Cherreads

Chapter 83 - 83 EXTRA (BOL)

සමහර දවසට ගලන කදුළු කොට්ටෙටත් උහුලන්න බැරි උනා-

එෆ් බී එකට දාපු පෝස්ට් එකට ටින් ටින් ගාන සද්දෙ එක්ක එක එක කමෙන්ට් වැටුනා...මම.මගෙ හිතේ දුක අකුරු කරපුවම තව සමහරු උන්ගෙ දුක මගෙ වෝල් එකේ අකුරු කරලා ගියා

මම ඇදේ ඒ පැත්තට හැරිලා....ආයමත් මේ පැත්තට හැරුනා

අදීශ්....

ඇයි මම උඹ ගාවදි රැවටුනේ අදීශ් ...ඇයි..මම පටලවගත්තෙ අදීශ්.....උඹයි මගෙ අග්නි කියලා ඇයි බන් මම උඹට නැහීගන ආදරෙ කෙරුවෙ.....

ඉෆ්‍රිත්....ඉෆ්‍රිත්....ඉෆ්‍රිත්...

මගෙ ඇස්ගෙඩි දෙක පුපුරලා යන්න ආවා....ගූගල් එක පුරාවටම මම ඉෆ්‍රිත් ගැන හෙව්වා....ඒත් මොනවත් නෑ.....

කාලි ගැන...අග්නි ගැන.....එ දෙන්නගෙ නමක් වත් නෑ...

මම රැවටුනා....

"මට කලින් මාව හොයා ගනින්...."

අග්නීහ්.....අග්නීහ්....ඇයි මට සලකුනක් වත් නොදී වචනයක් විතරක් දීලා ගියේ අග්නීහ්.....උඹට මාව එතනදි තනිකරලා යන්න ඔය තරන් හඩිස්සියිද අග්නී...???

පිස්සු හුත්තා උඹ....අදත් මහ පාන්දර මං ඇහැරුනා ඇහැරිලා වෙනදා වගේම අදත් එයාට බැන්නා .....ඇයි මට වචනයක් විතරක් දීලා සලකුනක් නොදී ගියේ කිය කිය කෑ ගැහුවා.....

මාව වැටුනා....අග්නි කියලා හිතාගන අදීශට උමතුවෙන් ආදරේ කරපු මට අදීශ්ගෙ මරනෙත් එක්ක මාව නැත්තටම නැති උනා....මම පිස්සෙක් උනා...මම උන්මතකයෙක් උනා....අම්මට තාත්තට මාව ගොඩ ගන්න බැරිවෙයි කියන තැනට මම වැටුනා.....ලංකාවෙන් ගියේ එයාව මැරිකරන්න කියලා හිතාගන උනත්....නිදිඇදේම මැරිලා ගියපු අදීශ් හින්දා පිස්සෙක් නොවී පිස්සෙක් උන මම අවසානෙදි ආයම ලංකාවට පය ගැහුවා.....

එක පැත්තකින් අග්නි...අනිත් පැත්තෙන් අදීශ්.....අදීශ්ගෙ ගති ගුන එක්ක මම හිතුවෙම ඒ අග්නි කියලා...මට ආයම අග්නි ආවත් දෙන්න ආදරයක් ඉතිරි නොවෙන තරමට මම අදීශ්ට ආදරේ කෙරුවා .....

අග්නී.....මම උඹව කොහොමද අග්නි හොයා ගන්නෙ....අඩුම මට හීනෙන් වත් පෙනියන්කො අග්නී....සම්පූරන නැති උනත්...අපැහැදිලි පෙර භවෙ මතක එක්ක මට මගෑරුන මගෙ ආදරේ හොයන මම උමතුවෙන් කෑ ගැහුවා.....මට පාලනේ කරගන්න බැරි තරමට තරහා ගියා.....

ඇදේ එහාට පෙරලුන මෙහාට මම පුලුවන් තරන් අග්නිට බැන්නා....මම බයයි...එයාව හම්බුනාම මතක ටික වෙච්ච ටික හැමදේම මට අමතක වෙලා යාවි....ඒත් ..මම බයයි...එයාව හම්බෙන්නත් කලියෙන්ම මට හැම දේම අමතක වෙලා යයි කියලා මට බයයි...

මම නැගිට්ටා...තවත් ඇදේ ඉනන් බැරිම තැන මම නැගිට්ටා ....ලෙහුන නයිට් රොබ් එකත් තදකරලා ගැටගහත්තු මම ඵෝන් එකත් අරන් කෙලිම්ම කුසියට ගියා....

මට නින්ද යන්නෙ නෑ...මට නින්ද යන්නෙ නෑ...නින්ද කියන දේ මට අහලකටවත් එන්නෙ නෑ.....මගෙ හිතට සැනසීමක් ඇත්තෙත් නෑ.....

වයින් ග්ලාස් එකක් ගත්තු මං මහ පාන්දර වයින් එකක් දාගත්තා දාගන හිමින් හිමින් ග්ලාස් එක කරකව කරකව ඔහේ බලන් උන්නා.....කිසිම දෙයක් නැති ගෙදර ඇල්පෙනෙත්තක් බිම වැටුනත් සද්දෙ ඇහෙන තරමට නිහඩවෙලා තියනකොට මං ඵෝන් එක අරන් ආයම උඩ පහල ගියා.....බලන්න දේවල් නෑ.....පාන්දර උනත් සමහරු ඔන්ලයින් උන්නා...

මට වගේම තවත් නින්ද යන්නෙ උන් අනන්තවත් ඇති...

අග්නි ....උඹ කොහෙද අග්නි....මොන නමකින් ඉන්නවද ..මොනවා කරනවද කියන්න මං දන්නෙ නෑ මගෙ අග්නි...

වයින් උගුරක් බීපු මම ආයම ඉෆ්‍රිත් ගැන හොයන්න ගත්‍තා...නෑ කොච්චර බැලුවත් එච්චරම තමයි.....muslim mythology එකක් කියලා විතරයි තියෙන්නෙ....එතනින් එහා නෑ....එතනින් එහා මොකුත්ම නැතිවෙනකොට ඵෝන් එක පැත්තකට දාන්න හදපු මම එක පාරම නටඹුන් වෙලා ගියපු මාලිගාවක් දැක්කා.....

මේක...?

මේ....ක.....

මගෙ අතෙ තිබුන වයින් වීදුරුව අතින් අතෑරිලා කුඩුවෙලා යනකොට මාව ඉබේටම ඉදන් උන්න ස්ටූල් එකෙන් හිට ගැස්සුනා .....

මේක නේද "ඉෆ්‍රිත් දෙවොල" ඔව්මයි..ඒ ඒක අනේමේ ඒකනෙ .....

මං ඒ ඵොටෝ එක ටච් කරලා ඇගිලිවලින් ලොකු කරලා බලන්න හැදුවා ...ඒත් අවාසනාව කොයි තරම්ද කියනවා නම් නින්දයන්නෙ නැති හන්දම ඔබලා ඔබලා තිබුන ඵෝන් එකෙ බැටරිය බැහැලා ඵෝන් එක ඕෆ් වෙලා යනකොට මං ඵෝන් එක අරන් කාමරේට දුවලා චාර්ජ් එකට ගහලා ඵෝන් එක ඔන් කරගත්තා ....

කෝ.....ඒක කෝ....

අනෙ දෙයියනේ ඒක කෝ...

අත ලගට ඇවිදින් අතින් ගිලිහුන මතකෙ එක්ක මට ඔලුව විකාර වෙන්න ආවා ....

ඇයි දෙයියනේ මටම වෙන්නෙ....ඇයි මටම වෙන්නෙ....අග්නි.....උඹයි වැරදි .....උඹට තිබුනා මට පුංචිවත් සලකුනක් දෙන්න...

ඇද විට්‍ටමට හේත්තු උන මම වයින් පාරක් හිටපු සුදුපාට නයිට් රොබ් එක දිහා බලන් ඉදලා වයින් පාර උඩ ඇගිල්ල ගෙනියපු මං එහෙම්ම ආයම ඵෝන් එක අතට ගත්තා ...තව දවස් දෙක තුනයි සිංහල අවුරුදු .....

යන්න තැනකුත් නෑ....

යාලුවෙක් වත් නෑ.....

වෙලාව තවම හතරයි....නින්ද යන්නෙ නෑ...

මට නින්ද යයිද .....එයා කියපු අවසානම වචන ටික විතරක් හැමදාම හීනෙන් පවා ඇහෙනකොට ....

මං එහෙම්ම මිස්ටර් නලින්ට කෝල් එකක් ගත්තා .....කට කපලා නිදි ඇති....හොදටම නින්ද යන වෙලාවනෙ...ඒත් කරන්න දෙයක් නෑ...උඹත් මට වද දුන්නනෙ"සමරවීර....",චුට්ටක් විතර මාත් රිටර්න් එක දෙන්නම්.....

රින්ග් වෙනවා ....පලවෙනි පාර...

දෙවනි පාර....

තුන් වෙනි පාර....

මං ඇදේ ඉදන් සිවිලිම දිහා බලාගන රින්ග් වෙන සද්දෙ අහන් උන්නා...

හ්...හෙලෝ....මිස්...ටර් විතේන් ...

මිස්ටර් නලින් මොකද කරන්නෙ...

....ම්..ම්..

නිදිද?

මගෙ තියන නපුරු කමටම මං නිදි බව දැන දැන ඇහැරවලා නිදිද අහනකොට මර නින්දෙ උන්න නලින් ගොලු වෙලා ගියා එර් අස්සෙන් මට මැවිලා පේනවා මේකා ඇස් පිහ පිහ ඇස් හීනි කර කර වෙලාව බල මට හිතින් බැන බැන ඵෝන් එක කනෙ තියන් ඉන්නවා ...

ඔ..ඔව්..මිස්ටර් ව්...තේන්....මොකක් හරි හදිස්සියක්ද?

ඒකගෙ කටහඩ ඇතුලෙ නිදිමත බේරෙනවා ...මට උඹව නම් ඕනාවටත් වඩා ලේසියෙන් හොයා ගන්න පුලුවන් උනා...ඒත් උඹගෙන් පස්සෙ එකෙක් වත් බැරි උනා....මට වටිනම කෙනාව තවම හොයා ගන්න බැරි උනා...කමක් නෑ ඒකටත් එක්ක උඹ විදවපන් සමරවීර.....

ම්ම්ම්...හදිස්සියක් ..

මොකක්ද ..මිස්ටර් විතේන් ඔෆිස් එකේද....

නෑ..මට නින්ද යන්නෙ නෑ.....මට ආයම නින්ද යන්නෙ නෑ නලින්...

සර්...ස්ලීපින් ටැබ්ලට් ගත්තෙ නැද්ද ..

ඒ මගුල් බිව්වට පස්සෙ කොහොමත් නින්ද යන්නෙ නෑ නලින්....

ස්ස්...සර් මං මොකක්ද ඒකට කරන්න ඕනා...

මොනවා කරන්නද .....තමුන්ට පුලුවන් ආය මුල ඉදන් නිදාගන්න...හෙට අට පහට ඕෆ් වෙන්න බලන් එන්න එපා...වැඩක් තියනවා ..හරි...

ස...ර්...

මං කෝල් එක කට් කරලා දැම්මා ...නින්ද යන්නෙ නැතිම තැන මුලු ගේම වැකුම් කෙරුවා ...මැශින් එකක් තිබ්බත් රෙදි අතේ හෝදන්න ගත්තා .....මට ඕනෙ වෙලාව යවාගන්න වෙනකොට මැදලා තිබ්බ ඇදුම් පවා මදින්න ගත්තා .....අවසානෙදි දෙයියනේ කියලා හය විතර කිට්ටුවේගන එනකොට මං බාතෲම් එකට ගියා ....

වයින් වැදුන නයිට් රොබ් එක රෙදි කූඩෙට වැටෙන කොට ලොකුම ලොකු කන්නාඩිය ඉස්සරහා මං අමු හෙලුවෙන් හිටන් උන්නා....මම මගෙ දිහාම බලන් උන්නා...පිට හරහා ගියපු කලු පාටටත් නැති දම්පාටටත් නැති කෝටු පාරට සමාන උපන් ලපේ දිහා මං බලන් උන්නා....

ඒකකෝටු පාරට සමානයි නෙවෙ ....ඒකයි අග්නි මට ගහපු පාර ....මං ආයම ඉපදිලා තියෙන්නෙත් ඒ සලකුන වගේම සමහර මතක එක්ක වෙනකොට මට සැනසීමක් නැති උනා .....

ටික්....ටික්....ටික්....ටික්....

අත් ඔරලෝසුවෙ තත්පර කටු කැරකෙන සද්දෙ අහන ගමන් මං හිමින් හිමොන් හදාගත්තු නෙස්කෙෆෙ එක තොල ගාන්න ගත්තා ...

මට එයාව හොයා ගන්නම ඕනා...

මේ වචන මට ඇහෙන් නැති වෙලාවක් නෑ...මේ වචන මං මුමුනන්නෙ නැති වෙලාවක් නෑ...එයාව හොයාගන්න කම්ම මට සැනසීමක් නැතිවේවි....

මගෙ අග්නි.....උඹව හොයාගත්තට පස්සෙ මොනවා වෙයිද කියන්න මං දන්නෙ නෑ.....ඒත්..මට ආය නම් උඹව නැති කරගන්න බෑ.....

සමහර විට....මම වගේම උඹත්....කාට හරි ආදරේ කරනවා ඇති...

නැත්තන් කරන්න ඇති....

සලාන් ....

මං නෙස්කෙෆෙ කෝප්පෙ අල්ලා විසික් කෙරුවා ...

මට තරහා ගියා...

මං අදීශ් ව අග්නිට පටලවන් උන්නා වගේම එයත් කාවහරි පටලවන් උන්නොත්??

මනුස්සයෙක් උනාට පස්සෙ එයාගෙ හැගීම් වෙනස් වෙලා තිබුනොත් ...

මං උඹව මරනවා අග්නි!!

මට තත්පරෙන් දෙකෙන් ආවෙස වෙනකොට මං ආයම නලින්ට කෝල් එකක් දාලා අටවෙනකන් ඉන්නෙ නැතුව ඔෆිස් එන්න කිව්වා

උඹත් විදවපන්....

නෙස්කෙෆෙ එක පොලවෙ ගහපු මං දොරත් කඩාගන යන තරම් වේගෙන් වහලා දාලා ඔෆිස් එකට එන්න ආවා....

වෙලාව් යන්තම් හත උනා විතරද කොහෙ ද.....ඒත් මුලු පාරම වාහන බදු අරගන.....

වැඩි හරියක්ම ස්කූල් වෑන්....ට්‍රැෆික් එකට අහු උන මම ස්ටියරින් වීල් එකට ඇගිල්ලකින් තට්ටුවෙ දදා උන්නා වගේම මගෙ කාර් එකට එහා පැත්තෙ තිබුනෙ ස්කූල් වෑන් එකක් ...පොඩි උන් නිදා වැටෙනවා සමහරු නිදි...පව්.....කීයට නැගිටිනවද දන්නෙ නෑ....

ළමයි දිහා බලන් උන්න මම රේඩියෝ එක ඔන් කරලා ඇහෙන නෑහෙන ගානට සින්දුවක් දැම්මා...සින්දුවක් කිව්වට ඒකනම් අධිමාත්‍රාවක් ....තරහා ගිහින් උන්න මට අවංකවම ඒ සින්දුව අධිමාත්‍රාවක් ...

The last of the mohicans.....

එක පැත්තක වාහන යනකොට මං එහෙම්ම ශීට් එකට ඔලුව තියාගන සින්දුවට කන් දෙන ගමන් ස්ටියරින් වීල් එක උඩ තිබුන ඇගිලි එහා මෙහා කෙරුවා වගේම බාගෙට ඇරලා තිබුන ශටර් එකෙන් එහෙ මෙහෙ බැලුවා ...

-SALOON NIYO-

වටපිට බල බල උන්න මම සැලුන් එකක බෝර්ඩ් එකක් දැක්කා...

සැලුන් කාරයො වැහිවැහැලා....තව අඩි දෙකක් තුනක් ඉස්සරහට ගියහම චාන්දනී බන්ඩාරගෙ සැලෝන් එක.....

මේ දෙකටම මැදින් තවත් සැලුන් එකක්....

හැබැයි..මෙහෙම එකක් තියනවා ඔය වයසක ඩයල් ඉන්න ඒවට මිනිස්සු කියන්නෙ බාබර් සාප්පු කියලා ඇහිබැමක් හැදුවත් සල්ලි මිටියක් ගන්න ඒවට තමයි මිනිස්සු සැලෝන් කියන්නෙ.....

රතු....කොල.....කහ...

ඔන්න ලයිට් එක වැටුන....අපි ගියා....

සැලුන් එක දිහා ඇස් කොනකින් බලන් උන්න මම එන්න ආවා.....වාහන තද බදේ ට්‍රැෆික් අස්සෙ මං එන්න ආවා...

කොළඹ මිනිස්සුන්ට හුස්මක් ගන්නවත් වෙලාවක් නෑ.....

ගන්න හුස්මෙත් දුම පිරිලා.....

-AVON COSMETICS -

එවෝන්...කාර් එකෙන් බැහැපු මම එවෝන් කොස්මැටික්ස් කියලා ගහපු බෝර්ඩ් එක දිහා බලන් උන්නා.....එවෝන්..

ඒ නම දකින වාරයක් ගනෙම මට හුස්ම ඇතෑරපු අදීශ් ව මතක් උනා....

මට සමාවෙන්න .....

ඒත්....අග්නි නෙවේ උනත්...මගෙ ගාව උන්න කාලෙට මට දීපු ආදරේ අංශුවක් ගානෙම ස්තූතියි අදීශ් ...

මං එහෙම්ම මගෙ මූන දිහා බලන් ඉදලා ඇතුලට එන්න ආවා...

ගුඩ් මෝර්නින් සර්...

මෝර්නින් ...

තවම කවුරුත් ඇවිත් නැති උනත් මාව දැකපු ගමන් සිකියුරිටි මනුස්සයා ගුඩ්මෝර්නින්ග් කියලා හිටගන්නකොට මන් මෝර්නින් කියාගන මගෙ කැබින් එකට එන්න ආවා...

ක්ලීනර්ස්ලා ක්ලීන් කරනවා....

ලැවැන්ඩර් සුවදයි .....

එයා ෆ්‍රෙශ්නර්ස් වල සුවද හතර වටම යනකොට මං මගෙ කැබින් එකට ගිහින් විනාඩි පහක් ඉදගන උන්නා....

මට ඔෆිස් එකේ ඉන්න හිතක් නෑ....

මං බලන්න ඕන හැම තැනකටම වෙලා බලන් උන්නා.....

මතකෙ අමතක වෙයි කියන බයට නලින්ව ඇදන් බොරු හේතු කිය කිය කතරගම ගියා ...මං කතෝලික උනත් එක එක හේතු කිය කිය මං එහෙ ගියා ...මං බලන් උන්නා එයා ඒවි කියලා ....

මට දැන් දැන් එයාගෙ රූපෙ පවා අමතක වේගන එන්නෙ....මතක ටිකත් දැන් බොදයි වගෙ.....ඕකත් නැති උනොත් මට කවදාවත් අග්නිව දකින්න වෙන්නෙ නෑ.....

තවත් විනාඩි දහයක් උන්න මං එහෙම්ම නලින්ට කතා කෙරුවා .....අටට කලින් එන්න කියපු නලින් මගෙ වචන නම් වචන හින්දමද කොහෙද එන්න කියන පමාවට ඇවිදින් තිබුනා වගේම මං කතා කරපු ශනික කැබින් එකට ආවා.....

ගුඩ් මෝර්නින් මිස්ටර් විතේන් ...

මෝර්නින්

මිස්ටර් විතේන් ...කතා කෙරුවෙ ...

සිංහල අවුරුද්ට දවස් කීයක් නිවාඩුද....

මං ඉදගන ඉන්න ගමන් මගෙ ඇගිලි වලින් කලවයට තට්ටුවක් දානකොට නලින් මං දීපු නිවාඩුවත් කැන්සල් කරයි කියලා බයේ බිම බලාගන ඉද්දි මං කතා කෙරුවා ..

සතියක් ගන්න පුලුවන් ..

ස්ස්...සතියක් ...

ඇයි එපාද...පඩි පිට.....

හ්..හා .....සර් .....ගන්නන්..

හරි...දැන් ගමනක් යන්න ලැහැස්ති වෙන්න...හෙට මට ඩොක්ටර් ගාවට යන්න appointment එකක් දාන්න නලින්....

සර් ආයමත්....පෙරේදනෙ

තමුන්ට පුලුවන්ද ගෙදර ගියහමත් මාත් එක්ක රෑ එලිවෙනකන් මල් කඩන්න ම්ම්ම්....නින්ද යනකන් විහිලු කතා කියන්න....ම්ම්ම්ම්ම්...වයිෆ් ගාවට නොයා මගෙ ෆ්ලැට් එකට එක ඇවිත්...මාත් එක්ක...ම්ම්ම්...ම්ම්....

ම්..මිසක් ව්...විතේන් ....

තමුන් කැමති නම් ඩොක්ටර් ගාවට නොයා ඉමු...

නෑ මිස්ටර් විතෙන් මං දාන්නම්...

මං කටකොනකින් හිනා වෙනකොට රෑට මාත් එක්ක නිදාගන්න ඇහුවට බය උන් නලියා ඒකගෙ නෝට් පෑඩ් එකට කොටාගන කොටාගන ගියා ....

මිස්ටර් විතේන් තව.....

තව මොකුත් නෑ...මාත් එක්ක දැන් කුරුනැගල යමු....

කුරුනෑගලට

ම්ම්ම්.....ඇයි බැරිද.....බැරිනම් තමුන්ට පුලුවන් සිංහල අවුරුදු දාත් වැඩ කරන්න...ඔෆිස් වැහුවත් ෆැක්ටරි එකට යන්න...ඒත් අමාරු නම් මගෙ ෆ්ලැට් එකට එන්න.....හැබැයි මගෙ ගාවට ආවොත්

නෑ මිස්ටර් විතේන් ....ප්‍රශ්නයක් නෑ.....අපි යමු....

අන්න රයිට්....මගෙ බේබී බෝයි...ටයි එක හදාගන්න...හරියට බදින්න බැරි නම් මගෙ ගාවට එන්න ...

මං නලියා දිහා බලලා ටයි එක බදින්න බැරි නම් මගෙ ගාවට එන්න කියනකොට මේකා අර හොදට තිබ්බ ටයි එක ගිරිය ගාවටම තද කරගන්නකොට මං බ්ලේසර් එක ගලවලා එයාගෙ අතට දෙන ගමන් කැබින් එකෙන් එලියට එනකොට නලියා මට වඩා මීටරයක් පස්සෙන් ආවා..

මිස්ටර් විතේන් ....

ම්ම්ම්....

මෙතනින් කොහෙටද ....

යන්නෙ කොහෙටද ඇයි යන්නෙ කියලා වත් හේතුවක් නොකියම එක්කන් ආව නලින් කුරුනෑගල බස් ස්ටෑන්ඩ් එක ගාවදි මෙතනින් කොතනටද අහනකොට මං ඈතින් පේන ඇතුගල දිහා විනාඩි ගානක් බලන් උන්නා....

මිස්ටර් විතේන් ...

ම්ම්ම්....

ඇයි...මේ.....

මොකුත් නෑ.....

නලින්ගෙ කටහඩ මට චුට්ටක් සමීප වෙනකොට මං මොකුත් නැහැයි කියන්න ඔලුව වනලා ඇතුගල දිහාවට ඔලුව හැරෙවලා එහෙ යමු කියනකොට නලින් ඉන් එහා වචනයක් නොකියම ඩ්‍රයිව් කෙරුවා ...

උක්කුවා ....

හුගාක් දේවල් මතක් නොවුනත් .....උක්කුවගෙ අහිංසක ඇස් දෙක තත්පරේකට මගෙ ඇස් පනාපිට ඇදිලා මැකිලා ගියා ...

සමාවෙන්න කාලි ....උක්කුවා මැරිලා තියෙන්නෙ මං හින්දලු...

කාලිගෙ සාපෙ දරුනු උනේ ඒකයි ..මොනා වෙලා මැරුනද කියන්න නොදන්නවා උනත්...උක්කුවගෙ මරනෙට හේතුව මමයි.....

සර්.....

ම්ම්ම්ම්

හදුන්කූරු ...

කවුරුත් නෑ....මිනිස්සු මෙහෙට එන්නෙ නම් හවස් ජාමෙට වෙන්න ඇති....

මගෙ අතට දුන්න හදුන් කූරු දිහා බලාගන මං පාලුවට ගියපු පන්සල් වත්ත දිහා බලන් ඉදලා එහෙම්ම හදුන් කූරු අවුලලා පූජ කෙරුවා ....

අනෙ බුදු හාමුදුරුවනෙ.....එයි කියලා හිතෙන හැමතැනම මං බලන් උන්නා...මට එකම එක ලකුනක් වත්...පොඩි සලකුනක්වත් දෙන්න හාමුදුරුවනෙ ....

මං අත් දෙක වැදගන ඇස් පියාගන බුදු හාමුදුරුවො ඉස්සරහා මගෙ හිතේ ගින්දර ගැන එක දිගට කන්නලව් කෙරුවා ...මට අග්නිගෙ ලකුනක් හරි දෙන්න කිව්වා ...මොකද මං හිතෙ හංගන් ඉන්නෙ එසේ මෙසෙ වේදනාවක් නෙවෙ....

අනෙ සෙනෝන්...මේ හදුන් කූර අපෙ නිතේස් අයියට දෙන්න....

.....

යෝ.....හ් කන් ඇහෙන්නෙ නැද්ද සෙනෝන්.....හදුන් කූරු අවුලන්නයි අර අඩන ලමයගෙ ගැන බලන්නයි ඔයා ගැන බලන්නයි ඔක්කොම කරන්න බෑ සෙනෝන්...මට හරියට වැඩ....අහකට...අහකට වෙන්න ...යෝහ්....අහකට අප්පා....නිතේස් අයියෙ මේ හදුන් කූර ගන්න පුතේ....

😂😂👉👈

මුව පැතියා බුජි

මම..

Ferdeesha ❤️💚😘 ...

More Chapters