සත්සිඳු උදේ පාන්දරම අවදි වෙලා වෙනදා විදිහටම ලක ලැහැස්ති වෙලා යන්න පිටත් වුණා . ශ්‍රී සුමංගල පාර දිගේ පයින්ම ඇවිදගෙන එන කොල්ලගේ පිට හරහා වැටුණ කළු පාට සයිඩ් බෑග් එක. අතේ නිල් පාට ෆයිල් මිටියක්. උදේ පාන්දරම ලා ඉර එළිය කොළඹ අහස ආක්‍රමණය කරලා. හැමදාමත් කියනවා වගේ ඒක සෞන්දර්යාත්මක ආක්‍රමණයක් . පපුව අස්සේ තිබුණ වේදනාව මදකට තුරන් කරලා හිත නිව්වෙම උදේ පාන්දරම බෝඩිමේ ඉස්සරහා සේපාලිකා ගහ යට වැටිලා තිබුණ මල්වලින් ආව සුවඳ. දෙමලිච්චෝ රංචුවක් හොහේදෝ ලැහැබක මහා ලොකු කලබගෑනියක් කරනවා. කොල්ලගේ මතකය දිවෙන්නේ ඒ මේ අතට. අම්මා, නංගි එක පැත්තක. කිරි අම්මා තව පැත්තක. ලොකු අප්පච්චි තවත් පැත්තක. එයාලා ඔක්කොමත් හරි නපුරු ගැරඬියා තවත් පැත්තක. පෙරදාක බලෙන් වගේ සිපගත්තු දෙතොල කොල්ලා යාන්තමට ඇඟිලි තුඩුවලින් අල්ලලා බැලුවා. ඒවා හරිම තෙත්.
' මං දන්නවා සර්. මං හොඳටම දන්නවා සර් මට කැමතියි කියලා . මට ආදරෙයි කියලා . ඒත්...ඒත් ඒ ඔක්කොටම වඩා...'
ඒත් එක්කම ඈතින් එනවා පෙණුනු බස් එකට අත දාලා නැගපු කොල්ලා තුම්මුල්ල හංදියෙන් බැහැලා පයින්ම ඇදුණා . ජීවිතේ කොල්ලා ආසම කරන ඒ මාවත හරි ලස්සනයි . ලස්සනයි කියන්නේ වෙනස්ම ලස්සනක්. බදන්න බැරි නුග ගස් . ගල් අතුරලා හදපු මාවත දෙපස. කළුවර පැහැති අඳුරත් එක්ක මුහු වුණ පෞරාණික පෙනුම.
ඒ මාවතට එකතු කරාපු සුන්දරත්වය වෙනස්ම අපූර්වත්වයක් . ඒ ආපු ගමන කුමාරතුංග මුනිදාස මාවතෙන් අර සුපුරුදු නුග ගහ අද්දරට ඇස් යොමු වුණේ පරණ පුරුද්දක් හින්දමයි . ඒත් අදත් ඒ හිතුවක්කාර රූපය එතන නෑ. වෙනදා ජීෆ් එක හරි , එහෙමත් නැත්නම් kawazaki බයික් එක හරි නවත්තගෙන ඉන්න නපුරු ගැරඬියා එතන නෑ. කොල්ලා එහෙම්මම රිදුණ හිත හින්දා තෙත් වෙන්න ඔන්න මෙන්න තිබ්බ ඇස් දෙක බිමට හරවගෙන රැජින පාරට වැටුණේ හිතට විතරක් ඕනි මඟුලක් කියාගන්න ඉඩ ඇරලා. හිත මුමුණනවා .
' ඇයි සර්, ඇයි මට මෙහෙම කරන්නේ? මං මහා ලොකු වැරැද්දක් කලාද? එදා ඔයාගෙ ඇස් දිහා නොබලා ගියපු එකද මං කරාපු වැරැද්ද ? අනේ ඇයි සර්? මට...මට මේ මොකුත් තේරෙන්නෑ. ඇයි මට මෙහෙම කරන්නේ? සර් ගැන මගේ හිතේ තියෙන හැඟීම මහ පුදුමාකාර ගෞරවාන්විත හැඟීමක් සර්. ඒක ආදරයක් කියලා මං හිතන්නෑ. ඒත් ඒක...ඒක...අනේ මන්දා සර්. මට තේරෙන්නෑ.
වෙනදා මේ නුග ගහ යට සර් මං දිහා බලන් ලස්සනට හිනා වී ගෙන ඉද්දි මට මගේ මුළු දවසම සුභයි වගේ දැනෙනවා. හතර කේන්දරේ පාළු වෙච්චි ගානට තිබ්බ මගේ ජීවිතේ එක ඩිංගක් හරි ලස්සන වුණේ සර් නිසා සර්... ඒත් මට තේරෙන්නෙ නැත්තේ කවදාවත්ම මගේ තුන් හිතකවත් නොතිබුණ අමුතු දෙයක් , අමුතුම හැඟීමක් සර්ට කොහොමද ඇති වුණේ කියන එක...
සමහර විට මං..මං සර්ට බලාපොරොත්තු ඇති වෙන විදිහට හැසිරෙන්න ඇති. ඒත් සර්.. මං.. මං එහෙම කළේ නෑනේ. සර් ඉස්සරහ මං ඉන්නෙත් මහ බයගුල්ලෙක් ගානට. කොහොමද සර් එහෙම දෙයක් ඇති වෙන්නේ? අනේ මට මේ මොකුත් හිතාගන්න බෑ සර්.
ඒත් අද මේ නුග ගහ යට ඔයාගේ ඔය හිතුවක්කාර හිනාව නෑ කියලා දැනෙද්දි මගෙ පපුව පිච්චෙනවා සර්. ඔයා ආයෙමත් එයිද, නැද්ද කියලවත් මං දන්නෙ නෑ. කවදා හරි එන්න සර්. මං බලන් ඉන්නවා. අනේ සර්, එක පාරක් ආයෙමත් එන්න. උදේ පාන්දරම මේ රූස්ස නුග ගහ යට ඔය සුපුරුදු හිතුවක්කාර නපුරු ගැරඬියගේ හිනාව නැතුව තියෙද්දි ඒ දවස හරි කාලකණ්ණිකමක් දැනෙනවා සර්. හරි පාළුයි, හරි මූසලයි. ඒත් මොකක්දෝ නිමිත්තක් වගේ සර් හිනා වෙලා ඉන්න දවසට මගේ හිතත් පිරෙනවා. එදා දවසම මට හරි සුභයි. දන්නවද සර්, ඔයා හරියටම කිව්වොත් සුභ නැකතක් වගේ... '
කුමාරතුංග මුනිදාස මාවතේ දකුණු පැත්තට වෙන්න තිබුණ නුග ගහ දිහා බලාගෙනම කොල්ලගේ හිත මුමුණන්න වුණා .
කොල්ලගේ හිතත් මොහොතකට ගොළු වුණා . අතීතය හංගගෙන වැඩ කරන්න ඒ හිතට බෑ. එදා දුන් පොරොන්දු එහෙම්මමයි . ජීවිතේ හැම මොහොතකම ඒ හිත වෙනුවෙන් ජීවත් වෙන්න දුන්නු පොරොන්දුව එහෙම්මම තමයි. ඉතින් කොහොම නම් ඒ පොරොන්දු අමතක කරන්නද?
වැල්ලෙන් පිටත් වෙලා කොළඹ එන්න මොහොතකට කලින් ඒ පපුවට තුරුළු වෙලා ආපු ඒ ගමන. ඒ අහිංසක ඇස් නොදැක දැන් කොච්චර කල්ද? වැල්ලෙන් එහාට ලෝකයක් නොදැක්ක ඒ ඇස් හැම මොහොතකම බලාපොරොත්තු වුණේ කොල්ලගේ අනාගතය ලස්සන කරන්න විතරමයි .
" සත්සිඳු , නමේ හැටියටම උඹ මට මූදු හතක් මගේ මල්ලි. පරිස්සමින් පලයන් මගේ රත්තරනේ. අපි නොදැක්ක ඒ ඈත උඹ දකින්නම ඕනි සත්සිඳු . ඒ හින්දා ඈත දියඹ හොයන් යන අපේ මාරියා බෝට්ටුව වගේ උඹත් ඒ ඈතට යන්න ඕනි, හරිද? "
යන්න මොහොතකට කලින් වැල්ලෙදි හම්බවෙලා පපුවට තුරුළු වෙලා ඒ අහිංසක ඇස් දෙකේ අයිතිකාරයා කිව්ව කතාව කොල්ලට වද දෙනවා. හිත අස්සේ ගිගුම් දෙනවා.
හිත දැන් කඩුල්ලක් උඩ. ඒ අතටත් නෑ. මේ අතටත් නෑ. කරන්න කියලා දේකුත් නෑ. පපුව අස්සෙ දෝංකාර දෙන වචන කණ් දෙක අස්සේ පිරිලා ගිහින්. කොල්ලට හරි වදයක්. ඒත් ඒ අහිංසක ඇස්වලට ද්‍රෝහි වෙන්න පුළුවන්කමක් සත්සිඳුට ඇත්තෙත් නෑ. පෙරදාක ආදරෙන් තුරුළු කර ගත්තු පපුව . ඒ පපුව හරි රළුයි. ඒත් හරි සුවඳයි. මුහුදු ලුණු වතුරට පෙඟිලා පෙඟිලම ඒ පපුවට හරි තෙහෙට්ටු වෙද්දි කොල්ලගෙ එක හාද්දකින් මුළු වේදනාවම අමතක කරන්න පුළුවන් හැටි.
" රත්තරනේ, උඹ මෙහෙම තුරුළු වෙලා ඉද්දි මට මුළු ලෝකෙම නැති වුණත් කාරි නෑ බං. උඹ මෙහෙම මුළු ජීවිත කාලෙම වුණත් මගේ පපුවට තුරුළු වෙලා හිටපන්. උඹ ගාවින් එන පුංචි ගාඩ්නියා මල් සුවඳට මං ලෝභයි මල්ලි... දන්නවද , උඹ මගේ පණ ටික.. ඈත මුහුදු යද්දි මට උඹව මතක් වෙනවා. ලොකූ රැලි එද්දි මට දෙයියෝ සිහි වෙන්නේ උඹව මතක් වෙලා . ඒත් ඉතින් උඹ වෙනුවෙන් දෙයියෝ මාව පරිස්සම් කරන බව මං දන්නවා.
උඹ වගේ ලාමක කොල්ලෙක්ට මං වගේ හැඩි දැඩි එකෙක් හරියන්නෙත් නැතුවැති. ඒත් මයෙ අම්මා... උඹ නැතුව මින් ඉස්සරහට මට මගේ ජීවිතේ ගැන හිතාගන්න බෑ බං... මගේ ජීවිතේ හැම හුස්මක්ම උඹ . ඉතින් කොහොමද මං උඹව අමතක කරන්නේ? "
එදා රෑ කාත් කවුරුවත් නැති වැල්ලේ ගොඩ ගහපු මාරියා බෝට්ටුවේ ඇතුළේ හාන්සි වෙලා අඩ සඳ දිහා බලාගෙනම ඒ රළු පපුවට තුරුළු කරගෙන ඒ වචන මුමුණපු හැටි කොල්ලට මතක් වුණා . ඉතින් ඒ අතීතය හරි සුන්දරයි . තවමත් ඒ ආදරේ මහ මුහුදු තරණය කරන්නේ කොල්ලා වෙනුවෙන්. වේහාර පන්හිඳ සප්තපර්ණී කියලා නම් තිබ්බට මොකද පුංචි කාලෙ ඉඳන් 'පන්හිඳ අයියේ' කියලම කතා කරන්න පුරුදු වුණ කොල්ලට අවසානයේ පන්හිඳ නැති ජීවිතයක් ගැන හිතා ගන්නවත් බැරි වුණා . ගත් ලියන කතුට අවැසි නම් ඒ පන්හිඳක්ම වන්නේය. ඉතින් ඒ පන්හිඳ නැතුව කොහොම නම් ජීවත් වෙන්නද?
නපුරු ගැරඬියගේ ආදරේ නොදැනෙනවා නෙවෙයි. ඒත් ඒ ආදරේ එක්ක මොන විදිහේ හැඟීමක් ආවත් තමන් වෙනුවෙන් මහ මුහුදේ ඔට්ටු වෙන, මහ මුහුද තරණය කරන පන්හිඳ අයියා වෙනුවෙන් වෙන් කරපු හදවතේ ඉඩ වෙනින් කාටවත් කොල්ලට දෙන්න ඉඩක් නෑ. තමන්ගේ ලිංගික නැඹුරුතාවය ගැන කොල්ලා මුලින් ඉඳන්ම දැනන් උන්නා.
ඒත් කවදාවත්ම පන්හිඳ අයියට කොච්චර සමීප වුණත් තද වැළඳගැනීමක්, පුංචි තොල් හාද්දක්, සිතුවම් මවපු දත් පාරක් ඇරෙන්න ඊට එහා ගියපු දෙයක් කොල්ලට කරලා නෑ. ඒ හින්දම කොල්ලට ඒ ගැන තිබුණේ ආඩම්බරයක්. ඒ වගේම ගෞරවාන්විත හැඟීමක්. ඊටත් එහා හිතේ ලොකුවට පොදි ගහගත්තු ආදරයක්. ඒත් මිගාන් ගැන තියෙන්නේ ගෞරවයක් පිරුණු හැඟීමක් විතරමයි.
කොල්ලා office එකට ගිහින් වැඩ කළේ බොහොම අමාරුවෙන් . හිත එක තැනක නැතුව හරියට වැඩක් කරන්න අමාරුයි. ඒ කොහොම වුණත් හිත එක තැනක නැති හින්දම කොල්ලා hand free දෙකත් කණේ ගහගෙන කලින් දවසේ රෑ අහපු සින්දුව අහන්න ගත්තා.
නම නැති භාවයක ආයාචනා
ඔබේ නුවන් දිහා
මා වරනා රැයක හීනෙන් පවා
නුඹෙන් නෑ ආරාධනා
නම රැදෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා
මා යනවා නුඹට අරැතක් මවා
නොඑන්න මතක සොයා...
කොල්ලට හිතෙන්නෙම ඒක අහනවට වඩා මැරුණා නම් කියලමයි. ඒ තරමටම හිත පාරවන වචන ටික කොල්ලට දරාගන්න බෑ. එහෙම්මම කොල්ලා phone එකෙන් english song එකක් play වෙන්න දැම්මා.
Going out tonight
Changes into something red
Her mother doesn't like that kind of dress
Everything she never had she's showing off
Driving too fast
Moon is breaking through her hair
She's heading for something that she won't forget
Having no regrets is all that she really wants
We're only getting older, baby
And I've been thinking about it lately
Does it ever drive you crazy
Just how fast the night changes?
Everything that you've ever dreamed of
Disappearing when you wake up
But there's nothing to be afraid of
Even when the night changes
It will never change me and you
Chasing it tonight,
Doubts are running 'round her head
He's waiting, hides behind a cigarette
Heart is beating loud, and she doesn't want it to stop
Moving too fast
Moon is lighting up her skin
She's falling, doesn't even know it yet
Having no regrets is all that she really wants
We're only getting older, baby
And I've been thinking about it lately
Does it ever drive you crazy
Just how fast the night changes?
Everything that you've ever dreamed of
Disappearing when you wake up
But there's nothing to be afraid of
Even when the night changes
It will never change me and you
Going out tonight
Changes into something red
Her mother doesn't like that kind of dress
Reminds her of the missing piece of innocence she lost
We're only getting older, baby
And I've been thinking about it lately
Does it ever drive you crazy
Just how fast the night changes?
Everything that you've ever dreamed of
Disappearing when you wake up
But there's nothing to be afraid of
Even when the night changes
It will never change, baby
It will never change, baby
It will never change me and you...
One Direction song එකත් play වෙන්න දාලා කොල්ලා එහෙම්මම ඇස් පියාගත්තා. කොල්ලා ආයෙමත් ඇස් විවර කරලා බැලුවේ පැයකට විතර පස්සේ. ඩිංගක් හිතට ආපු සැනසීමත් එක්ක කොල්ලා හවස 4 වෙද්දී පාරට බැහැලා රැජින පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගිහින් කුමාරතුංග මුනිදාස මාවතට වැටුණා . කවදාවත්ම හීනෙකින්වත් නොහිතපු විදිහට ඒ ජීෆ් එක ඇවිත්. කොල්ලා එහෙම්මම නැවතිලා බලන් හිටියේ ඒ ජීෆ් එක දිහා. කොල්ලට හරි සතුටුයි. හිත අස්සේ උතුරාගෙන යන සතුටක් එක්ක එහෙම්මම නැවතිලා බලන් ඉන්න කොල්ලා දිහාවට ජීෆ් එකෙන් බැහැලා ආවේ නපුරු ගැරඬියා නම් නෙවෙයි. ඒ කළු පාට නින්ජා මෑන් කෙනෙක් . ඒ වෙනින් කවුරුවත් නෙවෙයි. නපුරු ගැරඬියගේ හිතාදර අතවැසි ජේකබ් උත්තමයාණෝ. එදා කොල්ලව උස්සන් යන්න ආව පොල් බූරු අප්‍රිකානුවා. සුපුරුදු හුරුපුරුදු බවක් පෙන්නගෙන කොල්ලා ඉස්සරහට එන ජේකබ් දැක්කම කොල්ලගේ කටට ගලන් ආවේ අමු තිත්ත කුණුහරප වැලක්.
' අමු සක්කිලි කාලකණ්ණි බල්ලා. තෝ තමයි පාන්කඩ ගෙවලයා එදා මාව උස්සන් ගියේ. තෝ තෝ තෝ... තෝ මාව වළලන්න කියලා වළක් කපන්නත් ගියා වල් බේසිකයා... දැන් එනවා සිරික්කිය දාගෙන... '
කුමාරතුංග මුනිදාස මාවතේ නුග ගහ යට හිටපු ජේකබ් දකුණු පැත්තෙ ඉඳලා වම් පැත්තේ ඉන්න කොල්ලා ගාවට ඇවිදන් ආවේ අඩියට දෙකට පාර පැනලා. කොල්ලා නම් බොහොම නිශ්ශබ්දයි .
" සර්..."
ජේකබ් කතා කළා.
' අඩ්ඩෙහ්... මෙන්න සර්ලු. මුගෙ අප්පට මූ යකෝ. මොන අසභ්‍ය සිද්ධියක්ද ගැරඬි උතුමාණෝ ඒ පාර කරන්න හදන්නේ? '
කොල්ලගේ හිත මුමුණනවා .
" සර්, අපේ සර්... "
" ඇයි සර්ට මොකද ? "
කොල්ලා ඇහුවේ ටිකක් කලබලෙන් වගේ.
" නෑ නෑ... අපේ සර් කිව්වා මේ letter එක සර්ට දෙන්න කියලා... "
ජේකබ් අතේ ගුලි කරන් හිටපු සුදු පාට කොළයක් සත්සිඳුගේ අතට දෙන ගමන් කිව්වා. කොල්ලා ඒ ලියුම අතට අරන් එහෙම්මම දිග ඇරලා කියවන්න ගත්තේ ටික වෙලාවක් යද්දි වෙව්ලන අත් දෙක මෙල්ල කරගන්න බැරුව යද්දි . ඇස් කොණට ගලන් ඇවිත් තියෙන කඳුළු බිංදු එළියට පනින්න ලොකු තරඟයක . එහෙම්මම කොල්ලා ඇස් පියාගත්තේ ඇහි දාරවල පිරුණු කඳුළු බිංදු දෙකකට නිදහසේ කම්මුල් දිගේ රූරා වැටෙන්නට ඉඩ දෙමින්.
මීළඟ කොටසට ...