Cherreads

Chapter 43 - 43

...තාන්....අග්ගියෙ තුත්‍තන්...කෝ...කෝඑත අග්ගියෙ ...

"චුට්ටන් තාම බයිය පුතා වෙලා ඇති..."

නා....නේ.....තුත්තනුත් නානෙ....

"මොනවද චුට්ටනුත් නැත්තෙ...."

තුත්තනු..ත්...ම්ම්...පුතා...නානෙ....

"චුට්ටන් පුතෙක් නැතුව මොකෙක්ද ..."

නකෙක්....නේත ..ආ...අග්ගියේ...අප්පුච්චියේ.....ම්හුක්....අග්..ගියේ ...නකෙක් නේත...ඔව්.....නකෙක්....

"වැටෙයි..වැටෙයි මගෙ පුතාව දැන්....."

අග්....ගි....යේ...

"ඕ....."

මගෙ ඔලුව ඇතුලෙන් මට දරන්නම බැරි තරම් වේදනාවක් දැනෙනකොට මගෙ වැහිලා තිබුන ඇස් වල එකට ඇලිලා තිබුන පිහාටු මං හරි අමාරුවෙන් ගලවගන්න හැදුවා ...

ලබ් ඩබ්....

ලබ්....ඩබ්....

හදවත ගැහෙනවා .....

මුනින් අතට උන්න නිසාදෝ මෙට්ටෙට තද වෙලා තිබුන පපුවෙන් හදවත ගැහෙන හැටි මට දැනුනා .....ඔලුව පැත්තට හරවන් උන්න හන්දා මට යට වෙලා තිබුන නලලෙ පැත්තෙන් නාඩි වැටෙන හැටි ඇහුනා...එක්කෙ දැනුනා.."චස්..

චස්..චස් "ගානවා....

මං හුස්ම ගන්නවා කෙම්මුරක් ගෙවිලා ගිහින් අවසානෙදි මං හුස්ම ගන්නවා....ඒත් මට නැගිටින පන නැ....වැහුන ඇස් ආයම ඇරගන්න ඇත්තු දහකගෙ වත් හයියක් ඕනා කියලා හිතෙන තරමට මං අඩ පන වෙලා උන්නා....මම ජීවත් වෙනවා කියන්න මට දැනුන එකම දේ මම හුස්ම ගන්න එකයි ඒ දෙන්නගෙ කතාව ඇහෙන එකයි විතරක් වෙනකොට මගෙ සර්වාංගෙම මැරිලා ගිහින් කියලා හිතුනා....ඒ තරම් මම අඩපන වෙලා...

අප්පුච්චියෙ.....

"ම්ම්ම්..."

අප්පුච්චියා..මේ...බයි...බයි..තාම....අයි...

බයි.....තාම....

"අප්පුච්චියට මහන්සී....ඒකනෙ...."

ම්ම්ම්....අයි...ඒ....මාන්ති.....අයි...ඒ...ඕ....

අප්පුච්චියෙ...අග්ගියෙ....

" යෝ.....හ්....මේකොල්ලෙක් හදාගන තියන කරදරයක් ....නවත්තන්නෙම නෑ කටර් එක මගෙ....."

ඔව්...කරතරයක්...ඔව්....නේ....අග්ගියෙ ....අප්පුච්චියා කරතරයක්.....

නිඛිල්....එයාගෙ කටට සැනසීමක් දුන්නෙම නැද්ද කොහෙද .....පුංචි එකා ගිරවෙක් වගේ කියවගනම ඉන්නකොට අග්නිට උත්තර දිලා මහන්සි හැදුනා...මට නැගිටින්න ඕන...එත් නැගිටගන්න බෑ....කතා කරගන්න ඕනා....ඒත් කට ඇරගන්න බෑ....කොටිම්ම කියනවා නම් මම නාඩි වැටෙන මලකදක්....

ම්ම්ම්....හ්...අ....ග්.....නී...

තත්පර ගානක්....එකම එක වචනයක් කියා ගන්න මම දත කාලා දත කාලා අවසානෙදි වචනෙ පිට කරගත්තා ..මගෙ උගුර නිකන් රේක්කෙකින් (ගදාලෙකින්) හූරලා වගේ දැනුනා..කටහඩ එනකොට නුලු උගුරම දැවිල්ල ගත්තා ...

" මගෙ ශිවන් ....."

එයා කතා කෙරුවා ....ඒ කටහඩ.....එයාගෙ කටින් මගෙ නම කියවෙනවා ඇහෙනකොටත් මගෙ හිත නිවෙනවා...වෙලාවකට මට හිතෙනවා අග්නි යක්කෙක් උනේ මහ බඹාට වැරදිලාද කියලා ...

අග්නි....වචනයේ පරිසමාප්තියෙම්ම මෙල්ල කරන්න අමාරු අශුද්දයෙක්....ඒත්.....මට හිතාගන්න වත් බැරිතරම් ...හිමාල කන්දටත් වඩා උසට ඒ යක්ශ හදවත අස්සෙ නිඛිල් නමින්...මගෙ නමින් ආදරේ තිබුනා....අවංකවම .....එයා මගෙ ශිවන් කියල මාව එයාගෙ පැත්තට පෙරලනකොට ඒ මගෙ ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තා ....

" උඹට අමාරුයි මැනිකෙ....මං උඹ වෙනුවෙන් කඩවරට යාදින්නක් කෙරුවා ....උඹ වෙනුවෙන් මම කඩවර වෙනුවෙන් ගොටුවක් ඊසානෙට තිබ්බා.....කඩවරත් යකෙක් උන එකේ...උඹේ අග්නිගෙ ගොටුව නොගෙන ඉන්නෙ නෑ මැනිකෙ....".

අග්නි කියවනවා මම උන්නෙ එයාගෙ අත් ගොබේ උඩ ..නිඛිල් මුලු අල්මාරියෙම රේදි ඇදලා මම ඔෆිස් අදින බ්ලේසර් එකක් දාගා උන්නා...කොල්ලගෙ අත් කකුල් කොහෙද හොයන්න බැරු වෙනකොට ඒකා පුංචි භූත පැටියෙක් වගෙ පෙනුනා.....

මම අග්නි දිහාවට මගෙ ඇස් කැරකෙව්වා .....උගුරු ගැටෙ ඉහල යනවා පහල යනවා ..මගෙ අග්නිට තිබුනෙ ඇල්මැරුන පාටක්....ඇත් දල කහ වත්...කිරිගරුඬ පාට වත් නෙවෙ නිලට හුරු ඇල්මැරුන පාටක් වෙනකොට මං දැක්කා එයාගෙ උගුරු දන්ඩ ගාව පාරවල් දෙක තුනක් තිබුනා.... මං තවත් පහලට ඇස් කැරකෙව්වා....එයගෙ සර්වාංගෙ පුරාවටම පාරවල් තිබුනා....සීරුම් පාරවල් ...දත් පාරවල් ....ඒ ඇස් රතුම රතු වෙලා තිබුනා...

අග්නිට මෙහෙම නම්...මගෙ ඇගෙ ඇට නැහැ වගේ දැනෙන එක සාදාරන නැද්ද....එයා කිව්වා අද මම කලාවැවට යන්න ඕනා කියලා ..කඩවර ගොටුවක් දෙන්න ඕනා කිව්වා ....ඒත් ...ඒ හැම දේම වැලකුනා.....එයා බලන් උන්නා....කෙම්මුරක් එනකන්...එයා බලන් උන්නා මම එයාට යට වෙනකන් ...

යක්කුන්ටත් හැගීම් දැනීම් තියනවා මැනිකෙ....ඒ එයාගෙ වචන ඒත් ඒ වචන මතක් වෙනකොට මට මහ වේදනාවක් දැනුනා ...එයා මොකුත් නොකියම මාව අත ගානවා ..මං දන්නවා මගෙ සර්වාංගෙ පුරාවටම තැලුම් පාරවල් ඇති.....මං ඇස් පිල්ලමක් වත් නොගහම අග්නි දිහා බලන් උන්නා....

අග්නී....

මං කතා කෙරුවා ...ඒ වචන කනට ඇහෙනවා තියා මටවත් ඇහුන් නැද්ද කොහෙද ....ඒත් එයා මට උත්තර දුන්නා ....කටින් නෙවෙ ...ඇස්වලින් ....ඒ ඇස් කතා කරනවා ....එයාට තිබුනෙත් අඩවන් වෙච්ච ඇස් දෙක වෙනකොට අඩවන් ඇස් හැම වෙලාවෙම කතාවක් කිව්වා ....

අග්නී....ඔයා මට වෛර කරනවද අග්නී.....

මං එයාගෙන් එයා මට වෛර කරනවද ඇහුවා ...එයා බැන්නෙ නෑ....රැව්වෙත් නෑ....මොකද ඒ තරම් වේදනාවක් මගෙ වචන අස්සෙ හිර වෙලා තිබුනා ....මන් මගෙ අත එයාගෙ පපුව උඩින් තිට ගත්තා .....හැගීම් අවුස්සවන්නද....නැති නම් ආදරේ හන්දද....මං ඔය හැගීම් දෙකේම මැද හිරවෙලා උන්නා ...

"මොන හේතුවටද මං උඹර වෛර කරන්නෙ මගෙ ශිවන් .....?"

මං...හන්දා ....කෙම්මුරක්....ගෙවුනා ...ඔයා බලන් උන්නා .....මමත්.....බලන් උන්නා...ඒත්....අවසානෙදි ....

මං කතා කෙරුවා ...කරන්න හොද නම් කියන්න ඇයි බැරි...මොකටද මං ලැජ්ජා වෙන්නෙ.....එයා ගාවදි නූල් පටක් නැතිව ඉන්නවා නම්...ඇයි දැන් බැරි. ..

"ඒක වෙලා ඉවරයි ....ආයඒ ගැන කතා මොකටද ශිවන් ....ඇරත්.....මේ ජීවිතේට තියෙන්නෙ එක කෙම්මුරද.....මං කල්පයක් උඹ වෙනුවෙන් බල්ස්න් උන්න එකෙක්....එහෙව් එකෙ කෙම්මුරක් එනකන් බලන් ඉන්න එක මහ දෙයක් නෙවෙ ...ඒ කෙම්මුර පැන්නම....මට උඹ එක්ක එක්කාසු වෙන්ඩ ආයම කෙම්මුරක් එනකන් බලන් ඉන්න ඕන් නෑ...හිතෙන්නෙ කොයිවෙලේද ..ඉඩක් නොතිබුනොත් මට උඹව කටු ඉඹුලට උනත් අරන් යන්න පුලුවන් මැනිකෙන් ....."

අග් නී...

මට කෙදිරි ගෑවුනා ...අග්නිගෙ වචනත් එක්ක මට කෙදිරි ගැවුන..එයා කිව්වෙ හිතුන වෙලාවට එයාට මා එක්ක ඉන්න පුලුවන් කියන එක වගෙම ඉඩක් නොතිබුනොත් මාව කටු ඉඹුලට උනත් අරන් යන්න පුලුවන් හිතෙනකොට මට මොහාන් රාජ් ගෙ බුන්නිව මතක් උනා....බුන්නිවත් ඒකිගෙ වාහෙ කැලේ අස්සට කරපින්නන් ගියා....රාජ මාලිගාවෙ ඉදපු බුන්නි දස්කොන්ප්‍රමිලා හුටපටෙන් අවසානෙදි වැටුනෙ රොඩී ගොඩජ් මැදට වෙනකොට ඒකිගෙ මූනටම උන් වේසාපද කිව්වා ....

මම අග්නිගෙ මූන දිහා බැලුවා....මම බුන්නිත් නෙවෙ....මගෙ අග්නි රොඩියෙකුත් නෙවෙ...එයා මට වෛර කර්න්නෑය කිව්වා..ඒ උනත් මගෙ හිත බිදෙන්න ඕන උපරිමේටම බිදිලා තිබුනා..කාමරෙ අස්සෙදි ඇගට කා වැදුන කලුහෙවනැල්ල.මොකාද කියන්නවත් නොදන්න මට එතනින් එහා මොනවද උනේ කියන්න තිබ්බෙම අඩ මතකයක් වෙනකොට මට අග්නිගෙ අතේ කදින් වෙන් කරපු ඔලු ගෙඩි දෙකක් තිබුනා මතක් උනා.....

අග්නී....

" ම්න්...."

මේ..හැම දේම විසදුනෙ....කොහොමද අග්නි....මට...අඩුම ගානෙ..මට වැහුනෙ...මොකියක්...ද..කියන්නවත්...මතක නෑ...අග්නි.....

මම හරි අමාරුවෙන් එයගෙ පැත්තට හැරෙනකොට මගෙ කකුල වැදිලා එයාගෙ ඉනකඩේ ගැලවිලා ගියා....ඒක බුරුල් උනා...මම එහෙම්ම ඇස් දෙක පහලට බර කරලා බැලුවා ....විදින්න තහනම් පැනවුන ඉනෙන් පහල ඔහේ තිබුනා .....කෙම්මුරක් ලන් වෙනකොට අග්නි උන්නෙම ගිනියම් වෙලා වගෙ වෙනකොට කෙම්මුරේ හද පායපු රෑ මම...එයා උන්නෙ ඇද මෙට්ටෙ උඩ යුද කරන්න උනත් . ..අවසානෙදි අපි දෙන්නටම උනේ යක්ශ හැත්තක් එක්ක පොර බදන්න.....

මම එක දිහා බලන් උන්නා..." ඒක...." මට ඒක කියනවා ඇරෙන්න වෙන නමක් මතක් උනේ නෑ..."ඒක...."ඒක ඇතුලෙ හැගීම් හුගාක් හංගන්න පුලුවන් .....අවංකවම මම ඒකට මොකක්ද කියන්නෙ...මට ඒකට කොහේවත් යන කුප්ප කතාවක් කියන්න හිතුන් නෑ...අවලන් කම...අසමජ්ජාති කම...සක්කිලි කම.....මේ ඔක්කොම පැත්තකට දාලා මට හිතුනා අවසානෙදි කවියෙක් වෙන්ඩ...ලියන්නෙක් වෙන්ඩ...මොකද ඒ මිනිස්සුන්ට විතරයි ...මේ ලෝකෙ අචේතනික දේ පවා සචේතනික කරන්ඩ....ඉදිලා ගියපු...ගහකින් වැටුන...වේලිලා මැරිලා ගිය කොලයක් අරන් කවියෙක්ගෙ අතේ හරි...ලියන්නෙක්ගෙ අතේ හරි ගුලි කෙරුවොත් .....උන් ඒ මැරුන කොලේට පවා පන කවනවා...කියවන එකාව කරකවලා අතාරිනවා....

මට හිතුනා ඒකට ඒක නොකියා වෙන දෙයක් කියන්න..සල්ලාකමට වත්...අමනකමට වත් සක්කිලිකමට වත් නෙවෙ...මට හිතුනා..මිනිස්සුන්ගෙ ගැහෙන හදවතාට පස්සෙ හැගීම් හංගන් උන්න තැන ගෑනුන්ගෙ රස ගුහාවයි...පිරිමින්ගෙ මේ විශ්ව දන්ඩයි කියලා ....

ලෝකයක් තනන්ඩ නම්...මේ දෙක නැතුව කොහොමද...

මම ඇස් පිල්ලම් නොගහම බලන් උන්නා...අදන කඩේ තවත් එහා මෙහා ගියා...මම ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම අත තිබ්බා...ඒත් ඒකෙ හැගීම් මැරිලා තිබ්නා ..ගිය කෙම්මුරේදි අතට අහු උන යගදාව අද වෙනකොට මටසිලුටු වෙලා තිබුනා...

අග්නී.....

මම අතින් අල්ලලා අතේ අල්ලට ගුලි කරගන මගෙ අතේ රස්නෙ අග්නිට දැනෙන්න දෙන ගමන් අග්නි දිහා බැලුවා ...එයාගෙ ඇස්ගැස්සුනෙ වත්....එයා කෙදිරි ගෑවෙ වත් නෑ ....එයා අඩුම ගානෙ එපා කිව්වෙ වත්...ලැජ්ජා උනේ වත් නෑ.....

අග්නි....මෙතනත් හැගීම් තියනවා .....එහෙම නේද අග්නි . .

මම හරි හිමින් වචන එකතු කෙරුවා .....

"ම්ම්ම්....උඹ හරි....එතන හැගීම් තියනවා ....මෙන්න මෙතන වගේම....එතනත් හැගීම්.තියනවා..."

එයා ඒක පිලිගත්තා .....මගෙ අත ලතාවකට උඩ පහත යන්න ගත්තා ..මං දන්නවා...මගෙ අත කැඩිලා යනවා.ඇරෙන්න මට අග්නිගෙන් දාතුවක් පන්න ගන්න ලේසි වෙන්නෙ නැහැයි කියලා ....අර සංසාරෙම එපා වෙන හැගීම..කවදාවත් මගෙ අතින් අග්නිට දෙන්න බැහැයි කියලා ..එයාගෙ සුරතාන්තෙ එයාට දරාගන්න බැරු වෙනකොට මම කොහොමද අග්නිගෙන් ධතුවක් පන්න ගන්නෙ.....

මගෙ අරමුන මොකක්ද කියන්න මට තේරුමක් නෑ...පුංචි එකා කාමරේ පුරාවටම ඇවිදලා ඇවිදලා එයාගෙ පාඩුවෙ බිස්කට් එකක් හපන්න අරන් තියන කොට මම මගෑරුන කෙම්මුරේක හැංගුන උනුහුමක් වත් තියනවද බැලුවා.....නෑ....ඒත් නෑ.....අතට දැනෙන බර වගේම මටසිලුට්ට ඇරුනම හැගීම් නහර ඉලිප්පෙන්න හිතුවෙ වත් නෑ....

ගැහැනු නිවෙන්නම පිරිමින්ගෙ හති අස්සෙ.....එහෙම කියලා හිරූ අනූපම පොතක පිටුවක අකුරු කරලා තිබුනා....ඇයි විතරක් ...මමත් නිවෙන්නෙ මගෙ අග්නිගෙ හතිය අස්සෙනෙ.....පිරුන පපුවට මූන ඔබාගන...අනේහ් ..අග්නී...ගාන වාරයක් ගානෙම යටි බඩ ඇතුලෙ වෙන පෙරලිය වේදනාවක් උනත්....අග්නි සැරින් සැර්‍රෙම මගෙ මැනික කියලා කියනකොට කලවයන් දෙක සියපාරක් වෙව්ලුවත් මට වචන හයිය දුන්නා...

මම ඔහේ පිරිමැද්දා ...ඒත්..තතපර විනාඩි ගානක් යනකොට මගෙ අතට මහන්සියක් දැනෙනකොට මම අත අහකට නොකර එහෙම්ම තියාගන අග්නිගෙ මූන දිහා බැලුවා....ඒ මුනෙ හැගීම් කලින් වගේමයි....බැරි වෙලාවත් එයා මට ඒ දේකෙරුවා නම්...මම සංසාරෙම එපා වෙනවා කියන වචනෙ සිය පාරකට වඩා එලියට දාලා.....

" ශිවන්...."

ම්ම්ම්...

එයා මට කතා කෙරුවා ....මගෙනුත් සද්දයක් නැති තැන එයා කතා කෙරුවා ....එයා සම්පූරනම උඩ බෙලි අතට හැරුනා.....ඒ දැන් මම ඉන්නෙ එයාගෙ ඇගට බර් වෙලා එක ඇලේකින් වෙනකොට මම අහම්බෙන් දැක්කා ඉර එලිය රෑන් රෑන් අම්මලාගෙ කාමරේ ඇතුලට වැටෙනවා....

එතන උලු කැට නෑ බිදිලා ගිහල්ලා.....මම ආයම අග්නි දිහාවට හැරුනා.....එයා උන්නෙ වහල දිහා බලාගන....අවසානෙදි එයා කතා කෙරුවා ....

"උඹ හරිඑතන හැගීම් තියනවා....ඒත්..මගෙ අප්පට බැරි උනා...ඒ හැගීම් අම්මට දෙන්න...එහෙම උනානම්.....මගෙ බඩ වැල මට මගෑරෙන්නෙ නෑ .....ශිවන්"

අග්නී.....

මට මොකක්ද වෙලා ගියා.....එයා කිව්වා ...එයාගෙ අප්පට හැගීම් දෙන්න බැරි උනා කියලා ....අග්නි....අග්නි කියන්නෙ වෛරයෙන් වේදනාවෙන් බලෙන් හැදුන කෙනෙක්.....කොයි විදිහෙන් බඩට ආවා උනත්..උනහපුලු අම්මට උගෙ පැටියා මැනිකක් කියනවා වගේ...අග්නිග් අම්මට...අග්නි කියන්නෙ.ඒ වගේ වෙන්න ඇති...නැත්‍තන් හැගීම් නැතුව ඉපදුන කෙනෙක්ට හැගීම් කවන්නෙ කොහොමද ....

මම එහෙම්ම චුට්ටක් ඉස්සිලා එයාගෙ කම්මුකලට හාදුවක් තිබ්බා....එච්චරයි ....හැබැයි එය ආපිට මට හාදුවක් තිබ්බෙ නෑ...

අග්නී.....

"ම්න්...."

මට කාව හරි වැහුනා අග්නි...ඒ කව්ද...අග්නි....ඒත්...ඒ කව්ද...කියන්න දන්නෙ නෑ අග්නි...ඒ හැම දේම බොද උන හීන වගෙ..මට...කියන්නකො....වැහුඅ එකාගෙන් මාව.බේරෙ ගත්තෙ මොකාද කියලා .....

මම අග්නි දිහා බලාගන වෙච්ච දේ කියන්න කියනකොට එයා මගෙන් මුන හංග ගත්තා .....අනෙ ඇයි ඒ....එයාටත් ඒක මතක් වෙනකොට බයයිද ....

"මට සමාව දෙන්න බැරි වරදක් මගෙ අතින් උනොත්....උඹ මොකක්ද ශිවන් කරන්නෙ.....?"...

අ..ග්...නී....

මගෙ උගුර මැදම කෙල ගුලියක් හිර උනා..... එයා හරි අමුතුයි...ඒ කටහඩ .....ඒ බැල්ම.....කොටිම්ම කියනවා නම්...මගෙ අග්නි අද අමුතු උනා ....ඇගෙ කොච්චර අමාරු කම් තිබුනා උනත් මාව එක පාර නැගිට්ටවිලා ඉන්ද උනා...එයාගෙ ඇග පුරාවටම තිබුන පාරවල් නිල් වෙලා තිබුන දත් පාරවල් ....නියපොතු පාරවල් ...තැලුම් පාරවල්.....මේ හැම දේම දිහා බලන් උන්න මගෙ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙන්න ගත්තා ...

"උඹ...මාව දාලා යනවද ....ශිවන් ...."

අග්නී.....කියන. ..දෙයක් ....තේරෙන්ඩ කියන්ඩකො අග්නි .....පින් අයිති වෙයි ....මොන මගුලද උනෙ...මොන මගුලද කෙරුවෙ කියලා .....

මම එයාගෙ උරහිස් වලින් හෙලෙව්වා .....කියන්න තේර්‍ර්න්නෙ නෑ.....මට මහා අමුත්තක් ...මහා බයක් දැනෙන්න ගත්තා ...කොටිම්ම....මගෙ අග්නි වෙනදා වගේ නෙවෙ කියලම මගෙ හිත කියනකොට මම අග්නිගෙන් වදකර කර මොකද උනෙ අහනකොට එයා ගැල උන ඉන කඩේ ආයම ඇදගන නැගිට්ටා...නැගිටලා ජනේලේ ගාවට ගියා.ගිහින් හිටගත්තා .....

උඩට ඇදුමක් නැති...ඉන කඩෙ පිටින් උන්න අග්නිගෙ සම්පූරනම කොන්ඩෙ එයා උඩට කරලා ගැටගහන් උන්නා....ඒ පිට පුරාවටම සීරුම් පාරවල් තිබ්බා...හැබැයි....ඊලග තත්පරේදි මාව නිකන් මොකක්ද වෙලා ගියා.....ඒ හැම සීරුම් පාරක්ම තිබුනෙ පිට දෙපැත්තෙ විතරයි ...පිට මැද නෑ....හරියටම ඉස්සරහ පැත්තෙන් බදාගත්තම අපි අල්ලගන්නව වගේ.....

..අග්නී....

මම අග්නි ගාවට ගියා...ඇගපත ඇත්තු පාගලා වගේ වේදනා දෙනකොට මම නොන්ඩි ගගහම අග්නි ගාවට ගිහින් එයාගෙ අත් ගොබෙන් අල්ලලා මගෙ පැත්ත හරවගත්තා ....ඒත් එයා මගෙ ඇස් මගාරිනවා...එයා මොන මගුලක්ද දෙයියනෙ කරලා තියෙන්නෙ...මොඅ මගුලක්ද මගෙන් හංගන්නෙ.....එයාට සමාව දෙන්න බැරි වරදක් කෙරුවොත් මම එයාව දාලා යනවද අහන්නෙ මම එයා මට මොන මගුලක්ද කරලා තියෙන්නෙ...

අග්නි...මට උත්තර දියන්...උඹ මොන ලෝකෙ දෙයක්ද කෙරුවෙ ....ආ අග්නි...උඹ කට පියන් උන්න කියලා මට තේරෙන්ඩ මට දිවැස් නෑනෙ අග්නි.....කියපන් අග්නි...ඊයෙ රෑ මොකක්ද උනේ...උඹ මොන විනාශයක්ද කෙරුවෙ....කියපන්කො...අග්නී...අනේ.....හ්....මාව පිස්සෙක් වෙයිනෙ.....

අවසානම හරිය යනකොට මට ඇඩුනා...මට කෑ ගැස්සුනා.....එයාව හොලව හොලව මම කෑ ගැහුවා.....ඒත් එයා ඔහේ ඉන්නවා...

අග්නීහ් ..මට උත්තර දීපන් යකො...මට උත්තර දීපන්....

" උත්තර දුන්නොත්...උඹට අහන් ඉන්ඩ හයියක් තියනවද ශිවන්...."

එයා අහනවා මට අහන් ඉන්ඩ හයියක් තියනවද කියලා ...අහන් ඉන්ඩ හරි මැරෙන්ඩ හරි මට කියල ඉන්ඩ එපැයිනෙ දෙයියනේ. ..

මොන මගුල වෙන්ඩ හරි මට වෙච්ච දේ කියපන් අග්නී....මට වෙච්ච දේ කියපන් කෝ....

"...උඹ මට කවදාවත් සමාව දෙන එකක් නෑ ශිවන් ....."

අග් ...නි....

" මට....ඒ වෙලාවෙ....කරන්න...දෙයක්...ඉතුරු ..

වෙලා...තිබුනෙ...නෑ ශිවන්..."

එයා අහක බලන් කියෙව්වා....වැරදිලාවත් මගෙ මූන බැලුවෙ නෑ...එයා මොනවද කරලා තියෙන්නෙ.....මට හිටගන ඉන්නවත් හයියක් නැතිව මම ජනෙල් කූරු අල්ල ගත්තා .....

" උඹ ඇහුවා උඹට වැහුනෙ කව්ද කියලා ...නේ....."

ඔ...ඔව්....කව්ද...කව්ද....අග්...නි...

" උඹට එකක් කියලා වැහුණ් නෑ ශිවන්.....උඹගෙ මගෙ පැත්තට හිට එකෙක් උඹට වහපු හන්දා උඹට මට කරදරයක් නොවී තිබුනත්.....අවසානෙදි ...වහගත්තු එකීගෙන්...මට...උඹව....බේරගන්න..."

අ....ග්....නී....ඔයා...ඔයා...මොකක්ද කියන්න හදන්නෙ අග්නි...

එයා කියවනවා...අවසානෙට වැහුන එකීගෙන් මාව බේරගන්න කියල එයා නැවැත්තුවා .....ඒත් ඒ හිස්තැන...ඒ හිඩැස...සම්පූරනම මාව නොමරා මරනකොට යක්කු ගහලා මාව නොමරා බේරුනෙ මොකට හිතෙන තරමට මාව අන්තෙටම කඩා වැටෙනකොට මම කදුලු හිරකරන් අග්නි දිහා බැලුවා ....

අග්නි...

මම කතා කෙරුවා .....එයා මා.දිහා බැලුවා....හැබැයි ....මේ වෙනකොට අර කතා කරන ඇස් මැරිලා උන්නා....

අග්නි....උඹ මාව බේරගන්න කියලා ...මගෙ ඇගට වැහුන එකී එක්ක බුදියෑවද අග්නි...

මම එකම හුස්මට එයාගෙන් මාව බේරගන්න කියලා මට වැහුන එකී එක්ක නිදිවැද්දද අහනකොට එයා ජනේලෙන් එලිය දිහා බැලුවා.....බලන් උත්තර දුන්නා .....

"ම්න්....'

එයා ම්න් කිව්වා...මම පපුවට අත තියා ගත්තා ....මම හිතන්නෙ මම අත තියාගත්තෙ නෑ මගෙ අත ඉබේටම පපුවට ගියා....මට බය හිතුනා...මගෙ පපුව මෙතනම පුපුරයි කියලා මට බය හිතුනා....මගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තෙ ටැප් ලයින් එකකින් වතුර විද්දනවා හා සමාන වේගේකින් වෙනකොට මගෙ තොල්පට පවා වෙව්ලන්න ගත්තා ...එතකොට ඒ හන්දයි....ඒ හන්දයි මම කොච්චර ඇල්ලුවා කෙරුවත් එයාට හැගීමක් නෑ වගේ උන්නෙ.....

ඒ හන්දයිම්.....එයා මට ආපිට හාදුවක් නොතිබ්බෙ...අග්නී...අග්නී...

අග්නී....උඹට .....මට ...වඩා ...ඒකිව ...දැනුනද අග්නි.....උත්තර දීපන්....මට උත්තරයක් දිපන් අග්නි...

.මම එයාව හෙලෙව්වා හොලව හොලව උත්තර අහනකොට වෙනදට දාහක් ජාති කියන අග්නි අද ඔහෙ උන්නා....

අහ්නී.....උඹට මට වඩා මාව වහගත්තු ඒකිව දැනුනද අග්නී ....මට උත්තර දීපන් දෙයි හාමුදුරුවනේ....අනෙ මට උත්තරයක් දියන් මගෙ රත්තරන් අග්නී....

මම අඩා වැටුනා....එකම එක උත්තරයක් වෙනුවෙන් මන් අඩා වැටුනා .....

"ශිවන්....මම ඔව් කියලා උත්තර දුන්නොතින් ...උඹ මාව අතාරිනවද ....ශිවන් ...මට....ඒකිව.....දැනුනයි කිව්වොත් උඹ....මාව අතාරිනවද ශිවන් . ...??"

මං හිතන්නෙ මෙතනින් එහා මට හිටගන ඉන්න මගෙ කකුල් වාරු තිබුන් නෑ...මගෙ ශිවන් .....මගෙ මැනික ගාන මම දැන් නිකම්ම නිකන් ශිවන් කෙනෙක් වෙලා උන්නා....එයා ඇහුවා මට වඩා ඒකිව දැනුනයි කියලා කිව්වොත් මම අග්නිව අතාරිනවද කියලා ...මට තව අතාරින්න මොනවා ඉතුරුයිද.....මට වඩා ඒකිව දැනුනා කියපු තැනම එයා මාව අතෑරල ඉවර උනකොට .....

"ශිවන් ...."

අග්නී.....උඹ.....උඹ මාව අල්ලන්ඩ හිතන්ඩවත් එපා අග්නී.....උඹ....මාව....අල්ලන්ඩ හිතන්ඩවත් එපා.....

ඇස්වලින් කදුලු කැට සට සට ගගා කම්මුල් හෝදන් බිමට වැටෙනකොට මගෙ ගාවට ආව එයාට මම මාව අල්ලන්ඩවත් ඉඩක් නොදි මම පස්සට රීට්ටුවා ...එයාබලන් උන්නා.....වෙනදට මගෙ ඇස්වලින් වැටෙන කදුලු බලන්න බෑ කියන අග්නිම මගෙ ඇස්වලට අද කදුලු ගේනකොට මෙච්චර වෙලා එයාගෙ පපුව පුරාවටම මම නොදැකපු පාරවල් මතු වෙන්ඩ ගත්තා ...

අග්නි.....උඹ....මාව....සම්පූරනම රවට්ටලා අග්නි ...උඹට මාව නොදැනුන තැන.....මට වඩා ඒකිව දැනුන තැන.....උඹ මාව අතෑරලා අග්නි...ඉතින්....මට කියපන්...උඹ මාව බේරගන ඇවිත් කරල තියෙන්නෙ අවසානෙදි මරලා දාපු එක නෙවේද අග්නි ...??

මං කෑගැහුවා ....පපුවෙ තියන වේදනාවටම මම මටම ගහගත්තා ....ඒත් එයා නෙවෙ මාව නැවැත්තුවෙ ...එයා නෙවෙ මැනිකෙ මන් බොරුවක් කිව්වෙ කියලා මාව නැවැත්තුවෙ .....එයා බලන් උන්නා ...එයා අඩන මං දිහා බලන් උන්නා...

ශිවන් ...

..

අග්නි ...එක අතකට උඹට මට වඩා.....ඒකිව දැනුන තැන සාදාරනයි .....යකෙක්ට පුලුවන්ද මනුස්සයෙක් එක්ක පෑහෙන්ඩ ...මට පුලුවන්ද ඒකිට වගෙ අවසානම තත්පරේ වෙනකන් ඇස් ඇරන් ඉන්න....ඇත්ත . ..උඹ හරි ...යක්කුන්ට හැගීම් තියනවා ....උඹට මාව දැනුන් නැති හන්දයි මට උඹව පනගස්සවන්න බැරි උනෙ... ...උඹ මාව උඹේ අත් වලිම්ම මරාගන ඉවරයි අග්නි .....

මම ගලන කදුලු වලට ඔහෙ ගලන්න ඉඩ දුන්නා ...බිස්කට් ටින් එක හලාගන විස්කෝතුවක් කකා උන්න පුංචි එකා තනීයම නිද වැටෙනකොට මං නොන්ඩි කොට කොටම ළමයා ගාවට ගිහින් කොල්ලව වඩා ගත්තා ....අග්නි මට යන්න එපා කිව්වෙත් නෑ ...ඉන්න කිව්වෙත් නෑ .....එයාම එදා දැහැමිනී ආව වෙලෙත් කිව්වා එයාලා වහ වැටෙනවා කියලා .....මං අග්නි දිහා බැලුවා ....එයා උන්නෙ වෙන ලෝකෙක.....එයා උන්නෙ වෙන සිහියක.....

ක්ලපයක් නෙවෙ ...සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පිරුවත්....වරදෙ බැදෙන්න යන්නෙ එකම එක තත්පරේකටත් වඩා අඩු කාලයක් වෙනකොට මගෙ පන මගෙ මැනිකෙ කියලා කියපු එයාට මං දැන් නිකම්ම නිකන් ශිවන් වෙලා තියනකොට මං කදුලු පුරවන් එයා දිහා බලන් උන්නා වගේම එයත් මා දිහා හැරිලා බැලුවා .....

මං...නැහැයි කියලා ....මල් පිපෙන්නෙ නැතිව තියෙන්නෙ නෑනේද අග්නි.....

මං නැහැයි කියලා ....ඉර පායන් නැතිව තියෙන්නෙත් නෑනෙ....නේද අග්නි....

උඹ මගෙන් සමාව ගන්න ඕන නෑ අග්නි.....මොකද මැරුන මිනිස්සුන්ට සමාව දෙන්න බෑ....උඹ දැනටමත් මාව මරලා දාලා ඉවරයි අග්නි.....මට වඩා උඹට වෙන කෙනෙක් දැනුනා කියන තැනදි මං මැරුනා අග්නි....

මං කදුලු අස්සෙන් මගෙ වේදනාව වචන කරලා ලමයවත් වඩාගන එන්න යනකොට මට මතක් උනෙ .නිඛිල් කියන්නෙත් තව දුරටත් මගෙම පුතා කියලා කියන්න බැරි වස්තුවක් කියලා .....මගෙ වේදනාවට්වට දරුවා විදවන්නෙ මොකටද .....

මං පුංචි එකාව බැස්සුවා ....

අප්පුච්චියේ .....

එයා මගෙ බෙල්ල බදාගත්තා . ....මගෙ පපුවෙ තියන වේදනාව කොයි තරම්ද කියනවා නම් මාව දැන් දැන් මැරෙයි කියලා හිතෙනකම්ම මං පුංචි එකාගෙ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා 

එකම ....එක....පාරක් . ..උඹගෙ....අප්පුච්චියට ආදරෙයි ..කියපන් මගෙ....පුතෙ ....උඹ....දැන්....එයාගෙ උනාට....උඹව එකටම අතට ගත්තෙ මං....උඹ දැන් එයාගෙ උනාට.....උඹව කරේ තියන් නිදි කෙරුවෙ මං මගෙ පුතෙ. ..

අයි....අප්පු..ච්චියෙ....අයි...අපානෙ. ...ම්හුක්....අප්පු...ච්චියො...අග්ගියෙ...ආපානෙ....

මං අඩ අඩම එක පාරක් ආදරෙයි කියන්න කියපු නිඛිල්...මගෙ පුංචි එකා....ඒකගෙ පොඩි කමට මගෙ මූන අත ගගා කදුලු පිහිදනකොට මං අවසානෙදි මේ ලෝකෙ ආදරේ කරන මගෙ අග්නිව මගෙ නිඛිල්ව කාමරේ දාලා බිත්තියෙ වාරුවෙන් එලියට ආවා ...

මං.සම්පූරනම හුස්ම ගන්න මලකදක් ගානට වැටුනා .....දෙවොන්දෙරා හරි ...එයා නැහැයි කියල මල් පිපෙන්නෙ නැතිව තියෙන් නෑනෙ .....ඒ වගේමයි....මං නැහැයි කියලා මගෙ අග්නිගෙ ලෝකෙටත් මල් පිපෙන් නැතිව තියෙන් නෑනෙ .

මං එහෙම්ම එලියට බැස්සා...මුලු මිදුල පුරාවටම බල්ලො හෑරුවා හා සමානවම වල් හෑරිලා තියනකොට මං ඒ වලවල් පහු කරන් ඔහේ එන්න ආවා ....පහන් පැලෙ පහන නිවිල ගිගින් ....පරවුන මල් එක්ක බුදු හාමුදුරුවොත් අද තනිවෙලා ....

මං ජීවත් උනත් දැන් මැරුන එකෙක් ගානයි අපෙ හාමුදුරුවනෙ .....ඌ කියනවා මාව බේර ගන්ඩ හන්දා එහෙම කෙරුවලු....එතනදිම මං මැරිලා ඉවර නැද්ද අපෙ හාමුදුරුවනෙ ....බේරගන්නයි කියලා ඌ කරලා තියෙන්නෙ පන පිටින් අමු අමුවෙ මරපු එක අපෙ හාමුදුරුවනෙ ...පස්වාන් දහසකට මට සමාව දෙන්ඩ... කෑ ගහලා පොලවෙ පස් කාලා ඇඩුවෙ නැති උනත්....මගෙ පපුව දැන් දැන් පුපුරලා යන්ඩ යන්නෙ....උඩ ඉන්න තිස් තුන් කෝටිය හැමදාමත් කෙරුවෙ මගෙ වේදනාවෙදි අහක බලා ගන්න එක....මෙතනින් එහා ..ආය කිසිම තැනක මට ඉපදීමක් දෙන්ඩ එපා....ඊලග ආත්මෙදිත්....මං ආයම අමු අමුවෙ මැරිලා යාවි.....එක පාරක් තිරිසනෙක් මාව මරලා දැම්ම....මේ පාර එයා .. 

මං පනවගේ ආදරේ කරනපු උන් හැමදාම කෙරුවෙ මාව නොමරා මරපු එක....මාව මරපු එක....දැන් මට මේ හැම දේම වෙහෙසයි අපෙ හාමුදුරුවනෙ...

මං බුදු හාමුදුරුවො ගාවට ගිහින් මගෙ දුක කිව්වා .....කෑ ගහලා පොලවෙ පස් කාලා අඩන්න ඕන තැන මං කෙරුවෙ කදුලු හිරකගත්තු එක වෙනකොට ගස් ගල් ඉදිරිලා ගියපු ඒවට උඩින් පැන පැන මං හෙමින් හෙමින් ගොරකා කැලෙ පැත්තට අඩිය ගැහුවා ..රැයෙන් බාගයක් යක්කු නැටුව ගොරකා කැලේ පුරාවටම අමනුස්ස කුයිලෙ තියනකොට මං මේතාක් වෙනකන් පන වගේ ආදරේ කරපු ආදරනීයම අග්නිට අවසානෙදි මට වඩා වෙන කෙනෙක් දැනිලා තිබ්බා .....

ඉතින් ආදරනීයම අග්නි.....මං හිටියෙ නැහැයි කියලා මල් පිපෙන්නෙ නැතිව තියෙනවද .....???

🥺ගුත් මෝනිම් තූයූ ...

ජොබී නිදහාස් ...

මෙ ළමයා බුජි...ඔය ලමයිනුත් බුජියන්න.....

මුව පැතියත දොයියමතක් හැදිලලු.....!!

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters