'මූනට වැටෙන සීතල, කම්මුලට වදින මෘදු පාරවල් එක්ක,
"සවේන් අයියේ! නැගිටින්න"
"සවේන් නැගිටපන්!"
යන්තන් සිහිය එනකොට මතක් වුන එකම දේ, මොනාද තුර්ශ කිව්වේ? ඒක වෙන්න බෑ! ඔක්කොටම පිස්සු! ආශු ඉන්නවා. එයා මගේ ළඟ ඊයෙත් හිටියා. එයා මාව දාලා යන්නෙ නෑ එහෙම. කවදාවත් නෑ. ඔක්කොටම පිස්සුවක් හැදිලා ඔව්!
"තුර්ශ මගේ අයුශ් කෝ?" තුර්ශගේ අත් දෙකත් අල්ලලා ඇහුවේ දැන් ඒ මූනේ හිනාවන් එක්ක 'අපි උඹට විහිලුවක් කලේ' කියයි කියලා විශ්වාස නිසා. තුර්ශ හරි විහිලු කාරයානේ. සයෝදුයි, දේශානයයිත් එහෙමයි. ඒත් මේක නම් මහ නරක, ඇස් රතු වෙන විහිලුවක්!
"ඉස්සෙල්ලා නැගිටින්නකෝ අයියේ" සයෝද් මාව උස්සලා සෝෆා එකේ ඉන්දුවා. තුර්ශ මන් ඉස්සරහින් දන තියලා මගේ මූනට කෙලින් ඉඳගෙන මගේ ගැහෙන අත් දෙක අල්ලගත්තා.
"සවේන් මගේ රත්තරන්. මන් උඹට පන වගේ ආදරෙයි. උඹට මන් කොහොමටවත් වැටෙන්න දෙන්නේ නෑ. අයුශ්ට අපි කරන්න පුලුවන් හැමදේම කරලා එයාට අපි යන්න දෙමු සවේන්! උඹ දුක් විඳින කන් ඌට සැනසීමක් නැති වෙයි." නෑ!!! මන් මේක පිලිගන්නේ නෑ! ඒත් ඒත් කවදාවත් තුර්ශ මේවගේ විහිලු මට කරන්නේ නෑ! තුර්ශ එහෙම කරන්නේ නෑ. ඒ කියන්නේ, ඒ කියන්නේ,
"අනේ තුර්ශ මාත් එක්ක නිවන් යන් කියලා ඇයි බන් අයුශ් තනියෙන් ගියේ?!!!! මාවත් අරන් යන්න තිබ්බා නේද බන්?!!!" මන් විලාප තියද්දි තුර්ශ මගේ කඳුලු අත් දෙකෙන්ම පිහිදුවා. සයෝද් මාව අත් දෙකෙන්ම බදාගත්තම මට ඉවසුම් නැතුව ගියා. ඒ හැඩි දැඩි පපුව අස්සේ මන් නිමක් නැතුව අඬන්නගත්තම සයෝද් මගේ ඔලුව අත ගෑවා. මේක මට ඉවසන්න බෑ! මට එයාව බලන්න ඕනා. මන් නැගිටලා එලියට දුවද්දි,
"සවේන් පිස්සුද? ඔහොම හිටපං!" දේශාන්ට මාව නබත්වන්න බැරි වුනා
"පොච්චියෝ කොල්ලෝ!!!!"
"මංජු ඕකව අල්ලගනින්!"
ඒත් ගේට් එක වැහිලා! ටිකක්වත් ඉස්සරහට අඩිය තියන්න බැරි වුනේ සයෝද් මගේ අත තදින් අල්ලන් හිටපු නිසා. මන් ඒ ඇඟ දිගේම රූටලා බිම වැටිලාත් ලතෝනි තිබ්බා! ඔලුව බිම ගගහා විලාප තිබ්බා
"ආශූ ඇයි තමුසේ මට මෙහෙම කලේ කියපං!!!! මාවත් අරං පලයං ආශු!!!"
"සයෝද් ඕකව ගනින්! ඔලුව හිල් වෙනකන්ද බලං ඉන්නේ?"
"පුතේ නැගිටින්න පුතේ!"
"අනේ අංකල්! අංකල් ගෙනත් දෙන්න ආශුව. අංකල් ට පුලුවන්! එයා ඉන්නවා නේද අංකල්? අංකල් කියන්න!"
"ඔය බලන්නකො පුතේ ඔලුවෙන් ලේත් එනවා. කෝ නැගිටින්නකෝ. මිහිරි ඔතන අඬ අඬ ඉන්නේ නැතුව දරුවට බෙහෙත් ටිකක් ගේන්න!"
සයෝද් මාව අත් දෙකටම ගත්දිත් මන් බිමට බහින්න දැඟලුවා.
"මට බෑ බන් මේක කරන්න!" සයෝද් කෑ ගහනකොට
"සයෝද් උඹ දැන් අඬලා හරියනවද කියපං! සවේන්ව බලාගනිං යකෝ!" හශිරගේ කටහඬ
"මංජු උඹ මට පොරොන්දු වුනා!"
"ලොකූ ඇයි අයුශ් මෙහෙම කලේ මගේ අයියට?"
"මංජු, සවේන් පුතාව ඇතුලට ගේන්න!"
"සයෝද් මල්ලි මාව අරන් පලයං අයුශ් ළඟට!" මන් සයෝද් ගේ කඳුලු වැක්කෙරෙන කම්මුල් අල්ලන් කියනකොට එයා අහක බලන් තව ඇඬුවා.
"ජීප් එකේ යං? යං ද? ආ?"
"සුදු අයියේ මන් අවුරුදු හයකින් මේ අඬන්නේ උඹේ දුක මට වාවගන්න බෑ අයියේ. අනේ බන් මාව අඬවන්න එපා!" සයෝද් මාව සෝෆා එකේ ඔඩොක්කුවේ තියන්ම ඉඳගෙන අත් මගේ ඇඟ වටේ දාන් මාව පපුවට හේත්තු කරගත්තා. මිහිරි ආන්ටි බෙහෙත් පෙත්තකුයි වතුර වීදුරුවකුයි දික් කරාම,
"ආන්ටි මට බෙහෙත් එපා. මාව අයුශ් ළඟට එක්කන් යන්න රිවිර අංකල්!"
"ඕක බොන්නකෝ පුතේ ඊටපස්සේ මන් අයුශ්ව මෙහෙටම එක්කන් එන්නම්. මගේ පුතා ළඟටම!"
"එහෙනම් එක්කන් එනවා නේද?"
"ඔව් ඔව් මන් එක්කන් එන්නම්!" රිවිර අංකල්ගේ වචන මට විශ්වාසයි. මන් බෙහෙත් පෙත්ත අරන් ඒක බිව්වා.
"මේ බෙහෙත් ටික දානකම් හිටපං! ඊටපස්සේ අඬපං" තුර්ශ මගේ නලල සේලයින් වලින් පිහිදලා බෙහෙත් දැම්මා.
"මේ ජීවනී ටික බීපන් කෝල්ලෝ." ආචිචි අම්මා හැන්දකින් මොනාදෝ මට පොවනකොටත් මට ඇඬුම නම් නවත්තගන්න බැරි වුනා. තුර්ශ එහා පැත්තේ ඉඳන් මගේ ඔලුව අත ගෑවා.
"මංජු සවේන් ව මගේ ඇඳෙන් තියන්න. එයාට නින්ද යාගෙන එන්නේ" යංතං ඇහෙන වචන. ටික වෙලාවකට පස්සේ ඇඟට සුවයක් දැනුනා.
"සුදු අයියේ මන් ඉන්නවා. මන් යන්නේ නෑ. කවදාවත් යන්නේ නෑ" මගේ අතින් අල්ලගත්තම මන් ඒ අත මගේ කම්මුල අස්සේ ගහගත්තා. මට නිදාගන්න ඕනා. මේක හීනයක්! ඇහැරෙනකොට ඔක්කොම හරි ගැස්සිලා තියෙයි.
"සවේන් අයියේ, ඔයා නැගිට්ටද" සයෝද්ගේ අත තාමත් මගේ කම්මුල අස්සේ. මන් ඒ අත අතඇරියම එයා ඒක අරන් දෙපාරක්, තුන් පාරක් මිට මෙලෙව්වා. මගේ කොන්ඩේ කෙස් පාරවල් ඒ අත උඩ හොඳට පේන්න තිබ්බා. මන් කොයි තරම් වෙලා නිදාගෙනද? දැන් ඒ නරක හීනෙන් මන් මිදිලද? අයුශ් එයා පනපිටින්ද? මන් දන්නවා. එයා නෑ. මගේ හොඳ සිහියයි, මනෝවිකාරෙයි දෙක එකට පැටලෙනවා.
"සවේන් අයියේ?"
"කතා කරන්නකෝ! ඔයාට මාව ඇහෙනවද?" ඒත් මට කතා කරන්න ඕන නෑ සයෝද්!
"අයියේ මේක බොන්නකෝ හොඳ ළමයා වගේ." සයෝද් මගේ තොල් වලින් හැන්දක් තිබ්බම මගේ මුව විවර වුනේ නිකන්මයි. ලේන්සුවකින් තොල් මාත්තු කර කර මට ආච්චි අම්මා කලින් පොවපු ඒවම හැන්දකින් පොවනකොට මන් ඒක හෙමින් හෙමින් බිව්වා.
"සවේන්?" තුර්ශ මගේ උරහිසෙන් ඇල්ලුවා.
"ලොකූ, සවේන් අයියා නැගිට්ට වෙලේ ඉඳන් වචනයක් කතා කරේ නෑ ඕයි!"
"සවේන් අහපන් උඹ ඇඳුම් මාරු කරගන්න ඕනා."
"මේක අඳින්න සවේන්" ඒත් මට හෙල්ලෙන්නවත් ශක්තියක් නෑ මට ඕනා කොහෙට හරි ගිහින් හැංගෙන්න. කවුරුත්ම නැති තැනකට!
"සවේන් හොඳ සිහියට වරෙන්!!!. තුර්ශ මගේ කොලර් එකෙන් ඇල්ලුවත්
"ලොකූ මේ පාඩුවේ ඉන්න දීපං අයියට හොඳේ!" ඒ රෞද්‍ර කටහඬට මාව ගැස්සුනා. සයෝද් තුර්ශව එහාට තල්ලු කරාම තුර්ශ අඩි දෙකක් විතර පිටිපස්සට තල්ලු වුනා.
"මංජු! මේ මොකද මේ?" තුර්ශගේ මූන පුදුමෙන් පිරිලා.
"ලොකු අයියේ හොඳ එකා වගේ උඹ මෙතනින් පලයන්. මන් සවේන් අයියව අරන් එන්නම්" සයෝද් ගේ පිට විතරයි මට පේන්නේ. එයා මන් ඉස්සරහ මිට මොලවන් හිටියා.
"මංජු!" තුර්ශගේ කටහඬේ තිබ්බේ වික්ශිප්තභාවය විතරයි.
"කිව්වම අහල පලයං. අයියා තව ටිකකින් එනවා. මාව විශ්වාස කරපං" සයෝද් කලින්ට වඩා හොඳින් කිව්වම
"හරි!" කියලා තුර්ශ කාමරේ වහං එලියට ගියාම සයෝද් මගේ පැත්තට හැරිලා, මගේ මූන නිකට යටින් අල්ලලා උඩට කරන්,
"මගේ අයියේ, මේ බලන්නකෝ!"
කිව්වම මන් ඇස් දෙකත් ඒ මූනට ගෙනිච්චාම සයෝද් මගේ ඔලුව අනිත් අතින් අත ගෑවා.
"සවේන් අයියේ, මේක තමයි යථාර්තය. අයුශ් අයියා මේ ලෝකෙන් ගොඩක් ඈතට ගිහින්. අපි ඒක පිලිගමු. ඔයා එයාව බලන්න යන්න කලින් ඒක පිලිගන්න. ඒක ඔයා පිලිගන්න ඕනා සුදු අයියේ. නැත්තම් ඔයාට අයුශ් අයියව දැක්කම දරාගන්න බැරි වෙයි. මන් කියන දේ තේරෙනවා නේද?"
"තේරෙනවා නේද?" ආයෙත් ඇහුවම මන් 'හා' කියලා ඔලුව වැනුවා.
"හරි එහෙනම් මේ ඇඳුම් අඳිමු දැන්. ඔයා ඇඳගන්නවද මන් අන්දන්නද?" මන් ඇඳුම් ටික අරගෙන කලබලෙන් නැගිටින්න හදද්දි වැටෙන්න ගියාම සයෝද් මාව අල්ලන් බාතෲම් එකට ගෙනිහින්
"වැටෙන්න ගියොත් මට කතා කරන්න කියලා දොර අඩවල් කරා. මන් බිත්තිය අල්ලන් ගිහින් ඇඳුම මාරු කරගෙන එලියට ආවා.
"හ්ම් එන්න අපි දැන් යමු." සයෝද් මගේ අතින් හෙමින් අල්ලන් කාමරේ ඇරන් එලියට යනකොට පහලින් පහත් මිමිනුම් මහ ගොඩක් එකට එකතු වෙලා ඒවා මට ඇහුනේ මහ අත්භූත භයානක ශබ්ද වගේ. අයුශ් නෑ කියලා දැන් දන්නවා. මන් මේ යන්නේ ප්‍රාණය නිරුද්ධ වෙච්ච නිකන්ම නිකන් ශරීරයක් බලන්න කියලා මන් දන්නවා. ඒත් යථාර්තයට මූන දෙන්න මට ශක්තියක් නැති වෙනකොට පඩිපෙලේ පලවෙනි පඩිය බහිද්දි කකුල් පන නැති වෙනවා.
සයෝද් මගේ අත කර උඩට දමාගෙන ඉනෙන් අල්ලන් උස්සන් වගේ පහලට බහිනකොට අම්මා මගේ ඉස්සරහා අඬන්න ගත්තා. තුර්ශ පුටුවක් ගෙනත් තිබ්බම සයෝද් මාව ඉන්දෙව්වාම යථාර්තය ඇස් ඉස්සරහම මල් වඩම් මැද්දෙන් ඇත් දල දෙකක් පිරිවරන් ඉන්නකොට,
"තුර්ශ, අතන- අතන අයුශ් ඉන්නවද බන්?"
"ඉන්නවා බන්!"
"මගේ අයුශ් ද ඒ ඉන්නේ?"
"උඹේ අයුශ් ඒ ඉන්නේ"
"අනේ බන්!" අත් දෙකෙන්න්ම පපුවට ගගහ බිම වටෙනකොට
"අයියේ!!!" සයෝද් මාව බදාගත්තම මන් මගේ පපුවට ගහගන්න සැර පාරවල් තව දුරටත් වැදුනේ මගේ පපුවටනම් නෙමෙයි. "මාවත් අරන් පලයං!!!! මාවත් මරාගෙන මැරියං ආශු!!!!!" මට බෑ! මට අමාරුයි මගේ ඔලුව කැරකෙනවා! මඩ කැලැත්තෙනවා.
සයෝද් මාව අත ඇරියම මට වමනේ ගියා. සයෝද් ගේ ශර්ට් එක ගැන මට දුක් වෙන්න වෙලාවක් දුන්නේ නෑ. එයා ඒක ගලෝලා දාලා මාව අත් දෙකටම උස්සන් ගිහින් ඇදක් උඩ තියනකොටත් මගේ ඇස් වැහිලා තිබ්බේ.
"සුදුමහත්තයා? මාව ඇහෙනවද?" අම්මා කතා කරන කටහඬට ඇහැ ඇරුනා.
"අම්මේ... අනේ අම්මේ මගේ අයුශ්!" අම්මා මාව තුරුල් කරන් ඇඬුවා.
"මට සමාවෙන්න පුතේ! මේ ඔක්කොටම වැරදි කාරයෝ අපි පුතේ!!!"
"තාත්තා? කෝ තාත්තා?"
"අනේ සුදුමහත්තයෝ තාත්තට උඹට මූන දීගන්න බෑලු පුතේ!" මොකක්? මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ඇයි තාත්තා එයා ගැන විතරක් හිතන්නේ?
"අම්මේ! මට එයාව මේ වෙලාවේ ඕන කියලා ඇයි තේරෙන්නේ නැත්තේ? ලැජ්ජාව පැත්තකින් තියලා දැන් එන්න නේද වටින්නේ?"
"තාත්තා මේ සිද්ධිය අහපු වෙලේ ඉඳන් බලාගත්තු අත බලන් ඉන්නවා පුතේ. කාලවත් නෑ. එයාට ලැජ්ජයිලු. එයා සුදුමහත්තයාව, අයුශ් පුතාව මීට කලින් තේරුම් ගත්තනම්, උඹලා දෙන්නට රැකවරණය දුන්න නම් මෙහෙම වෙන්නේ නෑ කිය කිය හොඳටෝම ඇඬුවා මයේ පුතේ. ඔය සීයා නැති වුන දවසට පස්සේ මන් උඹේ තාත්තා අඬනවා දැක්කමයි! තාත්තට සමාව දියන් පුතේ. තාත්තට විතරක් නෙමේ මේ පවුකාර අම්මටත්!"
"අම්මේ!!! ඔහොම කියන්න එපා අම්මේ මට ඉන්නේ ඔය දෙන්නා විතරයි!" මන් අම්මාව බදන් අඬද්දි අම්මා මගේ ඔලුව අත ගගා තව ඇඬුවා."
සයෝද් තාමත් යුනිෆෝම් එකේ කලිසම විතරක් පිටින්. තුර්ශගේ චූටි චම්මා සයෝද් ට ඇඳුම් දීලා ඇඟ හෝදන් එන්නයි කියලා බත් එකකුත් අරන් මා ළඟින් වාඩි වුනා.
"මේ බත් ටික කන්න පුතේ!"
"අනේ මට බෑ රුවිනි ආන්ටි. මන් තව ටිකකින් කන්නම්."
"එහෙම කියලා බෑනේ පුතේ. දැන් ඔය වමනෙත් ගියානේ. බත් කටවල් දෙකක් කමු." ඉතින් බල කිරිල්ලට එක බත් කටක් කාලා,
"අනේ මන් පස්සේ කන්නම් ආන්ටි!" මට දැන් කේන්තී! මට පාඩුවේ ඉන්නයි ඕනේ මට බත් කන්න ඕන නෑ!
"චම්මේ, සවේන් අයියා කයි එයාට දැන් තනියෙන් ඉන්නයි ඕනේ." සයෝද් ඇවිල්ලා කිව්වම
"හොඳයි එහෙනම්, තව ටිකකින් කන්නකෝ!" ආන්ටි බත් එකත් අරන් යන්න ගියාම සයෝද් මගේ කට පිහිදලා වතුර ටිකක් පෙව්වා.
"නිදාගන්න ඕනද?"
මන් ඔලුව වැනුවම කොට්ටේ හදලා,
"ම්, නිදාගන්න!"
"ඔයානම් යන්න එපා සයෝද්!" මන් කිව්වම,
"මන් යන්නේ නෑ සුදු අයියේ මන් ඉන්නවා!"
මතු සම්බන්ධයි.....
Twenty-four haiku, for each year he livedwhen you die, i'm told
they only use given names
christopher wallace
no notorious
neither b.i.g. nor smalls
just voletta's son
brooklyn resident
hustler for loose change, loosies
and a lil loose kim
let me tell you this
the west coast didn't get you
illest flow or nah
had our loyalties
no need to discuss that now
that your weight is dust
that your tongue is air
and your mother is coping
as only she can
i will also say
that i have seen bed-stuy since
b.k. misses you
her walk has changed some
the rest of the borough flails
weak about itself
middle school students
not yet whispers in nine sev
know the lyrics rote
you: a manual
a mural, pressed rock, icon,
fightin word or curse
course of history
most often noted, quoted
deconstructed sung
hung by a bullet
prepped to die: gunsmoke gunsmoke
one hell of a hunch
here you lie a boy
twelve gauge to your brain you can't
have what you want be
what you want you black
and ugly heartthrob ever
conflicted emcee
respected lately
premier king of the casket
pauper of first life
til puff blew you up
gave you a champagne diet
plus cheese eggs, welch's
you laid the blueprint
gave us word for word for naught
can't fault the hustle
knockoff messiah
slanged cracked commandments, saw no
honey, more problems
a still black borough
recoiled, mourned true genius slain
the ease of your laugh
the cut of your jib
unique command of the room
truthfully biggie
what about you's small
no not legend not stature
real talk just lifespan
yo, who shot ya kid
n.y.p.d. stopped searching
shrugged off negro death
well, we scour the sky
we mourn tough, recite harder
chant you live again
of all the lyrics
the realest premonition
rings true: you're dead. wrong