පේන්නත් එක්කම බයික් එක වේගයෙන් හරවා ගත්තු මිගාන් ගිනි වේගයෙන් ශ්‍රී සුමංගල පාර දිගේ ඉස්සරහටම ඇදුණා.
" පරිස්සමින්... "
සත්සිඳු රහසින් වගේ මිමිණුවේ එයා යන දිහා බලන් ඉඳලා. එයා ඇස් මානයෙන් නොපෙනී ගියාට පස්සෙ එයා කාමරේ දිහාවට යන්න හැරෙද්දියි පන්හිඳ දොරකඩට වෙලා හිට ගෙන ඉන්න හැටි දැක්කේ.
එයා එහෙම්මම තිගැස්සිලා වගේ ගියත් පුංචිම පුංචි වෙනසක්වත් නොපෙන්වා හිනාවක් දාගෙනම කාමරේ දිහාවට යන්න වුණා. ඒත් පන්හිඳගේ මූණේ නම් ඒ තරම් පැහැදීමක් පේන්න තිබුණේ නෑ.
සත්සිඳුට ඒක හොඳටම තේරුම් ගිහින් තිබුණත් එයා එහෙම්මම ගිහින් දොරකඩට වෙලා හිට ගෙන ඉන්න පන්හිඳගේ අතක එල්ලුණා. ඒත් පන්හිඳ..එයා එහෙම්මම ඒ අත ගසලා දාලා ගිහින් ඇඳ උඩ වාඩි වුණා.
සත්සිඳු ඒ දිහා බලන් උන්නේ පුදුම වෙලා. පන්හිඳගේ ඇස් හොඳටෝම රතු වෙලා. කේන්තියෙන් පුපුරනවා . කම්මුල් නලියනවා.
වෙලා තියෙන දේ හොඳටෝම පැහැදිලි යි. සත්සිඳු කාමරයේ දොරත් ඇතුළෙන් ලොක් කරගෙනම ගිහින් පන්හිඳ ගාවින් වාඩි වුනාම එයා එතනින් නැඟිට්ටා.
" අයියේ, ඇයි මේ...? "
එයා ඇහුවේ දුකෙන් වගේ.
" ඇයි මේ.. ඇයි මේ..හඃ..ඒක මගෙන්ද අහන්නේ.. ආ.. මගෙන්ද අහන්නේ... "
එයා කේන්තියෙන් කෑ ගහන්න වුණා.
" අයියේ.. අයියේ හෙමින් කතා කරන්න අයියේ.. කාට හරි ඇහෙයි... "
එයා ඇඳෙන් නැගිටින ගමන් කිව්වා.
" ඇහිච්චදෙන්.. ඇයි ලැජ්ජද.. ආ.. ලැජ්ජද.. එක එකා එක්ක මෙතන මගුල් නටද්දි ලැජ්ජ නෑ.. කියද්දි ලැජ්ජයි... "
පන්හිඳ කේන්තියෙන් කියන ගමන්ම ආයෙමත් වතාවක් ඇඳේ වාඩි වුණා.
" අනේ අයියේ.. ඇයි මේ..? "
" උඹ තවත් මට කියන්නේ අර පකයා උඹේ යාළුවෙක් කියලද..ආ..කියපන් ඉතින්.. උඹ තවත් කියන්නේ ඒකමද..? "
" දෙයියනේ...! මොනාද අයියේ මේ කියවන්නේ..? "
" ඇති සුදු චූටි.. හොඳටෝම ඇති.. උඹ මාව රැවැට්ටුවා සුදු චූටි.. උඹ මහ රැවටිලිකාර මිනිහෙක් සුදු චූටි.. ඌත් එක්ක උඹ මොනා කළාද කියලා හරියටම දන්නෙ උඹ සුදු චූටි... "
එයාට දරාගන්නම බැරි වචන.. කවදාවත්ම මිගාන් එක්ක පන්හිඳ හිතන විදිහේ දෙයක් නොවුණු බව සත්සිඳුගේ හිත දන්නවා. එයා ගැන හැඟීමක් තියෙන බව ඇත්ත.. ඒත් මේ වගේ දෝෂාරෝපණයක්.. එයාට දරාගන්නම බෑ.
එයා නිහඬ වුණා. ඇස් බොඳ කරන් එහෙම්මම නිහඬ වුණා. කතා කරගන්න වචනයක්වත් එන්නෙ නෑ. හීනි ඉකියක් උගුරේ හිර වෙලා.
එච්චර අපහාසයක්.. ඒ තරම් දෝෂාරෝපණයක්.. එයා කවදාවත්ම සත්සිඳුට එහෙම යෝජනාවක් ගෙනල්ලම නෑ. මොහොතකට කලින් ඇවිල්ල යද්දිත් එයා කිව්වෙ එයාගේ ආදරේ පිවිතුරු බව ගැන.
ඒත් දැන්.. පන්හිඳ නගන අපහාසය.. එයාට ඒක දරාගන්නම බෑ. එයාගෙ හිතේවත් ගැරඬියගේ හිතේවත් නොතිබුණු දෙයක් කියද්දි කොහොම නම් දරාගන්න කියලද.
එයා ඇස් බොඳ කරන් බලන් උන්නා. එයා අතින් පන්හිඳට වරදක් වුණා කියන්න පුළුවන් . ඒත් මිගාන්.. එයා මොකක්ද කළේ.. පන්හිඳ මිගාන්ට බනිද්දි එයාගෙ හිත නම් හොඳටෝම රිදුණා.
පන්හිඳගේ වචනත් එක්ක හිතේ ඉපදුණු පිළිකුලත් එක්කම කේන්තියෙන් කෑ ගහන පන්හිඳ දිහා සත්සිඳු බලන් උන්නේ කරකියාගන්න දෙයක් නැතුව.
" මට උඹව අප්පිරියයි සුදුචූටි.. එක මිනිහෙක් එක්ක ඉද්දි තව එකෙක් එක්ක තොඳොල් වෙන උඹ මහා ජරාවක්.. ඇත්තමයි, උඹට අවුරුදු ගාණක්... අවුරුදු ගාණක් ආදරේ කළාට මට මං ගැනම අප්පිරියයි... චික්..... "
එයා කෑ ගගහා කාමරේ ඒ මේ අත යනවා. සත්සිඳු වචනයක්වත් කතා නොකර ඇඳ උඩ වාඩි වෙලා ඔහේ බලන් උන්නා. ඇස් දෙකත් බොඳ කරගෙනම..
" මේ අහපන්... "
පන්හිඳ සත්සිඳුගේ නිකටෙන් තද කරලා අල්ල ගත්තේ ඒ මූණට නැඹුරු වී ගෙනමයි. රතු වෙලා කේන්තියෙන් පුපුරන ඇස්.. රළු අතකට අහු වෙලා තද වෙලා තියෙන නිකට.. එයාට දැනුනේ මහා ලොකූ වේදනාවක් . ඊටත් වඩා දැනෙන්නේ හිතේ වේදනාවක් .
" උඹට ඌ හොඳට සැප දෙනවා ඇතිනේ.. නේද.. ඉතින් උඹ ඌත් එක්ක හැමනියන්.... "
ඒත් එක්කම වගේ සත්සිඳුගේ දකුණු කම්මුලට වැදුණේ තද කම්මුල් පහරක්.
" ආ......... "
එයා වේදනාවෙන් කෑ ගහගෙනම ඇඳට වැටුණේ ඒ කම්මුල් පහරින්. වේදනාවත් එක්ක ඇඳ බදාගෙන අඬනවා හැරෙන්න එයාට වෙන විකල්පයක් තිබුණේ නෑ.
" උඹ..උඹ..උඹ උඹට ඕනි දෙයක් කර ගනින්.. අදින් පස්සෙ මගේ ජීවිතේ උඹ කියලා එකෙක් නෑ.... "
පන්හිඳ ගර්ජනා කරන්න වගේ කෑ ගහන ගමන් එයාගෙ රෙදි ටිකත් බෑග් එකට දාගත්තේ සත්සිඳු අඬා වැලපෙන අතරතුරේදිමයි.
" හ්..හ්..දැන්..දැන් ඔයා යන්නද.. අනේ අයියේ... "
එයා කතා කළේ ඉකිබිඳින ගමන්.
" යනවා තමයි යකෝ.. උඹ වගේ බල්ලෙක් එක්ක මේක අස්සෙ ලගිනවට වඩා මං අර වැල්ලට යන එක හොඳයි..චික්... "
එයා ඒ ටික කිව්වේ ඩෙනිම් කලිසම අඳින අතරේදීමයි .
මිගාන්.. එයා ඉස්සර දවසක කම්මුලට ගහලා තිබුණත් ඒ මෙහෙම ආදරේ කරන්න ඉස්සර.. කවදාවත්ම එයා ආදරේ කරද්දි මේ වගේ කරලා නෑ.
ඒත් පන්හිඳ.. මිගාන් කවුද කියලවත් හරියට නොදැන නිකරුණේ සැක කරලා කියපු කයි කතන්දර, ගහපු කම්මුල් පාර.. එතන තිබුණේ ආදරයක්ද කියලයි ඒ අඬන අතරතුරේදිත් සත්සිඳු කල්පනා කළේ.
පන්හිඳ ලා නිල් පාට අත් දිග කමිසයකුත් ඇඳගෙන ආයෙමත් වතාවක් bathroom එකට ගිහින් නාන වෙලාවෙදි ගත්තු රෙදි ටිකත් අරන් කළු කවරයකට දාගෙන කාමරයට ආවා. ඒ රෙදි කවරයත් බෑග් එකට දාගෙනම රබර් සෙරෙප්පු දෙකත් දාගෙන බෑග් එකත් අතට ගත්තා.
තත්පරෙන් තත්පරේට හැමදෙයක්ම හරි වේගයෙන් සිද්ද වෙන්න අරන් තිබුණා. ඒ කාල සංග්‍රාමය හරි වේගවත්. දෛවය වුණත් හරි කුරිරුයි.
පන්හිඳ එහෙම්මම රෙදි බෑග් එකත් අරගෙන කාමරයෙන් එළියට බැස්සේ සත්සිඳු ඇඳත් බදාගෙන වැළපෙන අතරේදීමයි . පන්හිඳ සත්සිඳු දිහා එක මොහොතකටවත් ඇස් යොමන්නේ නැතුවම කාමරෙන් එළියට බැහැලා ශ්‍රී සුමංගල පාර දිගේ ඉස්සරහට ඇදුණා.
මීළඟ කොටසට ...