Cherreads

Chapter 8 - 08

මං මගෙ ඔලුව ශීට් එකට තියා ගත්තා....පාන්දර ජාමෙ නැගිටපු හන්දා මගෙ ඇස් දෙක එක තත්පරෙන් තත්පරේ පියවෙවී යනකොට වැහෙන ඇස් පියන් අරින්න මං පුදුමාකාර ගේමක් දුන්නා....ඒත් අවසානෙදි බාගෙට ඇරලා තිබුන ශටර් වලින් ආව හුලගයි...බේබි හාමුගෙ කාර් එකේ දාලා තිබුන අධිමාත්‍රාවයි දෙකම එක පැත්තක් අරගන අසරන මගෙ තෙහෙට්ටු වෙලා උන්න මගෙ ඇස් දෙක වහලා දැම්මා...

ඇගපතම වේදනාවයි....ඇස් දෙක මගෙන් බල කර කරම නින්ද ඉල්ලනකොට පැදුරු කඩමාල්ලට වඩා සනීපෙට බේබි හාමුගෙ කාර් සීට් එක සනීප උනත් සැරින් සැරේම මගෙ බෙල්ල කඩා වැටුනා....

බෙල්ල කඩාගන වැටෙන වැටෙන වාරයක් පාසාම මගෙ ඇස් වගේම මගෙ හිත ගැස්සුනත් තිබුන නිදිමතේ හැටියට මට ඇස් ඇරගන්නවත්....මගෙ ඔලුව කෙලින් කරකගන්නවත් මට පුලුවන් කමක් තිබුන් නැ....

ඇපල් මල අධිමාත්‍රාව වර වෙලා හුගක් වෙලා...බේබි හාමුගෙ සුවද විතරක් තනියට ඉන්නකොට නින්දත් අඩනින්දත් අතර මැද උන්න මට හීනෙන් වගේ ආයමත් සින්දුවක් යනවා ඇහුනා ..හැබැයි...මේ පාර නම් ඒක කනට ඇහෙන්නෙත් නැති ගානයි....එදිරිසිංහ මහත්තයට ඇපල් මලේ ගතු කියන්න බේබි හාමු කට අරින්න දුන්නත්....ඊලගට කියන්න ආව කෙනාට කට අරින්න බෙර්බි හාමු ඉඩක් තියලානැද්ද කොහෙද .....

හරි අමාරුවෙන් ඔලුව කෙලින් කරගත්තු මගෙ ඔලුව ආයම කඩන් වැටුනා..මට ඇස් ඇරගන්න බෑ....ඒක නිකන් හරියටම නපුරුම නපුරු හීනයක් දකිනකොට නින්දෙන් ඇහැරෙන්න ඕනා උනත් ඇස් දෙක ඇරගන්නවත් ...අතපය හොලවගන්නවත් බැහැයි වගේ හැගීමක් වෙද්දි මගෙ කම්මුලකට හරි සනීප උනුසුමක් දැනුනා...

මොකක්ද ඒ...

තේරුම් ගන්න ඕන කමක් තිබුනත් ඊයෙ දවසෙම මහපොලව එක්ක ඔට්ටු උන....උදලු බද එක්ක ඔට්ටු උන...අප්පච්චි පස්සපාරෙ දුවාපු මගෙ ඇගේ හයිය අද උදේ වෙනකොට සම්පූරනම දියවෙලා මදිවට ඇස් වලට කවුරු හරි ගල් කැට එල්ලලා තිබුනා වගේ දැනෙනකොට මට ඒ උනුසුම මොකක්ද කියන්න තේරුම් ගන්න බැරි උනා.....

"ඇසල...."

මං හරි හිමීට හුස්ම ගත්තා....ආපහු හුස්ම පිට කෙරුවා .....ඇහෙන නෑහෙන ගානට සින්දුවක් යනකොට කවුරු හරි මගෙ නම මිමිනුවා....

ඉන්ධර් හාමුද.....?

හාමුව දාලා නිදියෑවට මට දෙස් තියාවිද...

මගෙ යටි හිත ඇසල නැගිටපන්...ඇසල නැගිටපන් කියලා දෙතුන් වංගියක්ම මගෙ යටි හිත කෑ ගහනකොට මං හරි අමාරුවෙන් ඇස් ඇරියා....

ඇහෙන නෑහෙන ගානට සින්දුවක් යනවා...

ගංගාධරගෙ ආදරෙයි උතුරන්න.....ඇස් ඇරපු පමාවට මට ඇහුනෙ ආදරෙයි උතුරන්න අධිමාත්‍රාව උනත් මට මගෙ සිහි කල්පනාව තත්පර ගානකට නැත්තටම නැති උනා.....

දෙවියනේ....ඉන්ධර් හාමු....

මාව සීතල වෙලා ගියා.....

වෙන මොකටවත් නෙවෙ...මාව සීතල වෙන්න එකම කාරනාව.....,නපුරු ඇස් දෙක පුරුදු විදිහටම හීනි වෙලා තිබුනත් ඉන්ධර් හාමුගෙ එක අතක් තිබුනෙ මගෙ කඩා වැටුන ඔලුවෙ ....ඔලුවෙ කියන්නෙ කෙලිම්ම ඉන්ධර් හාමුගෙ අත තිබුනෙ මගෙ කම්මුලක.....ඉතින් ඒකම මදිද මාව සීතල වෙන්න....ඒකම මදිද මගෙ සිහි කල්පනාව අතුරු දහන්වෙන්න....

බ්..බ්..බේ....

මට කතා කරගන්න බැරි උනා.....ඒ උනුසුම ඒ සුවද වෙනකාගෙ වත් නෙවෙ ඉන්ධර් හාමුගෙ වෙනකොට මට කර කියා ගන්න දෙයක් නැති උනා.....

ඒ අත තවමත් මගෙ කම්මුලේ...

ඉන්ධර් හාමු දැක්කෙ නැද්ද....නැත්තන් මට නැගිටගන්න බැරිද.....

ගංගධරගෙ ආදරෙයි උතුරන්න හරි හිමීට යනකොට එක අතකින් සිටියරින් වීල් එක අල්ලන් උන්න ඉන්ධර් හාමු මගෙ දිහා බැලුවා.....

අවාරෙක මෙහෙ ඇවිත්...

මගෙ හද කියවන්න.....

බ්..බේබි...හාමු...මට.....

නින්ද ගියාද ම්ම්ම්...

මන් ඉක්මනට කෙලින් උනා...ඇස් වල නපුරු කම ඉතිරුවත්....කට හඩේ නපුරු කමක් වත් නැති හාමු කතා කෙරුවෙ සින්දුව කියන ගංගධරට අසාදාරනයක් කරදරයක් නොවෙන්න වෙනකොට මං අහගන ගංගධර ආදරෙයි උතුරන්න කියනකොට ජීවිතේ පලවෙනි පාරට ඉන්ධර් හාමු නින්ද ගියාද අහන ගමන් ලාවට.....හොයන්නවත් බැරි තරන් ලාවට හිනා වෙනවා.....

කවදාවත් නොදැකපු හිනාවක් ජීවිතේ පලවෙනි පාර වලව්වෙන් පිටදි ඒ මූනෙ ඇදෙනකොට මොන හේතුවටද මන්දා හරී හිමීට හිමීට මුමුනපු ගංගධර මෙවෙලෙ හයියෙම්ම ආදරෙයි උතුරන්න කියනකොට ඉන්ධර් හාමු මොනවත්ම නොවුනා වගේ ආපිට එයාගෙ පාඩුවෙ ඩ්‍රයිව් කරන්න ගත්තා ....

"ලියාලමි ගැඹුරු තැන්..

ආදරෙයි උතුරන්න..."

මං ශීට් එකට හේත්තු උනා ..ආයම නිදාගන්න හදන ඇස්වලට නිදාගන්න නම් එපා කිය කිය වැද වැටෙනකොට මෙච්චර හරියක් වෙලත් සින්දුවක් වෙනුවට අධිමාත්‍රාවක් කියවපු කෝකිලයා මටවත් හිතන්න අමාරුවචන දෙකතුනක් කියලා කටපියව ගත්තා.....

හමා යන සුලඟ කැන්

මගෙ නම විමසන්න...

"තබා ගිය පනිවුඩෙන්

ආදරෙද පවසන්න...."

ඇසල....

බේබි හාමු...

කිලෝමීටර් දෙකතුනක්....ඔව්..මං හිතන්නෙ ඒ සිද්දිය වෙලා කිලෝමීටර දෙක තුනක් වත් අපි දුර එන්න ඇති.....මගෙ පපුව නම් අසූහාරදාහට දිව්වත් මෙච්චර හරියක් කරාපු ඉන්ධර් හාමු නම්ගනක් වත් නැතිව උන්නා.....

ඒත් එක අතකට ඕකෙ පපුව ගැහෙන්න දෙයක් තියනවද....මට නින්ද ගියා සමහර විට මාව හාමු මහත්තයගෙ ඇග උඩට වැටෙන්න ආවද දන්නෙ නෑනෙ....

ඉතින් එහෙම එකේ හාමු මොකට පපුව ගස්සව ගන්නවද.....

කොයි වෙලෙත් වලව්වෙ මිනිස්සුන්ට බයේ ඉදලා ඉදලම පොඩ්ඩ බැරි වෙනකොට ගැස්සෙන හිතක් තියන එකට ඉන්ධර් හාමු මක්ක කරන්නද....

අර කෙලීව නාවන්නෙ කවදද..

සුද්දිවද බේබි හාමු...

ම්න්....නැතුව උඹ කොටහලු උනේ නෑනෙ ඇසල.....

හ්..හෙට.....

අපරාදෙ ...මං ඒ මෝඩ කතාව ඇහුවෙ .අපේ ගෙදර කොටහලු උනෙ අම්මවත්...අප්පච්චි වත්...මමවත් නෙවෙනෙ.....බේබි හාමු හරි...

ම්ම්...නැකත් බැලුවද උඹලා?

අනේ නෑ හාමු...මොන නැකත්ද....අප්පච්චි එක්ක ඊයෙ හැන්දෑවෙ නාවනකොටුව හැදුවා....

ම්න්....උඹලගෙ අප්පච්චි ට ඊයෙ හොද සිහිය තිබුනද ඇසල..?

...මගෙ කටෙ බලේට හාමු...

ම්න්...පුදුමයි

මං ආයම ශටර් එකට ඔලුව ගහගත්තා .....බේබි හාමුටත් පුදුමයිලු...

පුදුම වෙන්නෙ නැතැයි....අවුරුද්දටත් බීගන...වෙසකටත් බීගන.....පොසොන් එකටත් බීගන...කොටින්ම වෙසක් එකට පන්සලේ තොරන් ගහන්න ඕන් නෑ..ගිනි වතුර නාපු අප්පච්චි කියන කියුම් වලට අපේ ජාතකේම තොරනකට ගැහුව වගෙ දිගෑරෙනවා...

මොනවා කරන්නද....අම්මා ඉවසනවා...හොදට උන්න මනුස්සයනෙ කියනවා.....මේ ඔක්කොම උනේ බේබි හාමුට කරාපු කොඩි විනේ අප්පච්චි ට පෑගුනහන්දනෙ කියලා හිත හදාගන්නවා...

එක්කො මැරිලා යන්ඩ ඕනා කියලා දහස් වාරයක් දෙස් තියනකොට මූනටම කියලා දැම්මත්....වෙලාවකට මාත් අම්මා වගෙ....ඉදගන්න පුටු කබල.පවා උගසට තියන්ඩ අරන් යනකොට අපි කෑ ගැහුවත්...අම්මා අප්පච්චිගෙන් හම්බෙන වේදනා දෙන තුවාල හොද කරගත්තෙම මීට අවුරුදු දහ අටකට උඩදි උන්න අප්පච්චිව මතක් කරලා.....සීයට අනූ නවයක් වැරදි කෙරුවත්...අම්මා දැන් ගිනි උහුලන්නෙම අර ඉතුරු සීයට එක ගැන හිතලා...

ඇසල....

මං උන්නෙ අඩ අන්දකාර වතු දිහා බලාගන බර කල්පනාවක....අප්පච්චි ගැන අහපු හන්දමදෝ ඉන්ධර් හාමු ආයමත් කතා කරනකොට මං උත්තර බදින්න ඕනා හන්දා හරිබරි ගැහුනා....

ඉන්ධර් හාමු....

ඇසලලත් ඔය අනවින කොඩිවින .....කේන්දර ...ඔව්වා විස්වාස කරනවද....?

හාමු මගෙ දිහා බැලුවෙ නෑ...හැබැයි....ප්‍රශන් ඇහුවා...අනවින කොඩිවින විස්වාස කරනවද ඇහුවා.....නැත්තෙ නෑ...එහෙම නොවුන නම් ඔහොම වෙන්නෙ කොහොමද ...සීයට පනහක බොරු තිබුනත්.....සීයට පනහක් ඇත්ත තියනවා....හාමු අහන්නෙ කේන්දරේ ගැන කියලා හාමුගෙ කේන්දරේ ගැන වෙන්න ඇති...හාමුගෙ පැත්තෙන් බැලුවම.....ඒක හාමුට බොරුවක් උනත්...දුප්පත් අපේ පැත්තෙම් බැලුවම අප්පච්චි කියන්නෙම දැන් කොඩිවිනයක්..

අනිත් මිනිස්සු....මං දන්නෙ නෑ..බේබි...හාමු.....ඒත්....මම

ඒ කියන්නෙ ඇසල විස්වාස කරනවා...ම්ම්ම්

එහෙමයි හාමු.....

අච්චර ඉවසන නන්දත් විස්වාස කරනවද....

........

මම මගෙ අතේ ඇගිලි එකින් එක තදකරගත්ත.....නන්දා...වලව්වෙ මැනිකෙ දාපු නම...."අපූර්වා නන්දනී ...."

අපූරුවා නන්දනී උන අම්මගෙ නම ලොකු මැනිකෙ වලව්වට ගිය දාම නන්ද විදිහට රෙජිස්ටර් කෙරුවා .....බේබි හාමු අහනවා අච්චර ඉවසන නන්දත් විස්වාස කරනවද කියලා ....විස්වාස කරා නොකරා....අම්මා අප්පච්චිව අත අරිද....??

ලොකුම ලොකු හුස්මක් ගත්තු මං ඉන්ධර් හාමු දිහා බැලුවා.....

අම්මා විශ්වාස කරනවද....නොකරනවද නෙවෙ බේබි හාමු....කබලෙන් ලිපට වැටුන අපි...දැන් ඒක එහෙමයි කියලා ව්ස්වාස කරන තැනට හිත හදාගන ඉවරයි...මම කෙසේවෙතත් ...අම්මයි සුද්දියි පව් බේබි හාමු.....අර පොතකත් ලියලා තියනවානෙ අසම්පූර්න ගැහැනු සැනසුම් නොලබති...පරිපූර්න ගැහැනු ප්‍රේමය නොවිදිති ගැහැනු සපුරාම මුද්‍රණ දෝශයකි කියලා ....

මගෙ අම්මයි සුද්දිත්...අප්පච්චි හන්දම හැමදාටම මුද්‍රණ දෝශ වෙච්ච ගෑනු වෙයි කියලා මට හරි බයයි හාමු...

'පන්ඩිතයි...."

මං හිතෙ තිබුන වේදනාව අකුරු කෙරුවා ...මගෙ දිහා නොබැලුවත් ...මං කියන වචනයක් ගානෙම අහන් උන්න ඉන්ධර් හාමු අවසානෙදි පන්ඩිතයි කියලා මුමුනකොට මන් ඔහේ බලාගන උන්නා....

බේබි හාමු....

ම්න්...

අරුන්ගල් දෙකක් කීයක් වෙයිද හාමු

අරුන්ගල් දෙකක්.....කීයකට වගේද....

හුගාක් රත්තරන් නැති.....ගල් ඔබ්බවපු අරුංගල් නම් ගනන් නැති වෙයි නේ හාමු.....

ම්න්....

මම හිතින් ගනන් හදන්න ගත්තා .....දවසට දෙදහා ගානෙ වත් දිගටම ගුනේ මාමා දුන්නොත්....මට අරුංගල් දෙකක් ගන්න පුලුවන් වේවි....එක අතකට ඔව්වා හාමුලාගෙන් අහලා තේරුමක් තියනවද...හාමු බය ඇති සල්ලි ඉල්ලාවි කියලා ..ඒකනෙ ම්න් ගාලා කටවහගත්තෙ....

මං බාගෙට ඇරපු ජනේලෙන් එලිය බැලුවා...මෙතනින් එහා කිසිම සින්දුවක් ගියෙ නෑ....කාර් එක පුරාවටම තිබුනෙ බේබි හාමුගෙ සුවද විතරයි ....

මෙච්චර වෙලාම තිබුන අන්දකාරෙ අංශුවෙන් අංශුව මැකිලා යනකොට පිනි බින්දු වැටුන ගොයම දිහා මං බලන් උන්නා....මගෙ ජීවිතේ සුරංගනා කතාවක් වත් උනා නම්...අඩුම ගානෙ එකෝමත් රටක ලස්සන පුංචි ගම්මානයක් තිබුනා ...පාට පාට මල් පිපිලා ගස් වල ගෙඩි පිරිලා කියලා වත් පටන් ගත්තා නම්...මුල් පිටු දෙක තුනේ ඉදන් මැදක් යනකන් හරි මට සතුටින් ඉන්න තිබුනා.....

සමහර විට මිනිස්සු යතාර්තෙන් එහා ලිය උනු සුරංගනා කතා වලට ආදරේ කරන්නෙ...වයසක් නැතිවම සුරංගනා කතා බලන්නෙ.....හිතේ තියන වේදනාව සුරංගනා කතාවකින් හරි හිත නිවාගන්න පුලුවන් හන්දා වෙන්න ඇති....

තව චුට්ට දුරයි.....පැය ගානක් එකම දිගට ඇවිදින් අවසානෙදි හැමදාම වගේ මාර ගස් එක්ක මැයි ගස් විතරක් ම පිරුන මහපාරට හරවනකොට ඉරත් චුට්ට චුට්ට ඉහලට නැගන් එනගමං උන්නා...

මැයි මල් පිපිලා....උසට උසේ හැදුන මාර ගස් වල මල් රතුපාටින් පිපිලා තිබුනා...ඒ අතරින් පතර ඉතිරි වෙන ඉඩෙ මැයි ගස් තිබුනා...මැයි මල්වල රතු පාටද...මාර ගස් වල රතුපාට මලද ලස්සන කියලා තෝරගන්න බැරි මම එක යායට තියන ගස් පේලිය දිහා බලාගන උන්නා.....

ඇසල.....

බේබි හාමු...

මෙතනින් බහින්න වෙනවා....මෙතනින් එහාට ආපහු වාහනවලට යන්න පුලුවන් කමක් නෑ.....මෙතන ඉදන් වෙදගෙර ගාවට යනකම්ම යන්න වෙන්නෙ පයින්....අඩුම කිලෝමීට බාගයක් වත් වත්.....ඒකත් නනිකන් නෙවෙ.....බාගයක්.ගිහින් වෙද ගෙදරට යන්ඩ ඕනෙ පඩි නැග නැග...හරිහමන් පඩි නම් කමකුත් නෑ....ගලෙන්ම කපපු...පසෙන්ම කපාපු බාගෙට කැඩුන පඩි...ගිහින් ගිහින්ම ගෙවුන පඩි....පාරම්පරික වෙද ගෙයක් හන්දා පරන දේවල් බොහෝමයි...

හැමදාම වගෙ අදත් බෙහෙත් ගන්න දුර පළාත්වලින් ආව මිනිස්සුන්ගෙ ත්‍රීවීල්.....බයික්....වාහන...ලොරි.....මේ හැම දේම පාර බදු අරන් තියෙද්දි ඉන්ධර් හාමු පුරුදු විදිහටම ගහක් යට වාහනෙ නැවැත්තුවා හැබැයි බැස්සෙ නෑ...

මං දන්නවා..දැන් ඉතින් ඔය හදන්නෙ කෝපි එක බොන්න....ඒත් ඉතින් එක කෝප්පයයි තියෙන්නෙ මට දුන්නොතින් වෙන්නෙ කට පුච්චගන් හරි උනුසුම් බෝතලෙන් කටට හලා ගන්න....

ඇසල....අර කෝපි එක ගත්තා නම්....

මං කිව්වෙ...මෙච්චර වෙලාම ආව බිබික්කමට බඩගින්නක් ඇවිත් ....ඔව්නෙ....වෙලාව හයහමාර පහුවෙලානෙ....ඉතින් මේ වෙලාවට වලව්වෙ උන්නත් මහ හාමුයි බේබි හාමුයි අනිවාර්යයෙන්ම කිරි හරි කෝපි හරි බොනවනෙ....පාන්දරම එන කිරිකාරයා වීදුරු බෝතල් දෙකක් පිරෙන්නම කිරි තියලා ගියහම ලොකු මැනිකෙ තමයි මහ නාකියට කිරිඑක වඩම්මන්නෙ...බිබික්මට දෙවනියට....

මොන සිහියෙන්ද ඔය වක්කරන්නෙ...?ඊටත් මක්ක වෙලාද උඹගෙ අත....?

මං කල්පනාවෙන් කල්පනවෙන් හිමින් හිමින් වක්කරාපු කෝපි එක කෝප්පෙ කට මට්ටමටම අරන් ඇවිදින් තියනකොට කොපි කෝප්පෙ පිටාර ගලන්න ඔන්න මෙන්න තියලාඉන්ධර් හාමු එකපාරම ගිගිරුවා ....

..ම්..මේ...උදේ කෝපි එක....හැලුනා හාමු...දැන්...හොදයි.....

සිහි නෑ උඹට...මං කෑ ගැහුවෙ නැත්තන් උඹ ආයම හලාගන්නවා.....අතත් ඉවරයි ශීට් එකත් ඉවරයි.....

සමා...වෙන්න....හාමු

හැම රෙද්දම කරලා සමාව ඉල්ලන්ඩ එපා ඇසල...

මං කෝපි බෝතලේ වහලා දාලා කෝපි එක අල්ලන් ඉන්නකොට පෙත්ත වගේ ඵෝන් එකට ඇගිල්ලෙන් ඇන ඇන හාමු අඩුම කුඩුම අනම් මනම් දාන පුංචි ලාච්චුවක් වගේ එකක් ඇරලා මොනවදෝ ගත්තා.....

හාමු..මේ...කෝපි එක....

මට කෝල් එකක් ගන්න තියනවා.....

එතකොට ...මේක....

මට කතා කරන්නයි මේක බොන්නයි දෙකක් බෑ ඇසල...ගනින් මෙන්න මේකත් පැනි රහ මගුල්...උඹට කැමති එකක් කනවා නම් කාපන්....බොනව නම් බීපන්...මගදි මගෙන් ඇල්වතුර උගුරක් වත් නෑ...ඒකත් මතක තියාගනින්...

දඩාස්..!

මහ කුනු ලෝභයෙක්.....එක්කො දාන්ඩ කලින් කියන්ඩ ඕනා.....කෝපි එක බොන්ඩයි කතා කරන්ඩයි බැරි මොකද...අපූරුවට පුලුවන් බිබික්කමට ඉස්පොල්ලෙ යයි කියල බය ඇති...දැන් ඉතින් මේක බීපන්කො මම....ඇරත් මගින් ඇල් වතුර උගුරක් වත් අරන් දෙන්නෙ නෑ කියන්නෙ...මං කවදාවත් බිබික්කමාගෙන් වතුර උගුරක් විහිලුවටවත් ඉල්ලල තියනවද....

මං අතේ තිබුන කෝපි එකයි....ප්ලාස්ක් එකයි දිහා බැලුවා...මේක ආපිට දාන්න ගියෝතින් එකම බින්දුවක් හරි හැලෙනවා...ඔය බිබික්කමට තියෙන්නෙත් උකුසු ඇස් දෙකක්.....අපරාදෙ නිදිමරාගන ඇවිත් හැදුවෙ .....

එක අතකට මමම බොනවා...මේ හුස්මට මට ආයම ගුනේ මාමට අත් උදව් දෙන්න යන්න වෙනවා.....

මාව දාලා දොර වහල එලියට ගියපු ඉන්ධර් හාමු ඵෝන් එක කනේ තියාගන එහාට මෙහාට ඇවිදිදා .....

අනිවාර්යයෙන්ම මැනිකෙ කෙනෙක් වෙන්න ඇති...කේන්දරේ පාලු උනාට මොකද....අපලකාලෙ ඉවර වෙලා එක කසාදයක් කටු ගෑවෙනකොට හාමුව බදින්න නම් මැනිකෙලා පෝලිම් ගනන් ඒවි.....

මං තත්පර ගානක් එහා මෙහා යන ඉන්ධර් හාමු දිහා බලන් ඉදලා ඉදලා අවසානෙදි මගෙ උකුල උඩට මොකක්ද දැම්මෙ බැලුවා....

චොකලට් බිස්කට් එකක්.....!

අනෙ බොරු කියන්න ඕන් නෑ....බිස්කට් පැකට් එක දැක්කා විතරයි මට නැති බඩගින්නකුත් ආවා....කෝපි සුවද කාර් එක පුරාවටම යනකොට මං ප්ලාස්ක් එකේම කෝප්පෙට කෝපි දාගන බිස්කට් එකෙන් එක පොගවන් කන්න ගත්තා .....එකක්...දෙකක්...තුනක්....

බිස්කට් නවයක් තියන චොකලට් බිස්කට් පැකට් එකේ රස මගෙ දිවට අවසානෙටම දැනුනෙ කවදද කියන්න නොදන්න මට තත්පර ගානකට මේ කන්නෙ ඉන්ධර් හාමුගෙ බිස්කට් එක නේද කියන්න අමතක උනා ....කඩේ ගාවදි පන්තියෙ උන්න කෙල්ල අරන් දුන්න බිස්කට් පැකට් එකම සුද්දියා කෑවා මිසක් මම නෙවෙ එකක් වත් ඉල්ලන්න ගියෙ..

පලවෙනි කෝපි එක ඉවර උනා....බිස්කට් එක කෝපි එකේ පොගවන වාරයක් ගානෙම කෝපි එක ටිකෙන් ටික අඩු වෙවී අඩු වෙවී යනකොට මං කෝපි උගුරකුත් බොන ගමන් ආයම කෝපි චුට්ටක් දාගන්න හදනවත් එක්කම මගෙ අත වැදිලා ඉන්ධර් හාමු නවත්තලා තිබුන සින්දුවක් ආයම යන්න පටන් ගත්තා ....ලක්ශ්මන් මහත්තයා මට කෝපි එක බොන්න දීලා මල් කැකුලකට ආදරේ කරන්න අවසර ඉල්ලනකොට ඉන්ධර් හාමුවත් අමතක වෙලා ගියපු මං අර බිස්කට් එකෙන් දෙකෙන් පංගුවක්ම කාලා ඉවර වෙලා තියනකොට ඵෝන් එක කනේ තියාගන කා එක්ක හරි කතා කර කර උන්න ඉන්ධර් හාමු එක පාරම මං උන්න පැත්තෙ දොර ඇරියා වගේම මොන මොනව හරි හොයලා කෝල් එකේ සිහියෙම්ම මගෙ අතේ තිබුන බාගෙට කාපු බිස්කට් එක මගෙන් ගත්තා ....

උකුලෙ තිබුන බිස්කට් පැකට් එකේ තව බිස්කට් දෙක තුනක් තිබුනත් බේබි හාමු කෙරුවෙ ඵෝන් එකට උත්තර දෙන ගමන් අතේ තිබුන බිස්කට් බාගෙ අරන් කටේ දාගත්තු එක වෙනකොට ලක්ශ්මන් මහත්තයා සුදු කම්මුල් ඉඹින්න අවසර ඉල්ලුවා.....

මල් කැකුලකට ආදරේ කියන්න.....

තහනම් නැ පුංචි සම්නලුන්ට...

ලගට ලන්ව කවි කියන්න..අවසර ඇත් නම්...

මට සිඹින්න තහනම් ඇයි...ඔය සුදු කම්මුල්.....

මගෙ අත එහෙම්මයි ... හාමු බිස්කට් එක ගත්තු විදිහමයි....

මගෙ දිහා බලන් උන්න බේබි හාමු ඒ පුංචිම පුංචි බිස්කට් කෑල්ල කටේ ඔබාගෙන මගෙ අතේ කෝපි උගුරක් තරන් ඉතුරු වෙලා තිබුන කෝප්පෙ අරගන ආයමත් දොර වහලා දානකොට තවමත් හිටපු විදිහටම උන්න මං කතා කරන්නයි කෝපි බොන්නයි බැහැයි කියපු බේබිහාමු ඵෝන් එකත් කනේ තියාගන මං බීපූ කෝපි එක බොන හැටි මන් ඇස්පිල්ලමක් වත් නොගහම බලාගන ඉන්නකොට දාල තිබුන සින්දුවෙ අහසට පුලුවන් නම් කෙහෙ රැලි ඉඹින්න ඇයි එයාට තහනම් කියලා අහනකොට කාර් එකේ බොනට් එකට් හේත්තු වෙලා උන්න ඉන්ධර් හාමු බෙල්ල හරවලා.මගෙ දිහා බැලුවා...

අහස තරම් දුරක ඉදන්

පිණි වැස්සක් බිමට එවා...

ඔබෙ කෙහෙ රැලි සිප ගන්නට අහසට හැකි නම්...

ඒ කෙහෙ රැලි සිප ගන්නට ඇයි මට තහනම්....?

....

.

.

ඉන්ධර් හාමු මහත්තයා ....එන්ඩ එන්ඩ...

කෝපි හදන් ආවෙ වෙන කාටත් උනාට අවසානෙදි කෝපි බීලා තියෙන්නෙ මම වෙනකොට හාමුගෙ කෝපිත් බීලා බිස්කට් පැකට් එකත් වර කරපු මං සමාව ඉල්ලුවෝතින් තවත් බැනුම් අහයි කියන බයට මීක් නොගා හාමුගෙ පස්සෙම්ම වෙද ගෙදරට ගාටනකොට අපි එනකන් බලන් උන්න වෙද මහත්තයගෙ ලගම ගෝල බාලයා ඉන්ධර් හාමුව දැක්ක පමාවට කොන්ද නවාගන්නකොට අපෙ බිබික්කමත් මහ අහන්කාර කමට වෙද ගෙදරට ඇතුල් උනා....

වැස්සකුත් එන්ඩ වගේ.....

අද වහීද මන්දා ...

තව අඩහෝරාවකින් දෙකකින් වහීවි .....

ඔය සංවාදෙ ගියෙ වෙදයි ගෝල බාලයයි අතර....අපි ඇවිදින් දැන් හෝරා දෙක තුනකුත් පහුවෙනඩ එනවා ...ඉන්ධර් හාමු තවමත් ඇතුලෙ....තෙල් සාත්තුව දැන් හෝරා එකහමාරකටත් වැඩී....

මුලු වෙද ගෙදර පුරාවටම බෙහෙත් බඩු සුවදයි .....උදෙ අවුලපු පහන් පැලෙ හදුන් කූරුවල සුවද....බෙහෙත් බඩු වල සුවද ..මේ ඔක්කෝම එකට එකතුවෙලා කැරකෙනකොට මං බලාගන උන්නා....හාමු දැන් ඒවි දැන් ඒවි කියලා .....

ඉන්ධර් හාමු....මෙහෙන් ආවා නම්....

ඇති යාන්තන් ....බේබි හාමු ඉවරද කොහෙද ..මං ඉක්මනට අඩුම කුඩුම දාපු පුංචි බෑග් එකෙන් කෙටි දුවායක්.අරන් බේබි හාමුට දුන්නා.....මුලු මූනම දාඩියෙන් පෙගිලා.....යට බැනියම ඇගට ඇලිලා ගිහිල්ලා...

බේබි හාමු....මේතුවාය.

ම්න්..

මං ඉක්මනට ඉන්ධර් හාමුට තුවාය දීලා පැත්තට වෙනකොට වෙදමහත්තයා ඉන්ධර් හාමු එක්ක කන්තෝරු කාමරේට ගියා....කේන්දර බලන....ගලපන...වෙලාපත්කක හදන . බෙහෙත් ඖශධ ලියන කරන බලන බෙහෙත් සුවද වහගත්තු සාම්බ්‍රානි සුවද පිරුන බෙහෙත් කාමරෙට ගියා...

අපෙ හාමු මහත්තයා ...අර මං කිව්ව කාරනාව කල්පනා කරල බැලුවා නම්....බොහෝම වටිනවා....

ම්න්.....

ලොකු මැනිකෙයි හාමු මහත්තයයි බොහෝම හිත වේදනාවෙන් ඉන්නෙ...දරු පැටියෙක්ගෙ මූනක්වත් නොබලා ඇස් පියන්ඩ වෙයි කියලා ....

ම්න්...

මං කිව්ව කාරනාව ගැන කල්පනා කරලා බලන්ඩ බේබි හාමු.....මේ යන්නෙ අපල කාලෙ ගෙවාගන්ඩ දෝස කපාගන්ඩ පුලුවන්ම කාලෙ....

......

ඕක පන්න ගත්තොත්...කිරි උතුරන්න වගේ හරියනවා...

වෙදා මොන මොනවදෝ කියනවා...ඉන්ධර් හාමු ඒ හැම එකටම හූ මිටි තියනවා...කසාදයක් කරවලා...ඒක ඉබේම කටු ගෑවිලා යන්න වෙදා ඉන්ධර් හාමුගෙ ඔලුව කනවා....හරියටම බැලුවොත් පලවෙනි කසාදෙ යා දෙන්නෙ නැති හන්දා කටුගාන්න බලාගන කාව හරි නමට බැදලා අපල කාලෙ ගෙවුනම හරිම කසාදෙ බැදගන්නවා වගේ වැඩක්.....

පව්.....මොකා උනත්....අපලයක් ගෙවෙනෙකන් බැදලා ඉදලා අවසානෙදි හපයක් වෙලා එලියට වැටෙන්න වෙන්නෙ.....ඉරුගල්බන්ඩාර මැනිකෙලා කාව ඒකට බිල්ලට ගනීද කියන්න කව්ද දන්නෙ. ඇරත්....ඉන්ධර් හාමු කැමති වෙයිද

එකත් එහෙමයි කියමු.....කටුගෑවෙන කසාදයක් හන්දා කුලවතෙක් නැතුව ගමේ ගොඩෙ කෙල්ලෙක් ගෙන්නන් බැන්දලා අවසානෙදි ඉන්ධර් හාමුට ඒකිව ඕනමයි කිව්වොත්.....

මරු.වැඩේ වෙන්නෙ..ඔය බිබික්කමට දෙයක් ඕනා කිව්වොත් ඕනා..එපා කිව්වොත් එපා...කව්ද දන්නෙ..නාකි බිබික්කම උපාසකයා වගේ උනාට කොහොමද කියලා ..මොකා උනත්...අනේ පව් ඉතින් ඔය බිබික්කමාට අහුවෙනවා කියන්නෙ....

ඉන්ධර් හාමු වෙදා එක්ක මොන මොනවදෝ කතා කරනකොට ඔතන උන්නා කියලා වැඩකුත් නැති මං වැහි අහස දිහා බලන් උන්නා....සුද්දියව නාවන කලේට දාන බෙහෙත් මල්ල උරේක තියනකොට වෙද් ගෙදර ඉදගන ඉදලස් ඇතිම වෙලා මං පොඩ්ඩක් එලියට බැස්සා...

වැහි පොද ගහනවා...කුඩයක් වත් නෑ...එකේරෙට පයින් යන්ඩත් ඕනෙ....

බෙහෙත් නෙල්ලි ගහ යට වැටිලා තිබුන බෙහෙත් නෙල්ලි ගෙඩි දෙක තුන අහුල ගත්තු මං ඒකත් උරේට දැම්මා...අම්මට සීනි තියනවා.....බෙහෙත් නෙල්ලි ගෙඩිය පොඩි පොඩියට කපලා වතුර කෝප්පෙක දාලා තියලා පහුවදාට ඒ වතුර බිව්වම හොදයි කියනවනෙ.

වෙදගෙදරම එකම බව බෝග යායක්....මඥ්ඥොක්කාද...කටු අනෝදා..වැලි අනෝද...කද පිරෙන්ඩ ආව නමිනන් වගේම බිලින් ගහක්ද...දුඹුරුපාට ලෙල්ල ආව සැපතිල්ලා ගෙඩි වැහුන ගහක්ද.....නැති මගුලක් නෑ....

ඇසල...

නිල්පාට අහස කලු වැහිවලාකුලු වලින් බර වෙලා තිබුනා...ලාවට ඇහෙන ගෙරවුමක් ...පෙනන නොපෙනන ගානට කොටන විදිල්ලක් එක්ක මං බලගන වෙලක උන්න මී හරක් බානක්ම කන් දෙක උස්සන් උඩු හුලග ඉව කරනවා...වැස්සක් වහින බව උනුත් දන්නවා....

අච්චර උස අහසෙ තිබුන වැහි වලාකුලකින් ආව වැහි බින්දක් මගෙ නලලට.වැටුනා...මෙච්චර වෙලාම වෙදා එක්ක කසාදෙ ගැන....දරුමල්ලො ගැන කතා කරාපු ඉන්ධර් හාමු එලියට ඇවිදින් මට කතා කරනකොට මං ඒ පැත්තට හැරුනා....

යමු....වැස්සක් එන්ඩ වගේ....උඹ කුඩෙර් වත් අරගන නෑ

.......

කුඩේ අරන් නෑලු....මක්ක වෙනවද..ඔය අත් දෙකට හෙන වදිනවද කාර් එකේ තියන කපු කුඩේ වගේ අර දිග කුඩේ ගත්තා නම්...ඔක්කොටම හේතුව ඇසල...වැස්සත් වැරදි ඇසල...පෑව්වත් වැරදි ඇසල....අනේ දෙයියනේ මේ පැත්තට වැස්සත් ...අපෙ පැත්තට නම් වහින්ඩ එපා...එහෙම උනෝතින් අනේ මං වැඩට යාගන්නෙ කොහොමද....

හාමු මහත්තයා නම් දැම්මම ඇදන් උන්න ලෙදර් වගේ ජැකට් එක ගලවලා අතට ගත්තා ....වැස්සොත් ඔලුවට වත් දාගන්න මට වෙන්නෙ ටී ශර්ට් එක ඔලුවෙ බැදගන්න...ඔලුව තෙමුනත් කමක් නෑ.....මගෙ අලුත් සෙරෙප්පු දෙක තෙමෙන්නෙ නැතුව....

ගලවගත්තු ලෙදර් ජැකට් එක එක උරහිසක් උඩ දාගත්තු ඉන්ධර් හාමු වෙනදා වගේම අත් දෙක පිටිපස්සට බැදන් බර කල්පනාවකින් වෙදගෙදරින් පල්ලම් බහිනකොට ගව් ගානක් දුර අහසෙන් වැහි බින්දු බිම වැටෙන්න ගත්තා .....

පොද වැහි...මල් වැහි වෙනකොට බොරලු පාරට වැටෙන වැහි බින්දු දූවිලි සුවද හතර අතට විසි කරනකොට අඩි දෙක තුන ඉස්සරහට යනකොට මුලු අහසම වැහිමන්දාරමෙන් වැහිලා ගියා...පොද වැස්ස එන්න එන්නම මුරන්ඩු වෙන්න ගත්තා ....

ඉන්ධර් හාමු.....

මං මිමිනුවා....

හාමු බර කල්පනවක....අන් හාමුට පස්සෙන්හෙමින් ගෑටුවා....මට දුන්නා වගේම සෙරෙප්පු දෙකක් දාපු ඉන්ධර් හාමුගෙ සුදුම සුදු කකුල් ඒ කොස්පට්ටෙට ලස්සනට පේනකොට මං කකුල් දිහා බලන් උන්න වගේම නොහිතපු වෙලාවක කන් අඩි පුපුරවන් පුපුරපු වැහි නැති හෙනෙත් එක්ක මං බ‍ය උනා...මෙච්චර වෙලාම බර කල්පනාවක උන්නත් එකපාරම පිටිපස්ස හැරුන ඉන්ධර් හාමු මගෙ කන්දෙක වැහුවා...

"මං ඉන්නවා..."

ඉන්....ධර්...හ්..හාමු....

වැහිබින්දු සැර උනා ....හාමුගෙ උනුසුම් අත් දෙක තවමත් මගෙ කන් දෙක වහන් වෙනකොට නපුරු ඇස් හීනිවෙලා ඇහිබැම රැලි වෙලා ගිහින් තිබුනා....මෙච්චර වෙලාම වැටුන මල් වැහි බින්දු අවසානෙදි මල්වර වෙලා ලොකුම ලොකු වැහි බින්දු වෙනකොට මගෙ කන්දෙක අතෑරපු ඉන්දර් හාමු උරහිසේ දාන් උන්න ලෙදර් ජැකට් එක අතට අරගත්තා ...

"ලගට එනවා..."

මං හාමු දිහා බැලුවා බලන්නත් බය උනත්....මගෙ පපුව ආය ආයමත් ගැහෙන්න ගත්තා ...දූවිලි සුවද පිරුන බොරලු පාර එක විනාඩියට තෙත දුඹුරු පාට වෙලා යනකොට වැහි වතුරෙන් බේරෙන්නද කොහෙද ලෙදර් ජැකට් එක ඔලුවට දාගත්තු ඉන්ධර් හාමු දෙන්නෙක්ට යන්ඩ ඉඩ නැති බව දැන දැනත් මාව ලගට ගත්තා...දෙන්නෙක්ට යන්න ඉඩ මදි බව දැන්දැන මාව ඇදලා ගත්තා....

මටත් වඩා සෑහෙන්න උස හැඩි දැඩි ඉන්ධර් හාමුගෙ අත යටින් රිංගපු මම දෙන්නෙක්ට යන්න ඉඩ මදි ලෙදර් ජැකට් එක අස්සට රිංගනවත් එක්කම අහස ගුගුරවන් තවත් හෙනයක් පුපුරනකොට මන්දාරම පුරවගත්තු අහසෙන් වැටෙන වැහිකදුලු එක්ක මෙච්චර වෙලාම හාමුට පස්සෙන් ආව මං අවසානෙදි හාමුට සමාන්තරව වැස්සෙම හෙවනක් හොයන් දිව්වා....

මන්දාරම් අදුර මැදින්

හිරිපොද වැහි වැටෙන වෙලේ.....

මා හා ඇවිදන් යන්නට...

ඔබ සිටියා නම්...

ඔබ සිටියා නම්...

තනියම වත් යන්නට බැරි

කුඩේ යටින් ඔබේ ලගින්...

නොතෙමි තෙමි තෙමි සතුටින්

යන්නට තිබුනා....

යන්නට තිබුනා.....

🤭🌼....ආයමත් එන්නම්....

යෝහ්....ජොබී මේ කතාවට හරි ආසවේගනනෙ එන්නෙ....හ්...ඉනේ...බිබික්කමෝ...හ්🥺😩😩😩!!!

මම.ජොබී....

Nedeesha !

More Chapters