පාට පාට නියෝන් එලි හැමතැනම.. පිස්සුවෙන් වගේ ඩාන්ස් කරන ක්‍රවුඩ් එකක් ලග තිබ්බ ටේබල් එක ගාව වාඩි වෙලා උන්න මට කෙනෙක් කතා කලා.. ඒ කටහඩින්ම මං ආපස්ස හැරිලා බැලුවෙ මගෙ දිහා හිනා වෙලා බලන් ඉන්න ගෑනු ලමයට මං ආපිට හිනා උනා...
" හේයි.. අභිරූ කොහොමද ඔයාට? "
" මම හොදින් ඉන්නවා ටානියා.. කොහොමද ඉතින්.. කාලෙකින් "
" මමත් හොදින් ඉන්නවා.. ආ.. ඔයා තනියමද ආවෙ? "
" අහ්හ් නෑ නෑ.. මං ආවෙ මගෙ ටීම් එකත් එක්ක.. "
හිනාවෙලා ටානියට මං කිව්වම ටානියා මට එයාගෙ හස්බන්ඩ්ව අදුන්වලා දුන්නා..
පාටිය පුරාම කොල්ලොයි කෙල්ලොයි එහාට මෙහාට ඇදෙනවා.. සමහරු බොනවා.. සමහරු ටේබල් වල වාඩි වෙලා ඉන්නවා.. තවත් සමහරු නටනවා... මං තව පාරක් දොර දිහා හැරිලා බැලුවා.. ඒත් මේ කොල්ලා පේන තෙක් මානෙක නෑ.. lighting kit එක ගේන්න මේ තරම් වෙලා යනවද? නැත්තම් එන මග දිගට යොහාන්ට අවුලක් උනාවත්ද? මට එහෙමත් හිතුනා..
" අභියා ෆැමිලි පික් එකක් ගමු "
" එන්න "
මගෙ ලගට ආව විරාජ් තවත් නෑදෑ පිරිසක් මගෙ ලගට ගෙනත් ෆැමිලි පික් එකක් ගමුද කියලා මගෙන් ඇහුවා.. විරාජ්ගෙ වෙඩින් එකේ photographer විදිහට මං මේ දේවල් ලස්සනට කරන්නම ඕනනේ.. එහෙම්මම කැමරාව ගත්ත මං මගෙ වැඩේ ගානට කෙරුවා.. ඒත්.. දැන් දැන් lightning kit එක නැතුව ෆොටෝ ගත්තොත් වෙන්නෙ පිංතූර අදුරු වෙන එක.. මට ඕන කොලිටියට ගන්න බැරි වෙන එක..
" ඩෝහ්හ් "
මාව ගැස්සුනා.. පිටිපස්සෙන් ඇහුන සද්දෙට ගැස්සුනා විතරක් නෙමෙයි මගෙ අතේ තිබ්බ මගෙ කැමරාව මගෙ අතින් වැටෙන්න ගියා..එහෙම්මම මං කේන්තියෙන්ම පිටිපස්ස බැලුවෙ ඒ ගොං වැඩේ කරපු එකාට දෙකක් කියන්න හිතාගෙන..
" මොකද අනේ තරහ අරන්.. ට්‍රැෆික් යකෝ පාරෙ. ඒකයි පරක්කු උනේ.. "
යොහාන් කිව්වෙ ඔලුවත් කස කසා..ඒත් මං කලේ ඌට රවපු එක..
" රවනකොට හිනා වෙනවට වඩා ලස්සනයි.. "
මේ මනුස්සයා ඔහොම්මයි.. මේකාව මට හම්බෙලා ඕනෙනම් අවුරුදු හතරක් වගේ ඇති.. කොයි වෙලේත් මනමාලකම් කරන එකේ සීමාවක්නම් එයාට තිබුන් නෑ.. මොන දේ උනත් මූ හරි හොද එකා.. මෙච්චර කාලෙකට මාත් එක්ක ඕන දේකදි ඔට්ටු උන මගෙ හොදම යාලුවා..

( යොහාන් තාරක )
" විකාර නොකියා ඕක එලියට ගන්නවා යොහාන්.. "
" අම්මෝ සුදූ.. තමුසෙටත් යන තරහා අනේ.. ඉන්නවා ඉන්නවා.. හැබැයි මෙහෙමයි.. තමුසෙ හිනා වෙද්දි සිරාවටම ලස්... "
" මගෙන් මැරුම් නොකා කටවහන් ඉන්නවාකො අප්පා "
යොහාන්ට ඕන උනේ මාව තව තවත් කේන්තී ගස්සන්න. ඒත් එයා ගැන දන්න මං ඉවසන් හිටියෙ මේක මගේ රාජකාරි වැඩක් කෙරෙන තැනක් නිසා.. නැත්තම් දෙකක් දීලා අදින්න තිබ්බා ඕකට..
" ඔය විකාර මගෙ ඉස්සරහ කිව්වට කමක් නෑ... අර මනුස්සයට ආරංචි උනොත් මං ඉදලත් ඉවරයි.."
මං යොහාන්ට කීවෙ දැඩි විදිහට.
" උබ ඔය තරම් අවංක වෙන උබේ ප්‍රේමවන්තයව ඔය දෑහැට දැකලවත් තියේද කියපංකො "
මගෙ එහා පැත්තෙන් පුටුවක් ඇදන් වාඩි උන යොහාන් එහෙම කියද්දි මං කලේ ලොකු හුස්මක් පිට කරපු එක. ඇත්ත.. එයා ඉන්නෙ ඉන්ග්ලන්ඩ් වල.. වීඩියෝ කෝල් එකකින් ඇරුනම මං එයාව අවුරුදු හයකින් දැකල නෑ.. මොකද මීට අවුරුදු හයකට කලින් මාත් හිටියෙ එහෙ.
" දැකල තියෙනවා.අවුරුදු හයකට කලින් "
" ඌ එහෙ මොනව කරනවද කියනවද නොදැන උබ ඌට මෙහෙම අවංක වෙද්දි එක අතකට මට උඹ ගැන හරි ආඩම්බරයි සදීශ. උබ වගේ කොල්ලෙක් ලබන්න ඌ සෑහෙන වාසනාවන්තයි..හැබැයි මෙහෙමයි.. ඒත් මං උබට ලව්. එච්චරයි "
යොහාන් මගෙ කම්මුලක් මිරිකලා කිව්වම මං ඒකාට වටපිට බලලා පිට මැදටම ඩෑස් එකක් දුන්නා..
හොදට තිබ්බ පාටි එක එක මොහොතකින් ඇතුලත නිශ්ශබද වෙලා ගියා.. යොහාන් මගෙ මූන බලද්දි මං උගෙ මූන බැලුවා.. ඌටත් හිතාගන්න බැරුවද කොහෙද අනේ මන්ද බං කියන්න වගේ ඌ උගෙ උරහිස් ඇකිලුවා එක්කම අපි දෙන්නට ඉස්සරහ තිබ්බ ටේබල් එකේ වාඩි වෙලා උන්න කොල්ලො කෙල්ලො ටිකක් මොන මොනවදෝ කුටු කුටු ගාන්න ගත්තා..
" ආං.. ඒ ආවෙ භාශ්වරසිංහ නේද? "
" ඒක තමා අනේ.. ගැන්ගෙස්ටර් කෙනෙක් කියල කිව්වට හරිම තැන්පත් පාටයිනෙ එයා "
" ඔය මනුස්සයා ඔහොම උනේ ටික කාලෙකට කලින් ඉදලාලු. මං හිතන්නෙ පොරගෙ ෆැමලි එක නැති උනාට පස්සෙ කියල තමා මිනිස්සු කියන්නෙ "
" කොච්චර තැම්පත් පෙනුමක් තිබ්බත් බලහන්කො ඌව ගාඩ් කරන් ඉන්න බොඩිගාඩ්ලා ගොඩ.. "
" උබට පිස්සුද.. ඒ උන් ඉන්නෙ ඌව ගාඩ් කරන්න නෙවේ.. "
" එහෙනම්? ගාඩ්ලා මැදින් ඉන්නෙ භාශ්වරසිංහ විතරයිනේ "
" දෙකට නැමිලා බලහන් තව ජීවියෙක් ඉන්නවා.. "
ඒ ටේබල් එකේ හිටපු කොල්ලා අනික් කෙල්ලට කිව්වම ඒ පමාවට මගෙ ගාව උන්න යොහානයා දෙකට නැමුනා.. වෙන මොකටවත් නෙමේ ඕපෙ හොයන්න..
" අඩෝ චූටි කෙලි පැටික්කියෙක් බං "
අර ටේබල් එකේ උන්න කෙල්ල කිව්වා මට ඇහුනෙ තාමත් පහත් වෙලා ඉන්න යොහාන්ගෙ බෙල්ලෙට මං පාරක් ගහද්දි..
" ආව්ව්ව් බං "
" නැගිටපං. අපි ආවෙ ෆොටෝස් ගන්න මිසක් කෝප්ප හෝදන්න නෙමෙයි "
" අර කිව්වත් වගේ අර චූටි කෙලි පොඩ්ඩටද බං ඔච්චර ලොකු ගාඩ් එකක් දාලා තියෙන්නෙ? "
" අනේ මන්දා "
යොහාන් කීවත් මං ලොකුවට ඒ ගැන අවදානයක් දෙන්න ගියෙ නැහැ.. මොකද මට මහන්සී.. පාංදර ඉදන් වෙඩින් ශූට් එක කරලම මං හිටියෙ තෙහෙට්ටු වෙලා..
" ඒ අභී.. මිස්ටර් භාශ්වරසිංහ එක්ක ෆොටෝ දෙක තුනක් ගමුද අරහෙට ගිහින්.. "
" ගමු.. යොහාන් ඕකත් අරන් වරෙන් "
විරාජ් මගෙ ලගට ඇවිත් මට කතා කෙරුවා. එහෙම්මම කැමරාවත් ගත්ත මං යොහාන් එක්ක යන්න හැදුවෙ ඔය කියන භාශ්වරසිංහ ඉන්න තැනට..
ගාඩ්ලා දහ දෙනෙක්ට වැඩිය ඉන්න ඇති.. ඒ අතරින් මට පෙනුනෙ කොන්ඩෙ වැඩිය නැති නමුත් හැඩි දැඩි සිරුරකට හිමිකම් කියපු මටත් වඩා උසින් වැඩි රූපයක්.. ලා දුඹුරු ඇස් දෙකක්... ඒ ඇස් හරිම තියුනුයි.. හිනාවක සේයාවක්වත් ඒ මූනෙ තිබුන් නෑ.. අහේතුවකට මට එතනට යන්න අපහසුවක් දැනෙද්දි ඒ එක්කම ආවෙ මට කෝල් එකක්..
කෝල් එක එයාගෙන්.. ගව් ගානක් දුර ඉන්න මං බදින්න ඉන්න කෙනාගෙන්.. මගෙ ඉස්සරහින් යන යොහාන්ගෙ පිටට තට්ටුවක් දාපු මම කෝල් එක පෙන්නුවා... පෙන්නලා උගෙ අතට කැමරාව දුන්නා... අපේ ටීම් එකේම තව ලමයෙක්ව මං යොහාන් එක්ක යැව්වා.. එහෙම්මම මං මගෙ කෝල් එක ආන්සර් කරේ මං වෙඩින් හෝල් එකෙන් එලියට ගිහින්.
" ඔයා ශූට් එකකද පැටියො? "
" හ්ම්ම් ඔව් අකිල.. උදේ ඉදන් මෙහෙම.. "
" හ්ම්ම් රෑ වෙන්න කලින් ගෙදර යන්න. "
" ඔයා කාලද ඉන්නෙ? "
" ම්ම් දැන් කෑවෙ "
ඕනාවට එපාවට උත්තර දුන්න එයා දිහා මං බලන් හිටියෙ හිස් හැගීමෙන්.. එයාගෙන් කෝල් එකක් එනකම් මං බලන් උන්නා තමා.. ඒත්.. අඩුම මං කෑවද කියලවත් නෙමෙයි එයා ඇහුවෙ.
" මොකද ඒ සැරේ? "
" ඔයා ගන්නකම් මං බලන් හිටියා "
" ඉතින් මං ගත්තනේ "
" ඔයා ඇයි අයියෙ මං කෑවද කියලවත් අහන්නෙ නැත්තෙ "
" ඉතින් තමුසෙ ඔය ඉන්නෙ වෙඩින් එකකනෙ පැටියො. නොකා ඉන්නවද කවුරුත්ම වෙඩින් එහෙකට ගිහින්.. "
" ඒත් මං තාම කාලා නෑනෙ "
මං බිම බලාගෙනම අකිලට කිව්වා.
" කෑවෙ නැත්තම් ගිහින් කනවා අභිරූ.. මං හෙට ගන්නම් සුදූ.. මට මහන්සී. "
කැමරාවට හාදුවක් දෙන ගමන් එයා කිව්වා.. ඉන් එහාට ආයෙ කතා කරලත් නෑ කියලා තේරුම් ගත්ත මාත් බුදුසරණයි අයියෙ කියලා මගෙ ෆෝන් එක කට් කෙරුවා..
ඒකද ආදරේ? මං දැකල තියෙනවා.. හුගක් අය ආදරේ අරමයි ආදරේ මෙහෙමයි කියලා හුගක් කතා ලියනවා.. ආදරේ කියන්නෙ උතුම් දෙයක්ලු.. ඒක එහෙමනම්... ඇයි මගේ හිත මේ තරම් රිදෙන්නේ?
මං එහෙම්මම අහස දිහා බැලුවා.. දැනටමත් රෑ වෙලා.. හැබැයි මුලු අහසෙම තරු පිරිලා..රෑ අහස තවත් කලුවර කරලා... වැස්සක් එන්න ලගයි කියන්න වගේ අතරින් පතර අහසෙ අකුනුත් කෙටුවා.. ආදරේ කියන්නෙ මොකක්ද කියන එක තාමත් හරිහැටි නොදන්න මං අකිල අයියා මට සුදූ , පැටියො කියල කතා කරන්නෙ ආදරේට වෙන්නැතිනේ කියලා හිතලා මං සතුටු උනා.. ඒ එක්කම මගෙ ඇස් ගියෙ වෙඩින් හෝල් එකේ උඩ තට්ටුවෙ පාලමක් වගේ තිබ්බ තැනට.
ග්ලාස් එකක් අතේ තියන් ඈත අහස දිහා බලන් ඉන්න ඒ ගාම්භීර පිරිමි රුව මගෙ ඇස් එක විනාඩි ගානකට අල්ලන් හිටියා.. ඒත් එයා මාව දැක්කෙ නැහැ.. සාක්කුවෙන් සිගරැට් එකක් අරන් ආයෙම කටේ තියාගත්ත එයා සිගරැට් එකත් පත්තු කෙරුවා.. දුම් වලල්ලක්.. දුම් වලලු කීපයක් යවද්දි අනේ බටු ඇටයක් වගේ පුංචි කෙල්ලෙක් දූවල ඇවිත් ඒ කකුලෙ එල්ලුනා.. මං බලාගෙන කෙල්ල ආවා විතරයි අර මනුස්සයා සිගරැට් එක ඉක්මනින් වීසි කරලා දැම්මා.. අකිල අයියනම් ඔය ජරාව මුකුත් බොන්නෙ නැහැ.. මගෙ හිත එහෙම කියලා පුංචි සතුටක් ලැබුවා..
" අප්පත්ති "
" ම්ම්ම් ඇයි අප්පච්චිගෙ දෝනිට තරහ ගිහින්
වස්තුව"
" අප්පත්ති ඔද නෑ.. ඇම වෙලේම මත හොලෙන් කොයේට හලි ගීන් තිගලට් බොනවා"
" කෝ.. අප්පච්චි මුකුත් බීවෙ නෑ "
" කත අලින්න ඒනම් "
ඒ චූටි අත් වලින් ඒ කෙලි පොඩ්ඩ එයාගෙ අප්පච්චිගෙ මූන අල්ලන් කියන්නෙ මගෙ මුවේ ලාවට හිනාවක් ඇදිල යද්දි.
" උඹත් අම්මා වගේමයි.. පැහිච්ච ආච්චි.. යමු ඇතුලට.. ඔයා බයි කන්න ඕනනෙ "
" මත බයි කන්න බා "
" එහෙනම් ගුටි කන්න තමා වෙන්නෙ අප්පච්චිගෙන් "
" මලූඌඌඌ ගුති ඔදයි. බයි අපා "
මං හිතන්නෙ මගෙ ඇස් දිලිසුනා.. වචන හරියකට හසුරවගන්නත් බැරි පොඩි එකීව උස්සන් එයා යන්න ගියෙ මං බලාගෙන ඉද්දි.. ඒත්.. ඒත් ඒ චූටි ඇස් මාව දැක්කා.. අප්පච්චිගෙ උරහිස් උඩින් ඒ චූටි ඇස් මගෙත් එක්ක හරි ලස්සනට හිනා උනා.. පුංචි පැටවුන්ට කොහොමත් ආස මං අනේ ඒ කෙලි පොඩ්ඩට අත වනලා බායි කියනවා එක්කම කෙල්ලත් මට හිනා වෙලා අත වැනුවා...
" මේ ඇස් මොකද මේ තරම් දිලිසෙන්නෙ ඈ බං. මටත් කියපංකො "
මගෙ පිටිපස්සෙන් ඇහුනෙ යොහාන්ගෙ කටහඩ.. එහෙම්මම මං උගෙ පැත්ත හැරුනෙ ඒකා මගෙ ඇස් දිහාවට එබිල බලද්දි.
" අර ආව මනුස්සයට ඉන්නෙ ලස්සන කෙලි පොඩ්ඩක් බං "
හිනා වෙලා මං යොහාන්ට කිව්වා..
" කොයි? "
" අර ඉස්සෙල්ලා උබට ෆොටෝ ගන්න මං කැමරාව දුන්නෙ.. "
ඒ මනුස්සයගෙ නම මතක නැති නිසාම මං යොහාන්ට මතක් කලා..
" ආ.. භාශ්වරසිංහ. උබට කියන්න අභියා.. ෆොටෝ එක ගත්තා ගියා. හිනාවක්වත් මූනෙ නෑ මූසල මිනිහා "
" එහෙම කියන්න එපා බං. ඒ ඉතින් මිනිස්සුන්ගෙ හැටිනෙ. අනික උබ නොදැක්ක එයාගෙ හිනාව මං දැන් ටිකකට කලින් දැක්කා.. "
මං කිව්වම අරූ මගෙ දිහා බැලුවෙ පුදුමෙන් වගේ..
" ඒ කොහොමද? "
" එයාගෙ දුව ඇවිත් ඒ කකුලෙ එල්ලුන වෙලේ ඒ මූනට ආවෙ හරි ලස්සන හිනාවක් යොහාන්.. ඉතින් ඒ මනුස්සයා හිනා වෙන්නත් දන්නවා.."
මං හිනා වෙලා කිව්වෙ මටම ආයෙ ආයෙ ඒ හිනාව මැවෙද්දි. ඒ දූ පැටියා හුගක් වාසනාවන්තයි.. ඒ වගේ අප්පච්චි කෙනෙක්ගෙ ආදරේ ලබන්න තරම් එයා ඇත්තටම වාසනාවන්තයි..
" හරි හරි යමං.. තව ටිකෙන් වෙඩිමත් ඉවරයි.. බඩගිනී බං යමු කාලා ඉමු. මං ටීම් එකට වැඩේ භාර දීලා ආවා.. අපි දෙන්නා කනකම් උන් ගේම ගහයි "
යොහාන් එහෙම කියාගෙනම මගෙ අතින් ඇදන් ආවෙ ආයෙම වෙඩින් හෝල් එක ඇතුලට.එහෙම්මම යොහාන් එක්ක මං කෑම කෑවා.. ඊටපස්සෙ පැය දෙක තුනක ඉදන්ම මුලු පාටි එකම අපි දෙන්නා ශූට් කෙරුවෙ අවසානෙදි සේරම ඉවර වෙලා ගෙදර යන්න හිතන් පාරට එද්දි..
" මොකද අයිසෙ කොයි වෙලෙත් සර් සර් ගාන්නෙ.. මොකද? "
යොහාන් එක්ක පාරට ආවත් මාව ගැස්සිලා ගියේ අපිට ටිකක් එහා පැත්තෙන් තියන වාහන ගොඩ ලග ඉන්න අර මනුස්සයගෙ සද්දෙට.. දෙවියනේ මේ තරම් නපුරුකමක්..
" සර්.. මේ.. මැඩම් කතා කරනවා.. "
යටහත් පහත්ව අර වයසක කෙනා බයෙන් බයෙන් අහද්දි යකා වගේ කෑගහපු එයාගෙ මූන ශනිකව වෙනස් උනා.. ඒත්.. ඒ මූණේ තිබුනෙ කේන්තියෙ සලකුණු විතරමයි..
" එන්න හදන්නේ.. කෙල්ල නිදි. එනකම් ඉන්නවා.. "
එක පෙලට කියන් ගිය එයා ආයෙ අර වයසක කෙනාට ෆෝන් එක දුන්නෙ වාහනේට නගිමින්..අපිත් එහෙම්මම එන්න ආවෙ යොහාන් මාව ගෙදරින්ම දාලා යන්න යද්දි.
.......................
" පුතා ඔයා හෙටත් වැඩද? "
මගෙ බෑග් සේරම ලෑස්ති කරද්දි ලොකු අම්මා මගෙන් ඇහුවා.. photographer කෙනෙක් කියන එකට අමතරව මං මේ කිට්ටුවම තියන ඉන්ටර්නැෂනල් නර්සරි එකක මේන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් උනා.. ඉතින් හෙට අලුතෙන්ම නර්සරි බබාලව පිලිගැනීමේ උත්සවේ තියනවා..
" ඔව්නෙ ලොකු අම්මා.. හෙට නර්සරි එකෙත් උත්සවයක් තියනවා.. "
" අර ලමය එනවද? "
" කවුද යොහාන්ද? ඔව් ඌ එක්ක තමා යන්නේ"
මං ලොකු අම්මට හිනා වෙලා කිව්වා.. මගෙ ජීවිතේ ගෙවෙන්නෙ මෙහෙමයි. උදේ අටේ ඉදන් දොලහ වෙනකම් මං ඉන්නෙ නර්සරි එකේ ඔෆිස් එකේ. ඊට පස්සෙ මං ඉන්නෙ ගෙදර. ගෙදර කිව්වට මට වැඩක් ආවොත් යනවා. නැත්තම් ඉන්නවා. මගෙ ලොකුම හීනේ කවදහරි මගෙම කියල ස්ටූඩියෝ එකක් දාන එක. ඒකත් ගෙදරට බරක් නොවී.. මගෙම සල්ලි වලින්.. මගෙ අම්මයි තාත්තායි දෙන්නම ඉන්නෙ රට. මතක ඇති කාලෙ ඉදලා මං හිටියෙ ලොකු අම්මා එක්ක.. මගෙ පවුලෙ අය නෑ කියනව නෙමෙයි. ඒත්.. මේ අභිරූ සදීශ දේවනාරායනට ඉන්නෙ හොදම යාලුවා උන යොහානුයි ලොකු අම්මයි විතරමයි..

අභිරූ සදීශ දේවනාරායන
.......................
" මේ මං උඹටත් එක්ක පොල් කේක් හැදුවා ආ ගනින්"
නර්සරි එකට යන්න ලෑස්ති වෙලා එලියට බැහැපු මම යොහාන්ගෙ බයික් එකට නැග්ගෙ පොල් කේක් දාපු උරයක් ඌට දීගෙන..
" අනේ මට ඕනෙ පොල් කේකක් නෑ අභී මං උබත් එක්ක තරහයි "
යොහාන් කිව්වෙ හෙල්මට් එක මගෙ අතට දීලා..
" හරි ඉතින් මනුස්සයොන්ට නින්ද යනවනෙ ඒයි.. මටත් මහන්සියටම නින්ද ගියා යොහාන්. ඒකයි උබගෙ කෝල්ස් එකක්වත් ගන්න බැරි උනේ.. "
" හ්ම්ම්ම්.. හාකො.. තමුසෙ ඔය ඇස් දොන්ත කර කර කතා කරද්දි මං කොහොමද කියනවකො තමුසෙ එක්ක තරහ ගන්නෙ.. "
" ඔන්න පටන් ගත්තා මනමාලකම. ඉක්මනින් යමු. අටටත් ලගයි දැන් "
යොහාන්ගෙ පිටට ගහපු මම කිව්වම ඌ මාව හරියටම අටට විනාඩි දහයක් තියලා නර්සරි එක ලගින් ගෙනත් බැස්සුවා..
" දොලහට ගන්න එන්නම් "
මගෙ ඔලුව අතගාලා යොහාන් එහෙම්මම යන්න ගියා එක්කම මං බලාගෙන වාහන පෝලිමක් නර්සරි එකේ කාර් පාර්ක් එක දිහාවට ඇදෙනවා.ඒ ගැන නොහිතමින් මං ආවෙ ගේට් එකෙන් ඇතුලට.
.......................
" අභිරූ අදනම් ඔයාට මේක තනියම කරන්න බැරි වෙයි වගේ.. "
ඔෆිස් එකට ආව මට කිව්වෙ ප්‍රියංකා ටීචර්. ඇත්ත. සෙනග හිතුවට වඩා ඉන්නවා.
" දරුවත් එක්ක එක පේරන්ට් කෙනෙක්ට විතරක් එන්න කිව්වත් ගොඩක් අය පවුල් පිටින්ම ඇවිල්ලා.. මොනව කරන්නද. පිලිගන්න දවසෙම එහෙම ආපිට හරවලා යවන්නත් බෑනේ. අභිරුගෙ ටීම් එකට කතා කරනවද පොඩ්ඩක් "
" හරි මිස් මං එන්න කියන්නම්. "
මිස්ට එහෙම කියාගෙනම මං ඔෆිස් එකෙන් කලබලෙන් එලියට ගියෙ යොහාන්ට කෝල් එක ගන්න ගමන් වෙද්දි මාව කාගෙද මන්දා ඇගේ හැප්පුනා.. මගෙ ෆෝන් එකත් එහෙම්මම බිම වැටුනා..
ශිහ්. සොරිවත් කිව්වෙ නෑ.. අඩුම ආපස්ස හැරිලා බලපං ඒත් නෑ.. පුදුම මිනිස්සු තමයි..
හැප්පුන කෙනාටත් බැනගෙනම මං වැටිච්ච ෆෝන් එක ආපිට ඇහිද ගත්තා..
" හෙලෝ.. අභී ඇයි? කතා කරපංකො යකෝ.. කෝල් අරන් ගල් ගිලලා වගේ ඉන්නෙ "
වැටුන ෆෝන් එක කනේ තියාගත්තත් මොකද යොහාන්ගෙ මෝඩ කටහඩ එහා පැත්තෙන් කෑ ගහන්න ගත්තා..
" මොකෙද්ද මන්දා මාවත් හප්පන් ගියා යොහාන්. හැප්පුන සැරේට ෆෝන් එකත් බිම වැටුනා මගෙ "
" දෙන්ඩනෙ තිබ්බෙ පයින් පාරක් "
" අහන්නකො යොහාන්. මේක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි පාටයි බං. පුලුවන්ද ටීම් එකේ ලමයි දෙන්නෙක් එක්ක ඔයාට එන්න. "
අයාචනාත්මක හඩින් මං යොහාන්ගෙන් ඇහුවා.. මං දන්නවා.. ඌ ගාව ආයෙ නෑයි බෑයි කියල දෙයක් නෑ කියලා..
" හරි මං එන්නම් සුදූ.. බලනවකො නේද තමුසෙව ආයෙ දකිනව කියන්නේ... පුදුම සතුටක්නෙ ඕයි.. "
" මරු කියවන් නැතුව වරෙන්. මං තියනවා. "
.......................
" මේ බං මේ අර කෙලි පොඩ්ඩ නේද මේ ඉන්නෙ?"
කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් මට යොහාන් පෙන්නද්දි මමත් ඒ දිහා බැලුවා. ඔව් නේන්නම්. මේ අර නපුරු මනුස්සයගෙ ලමයා නේන්නම්.. මං එහෙම්මම ආයෙ සෙනග අතරින් බැලුවත්.. නෑ කෙල්ලව හොයාගන්න මට බැරි උනා..
" ඈහ්හ්හ්හ් ඇහ්හ්හ් ඉහ්ක්ක් අප්.ප.ත්.ති "
ඒ එක්කම අපේ පිටිපස්සෙන් ටිකක් ඈතට වෙන්න මට ලමයෙක් අඩන හඩක් ඇහුනෙ මං ඒ දිහා බලද්දි.
අයියෝ අර චූටි කෙල්ල නේද.. ඒ ලමයා වැටිලනේ.. යොහාන්ටවත් කියන්න සිහියක් තිබුන් නෑ මට. මං කලේ ඒ කෙල්ල ගාවට දුවපු එක වෙද්දි අප්පච්චි හොය හොය අඩන ලමයව මං එහෙම්මම වඩාගත්තා..
" ඔයා වැටුනෙ නෑනෙ පැටියෝ.. ඇයි මේ අඩන්නෙ ම්ම්ම්.. "
" තූල වෙ.ලා.. ඌ.යියා වෙලා.. ඉ.හ්ක් "
චූටි අත් දෙකෙන්ම කෙල්ල මගෙ බෙල්ල වටෙන් අත දාලා මාව බදාගත්තා.. පව් දෙවියනේ.. හරි හැටි ලමයෙක් නලවන විදිහ මට නිතේරුනත් මං ඒ කෙලි පොඩ්ඩව හුරතල් කරන්න පටන් ගත්තා.. ලොකු තුවාලයක් වෙලා නෑ හොද වෙලාවට.. පොඩි සීරීමක් විතරයි..
" මං ෆූහ්හ් කියලා පිම්බොත් ඔයා නාඩා ඉන්නවද? "
ලමයව වාඩි කරලා මං ඇහුවා.. අනේ කදුලු අතරින්ම ඒ පුංචි ඇස් මට ඔව් කියන්න ඔලුව වනද්දි මං හෙමින් හෙමින් ඒ දනිස් වලට පිම්බා.. ඒක කුචි වගේ දැනිලද කොහෙද අඩ අඩා උන්න කෙලි පොඩ්ඩට ටික ටික හිනා යන්න පටන් ගත්තා..
" කෝ රත්තරන් ඔයාගෙ අම්මී අප්පච්චී? "
" අප්පත්ති අම්මිත මාව දීලා තුත්තක් ගීන් එත්තම් කීවා.. පත්තෙ අම්මිත් මත තුත්තක් ඉන්න තූති දූ තීලා ගියා.. "
කෙල්ල කියද්දි මට ඇති උනේ දරුවගෙ දෙමව්පියෝ දෙන්න ගැනම කේන්තියක්.ලමයෙක්ව එහෙමත් දාලා යනවද අම්ම කෙනෙක්..
" මොකද බං මෙතන්ට වෙලා කරන්නේ? "
ඒ එක්කම යොහාන් මගෙ ලගට ඇවිත් ඇහුවෙ මං ඌ දිහා බලාගෙනම උන දේ විස්තර කරද්දි.
" හරි බං කෝ. කොයි ලමයෙක් ගැනද උඹ ඔය කියන්නේ? "
" මේ ඉන්නෙ බං මෙත... යො.යොහාන්. අනේ දරුවා නෑනෙ යොහාන්.. අර. අර බලන්න එයා දුවන්නෙ ගේට් එකෙන් එලියට නේද.. සිකියුරිටිත් නෑ ඒ හරියෙ.. "
යොහාන් ඇහුවත් එහෙ බලලා මෙහෙ බලද්දි මගෙ පපුව සීතල වෙලා ගියා. මගෙ ලග උන්න දරුවා කාටදෝ මන්දා ගෑනු කෙනෙක්ට කතා කරගෙන ඒ ගෑනු කෙනාගෙ පස්සෙන් ඇදුනෙ ඒකත් ගේට් එකෙන් එලියට වෙද්දි බයටම මගේ ඇගම වෙවුලුවා.. නර්සරි එකට පාරෙන් එහා පැත්තෙ තියෙන්නෙ ලොකු ඉස්කෝලයක්. මේ වෙලාවට වාහන කියල කීයක් යනවද. තවත් විනාඩියක්වත් නොයිද මං නර්සරි ගේට් එකෙන් එලියට ආවෙ මගෙ ඇස් නලලට යද්දි..
" අනේ "
දරුවා හිටියෙ පාර මැද..මගෙ හුස්ම නවතින්න ආවා...එහෙන් වේගෙට එන බස් එක.. අනික් අතින් උදේට වැඩට යන්න කලබලෙ එන වාහන.. පුරුද්දක් විදිහට මම කියල කියන්නෙ තනියම පාර මාරු වෙන්නත් බය කෙනෙක්.. ඒත් මට නෙවේ ඒ දේවල් ගානක් උනේ.. වාහන ගොඩක් එනවා කියන එකවත් නොහිතා ලග ලගම ඇදෙන බස් එක පෙනි පෙනී මම පාරට පැන්නෙ කෙල්ලවත් තුරුල් කරන් වෙද්දි අර නැති උනා කිව්ව බය ඉස්සරහින් මූනටඑන බස් එක දකිද්දි ආයෙ ඇති උනේ මාව ගල් වෙලා යද්දි..ඒත්,
" ආහ්හ්හ්හ්හ් "
❤️ ඔව් ඒත් මොකක්ද?
❤️ අලුත් කතාවක් ගෙනාවා.. කියවලා අදහස් දෙන්නෝ.. අනික් දෙකටම වඩා වෙනස් විදිහටම ලියන්න හිතුවා.. මම දන්නෙ නෑ මට ඕන විදිහටම මගෙ අතින් ලිය වෙයිද කියලා.. ඒත් කතාව එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා..
❤️ මේක හැපි එන්ඩින් ලමයි ආයෙ ඒකෙ නෝ ඩවුට්ස් හර්තේ...
❤️ සෙට් නෑ වගේනම් කියන්න.. සෙට්නම් ඒත් කියන්න..
❤️ ආදරෙයී..