අග්නී...
මං එයාට කතා කෙරුවා ...එයා නෙවෙ ඔලුව ඉස්සුවෙ ...එයා නෙවෙ රෙද්දෙන් එලියට ආවෙ...කිව්වත් වගෙ අග්නිට ලැජ්ජා හිතුනද.....
අග් ..නී....
එපා මාව අල්ලන්න....
අග්නි...ඇයි ඉතින් ලැජ්ජා...
එයා මට අල්ලන්න දුන්නෙ නෑ....එපා අල්ලන්න කිව්වා...මං දැක්කා අග්නිගෙ කන් රතු වෙලා තියනවා ....මම බලාගන ඒ උරහිස් ඉහල පහල යනවා ..
.ඇත්තටම මේකට මේ තරම් ලැජ්ජද.....මං හිමීට හිමීට බෙඩ් ශීට් එක උස්සලා එක පාරම ඇදලම දැම්මා....මට කෑ ගැස්සුනා ....අනේ අම්මේ කියලම කෑ ගැස්සුනා ....
අනේ...අම්මේහ්හ්....
අග්නි....මෙච්චර වෙලාම විකාර කියවපු අග්නි මෙච්චර වෙලාම මාව අත ගාපු අග්නි.....එකම එක තත්පරෙන් වෙනස් වෙලා..ඒ ඇස් ඉරේ රතු පාටටත් වඩා රතු පාට උනා.....ඒ මූන සම්පූරනම සුදු මැලි වෙලා ගිහින් තොල්පට අගුරු පාට වෙලා තිබුනා..බලන් ඉන්නකොට උල් දත් මතු වෙලා නියපොතු පවා දික් වෙන්න ගත්තා ...
අග්...නි....අග්...නී..
මට කතා කරන්න බැරි උනා....එතන උන්නෙ මං ජීවිතේටවත් නොදැකපු අග්නි කෙනෙක් ....මමදැගලුවා..මට එලියට දුවා ගන්න ඕනා උනා....
අනේ..අග්..නි....මම...භ්හ්භ්....භ්හ්
..
"මට..එකව හොයා ගන්ඩ ඕනා....ඉෆ්‍රිත්ව ගෙන්නඩ තරම්...මගෙ උඹව මරවන්ඩ.....ඉෆ්‍රිත්ව ගෙන්නවපු එකාව..මට හොයා ගන්ඩ ඕනා...."
අග්...න්න්න්...භ්භ්..හ්.....
අග්නි උන්නෙ මගෙ ඇග උඩ.... පුරුක් එහා මෙහා උනා හා සමාන වෙදනාවක් දෙන කොන්ද තව තව වේදනා දෙන කොට අග්නිට බයේ ගැහුන මම කෑ ගහන්න හදන කොට අග්නි මගෙ කට අතින් තද කරගත්තා .....මගෙ ඇග උඩ උන්න අග්නිගෙ බර ඇත්තු දහයක් හා සමාන වෙනකොට අත් ගොබ හයිය මට හිතා ගන්ඩ බැරි උනා....
මම දැගලුවා...මං එයාගෙන් ගැලවෙන්න හැදුවා ඒත අග්නි නෙවෙ මාව අතෑරියෙ .....මම වේදනාවෙන් ඇඹරුනා .....අග්නිගෙ මූන බලන්න බැරිතරම් බය හිතෙනකොට බයටම මටසොහි මුර්ජා වෙන්න ආවා වගේම අග්නි මගෙ මූනට පහත් උනා....
"දන්නවද මැනිකෙ...මගෙ ඇග ඇතුලෙ ඉන්න ඉෆ්රිත් හරියට නැගිට්ටොත් ....මලගෙවල් හතක් එකදිගට වේවි....නිකන් නෙවෙ...විදව විදව මැරේවි...වෙනමොකටවත් නෙවෙ.....උඹව මරවන්න ....මොකාද මගෙ තාත්තව ගෙන්නවපු එකා කියලා දැනගත්තොත් ...ඌ මොන සක්වලගලින් එහා උන්නත්...මම ඌව මරනවා....පනපිටින් දෙකඩ කරනවා...."
එයා මගෙ මූනට ලන් වෙලා මිමිනුවා..ඒ හුස්ම තනිකරම ෆ්‍රීසර් එකක් ඇරියම එලියට එන දුමවගේ..ඒ තරම්ම සීතලයි...මම බය උනා.....එයාගෙ ඇස් ගැලවිලා බිමට වැටේවි කියලා මම බය උනා...ඒ මූන සම්පූරනම ගරා යකා හා සමාන වෙනකොට මම බයේ ගැහුනා.....යන්න දැගලුවා...
" උඹ අග්නි කියනකොට ඉෆ්රිත් නැවතුනා...උඹව පොලවෙ ගහලා විතරක් නැවතුනා ...පොඩ්ඩක් හිතපන් ..උඹ අග්නි කියනකොට ....උඹව මරන්ඩ හිතුන නම්....උඹේ උගුරු දන්ඩ කඩලාඅතට ගන්ඩ හිතුනා නම්...මැනිකේ...හැම වචනෙකම දෙපැත්තක් තියනවා මගෙ ශිවන්....තේරුනාද උඹට ම්ම්ම්ම්ම්"
එයා අහනව අග්නි කියපු වෙලේ මාව පොලවෙ නොගහා මගෙ ගිරිය කඩන්ඩ හිතුනා නම් කියලා....ඇත්ත....එයා කියපු කතාව ඇත්ත.....එයාගෙ තාත්තා මාව පොලව්ව් නොගහා මාව මැරුවා නම්...
"උඹට වේදනයිද මගෙ ශිවන්....."
අග් ..අග්නී...අනේ...අග්...නී...මට..මට...
" උඹ කියන්න හදන්නෙ...බයයි කියල නම්...ඒ වචන ටික ගිලපන් මගෙ ශිවන්.....උඹලගෙ මිනිස්සුන්ට පුලුවන් හොදට ඉන්න මිනිස්සුත් යක්කු කරවන්න...ඒ මේ කට හින්දා.....උඹට ඕනෙ....විහිලුවක් කරලා ඉන්න අග්නිව ඉෆ්රිත් කෙනෙක් කරගන්න....නම්..."
ඉතින් දෙයියනෙ මම බයයිනෙ....මම බයයිනෙ.....එයා කොච්චර මොන දේ කිව්වා උනත් මම බයයිනේ...අනේ..මම බයයි දෙයියනෙ...මම කවදාවත් අග්නිගෙන් මේ පැත්ත දැක්කෙ නෑ.....එයා කවදාවත් මට මේ වගේ පැත්තක් පෙන්නලත් නැ.....අග්නි මගෙ බඩ උඩ ඉදන් ඉන්න ගමන් එහෙම්ම එයාගෙ බෙල්ල අනිත් අතට හැරෙව්වා...නිකන් නෙවෙ සම්පූරනම .....මට හිතුනා මගෙ හොද සිහිය නැත්තටම නැති වෙයි කියලා ....එයාගෙ සම්පූරනම කද මගෙ පැත්තට හැරිලා තියනකොට ඔලුවයි අත් දෙකයි පිටිපස්සට හැරෙනකොට බයට මගෙ සර්වාංගෙම දාඩියෙන් නෑවිලා ගියා....ඒ එක්කම දකූනු කකුලෙ වලලුකර ඉෆ්රිත් අල්ලපු හරිය ගින්දරකින් පිච්චිලා යනවා හා සමාන වේදනාවක් දැනුනා වගේම මම හූ තියලාකෑ ගැහුවා....
කරුමෙ කොයි තරම්ද කියනවා නම් මට මගෙ වේදනාව පිට කරන්නවත් අග්නි කටහඩ ඉතුරු කරලා තිබුන් නෑ...එයා මගෙ කටහඩ උදුරගන.....ඇස්වලින් වැටෙන කදුලු කොට්ටෙ පසාරු කරගනයනකොට ඇගඋඩ ඉදන් උන්න අග්නිගෙ බර එක්ක මට දගලගන්නවත් බැරි වෙනකොට මම ඇඩුවා..කකුලට දැනෙන වේදනාව ඇසිඩ් හලනවා හා සමන උනා ...අමු අමු වෙම හම රහිනවා හා සමාන උනා....
වේදනාව මනින්න තියන ඩෙල් ඒකක පවා කඩාගන යනතරමට කකුලට දැනෙන වේදනාව වැඩි වෙනකොට මගෙ කොන්දෙ පුරුක් පවා එහා මෙහා වෙනවා මට දැනුනා. ..උඩට ඉස්සිලා තිබුන කොදු ඇට පෙල ආයම පපඩම් කුඩු වෙනවාහා සමාන සද්දෙ එක්ක ආයම තිබුන විදිහටම හරි ගැස්සෙනකොට මට ඒ වේදනාව දරාගන්න බැරිම තැන ඇස් පිය වෙලා ගියා ....
"මගෙ ශිවන් ..."
මට සිහි මුර්ජා උනා....මට වේදනාව දරා ගන්නම බැරි තැන ..අග්නිගෙ වෙස් පෙරලීම එක්ක හිතට ආව බය..මේ හැම දේම එක්ක මට සිහි මුරුජා වෙලා ගියා....මටසිහිය නැති වෙලා කොයි තරම් වෙලාවක්ද කියන්න මම දැනන් උන්නෙ නෑ..හැබැයි ඇස් වහගන උනත් මට දැනුනා මම ඉන්නෙ ඇද මෙට්ටෙටත් වඩා ඇගට සනීපයක් ගේන තැනක.... සර්වාංගෙම වේදනාවලට සනීපයක් ගේන තැනක...
මට ඇහුනා...මට එයාගෙ කටහඩ ඇහුනා.....මීට ටික වෙලාවකට කලින් තිබුන සීතල කටහඩ වෙනුවට තිබුනෙ මෘදු කටහඩක් ...ඒ වගේම උනුසුමක්.....මං ඇස් අරින් නැතිවම අහන් උන්නා....එයාගෙ දිගැටි ඇගිලි මගෙ පිට කොන්ද පුරාවටම ගියා ...මීට කලින් උන්න අග්නිමද කියලා හිතන්න බැරි තරමට අග්නි වෙනස් වෙලා ඉන්නකොට මම එයාට නොදැනෙන්න ලාවට එකම එක දශමයක් විතර ඇස් ඇරියා ...
දෙයියනේ ...අග්නී.....එයා මාව තුරුල් කරන් ..නිකන් නෙවෙ අත් දෙකෙම්ම..එතකොට ..ඇදටත් වඩා මට සැප පහසුවක් දැනුනෙ ඒ හින්දද...
"මගෙ ශිවන්...."
එයා ආයම මිමිනුවා...මම එහෙම්ම ඇස් දෙක ඇරියා...
අග්නී....
"මොකද උඹ....".
එයා වෙනස් උනා...මම කතා කෙරුවා විතරයි ආයම අර පරන නරකාදියම එලියට ආවා....
ඇයි අග්නි මේ....
" මොනවද"
මාව මේ තුරුල් කරන් ඉන්නෙ ඇයි....
" කව්ද උඹව තුරුල් කරගත්තෙ...උඹම ඇවිත් රිංගුව මිසක්...ශිහ්...යකෙක්ට වත් සැනසීමක් නෑ....."
මගෙ දෙයියනේ...අග්නී....ඇයි අග්නි ඔය ඇයි උඹ ඔච්චර බොරු කරන්නෙ....ආ අග්නි...උඹ නෙවෙද මාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නෙ....ඇයි අග්නි ඒ ඔහොම...
"උඹට මාන්දමද බන්....?මම මොන මගුලට තුරුල් කර ගන්නද"
එයා මහ දෙපිටකාට්ටුවෙක් වෙලා...මේ කියන එක මේ නෑ කියන්න පුරුදු වෙලා...මේ දවස් වල මූ ලෝයර් කෙනෙක් පස්සෙ වත් යනවදෝ මන්දා..නැත්තන් ඉතින් මේ කියන එක මේ නෑ කියන්නෙ..
මම අග්නියා දිහා බලන් උන්නා....ඒකා නෙවෙ මාව ගනන් ගන්නෙ ..හැබැයි මම උන්නෙත් එයාගෙ අත උඩ....
අග්නී....
"ම්න්"
ඔයා කොහොමද අග්නි..බෙල්ල අනිත් අත හැරෙව්වෙ.....මං අහන්න්..සම්පූරනම කද මහෙ පැත්තාට හරවලා..බෙල්ල අනිත් අතට හරවගත්තෙ කොහොමද .....
" උඹට කරලා බලමුද කොහොමද කියලා ..හැබැයි කරකවන්න පුලුවන් ...ජීවත් වෙයිද කියන්න බෑ....."
අම්මො අග්නි...උඹ මහ යකෙක්...
" නැතුව ඉතින්....අරූ ලව්වා හොදට අත ගාව ගත්තෙ...මං බලාගන උන්නෙ....ශිහ් ..ලැජ්ජා නැති එකා උඹ"
අග්නි....
මම බෙල්ල ඉස්සුවා...මෙච්චර වෙලාම හොදට උන්න අග්නියා එක එක දේවල් කියන්න ගත්තා ....මම අල්ලනකන් හොදට උන්නා කිය කිය මට ඇගිල්ලකින් අනින්න ගත්තා..
කොයි වෙලෙත් මට බනිනවා....වෙලහට අලුත් යකින්නක් වත් සෙට් වෙලාද දන්නෙ නෑ...සමහර උන්ට අලුතෙන් උන් හම්බ උනහගම ඉන්න එකා එක්ක තරහවෙන්න පොටක් නැති නම්නැති ඒවා හරි මවනවනෙ....
මමත් ඒකට ඇනුම් පදයක් කියලා කොට්ටෙට ඔලුව තියන් අනිත් පැත්තට හැරුනා
" මහ ගොබ්බයෙක්....ඇත්තටම ඇයි මැනිකෙ මිනිස්සු ඔය තරම් මොඩ...."
එයා ආයම කියවනවා....එයාගෙ එක අතක් මගෙ කොදු නාරටිය දිගෙ ගියපු අත ඊලග තත්පරේදි මගෙ බද වටේ එතුනා වගේම එයා මාව ආයම මගෙ පැත්තට හරව ගත්තා ..
මං ඒ මූන දිහා බලන් උන්නා...මට උක්කුවව මතක් උනා.... උක්කුවා මගෙ හිතට පුදුම විදිහට වද දෙන්න ගත්තා ...
අග්නි...
"ම්න්.."
අග්නි ඔයා උක්කුවව දන්නවද අග්නි....ඔයා....එයාව දැකලා තියනවද ...
"නෑ..."
මට බොරු කියන්න එපා අග්නි..ඇත්ත කියන්නකො....
" මං උඹට බොරු කියලා ඔය කකුල් දෙක මැද තියන එක ගන්නද.....?"
ශිහ් ...අග්නි....ඇයි අග්නි මේ ...ඇයි මේ...ඔච්චර කුනු හර්ප කියන්නෙ ඇයි අග්නි....
"මගෙන් අහන්නෙ...පොඩ්ඩක් පහ හය පහුවෙලා අර ගග ගාව තොටුපලට යමන්කො...නැත්තන් පහල රබරෙට පලයන් කො....නැත්තන් කොටහලු ගෙදරට ...ඔය ඉලව්වකට පලයන්කො....මිනිස්සු බය නැති වෙන්ඩය කියලා කුනුහර්ප පලන තරම් බලන්ට....වැඩිය ඕන් නෑ...උඹේ ගෑනි වලදාපු දාම කව්ද එකෙක් තුන්මන් හන්දියෙ පෙරේත තටුවක් දාලා ගිහින් ඉලව්වට ආව උන් ඒක පහු කරන් ගියෙ අපේ අම්මා අප්පත් මතක් කරලා...."
මම අහන් උන්නා....අග්නියා ආයම මාව ඇදලා අරන් ඒකගෙ දොරක් සයිස් පපුවට තුරුල් කරන් මිනිස් සංහතියෙම නම්බුව හෝදන්ට පටන් ගත්තා ....
අග්නී....
"ම්න්....ආයම ගොබ්බ කතාවක් අහන්ඩද යන්නෙ...කමක් නෑ....අහපන්කො...."
ඇයි අග්නි මෝහිනි ලමයව වඩාගන ඇවිදින් රෙද්ද හදා ගන්ඩ කියලා ලමයව දෙන්නෙ....?
" උඹලා යකින්නකට වත් ඉන්ඩ දෙන්නෙ නැති හන්දා....ඔය ලමයව වඩාගන ඉන්නකොට උඹලගෙම එකෙක් රෙද්ද අන්දන්න හැදුවොත් ඒකි ආයම බඩ වෙයි කියලා ඒකිත් බයඇති...."
චික්කේ .. . ඇයි අග්නි ඔය...
" ඉතින් ඇත්තනෙ ...උඹලා හෙන හද්ද ගොබ්බයො ..උඹලා විහිම්මයි යක්කු ගෙට දාගන්නෙ....ඔන්න අහගනින් මගෙ මැනිකේ....ඔය ගමේ ගොඩෙ ගෑනු ...ඔවුන්ට සුද්දවීම හැදෙනවා....ඔවුන් අදින්නෙ මොනවද රෙදි කෑලි....ඒවා හෝදන්නෙ කොයි වෙලේටද....මිනිහට හොරාවට ...ගෙදර උන්ට හොරාවට ...ගිනි මද්දහනෙ ....ගොම්මනෙ....රෑ තිස්සෙ ...ඉතින් කුයිලෙ ගහනවා .....ඔය කුයිලෙට පෙරේතයො වහන් නැද්ද ...ඕකිට වහ වැටෙන් නැද්ද....ඔන්න ඉතින් ඒකිට ටැප් එක කැඩුවා වගෙ බඩ හෝදගන යන්ඩ පටන් ගන්නවා...ඇගට පෙරේතයො රින්ගනවා....
මලගෙයක් උනාම..අනේ අපිව දාලා යන්ඩ එපා එපා ගගා නහිනවා ....ඕක ඇහෙනවා මලගිය ඇත්තට..උඹලා දන් නැද්ද තුන් දවසක් ඒකගෙ ආත්මෙ ගෙදර කියලා ....තුන් මාසයක් වත්තෙ කියලා ....උඹලා එන්ඩ එන්ඩ ගෑවම උන් එනවා...උඹලා ගොබ්බ ජාතිය අඩා වැලපිලා ගෙන්න ගත්ත අර අසරනයව තොවිල් නටලා ඒකව බෝතලයක් අස්සට හිර කරනවා ....ඔන්න කෙරුවාව....
කොටහලු උන එකියකට මොකද තෙල් ජාති පිලි ජාති නොදෙන්නෙ ඒකි කිලි හන්දා...උඹලා මක්කදැයි කරන්නෙ ඒකිව නාවලා ගෙට අරන් ජෝගි නටනවා....ඒකිටත් ගිල්ලනව...ඉතින් අර කුමාරයා වහනවා .."
මං අහන් උන්නා අග්නි එකින් එක කියන හැටි මං අහන් උන්නා .....අවසානෙදි එයා මගෙ ඔලුවත් අත ගෑවා ...
අග්නී...
"ම්න්..."
උක්කුවා කිරි මහත්තයා එනකන් බලන් උන්නලු අග්නි.....
මගෙ හිත ආයම උක්කුවව උඩට ඇද්දා ...කොච්චර අමතක කරන්ඩ හැදුවත් උක්කුවා ආය ආයම මගෙ හිත පාරවන්ඩ ගත්තා ....
"ම්.....ආදරේ කරන මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ආදරේ කරන්වටත් වඩා බලන් ඉන්ඩ මගෙ ශිවන්...හරියටම ....මම වගෙ...උන් බලන් ඉන්නවා....ආදරෙයි කියනකන්....උන් බලන් ඉන්නවා හම්බෙනකන්....උන් බලන් ඉන්නවා කතා කරන කන්...තුරුල් කර ගන්නකන්....."ආදරේ "ඇතුලෙ තියන්නෙ
"බලන් ඉන්න "එක මගෙ ශිවන් .....බලන් ඉන්න එක මහ වේදනාවක් ...ඇස් පනාපිට උන්නත්....කතා කරගන්න බැරිවෙනකොට ...බලන් ඉන්න එක මහ වේදනාවක් ....ඇස් පනා පිට ඉන්නකොට එකම එක පාරක් තුරුල් කරගන්න ඕන කම තියෙනකොට තුරුල් කර ගන්න බලන් ඉන්න එක වේදනාවක් මගෙ ශිවන් ....ඒ වේදනාව විරහවටත් වඩා අන්තයි.....වෙලාවකට විරහ වේදනාවට වඩා බලන් ඉන්න වේදනාව පපුව රිදවනවා මගෙ ශිවන්...
මිනිස්සු තරහ උනහම කරන්නෙ බලන් ඉන්න එක....කොයි වෙලේ හරි හොයන් එයි කියලා බලන් ඉන්න එක ...එහෙම එකේ ආය නාවොතින්.....??"
එයා හරි....අග්නි හරියටම හරි.....බලන් ඉන්න එක මහ වේදනාවක් ...
එයා හුගාක් දේවල් කියවනවා ...වෙලාවකට මගෙ මූන අත ගානවා ....වෙලාවකට කොන්ඩෙ....ඔය ඉදලා ඉදලා මාව අවුස්සන්නද තියන වරත්තු කමටද කොහෙද තට්ටමක් මිරිකනවා මං මැරෙන්න හදනවා ...
අනෙ අග්නී....හ් ..මොන වරත්තු වැඩක්ද අග්නි ඕක...
"ආ...මං ඕක ටිකක් මිරිකුවා කියලා ගෙවෙන් නෑනෙ නේද .....අර හුත්තිගෙ පුතා අතගානකොට නම් සද්ද නැතුව උන්නා..."
ආරාද්‍ය....ආරාද්‍ය....අනෙ අග්නි උගෙ නම ආරාද්‍ය ...ඔහොම කුනුහර්ප කියන්ඩ එපා අග්නි පුංචි එකා ඉගන ගන්නවා .....
"දැන් එතකොට උඹ හිතන්නෙ නැද්ද උඹත් කුනුහර්ප පලනකොට මාත් ඉගන ගන්නවා කියලා ?ඇරත්....තට්ටමක් මිරිකුවාම මොකද වෙන්නෙ ....ඔය අනන්තවත් රූප පෙට්ටියෙ ඉන්න උන් මිරිකගන්නෙ..."
මො..මොකක්.....දෙයියනෙ අග්නි....උඹ ආය ටීවි බලන්නෙත් නෑ...අනුන්ගෙ ඵෝන් වලට එබිලා අහුවෙන්නෙත් නෑ ආ...
"මං මොන මගුලටද ඔය ගල්බාගෙට එබෙන්නෙ ....උඹලගෙ උන්ටනෙ ලැජ්ජාවක් නැතුව ගස් ගල් ගානෙ කෙහෙල් කොල එලාගන ලමයි හදන ක්‍රියාවලිය කරන්නෙ"
මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා .....මට මෙ අග්නියා කියවන අසික්කිත කතා අහන් ඉන්ඩ බැරිම තැන මම කන්දෙක වහගත්තා ...
අග්නි ...ඇත්ත කියනවා ඔය ජරහන්ත කොහෙන්ද දැක්කෙ...
"අනේ සිපයියො....උඹ හිතුවද මං අදක ඊයෙක ඉපදුන එකෙක් කියලා ....උඹ හන්දා උඹගෙ අම්මා ගාවට එන්ඩ කලියෙන් මං මේ හතර දිග්බාගෙම කරක් ගහපු එකෙක්....මන් ඔය කෙරුවාවඕන තරම් දැකලා තියනවා...උන් නොදන්නවා උනාට වෙලාවකට අපි රංචු පිටින් බලන් ඉදලා අපිටත් කම්මැලි හිතුනම අපි උන්ට වැලි අහුරක් අරගන ගහනවා ....උඹටත් කෙහෙල් කොලයක් උඩ පත බෑවෙන්ඩ ඕනෙ නම් කියපන් මැනිකෙ....අර රත් කෙහෙල් ගහෙ කොල තියෙන්නෙ ඕන තරම් ..."
ශිහ් ....අග්නි..ශි ...හ්...
"ඇයි උඹ මොකද ....දැන් මෙතන ශිහ් ගෑවට...."
හෝව් ..හෝව් ඇති...වලත්ත කතාවක් කිව්වොත් කන්ඩ ඕනෙත් නෑ....
මං අග්නිගෙ කට වැහුවා ....එයා කටවහන් උඩ බෙලි අතට හැරුනා....එතනින් පස්සෙ එයා වත් මමවත් කතා කෙරුවෙ නෑ...අපි දෙන්නම කෙරුවෙ කටවහන් ඔහේ සිවිලිම දොහා ඔහේ බලන් උන්නා.....
"මගෙ ශිවන්..."
.ම්ම්....
"උඹ මන්තර පොත්වලට අතගහන්ඩ කාලෙ හරි....."
මම???
"ඇයි මෙතන තව ශිවන් කෙනෙක් ඉන්නවද ...නෑනෙ..දෙයක් කියන්ඩ කලින් මැද්දෙන් පනින් නැතුව ඉදින්කො...ඔක්කොමත් හොදයි මට උඹට වෙලවකට ගහන්ඩ හිතයි පුක පුපුරල යන්ඩ...."
ඒකා ආය නහින්ඩ ගත්තා ..මං එලියට දැම්මෙ එකම එක වචනයයි...එක වචනයක් වරදින්න බෑ මූ මාව කන්න හදනවා....
" කටවහන් අහගන්....උඹ මේවා ඉගන ගන්න ඕනා ශිවන්....මන්තර පොත් පාඩම් කරනවා කියන්නෙ උඹලා ඉස්කෝලේ යනකොට පොත් පාඩම් කෙරුවා වගේ නෙවෙ...ඔව්වට කැප උන වෙලාවල් තියනවා...අකුරු වල වචනවල තේරුම වෙනස් නොවී හරියට ශබ්ද කරන්න ඕනා....යකුන්ට දෙවියන්ට ආරාධනා කරන එක හරියට කරන්ඩ ඕනා...මගෙ ශිවන්...මේක විහිලුවකට ගන්ඩ එපා...උඹ මේක සිහි කල්පනාවෙන් කරන්ඩ ඕනා සාත්තරයක්...තේරුනානෙ....."
.......
මම කල්පනා කෙරුවා ....උත්තරයක් දෙනවා වෙනුවට කරපු එකම දේ කල්පනා කරපු එක.....එයා ආයම මාව එයාගෙ පැත්තට හරවන් කොන්ද හෙමින් අත ගෑවා.....මං අහගන අප්පච්චි මගෙ කොලුවා එක්ක කියවනවා...හත් දොහක් යනකන් ඉලව් රකින්ඩ එන උන්ගෙ කතා බහ කැරම් ගහන උන්ගෙ කන්දොස්කිරියාව අහගන මම ඔහේ උන්නා....
අප්පුච්චියේ....අප්පුච්චියේ...
ඕ.....
අප්පුච්....චි.....යේ....
ඕ...මැනිකේ....
කෝ අප්පච්චි මේ ඉන්නෙ මගෙ පුතාගෙ අප්පච්චි ...සීයා තාත්තා එනකන් මගෙ
පුතා අප්පච්චි ගාව ඉන්නවද.....
ම්ම්ම්ම්...
මගෙ පුතා අප්පච්චි ගාව ඉන්නවද...
ඉන්නවත....ඔව්නෙ...ත....අප්පුච්චියෝ.....
අප්පච්චි කොල්ලව වඩාගන කාමරේට ආවා...මෙච්චර වෙලාම පේන්න උන්න අග්නි ඇස්වලින් වහන් වෙනකොට අප්පච්චි ඇවිත් කොල්ලව මගෙ ඇදෙන් තිබ්බා....නිකන් නෙවෙ පොඩි එකාගෙ අතේ කතන්දර පොතක් එක්ක.....අලුත් එකක්...
අප්පුච්චියෙ ..මේ...මේ....
අයි...අයි.....අප්පච්චි ගෙ පනට කව්ද මේ පොතක් අරන් දුන්නෙ.....
අප්පච්චි යන්න ගියා කොලුවා ඒකටත් වඩා ලොකු කතන්දර පොත දිගෑරන් මේ මේ ගගා පෙන්න පෙන්නකකුල් දෙකත් පලල් කරන් ඇදේ ඉදගන මගෙ ඇගට හේත්තු වෙනකොට මම ලමයගෙ පිටට හාදුවක් තියන ගමන් එක අතකින් තුරුල් කරගත්තා
"අයි...අයි.....අලුත් පොතක්....මේකෙත් උඩ යන ලමයි ඉන්නවද දන්නෙ නෑනෙ....."
අප්පුච්චියො...මේ....මේ.....අප්පු...ච්චියෙ...මේ...කාත...මේ.....
" ආ...හරි ශෝක්...මේකව්ද...මේ....යකෙක් නේද...."
සුරංගනාවියෙක්...යක්කු කොහෙද සුරංගනා කතා අස්සෙ....
" ඇයි නැත්තෙ....උඹලට පිස්සු...යක්කු ඉන්නවා...."
පටන් ගත්තා...ආයම පටන් ගත්තා ....ලමයගෙ කතන්දර පොතට එබුන අග්නියා ආයම යක්කු හොයන්න ගත්තා ...
අප්පුච්චියෙ...මේහ්....මේහ්...
"ම්ම්ම්...යකෙක් නේ...."
ඕ....නේ....න..කෙක්...
"ඒකනෙ....යකෙක්...ආ..හරි ශෝක්...මේ...ඒකි ගවුමකුත් ඇදලා....."
ම්ම්ම්...නේ.....ඇදල..නේ...අප්පුච්චියෙ ...
ඇදලා නේත.....ඒකි...
යෝ...හ්.අග්නීහ් ....එපා කොල්ලට බොරු උගන්නන්න.....ඒකි යකෙක් නෙවෙ...ඒකි හිම කුමාරි ..
"හිම කුමාරි නම් ඇගේම හිම තියෙන්ඩ එපැයිනෙ...කෝ මේකිගෙ නෑනෙ.....ඒක අසාදාරනයි ....උඹලා යක්කු කිව්වම හෙන කැතට ඇදාල මුන්ව ලස්සනට අදිනව....අහකට පලයන් මන් කියලා දෙන්නම්...."
කිව්වට තේරුමක් නෑ...අග්නියා එක්ක කට ගහලා මටයි පන නැතිවෙන්නෙ...මම කොල්ලා.දිහා බැලුවා ..ඌ ඇති ඌ...මගෙ ඇගට හේත්තු වෙලා ඉදන් මූ අරූටමනෙ අප්පච්චි කියන්නෙ.....ගහන්ඩ හිතයි....
මම බලන් උන්නා..මලපොතෙ අකුරක් දන්නෙ නැති අග්නියා දැන් කතන්දරේ පටන් ගන්නකන්....
"ම්ම්ම්.....බලමු බලන්න්ඩ...."
ම්ම්ම්..බාමු ..බාන්ඩ....
.
අග්නියා කියන්නෙ මොනවද මගෙ පොඩි ඇටයත් ඒකම රිපීට් කෙරුවා...මම නෙවෙ කටක් හෙල්ලුවෙ....අග්නියා ඔලුව කහනවා වෙන පිටුවක් බලනවා..මං හිතන්නෙ මූ කතාව සාරාංශ කරන්ඩද කොහෙද යන්නෙ...
" ඔන්න එකමත් එක රටක ගෑනියෙක් උන්නලු ...."
නෑ අග්නී ඒ කුමාරිකාවක්.. ...කුමාරි කාවක්....
" උඹ ඉදින්කො.....ඇයි කුමාරිකාව කියලා අලි පුකෙන්ද...නෑනෙ...ඒකිත් ගෑනියෙක්"..
අප්පුච්චියෙ...අයි පුතෙන්ත..?
අග්නියාහ්....
මං අග්නියට අත දිගෑරලා පාරක් ගැහුවා ...ඒකා කියන ඔක්කෝම පොඩි ඇටයා ආපිට කිව්වා ....ගුටිය කාපු අග්නියා ආයම මා දිහා බැලුවා ...
" ඉතින් උඹ මට ගහන්නෙ.....මං ඇත්තනෙ කියන්නෙ...මේකි ගෑනියෙක් ..මේ පේන්නෙ නැද්ද....මේ ගෑනියෙක් ...ගෑනුන්ට තමා මෙව්වා තියෙන්නෙ....මෙ...අනික උඹලා ලමයිට පොඩි කාලෙ ඉදන් උගන්නෙන්නම බොරු..."
කොහෙද අපි බොරු උගන්නන්නෙ ...
" ඇයි උඹත් ඒ දවස්වල අර දැහැමියගෙ අතෙන් අල්ලන් දඩින් බිඩින් ඩෝන් ගාලා වැටුනෙ....."
මොකක්....
මම ඉදගත්තා ....ඉදගන කොල්ලව උකුලට ගත්තා ...ඒ උනත් ඌ නෙවෙ මගෙ ගාව ඉන්නෙ....ඌට ඕනා අග්නියයි මායි දෙන්නම මැද්දෙ ඉන්න...අග්නියා මා දිහා රවාගන බලන් උන්නා...මම කවදද දැහැමිනියග් අත් වලින් අල්ලන් දඩින් බිඩින් ඩෝන් ගෑවෙ....
උඹට ලාදුරුද අග්නි....
අප්පුච්චියේ....ලා...තු..ලුත...අග්....ගි....යෙ
" ඔය දැන් හරිනෙ...."
හරි ..ලාදුරුද අහන එක කුනු හර්පයක් නෙවෙ.....ඒක කමක නෑ.....මම කවදද අරකිගෙ අතින් ඇල්ලුවෙ...
මම අග්නියා දිහා බලන් ඇස් හීනි කරනකොට මූ නියපොත්තක් හපන්න ගත්තා ...
" ආ....උඹලා අර ඉස්කෝලෙ යන්ඩ කලින් අඩාගන යන්නෙ... .යන්ඩ බෑ බෑ ගගා යන්නෙ...හරක් මරන්ඩ යනවා වගෙ ඇදගන යන්නෙ..කොහෙද ....වතුර බෝතලේකුත් බෙල්ලෙ එල්ලන්....ආන් කාලෙ..."
මොන්ටිසූරි යන කාලෙ...
"මං දන්න මොට්ට සූරියක් නෑ ...උඹ ඒ කාලේ ඒකි එක්ක අන්න අර වෙරලු ගහ යට අත් දෙක අල්ලන් මොන මගුලෙදො බෝලයක් ගැන කිය කිය කැරකෙනවා....".
ගිනි ගිනි බෝලේ...
" අන්න හරි ....මේ ලමයා කොහෙන්දෝ....රෝස කැලෙන් ඇහින්දෝ...දඩින් බිඩින් ඩෝන්...ගාලා උඹලා දෙන්නම මාන්දම හැදිලා වගේ වැටෙනවා...."..
මම ඔලුවට අත ගහගත්තා .....මම.දැහැමිනයා එක්ක ඒ මගුලුත් නටලද ....මූ අනික කියන වචන...මාන්දම හැදිලා වැටුනලු.....
ඉතින්....කොහෙද ඒකෙ බොරුව...
" බොරුව කියන්නෙ.....රෝස කැලේ කොහෙද ලමයි ..උඹ හිතුවද ලමයි ගස් වල පැල වෙනවා කියලා ..ඇයි බොරු උගන්නන්නෙ .....කියපන්කො..අම්මා බබාව ගෙනාවෙ හුගාක් දුක් විදලා කියලා ...ඇයි එහෙම කියන්ඩ බැරි ..රෝස කැලේ....උඹලා බොරුම තමා කියන්නෙ...."..
ඉතින් මේ පොඩි දරුවන්ට තේරෙනවද අග්නි ඔව්වා...ආ
" ඒ උනාට රෝස කැලේ ලමයි නෑනෙ"
ඉතින් අග්නි ලමයි නැති උනත් මට කියන්න පුලුවන්ද ..ආ...මට කියන්න පුලුවන්ද .....
" ඒ කොහොම උනත් රෝස කැලේ ලමයි නෑනෙ...."
හරි යකො...ලමයි නෑ...ලමයි නෑ තමයි...
" එහෙනම්...රෙද්දද කියවන්නෙ....ගහන්නෙ තොට මැරිලා වැටෙන්ඩ"
මම.කට පියා ගත්තා .....අග්නියා එක්ක කතා කරනවට වඩා හොදයි කට බිම උලා ගන්න එක...මම රවාගන බලන් උන්නා...එක ඇත්ත .අග්නි කිව්වා හරි...රෝස කැලෙන් ලමයි නෑ කියන ලදරු කතාව බොරුවක් අමූලික බොරුවක්.....ලමයි එන්නෙ කොහෙන්ද කියන පාඩම පවා ඉස්කෝලෙ මගාරිනවා.ඇත්තටම මොනමගුලටද සෞඛ්‍ය මිස් ඒක මාගාරින්නෙ....ඇයි උන්ට ඒක උගන්නන්න ලැජ්ජා...ලැජ්ජා වෙන්න නෙවෙ හරි නම් අඩන්නනෙ ඕනා...මුන්ට සහලවලා පිස්සු.....
ඇදේ එරමිනියා ගොතන් උන්න මම ආයම දිහා උනා....අග්නියගෙ තාත්තා මගෙ කොන්ද කඩලා.....කිව්වත් වගේ අම්මා මාව අග්නියට ලන් වෙන්න නොදෙන්නෙ මේකද....ඇත්තටම ඒ යකා මාව මැරුවා නම්....
මම බලන් උන්නා ..අග්නි ලමයව තුරුල් කරන් අර පොත දිහා බලන් උන්නා.....ඉදලා ඔන්න ආයාම පටන් ගත්තා ...
" ඔන්න එකෝමත් එක රටක කොන්ඩෙ කොට ගෑනියෙක් උන්නලු....."

"ම්ම්ම්ම්.....මේ නහය දිග බට කොල ආච්චි ...යෙක්...ආ..මේ ඉන්නෙ....මේ ඉන්නෙ...මෙන්න ඉන්නවා යකෙක්....මේ ඉන්නෙ පුතේ යකෙක්...."
මම ඔලුව දෙපැත්තට වැනුවා...මුලුන්කතාවෙම්ම බාගයක් ඇරලා අග්නියා නපුරු කුඩම්මා ඉන්න කෑල්ල පෙරල ගත්තා ....
නකෙක්...ත
" ඔව්...මෙන්න යකෙක්.....මේවා බොරු...යක්කු ලස්සන උනි ඉන්නවා...ඔන්න....යකා...ම්ම්..මේතන මොකක්ද වෙන්නෙ....?"
ඇපල් ගෙඩියක් දෙනවා...
"ඒ ඇයි ..."
ඒ ඇයි අහන්නෙ....කතාවෙ ඔක්කොමමග ඇරලා මෙතන විතරක් බලපුවාම තෙරෙනවද.
" මන් ආස මෙතනටනෙ ..."
ඔයා ආස උනාට වැඩක් නෑනෙ අග්නි .....මග ඇරලා කියෙව්වවම කතාව වැඩක් නෑනෙ....
"ඒ උනාට උඩ හරියෙ යක්කු නෑනෙ....."
අග්නී....ඔයා ලමයටත් වඩා නොදරුවෙක් අග්නි...
" හරි...උඹ මුදුනා නොවී කියපන්කො....ඇයි මේ ගෑනි ඇපල් කාලා බුදියෑවෙ..."
ඒකි බුදි නෑ මැරුනා.....ඇපල් ගෙඩියට වහ දාලා....
" මැරුනා...?වෙන්ඩ බෑ....කවුද වහ දැම්මෙ"
ඔය යකින්න තමා...
" ආ..උඹ බලන් උන්නද....නෑනෙ...නිකන් පද හදන් නැතුව ඉදපන්..මේකි මොනවා හරි ජරාවක් ගිලින්ඩ ඇති...."
අග්නී..අග්නී...අග්නි...මෙහෙ දීපන් පොත...මේ ඉන්නෙ හිමකුමාරි...
"ම්න්"
මේ ඉන්නෙ නපුරු කුඩම්මා....
"හුහ්.....පෛත්තියන් ...ඒ ගෑනි හොදයි"
ලබ්බ...
"ඇති කකුල් අස්සෙ...."
අග්නිහ්...අහගනින්කො.....
"ම්න්..."
හිම කුමාරිගෙ අම්මා මැරෙනවා.....ඊට පස්සෙ තාත්තා මේ කුඩම්මව බදිනවා.....මේ ගෑනි මහ නපුරුයි...අහංකාරයි.....මේ ගෑනිටඕනෙ මුලු ලෝකෙටම ඉන්න ලස්සනම ගෑනි වෙන්ඩ...හැමදාම කතා කරන කන්නාඩිය ගාවට ගිහින් අහනවා කන්නාඩිය කනාඩිය මේ බලන්න කන්නාඩිය...මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා කව්ද කියන්න කන්නාඩිය කියලා...
"ම්ම්....ඒක නම් බොරුවක් වෙන්න ඇති නේ..කන්නාඩි වලට කතා කරන්න බෑ...ආහක්...අනවශ්‍ය තොරතුරක්...."
අනෙ අග්නී දෙයියන්ගෙ නාමෙන් පොඩ්ඩක් ඉදින්කො මේක කියලා දෙනකන් ...
"ම්න්....හරි...ඒ උනාට....ඒක තාත්වික මදි කියලා හිතෙන් නැද්ද ...කතාකරන කන්නාඩි...."
එක්කො උඹ මේක තනියෙන් කියවපන් නැත්තන් මට කියවන්න දියන් ...
"ම්ම්...හාකො..."
මේ කන්නාඩිය ගාවට ගිහින් අහනවා කව්ද ලස්සන කියලා ....
"කුඩම්මා තමා..."
පොඩ්ඩක් ඉදින්කො ...
"හා"
අප්පුච්චියේ.....
ඕ මැනික....
මේ කා....කාත....
"හිම ගෑනි..."
හරි....ඔන්න කන්නඩිය කියනවා මුලු ලෝකෙම්ම ලස්සන ඔයා ඒත් දැන් ලස්සන හිම කුමාරි කියලා...
"...."
ඊට පස්සෙ ඕකට කුඩම්මට තරහා යනවා...
"සාදාරනයි .."
තා...තරනයි..
ඒ පාර තොපි දෙන්නම ඒකිගෙ පැත්තෙද?
මට මල පැන්නා....එරමිනියා ගොතන් උන්න අග්නියා කොල්ලව කකුල් උඩ ඉදන් බහුබූත කියවනකොට කොල්ලත් ඒකම කිව්වා ටික වෙලාවක් බලන් උන්න මං ආයම පටන් ගත්තා .....මේ පාර නම් මං අග්නියට මැදින් අකුරක් වත් දාන්න නොදි එක හුස්මට කතාව කියාගන කියාගන ගිහින් හති අරිනකොට ලමයයි අග්නියයි කට ඇරන් ඇස් ලොකු කරන් ඇස් පිල්ලම් ගැහුවා ...
අප්පුච්චියෙ .....
කතාව ඉවරයි නිඛිල්....දොයියපන්....
"ඒත්...හාදුවක් දුන්නම මැරුන උන් ඇහැරෙන්නෙ නෑනෙද?"
නෑ...නෙත...ඕ...අප්පුච්චියෙ ....නෑ...නේත....
දෙයියනෙ අග්නී....මේක කතන්දරයක් ....පින් අයිති වෙයි ...
"ඒත්....මේකෙ....ම්ම්ම්...ඒක එහෙම වෙන්ඩ බෑනෙ...මං කිව්වෙ....මං කිව්වෙ....නපුරු කුඩම්මා හොදයි...මේකි ජරාවක් කාලා මිනිස්සු රැවැට්ටුවා වෙන්න බැරිද....මං අහන්නෙ අර මිනිහගෙන්...හාදුවක් ගන්න...?"
කුමාරයගෙන්....කුමාරයගෙ...න්...
"හරි...ඒ කොහොම උනත් ඌ මිනිහෙක්නෙ....මන් කිව්වෙ..මං කිව්වෙ ඕක බොරුවක් ...කතාකරන කන්නාඩිය කියකොටම මම කිව්වා ....ඕක බොරුවක් ....ඒක එහෙම වෙන්ඩ බෑ....ඕක බොරුවක් ..."
ඕත....බොව්වක්...ඕත....බොව්වක්.....
😒ආය එන්නම් ඈ...
😂බායි ...
මම
Ferdeesha ❤️💚😘 ...