Cherreads

Chapter 35 - 35

මම වතුරට බැස්ස..හැබැයි බයෙන්..දෙයියනේ මේකගෙ සද්දන්ත...

අග්නී....ඔයා ඉන්නවද අග්නී....

මම අග්නිටත් කතා කෙරුවා ....මගෙ හිත එයා මේ කොහෙ හරි ඇති කිව්වා උනත් ලමයව තනි කරලා එයා මෙච්චර වෙලා ඉන්නෙ නෑමයි කියලා හිතෙනකොට හොඩ වැලෙන් වතුර අරන් පිටට දාගන්න සද්දන්තයා ගාවට මම ලන් උනේ පපුව ගලවලා අතේ තියන් කිව්වොත් හරි....

මම බයයි....

මගෙ අතින් එක පිට එක වැරදි ගොඩක් උනා...වෙන වැරද්දක් ගානෙම උනේ කතාව මාරු උන එක.....එක අතකට මට හොද වැඩේ.....මම මොන ලබ්බටද අනුන්ගෙ කතා ලියන්ඩ ගියෙ....

මම හින්දා නෙවෙද උක්කුවා මැරුනෙ ...මම හින්දා.....

ඇත්තම කතාව නම්...මමයි මේ හැම දේම පටලවලා තිබුනෙ ...හැම දේම හරියටම නූලටම අමුනගන්න පුලුවන් කම තියනකොට මම ගියා සම්පූරන වෙච්ච එකක පිට පැනපු නූල් හරි ගස්සන්න...ඒකෙන් උනෙර් මොකක්ද...කල්පයක් දුක් විදලා එක භවකේනි සැනසීමෙන් ඉවර වෙන්න තිබුන කතාව මම කාලා දැම්මා....මගෙ අග්නි තවත් දුක් විදිනවා...

අනේ....අනේ මේ පාර නම්මොකුත් වෙන්න එපා...මගෙ අග්නි කියපු විදිහටම ගොම්මනට කලියෙන් ගෙදර යාගන්න තිබුනොත් ඇති .....

මම් හිමින් හිමින් ලන් උනා ...දෙයියනේ මම මනුස්සයෙක් ...තනි අලියා මුනිච්චි වෙන්ඩ මිනිස්සු බය වෙනකොට දල මතු උන තනි හස්තියෙක් ට මම බය නොවී තියේවිද...

අනේ පුල්ලයාර දෙවියනේ මට පිහිට වෙන්ඩ...

මම රට වටේම ඉන්න දෙයියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ල අවසානෙදි ඝන දෙයියන්ගෙනුත් පිහිට ඉල්ලලා අර හස්තියා ගාවට තවත් ටිකක් ලන් උනා.....දැනෙ ඒකයි මායි අතර තියෙන්නෙ එක හුස්මක දුරක් වෙනකොට මම වතුර අහුරක් අරන් තනියෙන් පිට තෙමා ගන්න ඇතාගෙ අතකට දාලා වෙව්ලන්න ගත්තා.....අලින් පාර පොලවෙ ගහලා පාගලා මැරුවා නම් මේ පාර මාව වතුරෙ ඔබාගන ඉදලා මරාවි.....

ඌ මා දිහා බැලුවා.....හැබැයි ඔලුව හරවලා නෙවෙ....ඇහැ කරකවලා.....

ඌ ආයම වතුර අහුරක් අරන් පිටට හලා ගත්තා...

මාත් තව අඩියක් ලන් වෙලා ඒකට කතා කර කර මා පුතා මං දරුවෙක් ඉන්න අප්පච්චි කෙනෙක්....උඹට අහිතකට නෙවෙ එකෙක් කරපු පවකට පින් දෙන්ඩයි ආවෙ ...ඒකා උඹගෙම රැහේ එකෙක් කිය කියෝම ලන් උනා...ඌ සද්ද කෙරුවෙ නෑ...කන් පට ගස ගස ඉදලා උගෙ පාඩුවෙ හොඩ වැල වතුරෙ ඔබාගන උන්නා.....

මම හිමින් හිමින් අත දික් කරලා ඒකගෙ අතට මගෙ අත තිබ්බා තිබ්බා මයි...අලු යට ගිනි පුපුරු තියනව කියන්නෙ කට කහන්න නෙවෙ වෙනකොට මගෙ බඩ හරහා වැදුන පාරට මාව විසික් වෙලා ගියා ....

එකා මට ගැහුවා....මා දිහා ඇස් කරකවලා බලපු ඇතා මට ගැහුවා....ඒ ගහපු ගැහිල්ලට මට අග්නි ගහපුවා...අග්නි යටකරගත්තු ඒවා දෙපිටින් යනකොට වතුරට වැටුන මට ආය නැගිටගන්නවත් පනක් නැතිව නහයෙන් කටින් ඇස් කන් වලින් පවා වතුර යනකොට මගෙ ඔලුව වතුර යට තිබුන ගලක හරි මුලක හරි වැදුනා....

අනේ...මට මේක මෙතනින් ඉවරකගරන්න පිහිට වෙයල්ලකො....මට තවත් දුක් විදින්නවත්.....ඌට තව දුක් දෙන්න එපා.....

මම කෙලින් කටින් ඉන්න පන නැතිව වැනුනා....

මම බලන් උන්නා ...ඒකා ආයම හොඩේ ඉස්සුවා.....කෑගැහුවා....ඒකගෙ කන්පට ගැහුවා.....ගග ඉවුරට ආව මිනිස්සු කෑ ගහන්න ගත්තා ...උන් කට කැරලා කෑ ගහන වාරයක් වාරයක් ගානෙම මගෙ ඔලුව පුපුරන්න ආවා....ඇතාගෙ බෙල්ලෙ තියන සීනුව සද්ද වෙන වාරයක් වාරයක් ගානෙම මට වේදනා දැනෙන්න ගත්තා.....මිනිස්සු කෑ ගැහුවෙ මොනවා කියලද කියන්න නොදන්නවා උනත් මම ඉන්නේ වර්තමානෙ නෙවෙ වගේ හැගීමක් දැනෙනකොට ඇතාගෙ හොඩ වැල දෙවනි පාර මගෙ පැත්තට එනවා බොද උන ඇස් වලට පේනකොට මම ගහන්න එපා කියන්න මගෙ අත දික් කරනකොට ඉබේටම මගෙ ඇස් පිය උනා....

ඒක වේදනයි.....අනේ දෙයියනේ.....

මම කෑ ගැහුවා....වටේ පිටේ ඉන්න උන් ඇතාව මෙල්ල කරන්න කෑ ගහනකොට මම උන්නෙ තවමත් ඇස් වහගන....මට දැනෙනවා...පොලවෙ ගහපු පාරට මට දැනුන වේදනාව...

මාව ආත්ම ගානක් පස්සට ඇදගන ගියා.....මම උන්නෙ එදා අධීරව පොලවෙ ගහපු තැන ...මට ඒ වේදනාව මරන බය දැනෙන්න ගත්තා....එදා රා පෙවිලා වෙරි උන ලවන් ඉස්සරහා අත් වැදපු හැටි මගෙ වැහුන ඇස් පියන් අස්සෙන් පෙන කොට මම ආයම අලුතෙන් ඒ මරන වේදනාව විදින්න ගත්තා .....

පොලවෙ ගහපු ගැහිල්ලට ඇටකටු කුඩු උනා වගේ දැනුන වේදනාව....පයින් පාගලා දානකොට මගෙ අග්නි නැහුන නැහිල්ල .....අවසානම හුස්ම පොද නාස් පුඩුවලින් යන්නම යනකොට මං කඩවර ගාව පලි ගහපු විදිහ මේ ඔක්කොම ඇස් අස්සෙ මැවිලා පේනකොට මං ඇස් පියාගන ඉකිගහලා ඇඩුවා ...

අනේහ් ...අග්නී ....මට වේදනයි .....අග්නී...මට උඹව දාලා යන්න බෑ අග්නී....ඉන්න තැනකින් ඇවිදින් මාව අරන් පලයන් මගෙ අග්නී.....

එදා කටින් කියා ගන්න පන නැතිව හිතින් වැද වැටුන මම අද අතීත කාල රාමුව අස්සෙ හිරවෙලා අඩන්න ගත්තා .....අනේ මං පොඩි කොල්ලෙක් දෙයියනෙ...අනේ මං මගෙ උගුරු ඇටේ වත් පෑදුන් නැති එකෙක්....හෙන්ඩු නොගත්තෙ ඒකට තියන ආදරේට වෙනකොට අනේ...උන් මට මොන අපරාදයක්ද මේ කෙරුවෙ ..මොන අපරාදයක්ද මේ කරල තියෙන්නෙ ....

මට වේදනාව දැනෙන තරම් කාටත් දැනෙන්න නැතිව ඇති....අර දුම්මල ගලවන්න ගියපු අම්මගෙ වේදනාව ගල පාමුල තිබුන ගලට දැනුනා හා සමානවම මහ පොලවටත් දැනෙන්න ඇති....එදා අම්මා මැරෙනවයි කියලා කියන්ඩ උලලේනියො ඇඩුවට අහින්ස මං මැරෙනවා කියන එක උලලේනියට පවා විස්වාස කරන්න බැරිව යන්න ඇති....

අග්නී....ඇයි..මගෙ අග්නී....

මං වතුරෙ ඉදන් මගෙ පපුවට දහ වංගියකට වඩා ගහගත්තා .....මගෙ අග්නි කිව්වා වගේම ඇස්වලින් වැටුන කදුලු කැට වලින් මැනික් ගග පවා දෙගොඩ යන්න ඇති....

මං ඇස් ඇරියා ...බය වෙලා උන්න මිනිස්සු තවමත් කෑ කෝ ගහනකොට හෙන්ඩුවක් ගත්තු ඇත් ගොව්වෙක් හෙන්ඩුව උස්සන් දුවගන ආවා....මං දන්නවා ..ඔය ඇත් ගොව්වා ඇවිදින් මේකට අනිනවා ....දම්වැල් දාලා ගැටගහනවා ....එක පාරක් හොඩවැල් පාර කාපු මම ඊලග පාර හිටගන්න පන නැතිව උන්නත් මූන දිගෙ පෙරෙන වතුර බින්දුවලටම මගෙ ඇස්වලින් වැටුන කදුලු කැටත් එකතු කරලා ඊලග පාරත් මට ගහන්න බලන් ඉන්නකොට මං කදුලු පිහින්නෙත් නැතිව ඌ දිහා බැලුවා ....උගෙ ඇස් මගෙ ඇස් එකම සමාන්තර රේඛාවක තියනකොට මං මගෙ දකුනු අත ඒකගෙ ඉස්සරහට දික්කෙරුවා ...

උඹට විස්වාස නම් මට උඹව නාවන්න ඉඩ දීලා උඹේ රැහේ එකාගෙ පව් හෝදන්න දියන්....නැති නම්....උඹත් අද මාව පොලවෙ ගහලා මගෙ දරුවට අප්පෙක් නැති කරපන්....මගෙ අග්නිව විනාස කරපන්....උඹත් තවත් කල්පෙකට ගෙවන්න පව් එකතු කර ගනින්.....

මම කදුලු අස්සෙන් ඉකි ගගහා කියවනකොට ඒකා මොකූත් නොකර අහන් උන්නා....ඔලුව වැනුවා ...ආයම හොඩ වැලට වතුර අරගත්තා ....හැබැයි මේ පාර මේ කඩප්පුලියා ඒක උගෙ ඇගට හලා ගන්නෙ නැතිව මගෙ ඔලුවෙ ඉදන් හලනකොට අලිහොඩෙන් වතුර නාපු මන් දිය බරියෙක් වගෙ බලන් උන්නා වගේම මං ඇතාට හොරෙන් අර හෙන්ඩුව ගෙනාව ඇත් ගොව්වට එන්ඩ එපාය කියලා සද්ද නැතිව ඉන්නකොට අරූ තවත් වතුර එකක් පුරවගත්තා...

මං කිව්වෙ මට නාන්ඩ නෙවෙ...උඹව නාවන්ඩ දීපන් කියලා ...කෝ....ඔහොම්ම පස්සෙ කකුල් හෙමින් නවල දනගහලා පෙරලියල්ලා....

සංසාර පුරුදු ....අහල තියනවද .....විස්වාස කරනවද ....එක පාර නාවත් පස් යට හැංගිලා ගල් වලට වහන් වෙලා තියන මැනික් වගෙ එක පාර මතු වෙනවා .....මාව පොලවෙ ගහපු හස්තියට මං පස්සෙ ගාත් නවලා පෙරලෙන්ඩ කිව්වම ඒකා අපූරුවට වතුරෙ පෙරලුනා...සීරුවට කකුල් නවලා බිම පෙරලෙනකොට මං උගෙ ඇගට වතුර දැම්මා...මෙච්චර වෙලා බයෙ භීරාන්ත උන උන්‍ යන්ඩ යනකොට මම තලාපු පොල් මට්ටයක් හොයාගන ඒකගෙ කකුල් අත පය මැද මැද වතුර දැම්මා.....

යෝ...හ්...මගෙ බෙල්ල...කෝ....බෙල්ල අතෑරපල්ලකො මා පුතා....

ඒකට විසේ.....ඇත්තුන්ට, හීලෑ අලීන්ට පුදුම විසයක් තියෙන්නෙ...උන් නිකන් පොඩි උන් වගේ....නාවනකම්ම ඒකා කරන්නෙ ඒකගෙ හොඩෙන් ඇත් ගොව්වව සෙල්ලමට ගන්න එක....නමක් ගමක් නොදන්න ඇතාට මම පුරුද්දට මා පුතා අතෑරපල්ලකො ගානකොට ඒකා ඊලග පාර උගෙ හොඩ වැල මගෙ බඩ වටේ ඔතා ගත්තා....

කෝ වතුර පාරක් දාගනිල්ලා.....

කන් ඇහුනද....මේ බඩ උඩට වතුර පාරක් දාගනිල්ලකෝ....යෝ....හ්...තියන අකීකරු කම...

ඒකගෙ ඇගට වාරුවෙලා මම අත් දෙකෙම්ම තලාපු පොල්මට්ටෙන් ඇතිල්ලුවා...අතුල්ලන වාරයක් ගනෙම මම කෙරුවෙ ලවන්ගෙ ආත්මෙට සැනසීමක් දෙන්න කියන එක වෙනකොට විසේ උපරිමේටම තියන නාදුනන හස්තියට වතුර දාගනින් කියපු එක..

කෝ....අනිත් පැත්ත.....ඇයි අම්මෙ....අනිත් අත හැරියල්ලකො.....ඇත්තමයි උඹලා මගෙ බෙල්ලත් කඩනවා කොල්ලො....කෝ....ඉතින්....හැරියන්කෝ.....හොද එකානෙ....තනි පංගලමෙ නෑවට කව්ද උඹලව අතුල්ලන්නෙවත්.....අනෙ ඉතින් අකීකරු කම් නොකර හැරියල්ලකො...

මම ඒකගෙ ගොරහැඩි හම මැද්දා....තැනින් තැන සුදු කබර දැම්මා හා සමානවම රෝස පාට පුල්ලි පුල්ලි වැටුන ඒකගෙ කන් පෙති මදිනකොට ඌ කෙරුවෙම උගෙ හොඩෙ මගෙ ඇගෙ ඔතාගත්තු එක....එහාට හැරියන්කො...මෙහාට් හැරියන්කො....වතුර ටිකක් ඇගට දාගනින්කෝ කියපු මගෙ කට කැඩෙන්ඩ ආවා...මගෙ කොලුවා වත් මෙහෙම නෑ...අනේ ඒකව හරහට ගත්තම ඌ ඇස් පියා ගන්නවා...නැත්තන් සූප්පුව උරෝනවා....අවසානෙදි නාවලා නාවලා බේසම අස්සෙන් ඉන්දුවාම වතුරේ පාවෙන සෙල්ලම් තාරාවො එක්ක නටනවා.....

නොදරුවෙක් වගේ මුරන්ඩු කම් කරන සද්දන්තයා මට මගෙ කොලුවව මතක් කෙරුවා ....අඩනවද....නිදිද මොනවා.කරනාද දන්නෙ නැති හින්දා හිතට වේදනාවක් දැනුනත් අග්නි කොලුවට පන ඇරලා ආදරේ කරන බව දන්න හින්දා ඒ කාරනාවම මගෙ හිතට සැනසීමක් ගෙනාවා....

අනෙ බන්...උඹලා මට ගහපු පාරට ඔට්ටු වෙන්ඩත් බෑ...හොද එකා වගේ වතුර ටිකක් දාගනිල්ලා...මං ඉර බහින්ඩ කලියෙන් ගෙදර යන්ඩ ඕනා....කෝ හොද එකානේ....මම උඹව ඇතිල්ලුවා... කකුල් අස්සෙ තිබුන හැම කුනම අයින් කෙරුවා.....අනේ ඉතින් උබලට ඇයි බැරි වතුර ටිකක් දාගන්ඩ...

.මම ඒකාගෙ ඔලුව අතුල්ලන ගමන් වතුර ටිකක් දාගන්ඩ කියලා පින්සේන්ඩු වෙනකොට මුගෙ තියන වරත්තු ගතියට මූ ආයම මාව නෑව්වා.... ...හෝරා දෙක තුනක් වත් ගෙවෙන්ඩ ඇති ....යක්කු ගස් නගින ගිනි මද්දහනෙත් මං උන්නෙ ඒකා එක්ක වතුරෙ...ඇගේ වතුර අවසානෙදි හුලන් වලට ඇගේම වේලිලා යන කොට අවසානම මං ලවන් වෙනුවෙනුත් පින් කරලා මම වතුරෙන් ගොඩට ආවා...

සර්වාංගෙම එකම තුවාලයක් හා සමානයි....ඒත් හිත නිදහස්... මගෙ හිතට නිදහසක් දැනුනා.....මට කෙලින් ඉන්න බැරි තරම් තෙහෙට්ටුවක් දැනුනත් මට නිදහසක් දැනුනා...ගොඩට ආව මම සෑහෙන්න වෙලා කනුවකට හේත්තු වෙලා

උන්නා ....ආයම යන්නවත් පනක් නැති උනත් මට අග්නිව මතක් උනා....මට මගෙ ලමයව මටතක් උනා....ඔලුව උස්සගන්න බෑ ඔලුවෙ කැක්කුම....කෙලින් වෙන්න බෑ හොඩ වැල වැදුන තැන තැල්ම...

සමහරුන්ව ගලේ ගහල වත් මරන්න බෑ කියනවා වගේ යකෙක් අරක් ගත්තු හන්දා දෝ මෙච්චර දේවල් වෙලත් මගෙ හුස්ම වැටුනා...

මම ඈත ඉදන් කතරගම දෙයියො වැඩවාසය කරන දෙවොල දිහා බැලුවා....

අවසරයි සුරිදුනි කතරගම.....

මම හිතින් මිමිනුවා.....මෙතනින් එහාට ත්‍රී විල් එකක යනවා....ඒත් දෙයියනේ ත්‍රී විල් එකක යන්නත් මම එලියට යන්න එපැයිනෙ...මැර්‍ර්න්නෙ නැති බව දන්න හන්දම බිම දිගේ බඩගාගන හරි යනවා ඇරෙන්න මම මොනවා කියලා කරන්නද ...

මම එහෙම්ම කොන්දට අත තියාගත්තා .....හරියටම බඩදරු ගෑනි වගේ.....බඩ දරු නොවුනට මොකද දරුවො නොවදම මම ඊයෙ සර්වාංගෙම තියෙන ඇට කටු කුඩු වෙන්නවා වගේ ප්‍රසූත වේදනාව සමාන වේදනාවක් මහ රෑ අත් වින්දා...

ම්ම්ම්ම්...අනේ...අම්මේ....හ්...

මට කෙදිරි ගෑවුනා...හිතල නෙවෙ උනත් මගෙ කටින් වචන එලියට පැන්නා.....අග්නියෝ...හ්...උඹ මාව කාලා....අග්නීහ් .....

මට බිම ඉදගන කෑ ගහන්න හිතුනා....ඒත් කෑ ගහන්නෙ කොහොමද....මට ගෙදර ගියහමත් ආය මැරුම් කන්න වෙයිනෙ....

මමත් මොන මගුලට අරකිගෙ කෝන් ගිලින්න ගියාදෝ මන්දා .....

අයියේ...හයර් එකක්.....යමු...ද...

කොහෙටද ..මල්ලි...

කඹු....රු...පිටියට...

බජාජ්...පියාජියො ආපෙ.....

කොහොමද නම ඇහුවත් තියන සනිපෙ...අනිත් ත්‍රීවිල් එකක නම් කමක් නෑ...මෙතන ඉදන් තිබුන ඉතුරු ත්‍රීවිල් පේලියම පියාජියො ආපේ වෙනකොට අනේ සත්තකිම්ම මට මහ පාරට පැනලා වාහනේකට යට වෙන්න හිතුනා.....

පියාජියො එකේ එන්ජින් එක ප්ලේන් වලට හයි කරන එකක්දෝ මන්දා....ඒගැස්සෙන ගැස්සිලි වලට බඩ දරු අම්මෙක් ගියොත් දවසටත් කලියෙන් ලමයා හම්බෙනවා...ඒ තරම්ම මේ ත්‍රීවීල් එක හෙනයක්....

මම පරමා කන්ද නගිනවා හා සමාන අමාරුවකින් ත්‍රීවිල් එකට නැග්ගා....ඒක ත්‍රීවිල් එකක් නෙවෙ.....තනිකරම පොඩි කතරගමක්...නැති දෙයියෙක් නෑ.....හදුන් කූරුවල සුවදට ඉහ මොල කරවෙන්න එනකොට මූ හරවලා ගත්තු ගැනිල්ලට සීවලී හාමුදුරුවන්ගෙ පාත්තරේ තව ටිකෙන් බිම වැටෙනවා.....මහ පාරේ වාහන එකා කාරෙට වෙනකොට ප්ලාස්ටික් මල් මාලා එහාට මෙහාට වැනෙනකොට සත්තයි මාව මෝහනේ වෙන්නෙ ආවා.....

ඒක කාටද මන්දා කුනුහර්පයක් කිව්වා...ඒකත් ඇහෙන නෑහෙන ගානට.....ඉන්නෙ දේවාලෙ ගාව...ඒඋනාට පොඩ්ඩ බැරි වෙන්කොට දේව භක්තිය පෑල දොරෙන් වාශ්ප වෙනවා....

අනේ...දෙයියනේ ..අග්නී...උඹට පුලුවන් නම් මාව අරන් පලයන් අග්නී...මූ එක්ක ආවොතින් මාව මග.....

නෑ..මං එතනින් එහාට ඒ කතාව ගෙනිච්චෙ නෑ....මම දැන් බයයි...මැරෙනවට වඩා මැරෙනවා වචනෙ කියන්න අවංක්වම බයයි.....අග්නිගෙ ආදරේ පතුලක් නොපෙනන ආගාදයක් තරම් උනත් ...එකම එක වචනෙකට පුලුවන් අග්නිගෙ හැම සෙනෙහෙසක්ම දිය කරලා අරින්න.....

මට මැරෙන්න හිතයි....ඇත්තමයි මාව මැරිලා ගියා නම්....හිතුමනාපෙට ඔහේ කියවපු වචනෙ කියන්න දැන් මම බය උනා....

මට අග්නිගෙ ආදරේ දරා ගන්න බැරි එක මම කොහොමද අග්නිගෙ කේන්තිය දරා ගන්නෙ.....ඒ බැල්මටම මාව අලු වෙන්න එනවා.....මට බෑ....අග්නි කියන්නෙම මහ අමු යකෙක්.....යකෙක්ගෙත් යකෙක්....

මම කියන්න ආව වචනෙ ආපිට ගිලගන ඔලුව හේත්තු කරගන ඇස් පියා ගත්තා ...

මල්ලි...මෙතනින්....

වෙදගෙදරට දාන්ඩ ...

වීරසේකර වෙදගෙදරද...

ම්ම්ම්ම්...

මම නෙවෙ ඇස් ඇරියේ.....පුලුවන් කමක් තිබුනා නම් මම මේකට මාව වඩාගන ගෙට අරන් යන්ඩ කියනවා....එහෙම කියලා මුගෙ ගෑනු දරිවො අනාත කරනවට වඩා හොදයි වැට කඩුල්ල ගාව ඉදලා බින දිගේ බඩගාගන යන එක...

මම ත්‍රීවිල් එකෙන් බැස්සා....බැස්සට ව්ඩා බඩ ගෑවා කිව්වා නම් හරි...

මොකද මල්ලි අමාරුවෙන් වගෙ.....නැටුවා වද්ද ..ඔව්වා ඔහොම තමයි මල්ලි....එහෙට එන මොකාද නටන් නැතුව් යන්නෙ...අපි නොදන්නවා උනාට කීයකට නම් යක්කු වැහිලද මල්ලි.....

මම ගේ දිහා බැලුවා....මොකෙක් වත් නෑ..වෙරලු අත්ත දිහා බැලුව...ඒත් හැල හොලමනක් නෑ...වෙන මොකටවත් නෙවෙ මූට අර තුන්මන් හන්දියෙම්ම යක්මු ගහයි කියලා මට බය හිතුනා....

මම අත පත ගාලා වොලට් එක ගත්තා ....වැඩක් නෑ...සල්ලි කොල එකට ඇලිලා ....

පොඩ්ඩක් ඉන්නවද....මේ...සල්ලි ...

මම සල්ලි එක පෙන්නලා පොඩ්ඩක් ඉන්න කියනකොට ඒකා ඔලුව වැනුවා ....හැබැයි එන්න ආව මගෙ උරහිසට අත තිබ්බා...

මලයා....තරහ නැතුව වතුර එකක් බොමුද ....

ඒකා වතුර අහනවා....වතුර ඉල්ලුවට කමක් නෑ ..අනේ උඹ මාව අතපත නොගා....චුට්ටන්ගෙ උරහිස ඇල්ලුවා කියලා නහින්ඩ ගියපු යකා මේකව දැක්කොත් අත කඩනවා....

අග්නි....වචනයේ පරිසමාප්තියෙන්ම ආදරනීයයි.....

අග්නි....වචනයේ පරිසමාප්තියෙන්ම නපුරුයි ...

අග්නි....වචනයේ පරිසමාප්තියෙන්ම ඊරිසියාකාරයි ....වෙලාවකට එයා නිඛිල් එක්ක පවා ඊරිසියා කාරකම්.කරනවා....වෙලාවකට මගෙයි නෙඛිල්ගෙයි මැදට පවා රිංගනවා.....අග්නිට අනුව මම එයාගෙ එයාගෙ එයාගෙ...එයාගෙ කියන්නෙ....එයාගෙ විතරක්න වෙනකොට එයා මට ආදරෙයි කිව්වෙත් මම උඹට මැරෙන්න තරම් ආදරෙයි කියලා...මට උඹව ඉඹලම මරන්න හිතෙයි කියනවා ....

මම ආපිට ත්‍රීවිල් එකේ එකා දිහා බලලා මගෙ උරහිස ගැස්සුවා...ගස්සලා හිමින් හිමින් ගෙට එන්න ආවා...

අද වෙද ගෙදර කවුරුත් නැද්ද මල්ලියෙ....

නෑ...

ත්‍රි විල් එක ගාව උන්න එකා ඒ පාර මගෙ පස්සෙන් එනගමන් වෙද ගෙදර කවුරුත් නැද්ද අහනකොට මං බලාගන අග්නියා ඉන්නවා ගෙදර මුදුන් ලීය උඩ.....

මං ඉවරයි දෙයියනේ...මං නෙවෙ මූත් ඉවරයි...

ඔහොම ඉන්න මම වතුර එකක් අරන් එන්නම්....

මම අග්නිගෙ මූන දිහා බලලා අරූට එලියෙන් ඉන්න කියල කුසිය ඇතුලට ගියා විතරයි කුසිය දැකපු මට උතුර දකුන මාරු උනා.....අනේ දෙයියනේ...අග්නියා මේ කුසිය අපායක් කරල....

ලමයගෙ පිටි ටින් එක....

ඒකගෙ පිටි ටින් එක හිස්...

ලිප උඩ මුට්ටියක් ...මූමොන මගුලද මේ කරලා තියෙන්නෙ...

මගෙ ඔලුව කැරකෙන්න ආවා...අවංකවම කුසිය ඌරු වලක්...අරූ දැක්කා නම් වතුරත් ඒපා කියලා දුවනවා....

" ම්හුක්...."

අග්නි....

අග්නියා ආවා...ඇවිදින් ලිප් කන්දෙ ඉදගන ගස්සලා අහක බලා ගත්තා ...

මල්ලියේ.....

" අන්න...අන්න එනවා හුත්තිගෙ පුතා....ආ බන්...මූට වතුර ඉල්ලන්ඩ උඹේ උරහිස අල්ලන්ඩම ඕනා උනාද....?"

මම මොකුත් නොකියා උන්නා...වෙන මොකටවත් නෙවෙ මගෙ පෙර වැරදි එලියට ආවොත් මට අද මැරුම් කන්න වෙන හින්දා.....අග්නි අරූට කුනු හර්ප කිව්වත් මම නෙවෙ අද මොකුත් කිව්වෙ....

මෙ එනවා...

මූටත් හදිස්සිය.....

මම නොන්ඩි කොට කොට කොට වතුර එක අරන් යනකොට ඒකා පිල් කඩේ ඉදන් ඇතුලටම ඇවිදින්...අග්නි මගෙ පස්සෙන් ....මං බය උනා...මූ මොන නාඩගමක් නටයිද කියලා ....

මල්ලි...මෙහෙ..මේ අතපය උලුක් උනාම මසාජ් කරනවද ..

මසාජ් කරන් නෑ තෙල් ගාලා අත ගාවනවා...

ආ...ආ..කොහොම හරි.....මගෙ මේ කොන්ද ඇමැට්ටියක් අල්ලලා...කී තැනකට ගියාද අඩුවක් නෑනෙ...

එහෙමද .....

ඔව්...මල්ලි..මන් හෙට දිහාවෙ ආවොත් මල්ලිට පුලුවන්ද තෙල් සාත්තුවක් කරන්ඩ....

අම්ම නෑනෙ ..අම්මා තමයි ඔව්වා කරන්නෙ.....

ආ...අ...අම්මද...මල්ලි කරන් නැද්ද ..

" කරනවා එන්ඩ කියපන්කො...."

හරි....මට එතනින් එහා මොකුත් කියන්න හිතන්න ඕන උනෙ නෑ.....අග්නි පටන් ගත්තා ...මං කොහොමද දෙයියනේ මේ මිනිහට හෙට එන්න කියන්නෙ...

නෑ...මං කරන්නෙ නෑ...අම්මා තමයි වෙද හෙද කම කරන්නෙ....ඇරත් අප්පච්චි ත් නෑ...බෙහෙත් අඹරන ලමයි ඔව්වා දනේ නෑ ..ආවට ගියාට ඔව්වා කරන්න බෑනෙ අයියෙ.....

අයියෝ.....මල්ලිට ඩීංගිත්තක් තෙල් ටිකක් අතුලගන්ඩ දන්නෙ නැද්ද...ඉදගන වත් ඉන්ඩ බෑ අප්පා වේදනාවයි හරියට...

"ආ...ඇත්තට...ඌට වේදනාවයිලුද...එන්ඩ කියපන්කො.....එන්ඩ කියපන්කො...".

අනේ ..අග්නී ...

මම මිමිනුවා.....

" උඹ දැන් එන්ඩ කියනවද.....නැද්ද..."

අග්නී...පින්....අයිති වෙයි...

" නෑ....නෑ....උඹ එන්න කියනවද නැද්ද...උඹ එන්න නොකිව්වොත්...මං මූව ගෙන්නනවා...හරි...."

වැඩක් නෑ...මට අග්නි එක්ක කට ගහන්න බෑ.....එයා මාව කොනිත්තනවා...මාව මරන්ඩ හදනවා....වතුර වීදුරුව ගන්නකොට ඒකා මොකුත් නොදන්න ගානට අතත් ලාවට අල්ලනකොට අග්නි නහින්ඩ හැදුවා.....

" උඹට මම එක විනාඩියක් දෙන්නද...නෑ...එක තත්පරයක් දෙන්නම්...එන්න කියපන්...උඹට මම කියන සිංහල තේරෙනවනෙ නේ ....."

හ් ..හා...අයියේ...කමක්...නෑ...හෙට එන්නකො...

අනේලොකු පිනක් මල්ලි.....මගෙ මේ කෙන්ඩා ඔක්කෝම.වේදනයි....වරුවක් විතර තෙල් ගාලා.අතගෑවා නම්....

"වරුවක් ම්ම්ම්ම්....."

මාව සීතක වෙලා උන්නා....අග්නි හූමිටි තියනවා .අවසානෙදි අරූ හයර් එකත් අරන් හිනා වෙලා යන්න යනකොට අග්නි මොකූත් නොවුනා වගේ කාමරේට ගියා .හැබැයි දේවාලෙ උන දෙයක් වත් ඇහුවෙ නෑ....

අග්නී ...

" ගිහින් නාපන්...නාලා කසාය ටිකක් බීලා හිටපන්"

එයා කුසිය ඌරු වලක් කරල ඒඋනාට කාමරෙ පිලිවලට තියලා....ඇදන් කෑලි වලට වෙච්ච කෙරිච්ච දෙයක් නැති වෙනකොට පුංචි එකා මෙට්ටෙ මැද සනීපෙට නිදාගන උන්නා...අග්නියා වරුවෙන් කිරු ටින් එක ඉවර කරලා....අනික ඒකා කතා කරනකොටත් මට කිරිපිටි සුවදක් ආවා...අග්නියත් පිටි කාලා ...

අග්නී .....මට...නාගන්න....

" ඇයි ..නානකාමරේ වතුර එනවනෙ....උඹට නාන්න අමාරු නම්...පැනපන් අර වතුර වලට...."

අග්නි.....

එයා පලි ගන්න පටන් අරන්.....එයා මා එක්ක තරහා වෙන්න පටන් අරන් ..

අනේ...අග්නී....අහ...

" උඹට මම කියන සිංහල.....ආ....නෑනෙ....උඹට සිංහල බෑනෙ.....උඹට පුලුවන් වැදි බාසාවනෙ නේ...."

වැඩක් නෑ...මම නොන්ඩි කොට කොටම එන්න ගත්තා.....එයාගෙන් විසුමක් නෑ...නාන්න හදපු මන් ආයම කුසියට ගියා....ගිහින් තිබ්බ සකල මනාවම හෝදන්න ගත්තා ....ලමයගෙ පිටි එකම හිස්...සීනි ඇටයක් නෑ.....මං එහෙම්ම ගිහින් ලිප් ගල් උඩ තිබ්බ මුට්ටිය ඇරලා බැලුවා ..මුට්ටිය පිරෙන්නම හාල් දාලා තවත් ඇතිලියකින් වහලා.....

මේකා බත් උයන්න ගිහින්ද.....?

මම ලිප් ගල් තුන උඩ තිබ්බ හාල් මුට්ටිය බිමට බෑවා....

කරන්න බැරි උනත් මම නොන්ඩි කොට කොටම අස් කෙරුවා වෙනදට නම් අග්නි මැනිකෙ ගගා කොච්චර නම් පස්සෙ එනවද ...ඒත් අද ඒ එකක් වත් නෑ.....එයා කතා කරන්නෙත් නෑ ...

ඔලුව පිපිරෙන්න වගේ...ඔලුව කැක්කුම.....

"ගිහින් නාපන්....උඹට මම.කිව්වෙ නාන්න කියලනෙ"

නාන්නෙ කොහොමද අග්නි කුසිය ඌරු වලක් වගේ.....හැම තැනම ජරා වෙලා.....කුසිය පුරාවටම වැලි.... ..

"ඇයි උඹලා වරිගපොජ්ජට මංගැජ්ජුවාම එහෙත් මේ වගේද ....???"

අනේ දෙයියනේ අග්නීහ් ...

මම කොන්දට අතක් තියාගන නහින්න හැදුවා....

" මොකද.....ඌරුවලිගෙ වන් ඉල ඇත්තට අමාරුද?"

අනේ අග්නි...කට පියවපන්කො.....ඌරු වලිගෙ නෙවෙ....ඌරු වරිගෙ.....අනික වන් ඉල නෙවෙ දෙයියනේ...වන්නිල...

" ආ....ඔය කියන්නෙ...ඔය කියන්නෙ...තිසා හාමිට හරි අමාරු ඇති අකුරු වරද්දනකොට නේ...ආ...උඹට අමාරුද ....කැකුලට බොහෝම අමාරු ඇතිනේ..."

අනේ...අග්නි...රිදෙනවා....අග්නී ...

".ආ...ආ...රිදෙනවද ....දැන්ද රිදෙන්නෙ.....අර දීපු මගුල් ගිලලා වන්නියට ගියා නම් ඔයිට වඩා රිදෙන්න ගියා..."

අග්නී....

"ඇයි ..උඹට මොකද...කොස් කොල එල්ලන් කෙටේරියකුත් උරහිසෙ ගහන් අලයක් මුලක් කාගන කිරි කොරහා නටාගන ඉන්න තිබුනා ..."

මම එහෙම්ම කෑම.මේසෙට හේත්තු උනා ..මට අග්නිගෙ කතා අහන් ඉන්නවත් බෑ....මහන්සී...එයා බනිනවා....කාපු කෝන් වල රස මතක් වෙන බනිනවා.....එහාට යනකොටත් බනිනවා...මෙහාට යනකොටත් බනිනවා....බැන්නා කිව්වට එයා කෙරුවෙ අඩි හප්ප හප්ප එහා මෙහා ගිය එක...එයාට බැනගන්න ඕනා උනත් මගෙ මූන දැකලා බැනගන්න බැරිව එයා කෙරුවෙ දත් මිටිකාපු එක.....

" මං උඹව හෙට අල්ලගන්නම්.....දැන් නපන්....නාලා....ලමයා එක්ක බුදියපන්....."

අග්නී ..අනේ....ඔයා...

"ඇයි මෙච්චර කල් මගෙ ගාවද නිදාගත්තෙ නෑනෙ...නේ...."

අනේ අග්නී...මට සමාවෙන්න මගෙ අග්නී....

"එයා මාව වඩා ගත්තා.....ඒඋනත් මගෙ මුනක් දිහා බැලුවෙ නෑ...ලමයා එක්ක නිදා ගන්න කියපු එයා ඊලග පාර මෙච්චර කල් එයා එක්කද නිදියෑවෙ ඇහුවා.....එයා නපුරු වෙනවා...

අග්නී.....

"බැහැපන්....නැත්තන් මම මෙහෙම්ම උඹව බේසමට අතාරිනවා..."

එයා මට බහින්න කිව්වා....අද උදේ මාව වඩාගන ඇගපත හෝදවපු අග්නි කොහෙද හිතුනා...මලක් වගේ මාව නාවපු මගෙ අග්නි කොහෙද හිතුනා....

" ඉදගනින්....උඹට අමාරුයිනේද?"

අනේ අග්නී ....පින් අයිති වෙයි ...අනේ...මෙහෙම කරන්න එපා අග්නී...

"කට පියාගන නාපන්"..

මට ඊට එහා වචනයක් වත් කතා කරන්න බැරි උනා...උදේ පාන්දර මලක් වගේ පරිස්සමින් නාවපු මාව හැන්දෑවෙ එයා සතෙක් ගානට දාලා නෑව්වා.....උනු වතුරට එයා ආයමත් කොහොඹ දාලා තිබුනා....හැබැයි එයාගෙ ආදරේ දන්න අමතක් වෙලා තිබුනා...

වතුර කොප්පෙ අරන් වතුර ඔලුවට දාන්න පුලුවන් කම තිබුනා...හැබැයි මගෙ මූන ඇස් පරිස්සමින් කරන්න එයාට අමතක වෙලා තිබුනා...

එයාට අමතක වෙලා නෑ.....එයා හිතලම අමතක කරලා තියනකොට සබන් තලියක් මගෙ මූන වහගත්තා වගේම මම සබන් තලියෙ සැරට ඇස් වහගත්තා උනත් සබන් වල සැරට වඩා එයාගෙ ආදරේ නපුරු කම් වල සැරට ඇස් වලට කදුලු ඉනුවා....

🥺ම්හුක්.....

🥺ජෝබී නිදහා....ස්ස්.....

🥺ආයම කොටසකින් එන්නම්....පයිස්සමින් ඉන්ඩෝ........

🥺කායයිත ජෝ වහින්වා හොද ටෝ...ම....මේ ලමයා බුජි.....ඔය ලමයිනුත් බුජියන්ඩ....

මීච ඌරු වලිගෙ ටූ ඉල ඇච්චෝ😂

චුක්...චුක්...චුක්....😘😘😘😘😘

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters