Cherreads

Chapter 41 - උඹේ ජීවිතේ උඹේ

"තුර්ශ මේක බීපන්" මන් තුර්ශට සුප් එක පොවනකන් රෙශඛ්‍ හොස්පිට්ල් කාමරයේ වීදුරු වලින් එලිය බලන් හිටියා. තුර්ශ මේ සතියටම අපි කාත් එක්කවත් වචනයක්වත් කතා කරෙ නෑ. උගුර පිච්චිලා නිසා දියර ආහාර විතරයි දෙන්නේ. ලොකුවට ඩැමේජ් එකක් වෙලා නෑ කියලා ඩොක්ටර් කිව්වම තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.

"ලොකු අයියේ... මාත් එක්කවත් කතා කරහන්කෝ බන් හ්ම්? රිදෙනවා බන්! උඹ ඔහොම ඉන්නකොට මං කොහොමද බං ජීවත් වෙන්නේ? උඹ මලමිනියක් ගානයිනේ ලොකූ! මන් දන්නවා උඹට ඇහෙනවා කියලා. අවුරුදු 18ක් උඹට ආදරේ දුන්න එකා එක්ක කතා කරන්නේ නැද්ද බන් අවුරුදු තුනක් ඉඳලා දාලා ගියපු එකා නිසා? කතා කරපන්කෝ! ඇයි බන් මෙහෙම රිද්දන්නේ?" 

රෙශඛ්‍යගේ මේ තරම් වේදනාවෙන් ඉන්නවා මන් දැකලම නෑ. මට නොපෙනෙන්න අඬන වෙලාවලුත් නැතුවම නෙමෙයි. කෑම එක අතට ගත්තත් හූල්ලනවා. වැඩිපුර කතා කරන්නෙත් නෑ. රෑට කෝල් එකේම නින්ද යනකන්ම සමහර වෙලාවට ඔහේ මන් දිහා බලන් ඉන්නවා. එයාට කතා කරන්න තරම් හිතට නිවනක් නෑ කියලා මට තේරෙනවා. ඒත් මේ වෙලාවේ තුර්ශට කරදර කරන්න හොඳ නෑ. 

"රෙශඛ්‍ය තුර්ශ තාම recover වෙලා නෑ නේ. කලබල නොවී ඉන්නකෝ!"

"සුදයියේ මූට කියහංකෝ කතා කරන්න කියලා!" මගේ අතින් අල්ලන් කියනකොට එයාට ඉවසුම් නැතුව කඳුලු පැන්නම මන් අත් දෙකෙන්ම එයාගේ කඳුලු පිහිදලා එයාව බදාගත්තා.

"අඬන්න එපා රෙශ්ඛ්‍ය තුර්ශට තව එපා වෙනවනේ" 

"හෙන ගහපන් උඹට තාන්‍ය!" එක පාරට නැගිටපු රෙශඛය තාන්‍යට දෙස් දෙවොල් තියන්න ගත්තම මට ඇස් අදහගන්න බැරි වුනා. මන් තුශනිම්භූත වෙලා බලා ඉද්දි ජනේලේන් එලියට ඇස් අයාගෙන හිටි තුර්ශගේ මූන එක පාරට රෙශඛ්‍ය පැත්තට හැරුනා. මේ සතියකට පස්සේ අවට මනුස්සයෙක් කියන දේකට ප්‍රතික්‍රියා කරාමයි. රෙශඛ්‍ය දිගින් දිගටම කියෝගෙන යනකොට මුලින් මට තරහක් ආවත් එයා කරන්න යන දේ මට තේරුනා.

"උඹට හොඳක් වෙන්නේ නෑ! මලක් නුඹ මලක් කියලා මලක් වගේ හිටපු අපේ ලොකූව මෙහෙම තැලුවට උඹට හොඳක් වෙන්නේ නෑ! උඹ නම් ලබන ආත්මේ...."

"මංජු!!!!!!" මේ තුර්ශ පලවෙනි පාරට රෙශඛ්‍යට අතක් උස්සපු පාර වෙන්න ඇති.

"ගහපන් ඉතිම් ගහපන්! ඔය නැගිට්ට ගැම්මෙන්ම ගහපන් ලොකූ!" රෙශඛ්‍ය තුර්ශගේ අත අල්ලන් තමන්ගේම මූනටම ගහගන්න යද්දි,

"රෙශඛ්‍ය!" 

"පොඩ්ඩක් ඉන්න සුදයියේ! මූට පුලුවන් කම තියෙද්දි මූ මෙතන ලීක්ස් ගහක් වගේ වැටිලා ඉන්නෙ!" 

"නැගිටපන්! උඹට කිසිම ලෙඩක් නෑ! නැගිටපන් හු$තෝ!" රෙශඛ්‍ය සේලයින් එක ගලවලා දාන්න යද්දි තමයි මට දෙයියෝ සිහි වුනේ.

"රෙශඛ්‍ය ඕක නවත්තන්න! ඔය මොකද ඔය සේලයින් එක ගලවන්න එපා!"

"මූට ඕනඇති සේලයින් එකක් නෑ සුදයියේ. උඹ දැන් බහිනවා" රෙශඛ්‍ය තුර්ශගේ අත අල්ලන් අදිදි කාට වුනත් එයාගේ ශක්තිය එක්ක හැප්පෙන්න බැරි වුන එක තුර්ශටත් අදාල නිසා තුර්ශ පරඬැල වගේ ඇදිලා ගියා

"මංජු! මාව අත ඇරපන්!" 

"ඔය වැඩ කරන්නේ කට! නැගිටපන්!" රෙශඛ්‍ය තුර්ශව උස්සලම බිමින් තිබ්බම තුර්ශ යන්තන් ඇඳ අල්ලන් හිටගත්තේ කඳුලු බේරෙන ඇස් පිහිද.

"සුදයියේ වරෙං ගමනක් යන්න." කියලා ලිෆ්ට් එකෙන් බහිනකොට කියද්දි මන් ඔහේ රෙශඛ්‍යගේ පස්සෙන් ගිහින් වාහනේට නැග්ගම ඩ්‍රයිවර් වාහනය පන ගැන්වුවා.

"අංකල් මැප් එකේ ලොකේශන් එකට යමු"

"කොහෙද අපි යන්නේ බබා?"

"ඉර්ෆාන් අයියාවයි, රෙහාන් අයියවයි හම්බෙන්න." 

"ඇයි එයාලව?" 

"අර ගොන් බහිත කොස් ඇට ඔලුව කචල් රුක්මණීව මොන ලෝකෙන් හරි contact කරගන්න ඕනා.!"

රෙහාන් අයියගේ ගෙදරට යනකොට ඉර්ෆාන් අයියාත් හිටියා.

"අඩෝ සයෝද් මල්ලි! වරෙන් වරෙන් ඇතුලට! ආ මේ අපේ තුර්ශගේ යාලුවා නේ?" රෙහාන් අයියා මගෙන් ඇහුවම මන් හිනා වුනා. 

"මන් සවේන්." මන් රෙහාන් ටයි ඉර්ෆාන්ටයි අතට අත දුන්නා.

"ඉඳගන්න මල්ලිලා!" රෙහාන් සන් කරාම අපි දෙන්නා ගිහින් සෝෆා එකෙම් ඉඳගත්තා. ඉර්ෆාන් අයියාට රෙශඛ්‍ය ෆිස්ට් බම්ප් එකක් දුන්නා.

"අඩෝ කැරි වැඩේ නේ තාන්‍ය කරේ?" රෙහාන් ඇහුවම ඉර්ෆාන් අයියා අහක බලා ගත්තා.

"මේ උඹලාගේන් මන් එකක් අහන්නම්. මට හරියටම කියපන්!" රෙශඛ්‍ය සීරියස් විදිහට ඇහුවම ඔක්කොමලා ඔලු වැනුවා.

"තාන්‍ය ඇත්තටම බැන්ඳද?"

"අපිත් දන්නේ නෑ මල්ලි! ඌ අපිට කියලා තිබ්බේ නෑ මේ කිසි දෙයක්. අඩුම ඌ දැන් ඉන්න තැනටවත් අපිට access නෑ"

රෙහාන් කිව්වම ඉර්ෆානුත් 'ඔව්' කියන්න ඔලුව වැනුවා.

"මූගේ ආච්චිට විස්කිරිඥ්ඥා කවන්න! ශිට්!" රෙශඛ්‍ය ස්ටූල් එකට ගහලා උඩ බලාගත්තා.

"තුර්ශට කොහොමද?" ඉර්ෆාන් අයියා ඇහුවම රෙශඛ්‍යගේ ඇස් දෙකත් රතු වෙලා. මන් එයාගේ පිට අත ගානකොට එයා මන් දිහා බලලා අසරණ හිනාවක් දැම්මා.

"තුර්ශ ගැන කතා කරලා වැඩක් නෑ අයියේ. මිනිහා ශොක් එකේ ඉන්නේ. තාන්‍යව හොයා ගත්තේ නැති වුනොත් මිනිහා ගොඩ ගන්න ගොඩක් අමාරු වෙනවා." මන් කිව්වම,

"මන් නම් කියන්නේ තාන්‍ය දැන් කොහොමත් තුර්ශට ගැලපෙන්නේ නෑ කියලා"

"ඉර්ෆාන් උඹට පිස්සුද?" රෙහාන් අයියා විතරක් නෙමේ අපි ඔක්කොම හිටියේ මේ ඉර්ෆාන් කියපු වචන වලට බය වෙලා.

"ඇත්තනේ බන්. දැන් බලපන් ඔහොම හිටියොත් තුර්ශටත් අනාගතයක් නෑ. මන් නම් කියන්නේ තුර්ශ move on වෙන්න ඕනා!"

"අඩෝ මේ ඉර්ෆාන් අයියේ ඇට දෙක පුක වටේ යන්න දෙන්නේ!" රෙශඛ්‍ය ඉර්ෆාන් ගේ කොලර් එකෙන් ඇල්ලුවම

"රෙශඛ්‍ය! අත අරින්න!" මන් කෑ ගැහුවම රෙශඛ්‍ය කොලර් එක අත ඇරියා.

"සොරි බ්‍රෝ! තමුසේ හුකන කතා කියන්න එපා!" රෙශඛ්‍ය ඉර්ෆාන් ගේ ශර්ට් එක හදලා කිව්වම රෙහාන් අයියා උගුර පෑදුවා

"මාත් ඉර්ෆාන් කියපු එකේ වරදක් දකින්නේ නෑ හැබැයි. දැන් වැදගත් වෙන්නේ තුර්ශගේ අනාගතය. ඌ මේකෙන් ගැලවෙන්න ඕනා.

"ඒ කියන්නේ උඹලා හිතන්නේ තාන්‍ය මේ කරන්නේ මොකක් හරි කැත් විහිලුවක් නෙමෙයි කියලද?" රෙශඛ්‍ය ඇහුවම

"අපිත් දන්නේ නෑ මල්ලි හරියටම. අපි තව උත්සහ කරන්නම් ඌව contact කරගන්න" 

තුර්ශව ගෙදර ගෙනල්ලා දැන් සති දෙකක් විතර වෙනවා. රෙශඛ්‍ය එක්ක එලියට ගිය වෙලේ සිගරට් එකක් ගහලා දැන් මිනිහගේ වැඩේ සිගරට් අදින එක. ඌ ඔලුව නිදහස් කරගන්නේ දැන් ඒකෙන්. මිනිහා එන්න එන්න වෙනස් වෙනවා.

"හෙලෝ සවේන් මට Marlboro pack එකක් අරන් වරෙන්කෝ එනකොට!"

"පිස්සුද උඹට? ඊයේ ගෙනාපු පැක් එක කෝ?"

"ඒක ඉවරයි හුත්තෝ. හොඳ එකා වගේ ගෙනෙන්" 

"මොනාද කියන්නේ ලොකූ?" රෙශඛ්‍ය ඇහුවේ එයාගේ පපුවට හේත්තුවෙලා තියන මගේ ඔලුව අතගගා. 

"එනකොට සිගරට් ගේන්නලු" මන් හුස්මක් පහල දාලා කියද්දි රෙශඛ්‍යටත් අප්සට් ගියා

"අපරාදේ එදා ඕකට මන් ඩන්හිල් පැක් එක ගන්න යනකොට වැඩි හොඳට Marlboro අරන් දුන්නේ" 

"අනේ මන්දා රෙශඛ්‍ය! තුර්ශ එන්න එන්න නාස්ති වෙනවා. අඩුම කවුරුත් කියන දෙයක්වත් අහන්නේ නෑ. කාමරෙන් එලියට එන්නේ නෑ. මට නම් බයයි දැන්"

"මට තේරෙන්නේත් නෑ සුදයියේ. ඌ කෝල් කරොත් කෝල් කරන්නේ සිගරට් ගෙන්න ගන්න විතරයි. අඩුම ඌ කතා කරන්නෙවත් නෑනේ ඌගේ දුක ගැන"

"මට හරියට ක්ලාස් එකවත් කරගන්න බෑ එක වෙලාවකට මෙවා ගැනම හිතලා මට stress එක රෙශඛ්‍ය."

රෙශඛ්‍ය මාව ඇඳට පෙරලලා මගේ ඇඟ උඩට ඇවිත් ඔලුව අත ගෑවා. 

"හැමදේම හරියයි සුදයියේ. අපි ලොකූව හොඳ කරගමු."

"තුර්ශ!" යන්තන් කාමරේ දොර ඇරගන්න කොට තුර්ශ බිම වැටිලා නිදි.

"රෙශඛ්‍ය! මේ බලන්න!" 

"ලොකූ ඕයි නැගිටපන්!" රෙශඛ්‍ය තුර්ශව උස්සලා ගන්නකොටත් ඉන්න බෑ ලිකර් ගඳ. 

"ශික් මූගේ හැටි!" රෙශඛ්‍ය තුර්ශව අල්ලගෙන බාතෲම් එකට ගියාම මන් කාමරේ අස් කරන්න ගත්තා.

මෙහෙම ගියොත් නම් මූ නිකන්ම මැරෙනවා. කාමරයක් නෙමේ මේක දැන් අපායක්. අඩුම මට ඉන්න දෙන්නෙවත් නෑ නේ. මාවත් එලෝනවා. එකෙක් එක්ක කතා කරන්නේ නෑ. මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා. 

"සුදයියේ ටවල් එක ගෙනෙන්!" රෙශඛ්‍ය බාතෲම් එකේ ඉඳලා කෑ ගැහුවම මන් අලුතෙන්ම ටව්ල් එකක් කබඩ් එකෙන් අරන් ඒක ගිහින් දුන්නේ ඇඳුනුත් එක්ක. හෝදලා කරලා තුර්ශව ගෙනත් බෙඩ් ශීට් මාරු කරපු ඇඳ උඩට දැම්මම ඌ ගුලි වෙලා ආයේ ඇස් පියා ගත්තේ තාන්‍ය අයියාගේ ගිටාර් එකත් බදාගෙන.

"මූට කතා කරන්නවත් සිහියකින් ඉන්න එපැයි. එන්න අපි පහලට යමු!" මන් රෙශඛ්‍යවත් අරන් පහලට යනකොට ලොකු අම්මා දුකෙන් වුනත් හිනා වුනා

"බීලා නේද?"

"ම්ම්ම්" මන් බිම බලන් කිව්වම,

"රණ්ඩු වෙලා ඉන්නේ මාත් එක්ක. ඉස්සර වගේ නෙමේ. කතා කරොත් බනිනවා. මහප්පටවත් control නෑ. අනේ මගේ කොල්ලා විනාස වුනා සවේන් පුතේ!" ලොකු අම්මා මාව බදන් අඬන්න ගත්තම මටත් ඉවසන්න බැරි වුනා. සුදු නංගිත් අඬනකොට රෙශඛ්‍ය එයාව බදාගත්තා. 

"අපි එයාට ටිකක් කල් දෙමු ලොකු අම්මේ. වෙන මොනා කරන්නද? එයාටම එපා වෙයි ඔහොම ඉඳලා. තුර්ශට ගොඩක් කල් ඔහොම ඉන්න බෑ." මන් ලොකු අම්මාගේ ඔලුව අත ගෑවා.

"ඩොක්ටර්ත් කිව්වා එයාව ස්ට්‍රෙස් කරන්න එපා කියලා. දැන් කවුන්සෙලින් වලට ගෙනියන්නයි ඉන්නේ පුතේ" 

"ඒක් හොඳයි. තුර්ශ යන්න කැමති වුනාද?"

"ඒක අහන්න ගිහින් තමයි ඔය රණ්ඩු වුනේ"

"අම්මේ රිසල්ට්ස් ඇවිල්ලා!" මන් phone එකත් අරන් දිව්වා.

"අනේ දෙවියනේ A3ක්නේ සුදුමහත්තයෝ!" අම්මා මාව බදාගත්තා. තාත්තට වීඩියෝ කෝල් එකක් අරන් කිව්වම තාත්තා පෝට් එකේම ඉඳන්ම අඬන්න ගත්තා. 

හැම ප්‍රශ්නයක්ම විසඳිලා. කාලෙකට කලින් හීනෙකින්වත් හිතලු ලස්සන හීන සැබෑ වෙනවා. මට Law කරන්න පුලුවන්! රෙශඛ්‍ය මගේ රිසල්ට්ස් බැලුවද දන්නේ නෑ. කියලා කට ගන්න හම්බුනේ නෑ,

"හෙලෝ සුදයියේ!!! උම්මා!"

"ඔයා දැක්කද?"

"මන් දැක්කා. ඒත් බලහන් මේ ලොකූ පිස්සුවක් කෙලියනේ!"

"ඇයි?"

"තාන්‍යගේ ග්‍රැමී ස්පීච් එක අහලා මූ බෙල්ල කපා ගන්න ගියානේ!"

"අහ්? ඔයා මොකටද ඒක පෙන්නන්න ගියේ රෙශඛ්‍ය?"

"පෙන්නුවේ යථාර්ථය පෙන්නන්න"

"දැන් හරිද? පෙන්නුවද?"

"නෑ. ඔයා එන්නකෝ මෙහෙ"

"මන් එන්නම්"

"තුර්ශ!" 

"සුදු අයියේ ඔයා ආවද?" 

"ඔව් රෙශ්ඛ්‍ය. තුර්ශ මොකද මේ. තුර්ශ මන් කියන දේ හොඳට අහපන්.උඹට මතකද මැද මිදුලෙදි උඹ මට කිව්ව මහ ලොකු කතාව? හොඳට මතක් කරපන්!"

"තුර්ශ අහපං! ඇයි උඹ මේ තරම් වැටිලා ඉන්නේ කියපං? හරි අපි හිතමු ඌ උඹව අමතක කරලා කියලා? අමතක කරල නම් ඌ උඹට ආදරය කරලා නෑ නේ. ඉතින් බන් එහෙම උඹට ආදරේ කරන්නේ නැති මනුස්සයෙක් මත්තේ නැහෙන්නේ ඇයි?

බන් උඹ තාන්‍ය අයියා ළගට යන්න හරි, තාන්‍ය අයියා උඹ ළඟට ව්න්න හරි ඉස්සෙල්ලා උඹ survive වෙයන්කෝ. තාන්‍ය පැත්තකට දාපන්, කවුද දන්නේ බන් තාන්‍යට වඩා උඹට ආදරේ කරන කෙනෙක් ඉස්සරහට උඹට හම්බෙන්න බැරි කමකුත් නෑ. 

අපි ආදරේ කරන කෙනා අපේ ජීවිතේ ලොකු කොටසක් තමයි බන්. මන් නෑ කියන්නේ නෑ. ඒ කෙනා නිසා දරුනු විදිහට හිත තුවාල වෙන්න පුලුවන් බන්. ඒත් ඒ කෙනා උඹේ මුලු ජීවිතේම නෙමේ බන්. උඹේ ජීවිතේ උඹේ. උඹ උඹට ආදරේ නොකර තව කෙනෙක් උඹට ආදරේ කරයි කියලා කොහොමද බන් බලාපොරොත්තු වෙන්නේ?"

"සවේන්? මට මට මට"

"ඒක තමයි බන් උඹේ ඇතුලේ ඉන්න ඒ ධාර්ශණිකයාව ඇදලා ගන්න උඹෙන් ධාර්ශනික ටෝක්ස් අහගත්ත අපිම එන්න ඕනා. බලහං මට රෙශඛ්‍ය හම්බුනා. උඹ කිව්වා වගේම. උඹටත් එහෙම වෙන්න පුලුවන් බන්! ඉස්සෙල්ලා මනුස්සයෙක් වෙයං බන්!"

මතු සම්බන්ධයි...

තුර්ශගේ කැරි ප්‍රශ්න නිසා මුන් දෙන්නගේ ආතල් කැඩෙනවා. ඒ නිසා එක චැපෙන් ඒක ක්ලෝස් කරා. මන් ආස නෑ මේ කතාවට ස්ට්‍රෙස් එක ගේන්න.

More Chapters